පූසිගෙ අවුලක්, need a help
අපේ පූසි මේ දවස් ටිකේ නිකන් රැලේ යන්න හදනව වගේ සීන් එකක් තියෙනවා. රෑට ඌට එලියට යන්න දෙන්නෙ නෑ. ඒක හින්දා හය්යෙන් කෑගගහ ගේ ඇතුලෙ ඇවිදිනවා. අපේ පැත්තෙ දඩාවතේ යන පූසො දෙන්නෙකුත් රෑට ගේ වටේ කැරකි කැරකි කෑ ගහනවා. උන්ගෙ සද්දෙ ඇහෙන කොට අපේ එකී තව හය්යෙන් කෑගහනවා. සමහර වෙලාවට දොර ලඟට ගිහින් පහුරු ගගා දොර අරින්න හදනවා. මේක දැන් මල කරදරයක් වෙලා තියෙන්නෙ. රෑට හරියට නිදාගන්නත් නෑ. ඊයෙ මල පාන්දර තුනට විතර මේකි සිවිලිමට නැගලා දෙපාරක් එලියට පැන්නා. ටෝච් එකත් ගහගෙන අනුන්ගෙ වතු වලටත් පැනලා කොහොමහරි අල්ලගෙන ඇවිත් බැරිම තැන කාමරේට දාගෙන දොර වහගෙන නිදාගන්න හැදුවා. කොහෙද, මේකි යටි ගිරියෙන් කෑ ගහනව සැරින් සැරේ. අද හරියට ඇහැ පියාගත්තෙම නෑ. මීට අවුරුදු දෙකකට විත්ර කලිනුත් ඔහොම වෙලා මං ගිහින් birth control injection එක විදවගෙන ආවා. ඊට පස්සෙ නම් කෑගහන එක හරි ගියා. දැන් ඒක දෙපාරක් දීල තියෙන්නෙ. දෙපාරකට වඩා හොඳ නෑ කියල සමහරු කියනව. මේකට දැන් මොකද්ද කරන්න පුලුවන්, surgery එක කලොත් හරි යය්ද? pls ආතල් ගන්නෙ නැතුව මේකට හරියන විසඳුමක් කියහන්.

Last edited: