පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,335
    5,453
    113
    Panadura
    පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට

    රුසියානු අභ්‍යාවකාශ ඒජන්සියට ( Russian Space Agency ) අයත් Russian Research Center for Earth Operative Monitoring ආයතන විසින් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කලා...එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ගත් පෘතුවියේ හොඳම ඡායාරූපය වෙනවා... රුසියානු කාලගුණ චන්ද්‍රිකාවක් වන Electro - L නැමැති චන්ද්‍රිකාව මගින් ඡායාරූපගත කෙරෙනු මෙම ඡායාරූපය mega pixel 121 අති විශාල විභේදන බලයක් සහිතයි ( 1 වන රූපය) ඉන්දියානු සාගරයට 35000 km ක් උඩින් position කර ඇති භූ ස්තාවර චන්ද්‍රිකාවක් වන මෙම චන්ද්‍රිකාව තනි රූප රාමුවකට (Single shot)පෘතුවිය ග්‍රහණය කරගැනීමට සමත්වුනා.( NASA ආයතනය මෙවැනි Single shot ඡායාරූපයක් ගැනීමට තාක්ෂණිකව මෙතෙක් සමත්වී නෑ...) ..visible කලාපයේ හා infrared කලාපයේ කිරණ විශ්ලේෂණය කිරීමෙන් මෙම අවසාන ඡායාරූපය නිපදවා තිබෙනවා...කොල පැහැති වනාන්තර ප්‍රදේශ මෙහි තැඹිලි පැහැයෙන් දක්වා තිබෙනවා...

    දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නෙ NASA ආයතනයට අයත් Deep Space Cimate Observatory Satellite එක මගින් ගත් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් ...NASA හි නිෂ්පාදිත mega pixel 4 ක Earth Polychromatic Imaging Camera (EPIC)එකක් මගින් පෘතුවිය ප්‍රදේශ තුනක් වෙන වෙනම ඡායාරූපගත කොට එම images තුන එකතු කිරීමෙන් තමයි යම්තාක් දුරකට උසස් විභේදනයක් සහිත ඡායාරූපයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ... Ultraviolet හා near infrared කලාපයේ කිරණ තමයි ඡායාරූපයට යොදාගෙන තියෙන්නෙ...
    රුසියානු ඡායාරූපයට වඩා NASA එකේ ඡායාරූපයේ නිල් පැහැ ස්වභාවයක් ඔයාලට පේනව ඇති...ඒ සූර්‍යාලෝකය වායුගෝලයේ වාත අණුසමග ගැටිල වර්තනය නිසා ඇතිවන ආවේණික නිල් ආලෝක (blue marble )ස්වභාවය...
    NASA එකේ EPIC team එක ඔය ගැටළුව විසඳගන්න තවම පර්යේෂණ සිදුකරන බව ඔවුන් සඳහන් කරනවා.....නමුත් රුසියානුවන් එම ගැටළුව පහසුවෙන් විසඳගෙන ඇති බව ඔබට පෙනෙනවා....
    අභ්‍යාවකාශ තාක්ෂණික සංග්‍රාමයේ ඇමරිකානු හා රුසියානු තරඟකාරීත්වය අවසන් ලෙස සිතුවද එම ක්ෂේත්‍රයේ රුසියානු තාක්ෂණික ප්‍රභලතාව තවමත් නියෝජනය වන බවට මෙම එක් ඡායාරූපයකින් පමණක් ඕනෑවටත් වඩා ලෝකයාට පැහැදිලි වෙනවා නොඅනුමානයි....


    22519768_502417013451895_418450657777904617_o.jpg



    22490014_502417100118553_3943854764879084811_n.jpg


    ප්‍රභාත් නානායක්කාර
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,910
    4,319
    113
    සිරාවට ලංකාව් තියෙන්නෙ ලෝකෙ හරි මැද නේද බං :confused::confused::D
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    10-3. දින හයකින් අහස් සහ මහපොළොව මැව්වේ නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති)වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු (තම රාජධානියේ) අර්ෂ් (පරමාසනය) හොබවමින් (විශ්වයේ) කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අවසරයෙන් පසුව මිස (ඔහු වෙත කිසිම කෙනකු වෙනුවෙන්) මැදිහත්වන්නකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහු නමඳිනු. (මෙසේ තිබියදීත් මේ ගැන) නුඹලා වටහා ගන්නේ නැද්ද?.

    10-5. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට(සඳුට) කලාවන් නියම කළේත් ඔහු(අල්ලාහ්)මය. (එමගින්) වර්ෂ සංඛ්‍යානයද දින ගණන්ද නුඹලා දැන ගැනීම පිණිසය. අල්ලාහ් මේ සියලූ දෙය සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි.

    10-55. අහස්වල සහ මහපොළොවෙහි ඇති සියලූ දෑ නියත වශයෙන්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප‍්‍රතිඥාව නියතවශයෙන් සත්‍යයමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති.