පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට
රුසියානු අභ්‍යාවකාශ ඒජන්සියට ( Russian Space Agency ) අයත් Russian Research Center for Earth Operative Monitoring ආයතන විසින් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කලා...එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ගත් පෘතුවියේ හොඳම ඡායාරූපය වෙනවා... රුසියානු කාලගුණ චන්ද්‍රිකාවක් වන Electro - L නැමැති චන්ද්‍රිකාව මගින් ඡායාරූපගත කෙරෙනු මෙම ඡායාරූපය mega pixel 121 අති විශාල විභේදන බලයක් සහිතයි ( 1 වන රූපය) ඉන්දියානු සාගරයට 35000 km ක් උඩින් position කර ඇති භූ ස්තාවර චන්ද්‍රිකාවක් වන මෙම චන්ද්‍රිකාව තනි රූප රාමුවකට (Single shot)පෘතුවිය ග්‍රහණය කරගැනීමට සමත්වුනා.( NASA ආයතනය මෙවැනි Single shot ඡායාරූපයක් ගැනීමට තාක්ෂණිකව මෙතෙක් සමත්වී නෑ...) ..visible කලාපයේ හා infrared කලාපයේ කිරණ විශ්ලේෂණය කිරීමෙන් මෙම අවසාන ඡායාරූපය නිපදවා තිබෙනවා...කොල පැහැති වනාන්තර ප්‍රදේශ මෙහි තැඹිලි පැහැයෙන් දක්වා තිබෙනවා...
දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නෙ NASA ආයතනයට අයත් Deep Space Cimate Observatory Satellite එක මගින් ගත් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් ...NASA හි නිෂ්පාදිත mega pixel 4 ක Earth Polychromatic Imaging Camera (EPIC)එකක් මගින් පෘතුවිය ප්‍රදේශ තුනක් වෙන වෙනම ඡායාරූපගත කොට එම images තුන එකතු කිරීමෙන් තමයි යම්තාක් දුරකට උසස් විභේදනයක් සහිත ඡායාරූපයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ... Ultraviolet හා near infrared කලාපයේ කිරණ තමයි ඡායාරූපයට යොදාගෙන තියෙන්නෙ...
රුසියානු ඡායාරූපයට වඩා NASA එකේ ඡායාරූපයේ නිල් පැහැ ස්වභාවයක් ඔයාලට පේනව ඇති...ඒ සූර්යාලෝකය වායුගෝලයේ වාත අණුසමග ගැටිල වර්තනය නිසා ඇතිවන ආවේණික නිල් ආලෝක (blue marble )ස්වභාවය...
NASA එකේ EPIC team එක ඔය ගැටළුව විසඳගන්න තවම පර්යේෂණ සිදුකරන බව ඔවුන් සඳහන් කරනවා.....නමුත් රුසියානුවන් එම ගැටළුව පහසුවෙන් විසඳගෙන ඇති බව ඔබට පෙනෙනවා....
අභ්‍යාවකාශ තාක්ෂණික සංග්‍රාමයේ ඇමරිකානු හා රුසියානු තරඟකාරීත්වය අවසන් ලෙස සිතුවද එම ක්ෂේත්රයේ රුසියානු තාක්ෂණික ප්‍රභලතාව තවමත් නියෝජනය වන බවට මෙම එක් ඡායාරූපයකින් පමණක් ඕනෑවටත් වඩා ලෝකයාට පැහැදිලි වෙනවා නොඅනුමානයි....
ප්‍රභාත් නානායක්කාර