පෙට්ටි~ආරක්ෂාකරගමු

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙට්ටි~ආරක්ෂාකරගමු

    ගොඩක් අය මගෙන් අහනවා මොකෝ හුඟ දවසකින් කෝච්චි ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ කියලා. සමහර අය කියනවා නම රැක ගන්න කෝච්චි ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඉතින් හිතුවා කෝච්චි ගැන අහන්න බලන්න ෆෝරම් එකේ හැමෝම කැමති නිසා කෝච්චි ගැන මොනවා හරි හොයලා දාන්න ඕනා කියලා.

    රේල් පාරවල් ගැන දැම්මා. ස්ටේෂන් ගැන දැම්මා. එන්ජින් ගැන ත්‍රෙඩ් එකක් කලා. අද හිතුවා කෝච්චි පෙට්ටි ගැන කිව්වොත් හොඳයි කියලා. මාතෘකාව දැක්කාම කට්ටියට මොනවා හිතුනාද කියලා මට හිතා ගන්න පුලුවන්. :lol: ඒත් අද මම කියන්න යන්නේ කෝච්චි පෙට්ටි ගැන.

    මුලින්ම බලමු නැරඹුම් මැදිරිය. ඉංග්‍රීසියෙන් කියනවා Observation Salon කියලා.
    FCO.JPG


    ගොඩක් වෙලාවට නෙමෙයි හැම වෙලාවෙම මේ නැරඹුම් මැදිරිය ධාවනය වෙන්නේ උඩරට මාර්ගයේ. උඩරට මාර්ගයේ ලස්සන බලන්න නැරඹුම් මැදිරියේම යන්න ඕනා. ඉස්සරහම සීට් එකක් ලැබුනා නම් මරේ මරු. පොඩ්ඩක් කලින් බුක් කරගන්න ඕනා. උඩරට යනවා නම් එකම එක පාරක් වත් නැරඹුම් මැදිරියේ යන්න.

    DSC00505.jpg


    DSC00507.jpg


    DSC00509.jpg


    4331407240_b737c1a3a0_o.jpg


    DSC00510.jpg



    ශ්‍රී ලංකා දුම්රිය සේවයේ පළමු පන්තියේ මැදිරියක්. යාල් දේවි දුම්රියෙත්, රුහුණු කුමාරි දුම්රියේත් පළමු පන්තියේ මැදිරි යොදා ධාවනය වෙනවා. දැන්නම් රුහුණුකුමාරි දුම්රියේ පළමු පන්තියේ මැදිරි යොදන්නේ නෑ.

    DSC00334.JPG


    DSC00333.JPG


    දෙවනි පන්තියේ අසුන් සහිත කෝච්චි පෙට්ටියක්.

    2724325609_3d5b24ca28_o.jpg


    ලංකාවේ ධාවනය වෙන ගොඩක් කෝච්චි වල දෙවනි පන්තියේ අසුන් තියෙනවා.

    P1040409.JPG


    මේ උදය දේවී දුම්රියේ වෙන්කල ආසන සහිත දෙවනි පන්තියේ මැදිරියක්.
    DSC00332.JPG


    3258538453_0521a786d4_b.jpg



    තුන්වෙනි පන්තියේ අසුන් සහිත දුම්රියක්.

    carriage2.jpg


    පැරණි තුන්වෙනි පන්තියේ අසුනක්

    4554439576_813d1e0ed5_b.jpg


    2189551163_670fcb34e7_o.jpg


    2835798349_1a25f21f1f_b.jpg



    මේ තියෙන්නේ ආපදා රථය. මම චූටි කාලේ මේකට හරිම ආසයි.

    2490178256_b334824b2a_b.jpg


    පරණ ගාඩ් පෙට්ටි. මේ අපේ දුම්රිය සේවයේ නඹුන්.

    GBV.JPG


    බඩු ප්‍රවාහනයට භාවිතා වෙන ඒවා තමයි මේ.
    DSC00151.JPG


    දුම්රිය මාර්ග සේවකයන් දුර ගමන් සඳහා භාවිතා කරන්නේ මේවා.
    IPV.JPG


    මේ තියෙන්නේ තෙල් කෝච්චියක්. තෙල් කෝච්චි පෙට්ටි.

    ZQ1Z4896aw.jpg


    මගී දුම්රිය වල බඩු ප්‍රවාහනයට භාවිතා කරන පෙට්ටි.
    BPV.JPG


    බඩු ප්‍රවාහනයට යොදාගන්නා පෙට්ටි. පොඩිකාලේ අපි කියන්නේ බඩු කෝච්චි කියලා

    CGS.JPG


    motor%20trolly%201.jpg



    මේ තියෙන්නේ පැරණි දෙවැනි පන්තියේ නිදන මැදිරියක්

    DSC00365.jpg


    බඩු ප්‍රවාහනයට යොදා ගන්නා තවත් දුම්රිය මැදිරියක්. වෙනස් ආකාරයේ එකක්.
    WWH.JPG


    මේ තියෙන්නේ දුම්රිය සේවකයන් ප්‍රවාහනයට යොදාගන්නා තවත් පෙට්ටියක්

    SWTV.JPG


    අලුතින් ගෙන්වන ලද දුම්රිය මැදිරි

    DSC00364.jpg


    දුම්රිය මාර්ග සෑදීමට යොදාගන්නා අති නවීන උපකරණයක්

    DSC00941.jpg


    DSC00943.jpg


    DSC00944.jpg


    මේ තියෙන්නේ ශ්‍රී ලංකා තැපැල් සේවයේ භාවිතයට යොදා ගන්නා මැදිරියක්. රාත්‍රී තැපැල් දුම්රිය වල භාවිතා වෙනවා.

    2cmsy3b.jpg


    මේ අපේ ජාතික වස්තූන්.
    ඒවාට ආදරය කරන්න.
    ඒවා රැකගන්න.


    :):):)

     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ela ela onna dan thamai api yana ena ewai thread eka watune monawa unath sahena dawasakin train eken rawmak gahuwe naa..

    good post..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ape thaththata 3k free kochchiye yanna puluvan hinda
    api first class tikak aran
    second class yanava
    api podi kale anuradapure yanava avuruddata thun paraka kochchiye