පෙට්‍රල් ටැංකිය හිල් උනාද?

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පෙට්‍රල් ටැංකිය හිල් උනාද?

    ඔන්න ඉතින් මටත් එළකිරියේ Radical78 සහෝදරයා පළකරපු "පෙට්‍රල් ටැංකි ලීක් වලට තිත - වටිනවා" Thread එක ප්‍රයෝජනයක් උනා..මේක දැකපු මුල් දවසේ හිතුවේ නෑ මටත් මෙතනට යන්න වෙයි,මගෙත් ටැංකිය හිල් වෙයි කියලා..කොහොමෙන් හරි මේ Thread ආයිත් මට හොයලා දුන්නේ අපේ urajdrlk සහෝදරයා..

    මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1587860

    මචන්ලා උබලගේත් බයික් වල පෙට්‍රල් ටැංකි පුළුවන් තරම් පරිස්සම් කර ගනින්..මොකද ටැංකි හිල් උනොත් වැඩක් නෑ සොමිය..අලුත් අව්රුද්දේම මගේ ටැංකියට කෙලඋනා.මලකඩ පාටට ටැංකිය යට පැත්තෙන් පෙට්‍රල් කාන්ඳු වෙන්න ගත්තා..එහෙමම ලීක් වෙන තැනට සබන් කෑල්ලක් අරන් අතුල්ලලා ගෙදර ගෙනත් පහුවදාම ලීක් එක හදන්න බැස්සා.ටැංකි හදන බුවාලා හොයන් හොයන් යනකොට තමයි එළකිරියේ මෙහෙම එකක් දාලා තිබුනා කියලා මතක උනේ..මම කෝල් කළා පොරට..

    ඉරිදා උදේම ගියා ටැංකිය අරගෙන එතනට..ගනේමුල්ල පාරේ දේවාල පාරේ ඉන්නේ ඉන්නේ ඔහු..ටැංකිය බලපු ගමන් කිව්වා මේක ඇතුල් පැත්තෙන් දිරාගෙන එන්නේ මෙතන විතරක් පාහලා වැඩක් නෑ..යට දිගටම කපල තහඩු දාලා පාහන්න වෙනවා කියලා..අපි වැඩේ කරන්න පටන් ගත්තා..මුලින්ම ටැංකිය ඇතුලේ ඉතුරුව තිබුන පෙට්‍රල් අයින් කරන්න ගත්තා..

    අපි පුදුම උනා..අඩියේ කාලේ බෝතලයක් විතර වතුර මලකඩ පාටින්. ඔන්න බලා ගන්න:oo:


    xuof.jpg

    dpj5.jpg


    මෙන්න අතුල මලකඩ කාලා තියෙන හැටි.:baffled:

    5dfg.JPG


    මෙන්න ටැංකිය ඇතුලේ තිබුන මන්ඩි:sorry:

    cnvs.jpg


    දිරපු හරියවල් කපලා පාහන්න ගත්තා..;)

    d3wf.jpg

    tkhr.jpg

    pofs.jpg


    වැඩේට දවස් දෙකක් ගියා..මේ ඉන්දියන් ටැංකි අන්තිම බාල යකඩ වලින් ගහන්නේ..අලුත් ටැංකි මිට හපන්ලු..ඒ නිසා තියෙන ටැංකිය හදාගෙන දුවන එක හොදයි..මගේ වැඩේ නම් එලටම කරලා දුන්නා බුවා..පාහලා පේන්ට් කරලා ඔක්කොමට මගෙන් ගත්තේ 5600ක්.ඒ ගානට පාඩු නෑ..

    මට මේ ටැංකිය හදලා දුන්න කෙනා ගැන සදහන් කලේ නැත්තන් ලොකු අඩුවක්.

    ඔහු නමින් උදය ජයශාන්ත මහතා..හොද පළපුරුදු පෑස්සුම් ශිල්පියෙක්.ඒ වගේම හොද සුහද මනුස්සයෙක්..වැඩේ කරන ගමන් අපි ඔහු සමග සුහද පිළිසදරක යෙදුනා...වැදගත්තම දේ නම් මොහු ලිමොසින් නිර්මාණ කරුවෙක්..විශ්වාස කරන්න අමාරුයි නේද?

    මේ තියෙන්නේ උදය මහතා අතින් නිමඋන මුල්ම ලිමොසින් රථය..ටොයෝටා මාක් 2 වර්ගයේ.


    eep6.jpg

    8lh2.jpg


    අපි යනකොට ඔහු මල්ශාලා රථයක්නිර්මාණය කරමින් හිටියේ..මේක නිසාන් B210 වර්ගයේ පැරණි මෝටර් රථයක්..බලන්නකෝ මේකට දෙන වැඩේ..තාම හදමින් පවතින්නේ..හැදුවට පස්සේ එලටම තියෙයි..

    මේ නිසාන් B210 රථයේ මුනුන වෙනස් කර ඇති අන්දම..


    jnye.jpg


    මේ හදමින් පවතින කොටස..ලේසි පහසු දෙයක් නම් නෙමෙයි

    rffa.jpg

    e11c.jpg


    පසුපස ටොයෝටා කැල්ඩිනා දොරක් යොදා වැගන් කර ඇති අන්දම

    goc0.jpg

    zl5o.jpg


    මේ වගේ දෙයක් කරන්න අව්රුද්දක් විතර කල් යනවා කියල ඔහු අපිට කිව්වේ..ලංකාවේ අලුත් දෙයක් හිතන හොද වැඩ්ඩේක්..

    ඉතින් ඔයාලටත් මේ වගේ ටැංකි ප්‍රශ්න ආවොත් අමතන්න..මෙන්න ඔහුගේ නම දුරකථන අංකය..

    උදය ජයශාන්ත
    0724 377 86
     
    Last edited:

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    උබ එයාට කිව්වද එළකිරි එකෙත් එයා ගැන විස්තර දාලා තියෙන්නේ කියලා?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි ජන්තු අයියේ...:yes::yes:
    ඔය දාල තියෙන්නේ පට්ටෙටම විස්තර කරලා...:D

    හත් ඉලව්වේ ඕකෙ වතුර තියාගෙනද අපි නුවර ගියේ...:shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: ටැංකියක් අළුතෙන් කීයද.....?? :rolleyes:

    මෙහෙම නොවී තියා ගන්න මොකද කරන්න ඕනා.....?? :confused:

    මොන මොන හේතු නිසාද මෙහෙම උනේ.....??
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ එයාට කිව්වද එළකිරි එකෙත් එයා ගැන විස්තර දාලා තියෙන්නේ කියලා?

    අපෝ නෑ මචං.මිනිහා එලකිරියක් ගැන අහලවත් නෑ.පොරගේ වැඩ හොද නිසා හැමෝටම වැදගත් වෙයි කියලා මම දැම්මේ මේක..

    එලකිරි ජන්තු අයියේ...:yes::yes:
    ඔය දාල තියෙන්නේ පට්ටෙටම විස්තර කරලා...:D

    හත් ඉලව්වේ ඕකෙ වතුර තියාගෙනද අපි නුවර ගියේ...:shocked:

    ඕව් බං මේ වතුරත් එක්ක තමයි ගිහින් තියෙන්නේ..:baffled:

    :shocked: ටැංකියක් අළුතෙන් කීයද.....?? :rolleyes:

    මෙහෙම නොවී තියා ගන්න මොකද කරන්න ඕනා.....?? :confused:


    මොන මොන හේතු නිසාද මෙහෙම උනේ.....??

    ටැංකියක් අලුතෙන්ම 20000 පනිනවා මම හිතන්නේ..පාවිච්චි කරපු එකක් නම් 8000,9000ක් වෙයි..ඒවා ගන්නවට වඩා තියෙන එක හදාගෙන පදින එක ෂුවර්..මොකද ඒවත් ඇතුලෙන් දිරාගෙන එන ඒවාද දන්නේ නෑ නේ.

    ටැංකි දිරන්නේ නැති වෙන්න ඉතින් කරන්න තියෙන්නේ නඩත්තුව තමයි..මාසෙකට සැරයක්වත් ටැංකිය ගලවලා ෆ්ලොටර් පෙට්‍රල් කරාම ගලවලා හොද සුද්දයක් දෙනවා නම් හොදයි ලු.ඒ වගේම ෆුල් ටෑන්ක් කලාම 2T ටිකාක් දානවා නම් හොදයිලු.ලංකාවේ පෙට්‍රල් වල ගුණාත්මකබව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.වැදගත්ම දේ අර පෙට්‍රල් ටැංකිය කටේ තියෙන වතුර බැහැල යන සිදුර නිතර බලන්න ඕනේ..ඕක බ්ලොක් උනොත් කෙලා හුටා..එකට සෙට් වෙන බටේ බයික් එකේ මට්ටමට වඩා යටට දාන්නත් එපා..මොකද බටේ අගට මඩ ගිහින් බ්ලොක් වෙනවා.අනික පෙට්‍රල් මුඩිය..ඕක හරියට කටට හේත්තු වෙලා හිටින්නේ නැත්තන් සොරිම තමයි..
    මගෙත් bike ඒකෙ ටැන්කිය වැටිල දාරෙ හරිය ඇතුලට ටිකක් ඒබිලා තියෙන්නෙ ඒක හදන්න පුලුවන් ද aluth tanki balada dan

    ඒවා නම් පොටි දාලා හදන්න පුළුවන් වෙයි මචං..මගෙත් යාලුවෙක්ගෙ තැලිච්ච ටැංකියක් බජාජ් කම්පනියෙන් හැදුවේ පොටි දාලා ..ඉන්දියන් ටැංකි අලුත් ඒවා නම් දිරන වේගය වැඩි කියලා තමයි කියන්නේ..
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මට ගොඩක් සතුටුයි මම දාපු ත්‍රෙඩ් එක නිසා ඒ මනුස්සයට සහ අපේ කොල්ලෝ ටිකට වැඩක් උන එක ගැන..
    මගේ වැඩේ එලටම කරපු නිසයි මට හිතුනේ ඒක ගැන දාන්න..
    ජන්තු අයියටත් පිං වැඩි විස්තර දැම්මට...

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචං මට ගොඩක් සතුටුයි මම දාපු ත්‍රෙඩ් එක නිසා ඒ මනුස්සයට සහ අපේ කොල්ලෝ ටිකට වැඩක් උන එක ගැන..
    මගේ වැඩේ එලටම කරපු නිසයි මට හිතුනේ ඒක ගැන දාන්න..
    ජන්තු අයියටත් පිං වැඩි විස්තර දැම්මට...


    එලම තමයි මචං..උබ නිසා තමයි මම පොරව අදුන ගත්තේ..පොරගේ වැඩ හොද නිසා තමයි මමත් එළකිරියේ පොස්ට් එකක් දාන්න හිතුවේ..
    ජය වේවා..!!
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    FULL tank wage gahanawanam . tawa ban. podi punilayak wage atulata dalak wag dala hadaganins. nondi tamai eth natnam bottle ekata aragena gedara awilla daganna wenawa.

    REP+++ (rape) :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ බයික් එකෙත් සිට් එක සෙට් වෙන තැනින් දිරාගෙන එන්නෙ :(
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජන්තු අයියා;16135178 said:
    එලම තමයි මචං..උබ නිසා තමයි මම පොරව අදුන ගත්තේ..පොරගේ වැඩ හොද නිසා තමයි මමත් එළකිරියේ පොස්ට් එකක් දාන්න හිතුවේ..
    ජය වේවා..!!

    ඔව් මචං.. අපි මොනවා හරි වැඩක් කර ගන්න ගියාම කීයෙන් කීදෙනාද ඒ වැඩේ සාධාරණව කරලා දෙන්නේ.. ඒ වගේ අය ගැන අනිත් අයව දැනුවත් කරාම රැවටෙන එකෙන් සහ නිකරුනේ සල්ලි නාස්තු වීමෙන් වලක්ව ගන්න පුළුවන්.. මේ වගේ ඕනම ෆීල්ඩ් එකක වැඩ්ඩෝ ගැන අපේ යාලුවො දන්නවනම් දාන්න.. ඒක ගොඩක් අයට ලොකු ප්‍රයෝජනයක් වෙයි..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙහෙම තියාගෙන මෙච්චර කල් පැදපු එකත් ලොකු දෙයක්:rofl:
    එල එල