පෙට්‍රල් බෝම්බයක් ගසා සැමියා බිරිඳ මරයි 💣 💣 💣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    murder1.jpg.webp

    සිද්ධිය වන විට නැන්දම්මා මළ ගෙදරක ගිහින්
    මුලින්ම ගෙල සිරකර මරන්න හදලා:​


    අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව ඊයේ (13 දා) සැමියා විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තම බිරිඳ ඝාතනය කර ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර – පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේ පදිංචි දමයන්ති ඒකනායක (40) නමැති කාන්තාවකි.

    murder2.jpg.webp


    අඹු සැමි යුවළ අතර කලක සිට ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම දෙදෙනා වෙන්ව ජීවත්ව සිට ඇති අතර නාවික හමුදාවේ සේවයේ නියුතු සැමියා ඊයේ උදෑසන නිවසට කඩා වැදී ගෑස් සිලින්ඩරයේ සවිකර ඇති බටයක් ආධාරයෙන් බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කිරීමට උත්සාහ දැරීමෙන් අනතුරුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සිදු කර පලා ගොස් තිබේ.

    මෙය සිදු වන අවස්ථාවේ දී මෙම ඝාතනයට ලක්වූ කාන්තාව සමග ජීවත් වූ ඇගේ මව ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් සිට ඇත. සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමත් සමග නිවසට පැමිණ ඇති ඇය සිය දියණිය දැඩි ලෙස පිළිසුම් තුවාල ලබා මරණයට පත්ව සිටි බව දැක තිබේ.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

    අනුරාධපුර පොලිසියේ හා පරසන්ගස්වැව පොලිසියේ නිලධාරීහු කණ්ඩායම් දෙකක් වැඩිදුර විමර්ශන සිදු කරති
     
    • Like
    Reactions: wissnshaftler

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ammapa wiyali kalape nadathtu karanne mokatada kiyala mata thama hithaganna ba oi!

    man janadipathinam okun okkoma gulag walata dala. owa atharala danawa kala wenne!
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,105
    811
    113
    හෙළයොන්ට ටොයිස් වැඩ ඔවා.
    🥲මෙවානම් වෙන රටවල් වලත් වෙනවා නේද

    අනියමක් වෙන්න ඇති🥲
    ------ Post added on Feb 15, 2026 at 12:37 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    නාවික හමුදාවට ගියාම කුඹුරේ ගොයම් කපන්නෙ කවුද ?

    ඕන්න ඕකයි මොලටෙව් කොක්ටේල් ප්‍රශ්නෙට මුල