අද අපේ කතාව තවත් සුවිශේෂි.. ඇල්ලේ යන ඔබ අනිවාරෙන්ම යන්නේ මේක බලන්න.අපි කොච්චර දුම්රියන් ධාවනය වෙනවා දැක්කත් මේ පාලම මතින් දුම්රියක් එනකල් අපි කොයිතරම් බලන් ඉන්න ඇතිද.
කොයිතරම් පින්තූර ගන්න ඇති ද අපි අද යන්නේ මේ පාලමේ ඉතිහාසය ඔයාලත් එක්ක බෙදා ගන්න.මුලින්ම බදුලු රේල්පාරේ ඉතිහාසය තව පොඩ්ඩක් මතක් කරන්නම්කෝ.
1890 ගන්න වල උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වුනේ බණ්ඩාරවෙලයි.1893 දී බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිකරලා නානුඔය ඉඳන් බණ්ඩාරවෙලට කෝච්චිය එන්න පටන් ගත්තා..
ඊට පස්සේ බණ්ඩාරවෙල ඉඳලා බදුල්ල දක්වා දුම්රිය මාර්ගය 1872 වර්ෂයේදී වැඩ පටන් ගන්නවා. ඉමහත් හිරිහැර බාධක මැද්දේ බදුල්ල දුම්රිය මාර්ගය හදලා අවසන් වන්නේ 1924 වර්ෂයේදී.
දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම පිහිටලා තියෙන්නේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතරයි.
මේ පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර වූ මඩ ගොහොරුවක. මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර, විශාල කුලුනු 10 ක් ආධාරකරයෙන් තමා ආරුක්කු නවය හදලා තියෙන්නේ.
වාර්තාවලට අනුව මෙම පාලමේ පාදම සකස් කර ඇත්තේ, ඉතා ගැඹුරට සාරන ලද වළවල්වලට කබොක් ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවිවීමට සැලැස්වීමෙනි...
ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ එච්. ආර්. මාර්වුඩි නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන පිරික්සීමේදී කාට වුණත් දැනගන්න පුළුවන්...
මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂවලදී ආරම්භ කරලා 1919 වර්ෂයේදී අවසන් කරලා තියෙනවා කියලා මුලාශ්‍ර තොරතුරුවල සඳහන් වෙනවා...
අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් ආරුක්කු නවයේ පාලම පිහිටා තියෙනවා... දුම්රිය මාර්ගය අංශක 9ක වක්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30කි.
මේකේ ලස්සනම කොටස තමා ඒ විශාල කුලුනු මැද සෑම එකකම විශාල කවාකාර හිඩසක් තිබීමයි.පාලම නිර්මාණය කිරීමේදී දේශීය වශයෙන් අදටත් ප්‍රචලිත මුඛ පරම්පරාගත කතා පුවත් රාශියක් තියෙනවා.
මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ මෙය ඒ වනතෙක් දුම්රිය පාර හදාගෙන පැමිණි සුද්දන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමීය යුතු ස්ථානයක් හමුවූ බවත්,
එතන තිබුණු සංකීර්ණතාවය නිසා සුදු ජාතික ඉංජිනේරුවාට දුම්රිය පාර එතනින් එහාට ඉදිකරගැනීම නොහැකිව ප්‍රශ්නයකට මුහුණ දීලත් තියෙනවා...
එමෙන්ම සුදු ජාතික ඉංජිනේරුවන් එංගලන්තයේ සිට නිර්මාණය කරගෙන එන ලද මෙහි සවිකිරීම සඳහා ගෙන එන ලද යකඩ පාලම මෙතැන සවි කරගත නොහැකිව අමාරුවේ වැටුණු බව කියන අතුරු කතාවක් ද මේ හා බැඳී පවතිනවා...
ඒ අවදියේ පළමු ලෝක යුද්ධය පැවති නිසා විදේශීයව බඩු ගෙන්න ගන්නත් බැරිවෙලා තියෙනවා.
මේ අතරෙදී ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමට ඩී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවරුන්ද සහභාගිවෙලා තියෙනවා. එසේම මෙම ආරුක්කු නවයේ පාලමේ පෙදරේරු කටයුතු මෙහෙයවා ඇත්තේ පී. කේ. අප්පුහාමි නමැති පෙදරේරුවා අතින් කියලත් දැන ගන්න ලැබෙනවා.
කොහොමහරි පාලම හැදුවට පස්සේ තමා මරු වැඩේ වුණේ.සුදු ජාතික ඉංජිනේරුවන් ඒ මතින් දුම්රිය ගමන් කරවීමට බියක් දැක්වලා තියෙනවා... එවිට අප්පුහාමි බාසුන්නහේ පාලමේ ආරුක්කුවක් යට නිදාගෙන සිටියදී දුම්රිය, පාලම මතින් ගමන් කරවා එහි ශක්තිය තහවුරු කරන්නට ඉදිරිපත් වූ බවත් කියවෙනවා...
අන්න ඕක තමා මේ ආරුක්කු 9යේ කතන්දරේ.හැබැයි කොහොම වුණත් වර්තමානයේ දෙමෝදර, ආරුක්කු නවය පාලමේ පාදම ආශ්‍රිත සිමෙන්ති බදාම ගැලවීයාමේ අවදානමක් මතුව තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
මේ උරුම රැක ගන්න අපි සූදානම් වෙමු..වෙමු..
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here