පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

    486390_191294760995185_640275149_n.jpg


    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

    ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

    එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

    ‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’.

    මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
    නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
    ආවාට නොකියාම ජීවිතෙන්.
    නවතින්න හිතුවාද ආයෙමත්.
    ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

    නුහුරු නුපුරුදු හීන අරන්.
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
    ආවාට නොකියාම ජීවිතෙන්.
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
    රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
    ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
    අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    ඉතින් එලෙස ලියූ මෙම ගීතය ආත්මාගේ ලියතඹරා ගීතයෙන් පසුව ගායනා කල හොදම ගීතය බවයි රසිකයන්ගේ අදහස..

    ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවාඩුව අවසන් වෙලා ආ රචිතා කලා පීඨයට ඇතුල්වන මාවත දිගේ ඇවිදගෙන එනකොට ඒ ගීතය මුලු පරිසරයම වෙලාගෙන බවක් හැගී ගියා.. ඒ මොකද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් එම ගීතය තම තමන්ගේ ජංගම දුරකතන නාදවීමට යොදාගෙන ඇති හින්දා..

    ඒ වගේම ඔබ දන්නවාද මේ ගීතයේ සත්‍ය කතාව ඒ ආකාරයෙන් සිත් කවියේ රචනා කල පෙම්වතුන් යුවලට ඉන්පසු වූයේ කුමක්ද කියලා ?

    මේ ගීතය ඇසූ ඔවුන්ගේ දෙමවුපියන් හා නෑදෑයින් එම යුවලට සදහටම එක් වන්නට ආශිර්වාද කරලා..

    එක් සින්දුවක් අපගේ හිතට ඇති කරන්න පුලුවන් බලපෑමක් වගේම එම දෙපලට එක්වන්නට ලැබීමත් කෙතරම් අපූරුද..

    මෙම ගීතය අසා නොමැති නම් මෙතනින් යන්න..

    http://www.youtube.com/watch?v=CrMMOoEE790


    රීපෝසට්ද දන්නේ නෑ
    රී පෝසට් නම් කෑ නුගහ යන්න
    මේ දැම්මේ දැක්ක නැති වුන්ට බලන්න

    බුකියෙන් ඉස්සුවේ මචංලා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නියමයි, මචන්, මම දැනන් හිටියෙ නා. තැන්ක්ස්........

    you must spread some...... :(
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "ස්ත්‍රී දූෂණ චෝදනා ලාභී" ගායකයෙක් විසින් ගායනා කිරීම (a bit ironical...) ඇරුණහම සිංදුවනම් වරදක් නෑ. :lol:

    නමුත් සිංදුවක් අහල දෙමව්පියන්ගේ ආශීර්වාදය ලැබුන කිව්වහම ටිකක් පිළිගන්න අමාරුයි වගේ.:eek:

    Rep 6+
     
    • Like
    Reactions: chanakacm