පෙනෙන නොපෙනෙන

hpalpola

Well-known member
  • (16)


    [FONT=&quot]රනුක්ගේ මවත්, දීපිකාත් තවත් වෛද්‍යවරුන් කීප දෙනකුත් වට මේස සාකච්ඡාවක නියුතුව සිටිති. ඒ රනුක්ගේ භෞතික තත්ත්වය සම්බන්ධයෙනි. විශේෂඥ වෛද්‍යවරුන්ට පවා රනුක්ගේ ශාරීරික තත්ත්වය පිළිබඳව තිබුනේ විශ්මයානුකූල තත්ත්වයකි. රනුක් දිසානායකට වෙඩි වැදී තිබුනේ හිසට ය. වෙඩි උණ්ඩය හිසේ පසුපසින් ඇතුල් ව තිබිණි. නමුත් එය හිස හරහා ගමන් කර රැඳී තිබුනා මිස හිසෙන් පිටතට ගොස් තිබුනේ නැත. වෙඩි උණ්ඩය ගමන් කළ ආකාරය අනුව මොළය ඉතා සියුම් ලෙසින් නො ගැටී බේරී තිබිණි. දීපිකා ගේ අදහස් සැලකිල්ලට ගත් විට ඔවුන් පැමිණි නිගමනයක් වූයේ මේ වෙඩි උණ්ඩය නිසා රනුක් ගේ මතකය අහිමිවන්නට ඇති බවයි. නමුත් ඔහුගේ තුවාල සුවවීමේ වේගය සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඉතාමත් සීඝ්‍රවීම වෛද්‍යවරුන්ට විස්තර කිරීමට නොහැකි විය. දැන් රනුක් ජීවත්වන්නේ හිසේ වෙඩි උණ්ඩයක් ද සහිතව ය. සාකච්ඡාවේ සිටි එක් වෛද්‍යවරයකු තමන්ගේ මතය ඉදිරිපත් කරමින් කියා සිටියේ උණ්ඩය ඉවත් කිරීම, රනුක්ගේ තත්ත්වයත් සමඟ අනවශ්‍ය බවයි. ඔහු ඉදිරිපත් කළ තර්කය කණ්ඩායමේ සිත් ඇදගන්නා සුළු එකක් විය. විලියම් ලෝලස් පේස් නැමැත්තාට 1917 දී ඔහුගේ වැඩිමල් සොයුරා විසින් පියාගේ ගිනිඅවියෙන් හිසට වෙඩි තබා තිබිණි. ඒ ඔහුට අවුරුදු 8 දී පමණ ය. පේස් මියගියේ ඔහුට වයස අවුරුදු 103 දී ය. හිසේ උණ්ඩයක් තබා ගෙන වැඩිම කාලයක් ජීවත් වූ තැනැත්තා ලෙසින් ඔහුට ගිනස් වාර්තාවක් ද විය. රනුක් මේ පේස්ටත් වඩා සංවර්ධිත ලක්ෂණ පෙන්නුම් කරනා බව වෛද්‍යවරයා කණ්ඩායමට දන්වා සිටින ලදි. [/FONT]
    [FONT=&quot]කණ්ඩායම මෙසේ සාකච්ඡා කරමින් සිටිනා අතරතුර අන්තර්මාධ්‍යය දුරකථනයට ඇමතුමක් ලැබිණි. එයට පිළිතුරු දුන් තැනැත්තා, ඇමතීම අධ්‍යක්ෂකවරියට බව දන්වා සිටියේ ය. ඇය ඊට පිළිතුරු දුන්නා ය. ඇමතීමට සවන් දෙන ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් වූයේ ක්ෂණිකයෙනි. ඇය දුරකථනය පසකට දමා ඉක්මණින් ම නැගිට්ටා ය.
    [/FONT]



    [FONT=&quot]‘රනුක් වෝඩ් එකේ නෑලු‘[/FONT]


    [FONT=&quot]‘මොකක්??‘[/FONT]


    [FONT=&quot]කණ්ඩායම ම විශ්මයට පත් වූහ.
    [/FONT]



    [FONT=&quot]‘ඔව්.... රනුක් වෝඩ් එකේ නෑ ලු...‘[/FONT]


    [FONT=&quot]ඇය හඬන්නට විය. ඇයත් සමඟ සියළු දෙනාම ඉක්මණිනන් රෝහලේ පහළ මාලයේ පාලන කුටියට පැමිණෙද්දී එහි රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් රැඳී සිටිය හ.
    [/FONT]



    [FONT=&quot]‘මොකක් ද වෙලා තියෙන්නේ... කොහොමද රනුක් මහත්තයා නෑ කියන්නේ..‘[/FONT]


    [FONT=&quot]පිළිතුරු ලබා දුන්නේ බියපත් මුහුණකින් යුත් සුවසේවිකාවකි.[/FONT]


    [FONT=&quot]‘මැඩම්.. අපි උදේ කෑම අරන් යද්දී සර් හිටියෙ නෑ.. පස්සේ ටොයිලට් වලත් බැලුවා. හෝල් එකෙත් බැලුවා. කොහේවත් හිටියේ නැති නිසා කැමරා රූම් එකට ගිහිල්ලත් චෙක් කලා. ඒත් අපිට සර්ව හොයාගන්න බැරි වුනා.‘
    [/FONT]



    [FONT=&quot]රනුක්ගේ මව අසල වූ අසුනකට ඇද වැටුනි. දීපිකා ඇය වෙත ප්‍රථමයෙන් ම දුවගියාය.
    [/FONT]



    [FONT=&quot]‘නැහැ, නැහැ කලබල වෙන්න දෙයක් නෑ. මන් හොඳින්.... මේ වෙලාවේ එයා හොස්පිටල් එකෙන් පිට ඉන්න හොඳ නෑ. මට තේරෙන්නෙ නෑ දීපිකා..‘[/FONT]


    [FONT=&quot]‘මැඩම් බයවෙන්නෙපා... එයාගේ කන්ඩිෂන් එකේ හැටියට එහෙම යයි කියලා හිතන්න අමාරුයි. කොයිහැටිවෙතත්, අපි සික්‍යුරිටි දාලා සර්ච් කරමු.‘[/FONT]


    [FONT=&quot]************
    [/FONT]


    [FONT=&quot]බස් රථය සාමාන්‍ය වේගයකින් ගාලු පාරේ ගමන් කරයි.[/FONT][FONT=&quot]ආසන සියල්ලම පිරී ඇත. දැන් මාර්ගවල ධාවනය වන්නේ සුඛෝපභෝගී බස් රථ නිසා පොදු ප්‍රවාහන සේවය ජනප්‍රියව තිබේ. ඒ ගමන් කරන බස්රථයේ අසුන් පේලි අතර විකට ඇඳුමින් සැරසී සිටින්නකු හිටගෙන සිටන අතර ඔහුට ආසන්නයෙන් අත්බෑගයක් එල්ලා ගත් කලබලකාරී ස්වභාවයකින් යුතු තරුණියක් ද සිට ගෙන සිටී. ඔවුන්ට පිටුපසින් තවත් මගීන් දෙදෙනකු ද සිටගෙන වීදුරුවෙන් පිටත බලා සිටී. විකට ඇඳුමින් යුතු තරුණයා සිටින්නේ බස් රථයේ අල්ලා ගැනීමට ඇති කිසිඳු ආධාරකයක් හෝ අල්ලාගෙනවත් නොවේ. තරුණිය ඔහුට මොනවා දෝ කියමින් සිට ප්‍රතිචාරයක් නොමැති නිසා අත්බෑගයෙන් ජංගම දුරකථනය ගෙන කාටදෝ ඇමතුමක් ලබා ගත්තා ය.[/FONT]


    [FONT=&quot]‘හෙලෝ.... ඔව්.. මට කථා කරන්න ඕනා ඩොක්ටර් දීපිකා ට හරි රනුක් මහත්තයාගේ අම්මට හරි. ප්ලීස් ඉක්මනට?‘[/FONT]


    [FONT=&quot]‘එහෙම ද එහෙනම් ඩිරෙක්ටර් මිස්ට දෙන්න.... ආ මැඩම් මම කථා කරන්නේ මැඩම්ට මතක ද දන්නෙ නෑ, රනුක් ව හොස්පිටල් ඇඩ්මිට් කළ ගර්ල්. සිතුමි....‘[/FONT]


    [FONT=&quot]‘අනේ ඔව්... දැන් එයා මේ බස් එකේ මා ලඟ ඉන්නවා. පේන්නේ එයා කොහේ හරි යනවා වගේ. ඒකයි මන් මැඩම්ට ගත්තේ. මන් කීප සැරයක් කිව්වා ආයිත් හොස්පිට්ල් යමු කියලා. ඒත් එයා මන් කියන දේ අහන්නේ නෑ.‘[/FONT]


    [FONT=&quot]ඇය දුරකථනය මදක් ඉවතට කර රනුක්ට කථා කළාය.[/FONT]


    [FONT=&quot]‘මේ ඔයා කොහේද මේ යන්නේ...‘[/FONT]


    [FONT=&quot]රනුක් ඇයට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වයි. ඇය නැවතත් දුරකථනයට ඇමතුවා ය.[/FONT]


    [FONT=&quot]‘මැඩම් එයා මොනවත් කියන්නේ නෑ. අපි දැන් නැගලා ඉන්නේ මොරටුවට යන බස් එකක...‘[/FONT]


    [FONT=&quot]ඇයට කීමට ලැබුනේ එපමණකි. පාර හරහා මාරු වූවකු ආරක්ෂා කිරීමට රියදුරා බස් රියේ තිරිංග තද කරන ලදි. ආධාරකයක් නොවූ රනුක් පසු පස සිට මැද්දට විසි වී ගියත් වැටුනේ නැත. ඔහු ඒ විසිවීමට ගැලපෙන ලෙසින් බස්රිය තුළ ඉදිරියට දුවගෙන මෙන් ගමන් කොට නැවතත් සිට ගත්තේ ය.[FONT=&quot] ඔහු සිටගත් තැන අසුනේ සිටි තැනැත්තාගේ ඇඟිලි ද පෑගිනි. [/FONT]මේ දුවයන අවස්ථාවේ දී අසුන් ගෙන සිටි මගීන් දෙතුන් දෙනකුගේ පා පෑගීම ඔහු සිදු කළේ සිතා මතා නොවේ. නමුත් රිද්මයට මෙන් පා පෑගෙන මගීන් ‘ආව්‘, ‘ආව්‘ යැයි කියන්නට විය. රනුක්ගේ පසු පසින් සිතුමි ද වේගයෙන් පැමිණියා ය. ඇය ඔහුගෙන් අතවරයට පත් මගීන්ගෙන් ඔහු වෙනුවෙන් සමාව ඉල්ලුවේ මේ රෝහලේ සිට පැමිණෙන හිසට ආබාධයක් වී ඇති රෝගියකු බවද සඳහන් කරමිනි.
    [/FONT]



    [FONT=&quot]‘රනුක් මොකක් ද මේ කරන්නේ..... බලන්න මේ මිනිස්සුන්ගෙන් අපිට ගුටි කන්නත් වෙයි. මේක බස් එකක්. පොඩ්ඩක් අල්ලන් ඉන්නකෝ. ඔයාට සනීපත් නෑ නේ හරියට.‘[/FONT]


    [FONT=&quot]‘මේ අයිසෙ තමුසෙ හිතන් ඉන්නෙ මේ මඟුල හෙලවෙද්දී වැනෙන කොට මගේ කකුල් පන නෑ කියල ද ආ?‘[/FONT]


    [FONT=&quot]‘අනේ එහෙම නෙමෙයි අයියේ ප්ලීස් කියන දේ අහන්නකො... ඔයාව වැටෙයි. අල්ලා ගන්න.‘[/FONT]


    [FONT=&quot]‘මල වදයක් වුනා නේ.... චික්...‘
    [/FONT]



    [FONT=&quot]රනුක් බස් රථයේ සවිකර ඇති මගීන්ට අල්ලා ගැනීමට ඇති රබර් අල්ලුවලට පහර දෙමින් කථා කරන්නට විය. ඒවා මැෂින් මෙන් වේගයෙන් සෙලවෙයි. ඔහුගේ හැසිරීම් දෙස බලමින් මගීන් පුදුම වී සිටී.[/FONT]


    [FONT=&quot]‘හොඳට දැන ගන්නවා. මන් මේවා විශ්වාස කරන්නේ නෑ. මන් විශ්වාස කරන්නේ මගේ අතේ පයේ හයිය විතරයි. තේරුනා ද‘[/FONT]


    [FONT=&quot]මේ අතර රනුක් සිටගෙන සිටිනා තැනම අසුනේ වාඩි වී සිටි මඟියා ඔහුට කථා කළේ ය. ඒ ද ආවේගයෙනි.
    [/FONT]



    [FONT=&quot]‘මහත්තයා පොඩ්ඩක් අහන්න. ඔයා දිහා මන් බලාගෙන ඉඳියේ. ඔහේ මගේ කකුල පෑගුවා. අඩු තරමේ සමාව වත් ඉල්ලුවේ නෑ. ඒ වුනාට හැසිරෙන්නෙ නිකන් පිස්සෙක් වගේ. අනික මේක බස් එකක්. බස් එකේ යන්න අමාරු නම් බැහැලා පයින් යනවා.‘[/FONT]


    [FONT=&quot]‘ආව්ව්.... හුඟක් රිදුනැයි ලොක්කා ...‘[/FONT]


    [FONT=&quot]රනුක් ඔහුගෙන් ඇසුවේ අවඥාවට මෙනි. ඔහුගේ ස්වරූපය ගින්නට පිදුරු දැමීමට සමත් ස්වරූපයකි.
    [/FONT]



    [FONT=&quot]‘ඔව් රිදුනා... ඒ වගේම කේන්තියි.‘[/FONT]


    [FONT=&quot]‘ලොක්කා මන් දැන් සමාව ඉල්ලුවොත් ඔහේගෙ ඔය රිදිල්ල අඩුවෙනවා ද කියනවාකෝ?‘[/FONT]


    [FONT=&quot]සිතුමි මේ දෙබස අසා සිටියේ බියෙන් මෙන්ම රනුක් ගැන ඇති වූ කේන්තියෙන් ද යුතුවය. ඔහුට අල්ලා ගැනීමට කියූ විට අල්ලා ගත්තේ නැත. එනිසා කීපදෙනකුගේ ම පා පෑගිනි. දැන් එයින් වේදනාවට පත්වූවෙකු ඒ ගැන ඔහුගෙන් කථා කරද්දී ඔහු ඒ තැනැත්තාව විහිලුවට ගෙන හැසිරෙයි. රනුක් වැනි උගත් අයකුගේ මේ හැසිරීම ඇයට ලැජ්ජාවක් ද විය.
    [/FONT]



    [FONT=&quot]‘මොකක්?‘[/FONT]


    [FONT=&quot]‘රිදෙන එක අඩුවෙයිද කියනවාකෝ ?‘[/FONT]


    [FONT=&quot]‘මොකක්ද තමුසෙ කියන්නේ?‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘අඩෝ දැන ගනින් පාහරයා... කකුල පාගලා තව තෝ මාව විහිලුවටත් ගන්න එනවාද... කැ..යා‘[/FONT]


    [FONT=&quot]අසුනේ සිටි තැනැත්තා අසුනෙන් නැගිට්ටේ යක්ෂාවේශ වී ය. නමුත් ඔවුන් අතරට ඒ ක්ෂණයෙන් ම සිතුමි මැදිහත්වූවා ය.[/FONT]


    [FONT=&quot]‘අනේ කරුණාකරලා සමාවෙන්න මෙයා වෙනුවෙන්. ඇක්සිඩන්ට් එකකින් මෙයාගේ ඔලුවට ඩැමේජ් වෙලා තාම හොඳට ම හොඳ නෑ. ඒකයි මෙහෙම හැසිරෙන්නේ... අනේ රණ්ඩු වෙන්න එපා.‘
    [/FONT]



    [FONT=&quot]ඔහු කථා කරද්දීත් රනුක් ඉවත බලා ගෙන හැසිරුනේ තවදුරටත් අර තැනැත්තාගේ කෝපය වැඩි කරනා අයුරිනි. ඒ තැනැත්තා සිතුමිගේ බියපත් මුහුණ දෙස මදක් බලා සිටියේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මානසික ලෙඩ්ඩු අරන් බස් වලට එන්න එපා... මිස්...‘[/FONT]


    [FONT=&quot]‘සමාවෙන්න අනේ සමාවෙන්න... දැනුත් මේ හොස්පිට්ල් එක්කන් යන ගමන්...‘[/FONT]


    [FONT=&quot]ඔහු නැවතත් අසුන් ගත්තේ ය. සිතුමි රනුක්ගේ අතින් අල්ලා ගත්තා ය.[/FONT]


    [FONT=&quot]‘මෙහෙ එනවා ඕයි.. මන් කිව්වනේ ඉස්සෙල්ලා අල්ලා ගන්න කියලා... දෙවියන්ගේ නාමෙට මේක අල්ලා ගන්නවා.. නැත්නම් අපි දෙන්නටම කන්නයි වෙන්නේ...‘[/FONT]


    [FONT=&quot]ඇය රනුක්ගේ අතින් අල්ලා ගෙන ඒ තැනැත්තා අසලින් ඉවත් කර ගෙන බස් රථයේ මැදට ඇදගෙන ගියා ය. නමුත් රනුක් කලේ ඇයගේ අත ගසා දැමීමයි. ඔහු ඉන් නැවතුනේ නැත. වටපිට බැලූ විට බස් රිය තුළ සිටගෙන සිටින අනෙක් පිරිස ද ඔහු දුටුවේ ය.[/FONT]


    [FONT=&quot]‘අඩේ.. බොලත් මට ගේමට ද නැගිට්ටේ.... කොයි වෙලාවෙද යකෝ ඒ... මන් දැක්කෙත් නෑ නේ.‘[/FONT]


    [FONT=&quot]කියමින් ඔහු සිටගෙන සිටින්නන් වෙත ගමන් කළේ ය. ඔහු එසේ ගමන් කර අසුනක නින්දේ සිටින පාසැල් සිසුන් දෙදෙනකු අසල නතර විය. නතර වී ආසන්නයේ සිටින්නාගේ හිසට තට්ටු කරන්නට විය.[/FONT]


    [FONT=&quot]‘ඒයි නැගිටපන් කොල්ලා.. නැගිටපන්...‘[/FONT]


    [FONT=&quot]අඩ නින්දේ සිටි සිසුවා ඔහු දෙස බලා නැවතත් ඇස් පියා ගත්තේ ය. රනුක් ඔහුගේ කණ මිරිකුවේ ය.[/FONT]


    [FONT=&quot]‘ඈ බන් උඹ හිතන්නේ මේක උඹේ ගෙදර කියද ඔහොම නිදියන්න ඈ..‘[/FONT]


    [FONT=&quot]එයින් සිසුවා අපහසුවට පත්විනි.[/FONT]


    [FONT=&quot]‘මොකක් ද අප්පා... පිස්සු ද‘[/FONT]


    [FONT=&quot]‘මේ අහපන්.. මන් දැන් ටික වෙලාවක් තිස්සේ බලන් හිටියේ. උඹලා දෙන්න හුඟ වෙලාවක් ඔය ෂීට් එකේ වාඩිවෙලා හිටියා හරිද?‘[/FONT]


    [FONT=&quot]ඔහු සිසුවාගේ කණ ඇඹරුවේ ය. බස් රථයේ ගමන් කරන බොහෝ දෙනකුගේ අවධානය රනුක් වෙත යොමු වී තිබීම ඔහු සමඟ සිටි සිතුමිට ලැජ්ජාව ඇති කරන්නකි. ඔහු හැසිරෙන්නේ ද අසාමාන්‍ය ලෙසිනි. එය හිතාමතා කරනවාද නැත්නම් හිසට ඇති වූ තුවාලය නිසා ද යන්න ඇයට වැටහුනේ නැත.
    [/FONT]



    [FONT=&quot]‘එච්චරවෙලා වාඩි වෙලා ඉන්න දෙන්න බෑ. නැගිටපන්... නැගිටපන් ඉතින්...‘[/FONT]


    [FONT=&quot]රනුක් අසුනේ සිටි ළමයකු බලහත්කාරයෙන් අතින් ඇද නැගිටවන්නට උත්සාහ කළේ ය. ළමයා රනුක් ට බනියි.
    [/FONT]



    [FONT=&quot]මේ අතරේ ඉදිරි අසුනක සිටි කාන්තාවක් නැගිට්ටා ය. එය තනි අසුනකි. ඇයද ටික වේලාවක සිට මේ සිද්ධිය බලා සිටියා ය.[/FONT]


    [FONT=&quot]‘එක්ස්ක්‍යුස්මී... මන් ඉස්සරහින් බහිනවා. මගේ ෂීට් එකෙන් මිස්ටර් වාඩි වෙන්න.‘[/FONT]


    [FONT=&quot]රනුක් හැසිරුනේ ඇයව පයිසයකට මායිම් නොකරන්නා වූ ආකාරයෙනි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඒයි ඒයි... මන් මිනිස්සුන්ගෙන් නියෝග ගන්නේ නෑ හරිද‘[/FONT]


    [FONT=&quot]රනුක් කියවයි. කෙසේවෙතත් කුමක් හෝ හේතුවකට බස් රිය නතර කළ අතර ආධාරකයක් අල්ලා ගෙන නොසිටි නිසා නැවතත් ඔහුව ඉදිරියට විසි වී ගියේ ය. ඔහු නතර වූයේ පෙර කී කාන්තාව ලබා දුන් අසුන ආසන්නයෙනි. ඔහු ඒ හිස් අසුන දැක එහි අසුන් ගත්තේ ය. ඔහුගේ මුහුණේ සිනහවක් තිබිණි. සිතුමි, රනුක්ගෙන් අතවරයට පත්වූවන්ගෙන් සමාව ඉල්ලුවා ය. මේ අතර නතර කළ බස්රථයට වයස් ගත කාන්තාවක් ගොඩි විනි. ඇය හිමින් සීරුවේ පැමිණ ඔහුගේ අසුන අසල අනෙක් අසුනක ඇන්දක් අල්ලා ගෙන සිට ගත්තා ය. ඇය අත සාමාන්‍ය මට්ටමක මල්ලක් ද විනි.
    [/FONT]



    [FONT=&quot]‘අම්මෝ.... අමාරුව... මේවා උස්සන් යන්නත් එපැයි...‘[/FONT]


    [FONT=&quot]ඇය දෙස හොඳින් බැලූ රනුක්,
    [/FONT]



    [FONT=&quot]‘බය වෙන්නෙපා... ඔහේ දැන්ම මැරෙන්නේ නෑ.‘
    [/FONT]



    [FONT=&quot]යැයි කියා ජනේලයෙන් ඉවත බලා ගත්තේ ය. සිතුමිට ඔහු ගැන දැනුනේ අප්‍රියාවකි. ඔහු සිදු කළ යුතුව තිබුනේ අසුන ඒ වයස්ගත කාන්තාවට ලබා දීම ය. ‘චික්.. මේ යකා..‘. ඇය ඒ කාන්තාව වැටේවි යැයි බියෙන් ඇගේ පසුපසින් අත තබා ගෙන සිටියා ය. නමුත් වයස්ගත කාන්තාව කථා කළා ය.[/FONT]


    [FONT=&quot]‘නාකි මිනිස්සු ඉක්මනට මැරෙනවා පුතා..‘[/FONT]


    [FONT=&quot]ඔහු ගනන් ගත්තේ නැත. ඇය සිටගෙන සිටිද්දී ඇගේ අතේ වූ බෑගය රනුක්ගේ ඇඟේ වදියි.[/FONT]


    [FONT=&quot]‘මේ නාකිච්චී, ලබ්බටද ඕයි මට තට්ටු දාන්නේ.‘[/FONT]


    [FONT=&quot]එසේ කියා ඔහු නැවතත් ජනේලයෙන් ඉවත බලා ගත්තේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මේ කාලේ ඉන්න කොල්ලො කෙල්ලො නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. හිතන් ඉන්නේ උන් නාකි වෙන්නේ නෑ කියලා..‘[/FONT]


    [FONT=&quot]ඇය ඔහුට ඇසෙන සේ කීවා ය.[/FONT]


    [FONT=&quot]එය ඇසුන විට රනුක් ඇය දෙස හොඳින් බැලුවේ ය.[/FONT]


    [FONT=&quot]‘යකා වැහුන නාකිච්චි. යක්ෂණී‘
    [/FONT]



    [FONT=&quot]එය ඔහු කීවේ ඇගේ මුහුණ දෙසම බලමින් ඇයට හොඳින් ඇසෙන ලෙසිනි. කියා ඔහු නැවතත් ඉවත බලා ගත්තා ය. ඇය එයින් කිපුනි.
    [/FONT]



    [FONT=&quot]‘නොදකින් පාහරයා... උඹේ පවුලේ නාකි මිනිස්සු නැද්ද.. හැසිරෙන්නෙ අම්මෙක් අප්පෙක් නැති එකෙක් වගෙනේ.‘[/FONT]


    [FONT=&quot]‘ඔව් මට අම්මෙක් අප්පෙක් නෑ තමයි.. ඉතින් මොකෝ නාකිච්චි උඹ මට කොරන්නේ.‘[/FONT]


    [FONT=&quot]රනුක් ඇයට පිළිතුරු දුන්නේ ගොරවමිනි. ඇයව පසු පසට විසි වූ අතර සිතුමි ද බිය විය.
    [/FONT]



    [FONT=&quot]‘මූ ගොරවන හැටි..‘
    [/FONT]



    [FONT=&quot]වයස්ගත කාන්තාව ඇගේ අතේ වූ මල්ල රනුක්ගේ ඔඩොක්කුවෙන් තැබුවා ය. මද වේලාවක් එදෙස බලා සිටි ඔහු එය එක්වරම අතට ගෙන පස්සට විසි කරනු ලැබූයේ හිසටත් ඉහලිනි. එය විසිවී ගොස් වැදුනේ සිතුමි ගේ මුහුණේ ය. පාරේ සැර කෙතරම් ද යත් ඇය බෑගය ද සමඟ බිම වැටිනි. නමුත් ඇය, වයස්ගත කාන්තාවගේ බෑගය බිම වැටීමට නොදී රැක ගත්තා ය.[/FONT]


    [FONT=&quot]‘මොන මඟුලක් වෙලාද මෙයාට.‘[/FONT]


    [FONT=&quot]මේ අතර නැවතුමක නැවතූ බස්රියෙන් රනුක් බැස ගියේ ය. එය සිතුමි දුටුවේ නැත. ඔහු බැස්ස පසු බස් රිය පිටත් විය. ඇය නැගිට බැලූ විට දුටුවේ රනුක් අසුන් ගෙන සිටි අසුනේ මල්ලේ හිමිකාර වයසක කත අසුන් ගෙන සිටින අයුරුයි.
    [/FONT]



    [FONT=&quot]‘ආච්චී කෝ ඔතන වාඩි වෙලා උන්න කෙනා..‘[/FONT]


    [FONT=&quot]‘ඌ බැස්සා තිරිසනා..‘[/FONT]


    [FONT=&quot]සිතුමි බලද්දී දුටුවේ රනුක් පාරේ ඇවිද යන ආකාරයයි. ඇය රියදුරු ට කෑ ගසා බස්රිය නතර කර ගැනීමට උත්සාහ කළාය. නමුත් එවිටත් රනුක් පසු කොට යම් දුරක් බස් රිය ගමන් කර තිබිනි. ඔහුව ඈ දුටුවා ය. අසල තිබූ දුරකථන බූතයකට ඔහු ඇතුල් විනි.
    [/FONT]



    මතු සම්බන්ධයි...
     
    • Like
    Reactions: Assassin Galaa

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එකක් කියවලා අවුරුදු ගාණක් ඉන්න ඕනේ නේ ඊළඟ එක එන්න.කතාවේ රසෙත් යනවා.දැන් මුල වෙච්ච සමහර දේවල් අමතකයි .
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot]රනුක් දිසානායක බුද්ධි ඒකකයේ සිටි දක්ෂ හෝ කැපී පෙනෙන නිලධාරියකු ලෙසින් නො සැලකිනි. නමුත් පසුගිය දින කීපයේ දී බුද්ධි ඒකකය තුළ ඔහු පිළිබඳව කතා බහ කෙරුනේ සොයා ගැනීමට ලැබුන මිනිසු ඇටසැකිල්ල නිසාවෙනි. සත්‍ය ලෙසම එය රනුක් විසින් සොයා ගත්තක් නොවූවත් එයින් නම් ප්‍රසිද්ධ වුනේ ඔහුගේ ය. පසුව ප්‍රාණ ඇපකාර සිද්ධියකදී හිසට වෙඩි වැදිනි. මරණයේ රස ඉව කළ ඔහු මරණයෙන් පිබිදුන බව බුද්ධි ඒකකයේ සහායකයෝ දැන සිටියහ. එය ඔවුන්ට ද අපූර්ව සිදුවීමකි. නමුත් එහිදී ඔවුහු ඔහු ගැන දුක් වූහ. වඩාත්ම දුක් වූයේ උනන්දුවායි.
    [/FONT]



    [FONT=&quot]බුද්ධි ඒකකයේ දෙවැනියා වූයේ මැදිවියැති රංජිත් ගුරුසිංහ මහතා ය. ඔහු ද දක්ෂ නිලධාරියෙකි. බොහෝ විට ඒකකයේ පිරිස් අතර මෙන්ම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇති නොයකුත් ආයතනයන්හි සේවය කරන නිලධාරීන් අතර ඇති වන ආරවුල් සමථ කිරීම සිදුකළේ ඔහු ය. උනන්දුවාට වඩා ගුරුසිංහගේ සේවා කාලය වැඩි වුවත්, උනන්දුවා ඔහුගේ උනන්දුවා නිසාම ගුරුසිංහ පරයමින් දෙපාර්තමේන්තුවේ ස්ථාවරව සිටියේ ය. වැදගත් ම දේ වූයේ එසේ වූවා කියා උනන්දුවාගේ අණ පිළිපැදීම කිසිවිටක ගුරුසිංහ මඟ නොහැරීමයි. ඔහු සැමවිටම උනන්දුවාට නිසා ගෞරවය ලබා දෙමින් ඔහුත් සමඟ උරෙනුර ගැටී සේවය කළේ ය. කණිෂ්ඨ නිලධාරීන් ඔහුට ආදරය මෙන්ම ගෞරවය ද කළේ ය. ඒ ඔහු කණිෂ්ඨයන්ට නිතරම සහයෝගය ලබා දීම නිසාවෙනි. රනුක් පිළිබඳව ඔහු තුළ වූයේ ද දුකකි. නමුත් පොලිස් නිලධාරියා යනු දුක් වෙමින් කටයුතු කරන්නෙක් නොවේ. එනිසා ඔහුත් අනෙක් නිලධාරීන් මෙන්ම රනුක්ගේ මතකය ඈත්ව තබා ගනිමින් සේවය කළේ ය.
    [/FONT]



    [FONT=&quot]ගුරුසිංහ සිවුරුහන් බාමින් සිරස්ව සවි කර තිබූ මුත්‍රා පෝච්චියට මුත්‍රා කරමින් සිටින අවස්ථාවකි. ඔහුට පසුපසින් සිදුවන දේ ගැන අවධානයක් තිබුනේ නැත. අවධානයක අවශ්‍යතාවයක් ද නැත. මන්ද යත් ඔහු සිටින්නේ පොලිස් ස්ථානයේ ඇති නිලධාරීන්ගේ වැසිකිළියේ නිසාවෙනි. එක්වරම මහ හඬින් දොර ඇරගෙන වැසිකිළියට යමකු කඩා පැනීම නිසා සිවුරුහන් බාමින් සිටි ගුරුසිංහගේ අවධානය බිඳිනි. හදිසියේ ඇසුනු ශබ්දයට ප්‍රතිචාර ලෙසින් ආපසු හැරෙද්දී නියමිත එල්ලයෙන බැහැරට එල්ල වූ ඔහුගේ මුත්‍රා ප්‍රහාරය බිත්තියේ වැදී ආපසු ඔහුගේ ඇඳුම් වලට වූයේ ක්ෂණිකවය.[/FONT]


    [FONT=&quot]‘චික්.... කව්ද යකෝ‘[/FONT]


    [FONT=&quot]කලිසමේ ෂිපරය අල්ලා ගෙන ඔහු මොර දෙන්නට විය. නමුත් වැසිකිළියට ඇතුළු වූ තැනැත්තා හඳුනාගත් විට ඔහුට විශ්මයක් දැනිනි.[/FONT]


    [FONT=&quot]‘තමුසේ..... රනුක්..... මෙහෙ....‘[/FONT]


    [FONT=&quot]ඔහුට රනුක්ගේ ඇඳුම මුලින්ම නෙත ගැටිනි. එය දුටු පමණින් ම රෝහලක භාවිතා කරන්නක් බව ඔහු හඳුනා ගත්තේ ය. ජැකටය ඔහුට මතක ය. රනුක් එය නිතර පැළඳ සිටිනවා ඔහු දැක තිබේ. ඒත් හිසට වෙඩි කෑ තැනැත්තා මෙසේ ඉන්නේ කෙසේ ද?
    [/FONT]



    [FONT=&quot]බස් රථයේ දී සිතුමිගෙන් පැන යෑමේ උවමනාවෙන් සිටි රනුක් එයින් බැස කෙළින්ම ආවේ සේවය කළ පොලීසියට ය. එයත් ඉදිරි දොරකින් නොව වැසිකිළියේ දොරෙනි. ඇතුල්වන විටදී එය කුමක් ද කියා ඔහු දැන සිටියත් මිනිසෙකු සිටිනා බවක් දැන සිටියේ නැත. තමුන් ඉදිරියේ ඇස් ගොඩි උලුප්පාගෙන සිටගෙන සිටින්නාව ඔහු හඳුනාගත්තේ ද නැත. ඔහුට පිළිතුරු දීමට කාලය යෙදවීම නිෂ්ඵල බව දැනුන නිසා රනුක් වැසිකිළියෙන් පිටවීමට පා එසවූයේ ය.
    [/FONT]



    [FONT=&quot]තමා සමඟ වචනයක් හෝ කථා නොකර කාමරයෙන් ඉවත්වීමට උත්සාහ කරන තම කණ්ඩායමේ ම හිටපු සාමාජිකයාගේ ස්වරූපය, හැසිරීම ගුරුසිංහව මවිත කළේ ය. ඔහු බලා සිටියදී ම රනුක් ඔහුගෙන් මිදී දොර වෙතට ගමන් කළේ ය.
    [/FONT]



    [FONT=&quot]තමුන් වෙත කිසිඳු ගෞරවයක් නොමැතිව වැසිකිළියෙන් ඉවත්වීමට කටයුතු කරන තරුණයා ගැන ඇති වූ තරහ මිශ්‍ර විශ්මය ද සමඟ ෂිපරය වසමින් රංජිත් ඉක්මණින් ම පැන රනුක්ගේ ජැකටයේ කොළරයෙන් අල්ලා ගත්තේ ය. රනුක් ද ගමන නවතා ඔහු දෙස බැලුවේ ය. ඔහුගේ අතේ ද මුත්‍රා ගෑවී තිබිණි.
    [/FONT]



    [FONT=&quot]‘රනුක්... මම හිතුවේ... ඔහේ මැරුණා කියලා... අනික දැන් ඉන්න ඕන හොස්පිට්ල් එකේ නේද?‘[/FONT]


    [FONT=&quot]ඔහු රනුක් ගෙන විමසුවේ ය. නමුත් රවා බලමින් රනුක් ඔහුගේ අත තමුන්ගේ කොලරයෙන් ඉවත් කළේ ය.
    [/FONT]



    [FONT=&quot]‘චික් .. බලනවා මගේ ඇඳුම ජරා කලා තමුසෙ..‘[/FONT]


    [FONT=&quot]රංජිත්ට තරහ ගියේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මොකක් ද කිව්වේ.... යකෝ මම උඹේ සීනියර්‘[/FONT]


    [FONT=&quot]‘මොකා.. මොකා කියලාද කිව්වේ?‘[/FONT]


    [FONT=&quot]රංජිත්ට එක්වරම සිහිපත් වූයේ රනුක් ඒ වන විට අනතුරකට මුහුණ පා සිටින බවයි. ඔහුට ඔහු කරනා දේ ගැන දැනුමක් නැති වන්නට ඇත. එනිසා තමුන් තරහ ගෙන ඵලක් නැත. මොහුව නැවත රෝහලට ගෙන යා යුතු ය. ඒ වන විටත් රනුක් ඇඳ සිටින ඇඳුම අනුව ඔහු පැමිණ ඇත්තේ රෝහලේ සිට බව හඳුනා ගැනීමට ඔහුට අපහසුවක් නොවිනි.[/FONT]


    [FONT=&quot]‘ඇයි බන් මන් උඹේ සීනියර්නේ මතක නැද්ද?‘[/FONT]


    [FONT=&quot]ඔහු රනුක්ගෙන් ඇසුවේ ඔහුගේ උරහිස මත මිත්‍රශීලී ලෙසින් අත තබමිනි. නැවතත් ඔහුගේ අත පසකට දැමූ රනුක්,[/FONT]


    [FONT=&quot]‘අනේ පලයන් මිනිහෝ...‘[/FONT]


    [FONT=&quot]යැයි කීවේ කිසිඳු ගරු සරුවක් නොමැතිව ය. එයින් රංජිත්ගේ පාලනය ක්ෂණයෙන් බිඳී ගියේ,[/FONT]


    [FONT=&quot]‘මොකක් ද‘ යැයි කියමින් රනුක්ගේ කම්මුලට අත් පහරක් එල්ල කරමිනි. නමුත් ඉතා වේගයෙන්, ඔව් රංජිත්ට හිතා ගැනීමට පවා කාලයක් ඉතිරි නොකරමින් රනුක් එම පහර වලක්වමින් ඔහුගේ අත අල්ලා ඇඹරුවේ ‘ආව් .... ආව් ...‘ යැයි කෙඳිරිලි හඬ රංජිත්ගේ මුවෙන් නංවමිනි. ඒ සිදුවීමත් සමඟ ඇති වූ දැඟලිල්ල නිසා ඔහු බෙල්ලේ පැලඳ සිටි දෙපාර්තුමේන්තු හැඳුනුම්පත රනුක්ගේ දෑසට ලක්විය.
    [/FONT]



    [FONT=&quot]‘ම් ම් මූ පොලිස් කාරයෙක් වගේ..‘ ඔහු ඔහුටම කියා ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]‘මේ අහපන් මිනිහෝ.. උඹ පොලිස් කාරයෙක් කියලා නේද කිව්වේ..?‘[/FONT]


    [FONT=&quot]‘අහ්... මගේ අත අතෑරපන් බූරුවෝ... යකෝ ... ඒක දන්නෙ නැද්ද‘[/FONT]


    [FONT=&quot]රනුක් ඔහුගේ අත අතෑරියේ ය. රංජිත්ට මහත් වේදනාවක් දැනිනි. වෘත්තීය දිවියේ දී කිසිදිනක කණිෂ්ඨ නිලධාරියකුගෙන් මෙවැනි අපහාසයකට ඔහු ලක් ව නැත.[/FONT]


    [FONT=&quot]‘මේ අහපන්.. මට ඇඩ්ඩ්‍රස් එකක් හොයාගන්න ඕනා. ඒක හොයලා දීපන්.‘[/FONT]


    [FONT=&quot]‘මොකක් ... මේ රනුක් මෙච්චර වෙලා මන් උඹට වෙච්චි ඇක්සිඩන්ට් එක ගැන හිතලා තමයි කතා කලේ.. උඹ මන් කව්රු කියලද හිතන්නේ ආ?‘[/FONT]


    [FONT=&quot]මේ සමඟ වරදක් සිදු වූ බව රංජිත්ට දැනුනේ, රංජිත් දෙස රනුක් බැලූ බැලිල්ල නිසාවෙනි.[/FONT]


    [FONT=&quot]‘හරි.. මන් හොයලා දෙන්නම් හැබැයි කාටවත් කියන්න බෑ මේ කිසි දෙයක්..‘[/FONT]


    [FONT=&quot]ඔහුගේ පිළිතුරු රනුක් බලාපොරොත්තු නොවිනි. ඔහු වැසිකිළියේ සිට දෙපාර්තමේන්තු ආයතන අංශය වෙත පියනැගුවේ ය. රංජිත් ද ඔහු පසුපසින් දුවගෙන මෙන් ගමන් කළේ ය.
    [/FONT]



    [FONT=&quot]තවත් ටික වේලාවකදී රනුක්, රංජිත්ගේ පුටුවට ආසන්නයේ සිට පරිගණක මොනිටරය දෙස බලා සිටියේ ය. රංජිත් පොලිස් තොරතුරු පිටුවට ඇතුලුව යම් තැනැත්තකුගේ විස්තර සොයමින් සිටී. ඔවුන් බුද්ධි ඒකකයට අනුබද්ධව සිටින නිසා එය පහසුවෙන් කළ හැකිය. පොලිස් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන අපරාධකරුවන්ගේ වාර්තා ජාලයට ඔවුන්ට ද නිදහසේ සම්බන්ධවීමට හැකියාව ලැබී තිබේ. තමුන් දෙස නොඉවසිලිමත්ව රනුක් බලා සිටිනා බව සෙවීම් කරද්දී රංජිත්ට දැනිනි. අවසන්වරට පොලීසියෙන් පිටත්ව ගිය රනුක් නම් දැන් මෙහි නොසිටින බව ඔහුට දැනුනේ ය. ඔහු සිතුවේ සිදුවූ අනතුර නිසා ඔහු මේ ආකාරයෙන් හැසිරෙන බවයි. නමුත් මේ ලිපිනයක් සොයන්නේ කුමක් නිසාවෙන් දැයි ඔහුට තේරුනේ නැත.[/FONT]


    [FONT=&quot]‘හරි මේ තියෙන්නේ ඔය කිව්ව ඇඩ්ඩ්‍රස් එක.‘[/FONT]


    [FONT=&quot]රනුක් තිරයේ දිස්වෙන තොරතුරු අවධානයෙන් බැලුවේ ය.[/FONT]


    [FONT=&quot]‘ඕක මට ලියලා දෙනවා.‘[/FONT]


    [FONT=&quot]‘මොකක්... තමුසෙ කොහොමද සීනියර් කෙනෙක්ට ඕඩර්ස් දෙන්නේ.‘[/FONT]


    [FONT=&quot]රනුක් ඊට පිළිතුරු දුන්නේ නැත. නමුත් ඔහුගේ බැල්මේ ඇති තර්ජනය වටහා ගත් රංජිත් තීරණයක් ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]‘හරි හරි... මේ සැරේට විතරක් ලියලා දෙන්නම්. ඒ තමුසෙට බයේ නෙමෙයි හරිද... තමුසෙගේ තත්ත්වය ගැන හිතලා..‘[/FONT]


    [FONT=&quot]ඔහු නෝට් පෑඩය ගෙන මොනිටරයේ දිස්වෙන ලිපිනය ලිවූවේ ය. ලියා අවසන් වන විට රනුක් එය උදුරා මෙන් රැගෙන පිටත්ව ගියේ ය.[/FONT]


    [FONT=&quot]‘ඒයි උඹ හිතන්න එපා මන් බයගුල්ලෙක් කියලා..... සනීප වෙයන්කෝ.. මන් බලාගන්නම් උඹව‘[/FONT]


    [FONT=&quot]රනුක් පිටව ගියේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මූට මොකක් ද වෙලා තියෙන්නේ.. මොනවා වුනත් මෙහෙම වෙන්න දෙන්න බෑ නේ.. මුගේ අම්මගේ නම්බර් එක තිබ්බ වගේ මතකයි.. නැත්නම් නෙට් එකෙන් බලලා හොස්පිට්ල් එකට ඉන්ෆෝම් කලා නම් හරි.. මොන මගුලක් කර ගනීද දන්නේ නෑ නේ..‘[/FONT]


    [FONT=&quot]රංජිත් උත්සාහ කලේ රනුක් පිළිබඳව ඔහුගේ මව දැනුවත් කිරීමට ය. ඉක්මණිනන් ම ගූගල් වෙත ඔහු පිවිසුනි. නමුත් මේසය මත තිබූ දුරකථනය එවෙලේ නාද විය.[/FONT]


    [FONT=&quot]‘හෙලෝ...‘[/FONT]


    [FONT=&quot]‘මොකක්... මිනීමැරුමක්...‘[/FONT]


    [FONT=&quot]***************
    [/FONT]


    [FONT=&quot]පරිගණකයෙන් ලබා ගත් ලිපිනය ද රැගෙන ඒ ලිපිනයට අනුව රනුක් පැමිණියේ ය. එය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වූ ලිපිනයකි. ඔහු ඒ අනුව වටපිට බලමින් ඇවිද ගියේ ය. කොම්පඤ්ඤවීදියේ කරක් ගැසූවකුට ප්‍රදේශයේ පිහිටා ඇති මාර්ග පද්ධතිය ගැන අදහසක් ඇත. ලඟින් ලඟින් ඇති පෙට්ටි බඳු නිවාස, නොයෙක් ලෙසින් එකම මාර්ගයකට සම්බන්ධවන අතුරු මාර්ග ආදිය එහි වේ. රනුක් ද ඇවිද යන්නේ මෙවැනි මාර්ගයක ය. මෙසේ ගමන් කරන ඔහුට, කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු වැනි දේ අසුරා ගත් කරත්තයක් තල්ලු කරගෙන අතුරු මාර්ගයකින් ඇතුලු වූ කාන්තාවක් දක්නට ලැබිණි. ඇය ඒ කරත්තය ඔහු ගමන් කරන මාර්ගයේ ඉදිරියට තල්ලු කර ගෙන ගියේ ය. රනුක් ද ඉක්මන් ගමණින් ගොස් ඇය හා සමාන්තරව මෙන් ගමන් කරන්නට විය. කාන්තාව මැදිවිය පසු කරන්නා වූ කාන්තාවකි. ඇය එක්වරම තමා සමඟ එකට ගමන් කරන අමුතුම ඇඳුමක් ද සහිතව සිටින තරුණයා දිස්විය. මද දුරක් ගෙවුන පසු ඇය ඔහුට කතා කලේ ය.[/FONT]


    [FONT=&quot]‘මේ ඔයා කව්ද? මගෙන් මොකක්ද වෙන්න ඕනා.‘[/FONT]


    [FONT=&quot]‘මට වෙන්න ඔයාගෙන්.. විකාර ද ... මම කෙනෙක් ගැන ඔත්තු බලනවා.‘[/FONT]


    [FONT=&quot]‘ඔත්තු බලනවා? කෝ කා ගැන ද?‘[/FONT]


    [FONT=&quot]ඇය එය විමසුවේ, ඒ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ඇර මාර්ගයේ වෙනත් කිසිවකු නොසිටි නිසාවෙනි.[/FONT]


    [FONT=&quot]‘ඔහේ ගැන.‘[/FONT]


    [FONT=&quot]‘මා ගැන ?‘[/FONT]


    [FONT=&quot]‘ඔව්. ඔහේ ගැන .. කට පියන් යමුද‘[/FONT]


    [FONT=&quot]ඇයට ඔහු ගැන දුක සිතුනි. ඇඳ සිටින ඇඳුම සහ හැසිරෙන විලාශය මත ඇය සිතුවේ ඔහු රෝගියකු විය හැකි බවයි. ඇය නැවතිනි. රනුක් ද නැවිතිනි. ඇය ඇගේ කරත්තයේ පහතින් තිබූ ලාච්චුවක් ඇර එයින් මුදල් නෝට්ටු කීපයක් අතට ගත්තා ය.[/FONT]


    [FONT=&quot]‘මේ බලන්න පුතා... මේ සල්ලි ඔයා තියාගන්න. මොනවා හරි බඩට දා ගන්න. ඔයාව දැක්කම මට මගේ පුතාව මතක් වුනා.. ආ ගන්න..‘[/FONT]


    [FONT=&quot]ඇය ඔහුගේ අත අල්ලාගෙන මුදල් නෝට්ටු කීපය අල්ලට ගුලි කලා ය. ඉන්පසුව නැවතත් ගමන් ඇරඹුවා ය. අතේ ගුලි කල මුදල් නෝට්ටු දෙස මද වේලාවක් බලා සිටි රනුක් එය සාක්කුවේ දා ගත්තේ නැවතත් කාන්තාව පසු පස ගමන් කළා ය. ඇය බස් ගමන් කරන මාර්ගයට පැමිණ සෙනග ගැවසෙන ආගමික ස්ථානයක් ආසන්නයේ තමන්ගේ සෙල්ලම් බඩු කඩය නවත්වා ගත්තා ය. අසල තිබූ ගඩොල් ගල් දෙකක් රෝදවලට අඩ ලෙසින් තබා ගත්තා ය. සාමාන්‍යයෙන් මෙය ඇය ඇගේ වෙළඳාම් කරනා ස්ථානය ය. ඇය පසු පසින් පැමිණි රනුක්, ඇයව පෙනෙන ලෙසින් නමුත් ඇය සිටි ස්ථානයට නොපෙනෙන ලෙසින් ගොඩනැගිලි දෙකක් අතර සෙවනක වාඩි වී බලා සිටියේ ඔහු බලාපොරොත්තුවෙන තැනැත්තා ඇය හමුවට පැමිණේය යන විශ්වාසයෙනි. කාලය ගත විනි. නමුත් ඔහු ඉවසිලිවන්තව බලා සිටියේ ය. ටිකවේලාවක් ගත වූ පසු හොඳින් හැඳ පැලඳගත් තරුණයකු සෙල්ලම් බඩු කරත්තය ලඟට පැමිණෙනවා ඔහු දුටුවේ ය.
    [/FONT]



    [FONT=&quot]‘හරි ඔය ආවෙ බඩුව... මන් හිතුවා හරි.. හිටින් පුතා...‘[/FONT]


    [FONT=&quot]ඔහු කාන්තාවත්, තරුණයාත් සිදු කරනා කතා බහට ඇහුම්කන් දුන්නේ ය.[/FONT]


    [FONT=&quot]‘කෝ සල්ලි ටික..‘[/FONT]


    [FONT=&quot]‘අනේ පුතා.. තාම වැඩි වෙලාවක් නෑ ඇවිල්ලා... ලොකු ගානක් එකතු වුනේ නෑ තාම..‘[/FONT]


    [FONT=&quot]‘පුතා... ඕවාට අහුවෙන්නේ නෑ මම. මේ ගෑණියේ මෙතන වෙලඳාම් කරනවා නම් අපිට කප්පම් ගෙවන්න ඕනා බව දන්නවානේ.. සල්ලි දියන්.‘[/FONT]


    [FONT=&quot]හිතක් පපුවක් නොමැති ඔහු ඉදිරිපිට පින්සෙන්ඩු වීමෙන් පලක් නැති බව වැටහුනු කාන්තාව ඇගේ ඇඳුම අස්සෙ සඟවාගෙන සිටි කුඩා පාර්සලයක් අතට ගත්තේ, තරුණයාව ද අතින් ඇදගෙන පසකට ගමන් කළා ය. ඔවුන් ගමන් කළ විට රනුක් ද පසු පසින් හිමින් සීරුවේ ගමන් කළේ ය.
    [/FONT]



    [FONT=&quot]‘හරි .. යමන් පුතා..‘[/FONT]


    [FONT=&quot]කාන්තාව එක්තරා කුඩා මාර්ගයකට තරුණයාව රැගෙන ගියා ය. රනුක් ද ඔවුන් පසුපසින් ගමන් කළේ ය. එම මාර්ගය වසා දමා ඇති ගොඩනැගිල්ලකින් අවසන් විනි. මාර්ගය දෙපස තවත් ගොඩනැගිලි විය. බැලූ බැල්මට ම ඒවා කඩ කාමර බව පෙනිනි.
    [/FONT]



    [FONT=&quot]‘මෙන්න එකතු කර ගත්ත ගාන පහුගිය දවස් ටිකේ. මේක අරන් මට වද නොදී ඉන්න.‘[/FONT]


    [FONT=&quot]‘ඉතින් ගෑණියේ ඕක එතැනදිම දුන්නා නම් වැඩේ ඉවරයි නේ.. හා පල පල.‘[/FONT]


    [FONT=&quot]ඔවුන් කතා කරමින් සිටිද්දී රනුක් එදෙස බලා සිටියේ ය.[/FONT]


    [FONT=&quot]‘හ්ම් එහෙනම් කතාව ඉවරයි දැන්‘[/FONT]


    [FONT=&quot]රනුක්, තරුණයා දෙසට ඇවිදන් යද්දී, මුදල් ලබා දුන් කාන්තාව ඉක්මන් ගමණින් ස්ථානයෙන් ඉවත්වූයේ රනුක් දෙස ද බයාදු බැල්මක් ද හෙලමිනි. කාන්තාව ලබා දුන් මුදල් නෝට්ටු ගනිමින් සිටි තරුණයාට රනුක් පැමිණෙනවා දැනුනේ ඔහු ලඟටම ආපසු ය.[/FONT]


    [FONT=&quot]‘කව්ද උඹ.. මොකක් ද වෙන්න ඕනා‘[/FONT]


    [FONT=&quot]ඔහු රනුක්ගෙන් ඇසුවත් රනුක් පිළිතුරු දුන්නේ නැත.[/FONT]


    [FONT=&quot]‘බැලුබැල්මට නම් උඹ නිකන් පිස්සෙක් වගේ. ඇඳන් ඉන්න ඇඳුම... මොකෝ තෝ ඔරවන්නේ ආ..‘[/FONT]


    [FONT=&quot]රනුක් ඔහුගේ මුදල් තිබූ අතින් අල්ලා ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]‘අඩෝ අඩෝ.. උඹ ලිමිට් පනිනවා ආ.. උඹ දන්නවාද මන් කව්ද කියලා..‘[/FONT]


    [FONT=&quot]තරුණයාට අසන්නට ලැබුනේ එපමණකි. රනුක් අත අතෑරමින් ඔහුගේ කන හරහා වේගවත් පහරක් එල්ල කළ අතර ඒ පහරින් ඔහු එතැනම බිම ඇදගෙන වැටිනි. රනුක් කිසිවක් කතා නොකර ඔහු දෙස බලා සිටියේ ය. බිම වැටුන තරුණයා අපහසුවෙන් නැගිට්ටේ ය. ‘උඹට මම....‘ ඔහු සටනට සූදානම් විය. රනුක් නොසෙල්වී ඔහු දෙසම බලා සිටියේ ය.[/FONT]


    [FONT=&quot]‘උඹ වැඩ වරද්දගත්තා මිනිහෝ.‘[/FONT]


    [FONT=&quot]ඔහු රනුක්ට එල්ල කල පළමු මුෂ්ටි ප්‍රහාරය රනුක් වැළැක්වූයේ පාද චලනය නොකරමින් නමුත් ඉනෙන් උඩ කොටස පමණක් චලනය කරමිනි. මුල් පහර සමඟ පැමිණි දෙවැනි මුෂ්ටි ප්‍රහාරයට පාද චලනය කරමින් වැළැක්වූ රනුක්, ඔහුගේ අත අඹරවා අල්ලා ගත්තේ එතැනින් නො නැවතී තරුණයා අඩපණවන ලෙසින් ගැටයක් ද දැමුවේ ය. ඉන් පසුව අනෙක් අතෙන් තරුණයා ඇඳ සිටි කමිසයේ කොළරය පසකට කර ගෙල සෝදිසි කලේ ය.[/FONT]


    [FONT=&quot]‘චැක්... මට වැරදුනා.. මූ නෙමේ...‘[/FONT]


    [FONT=&quot]ඔහු සෙයූ තැනැත්තා මේ තරුණයා නොවන බව වටහා ගත් රනුක් ඔහුව අතැර දැම්මේ ය. තරුණයා වාරු නැති වී බිම ඇද වැටිනි. ඔහු බිම සිට කෑ ගසන්නට වූයේ සත්‍ය ලෙසින්ම දැනුන වේදනාව නිසාවෙනි. මේ අවස්ථාවේ දී තවත් දෙයක් සිදුවිනි. ඔහුගේ කෑ ගැසීමත් සමඟ අසල ගොඩනැගිල්ලක සිටි පිරිසක් එදෙසට දුවගෙන එන්නට විය. ඔවුන්ගේ ශබ්දය ඇසුනද රනුක් එය ගණන් නොගෙන ආපසු හැරී යන්නට සූදානම් වන විට අර පිරිස ඔහුගේ ඉදිරිය අවහිර කරමින් නැවතිණි.
    [/FONT]



    [FONT=&quot]‘ඒයි ඒයි... මගේ ඒරියා එකේ වැඩ දාන්න උඹ කව්ද ආ... මේක මගේ ඒරියා එක...‘[/FONT]


    [FONT=&quot]කණ්ඩායමේ නායකයා යැයි කිව හැකි තට්ටය සහිත තැනැත්තකු රනුක්ට තර්ජනාත්මකව ඇමතුවේ බිම වැටී සිටින්නා දෙස ද බලමිනි. එහෙත් කණ්ඩායමේ පසුපස සිටි තැනැත්තකු නායකයාට කණට කර යමක් පැවසුවේ රනුක්ව හඳුනා ගැනීමෙන් පසුව ය.[/FONT]


    [FONT=&quot]‘බොස්.. මූ තමා එදා මැරයින් ඩ්‍රයිව් එකේ වලිය පටන් ගත්ත එකා. මේකා පොලිස් කාරයෙක්. ඇයි මතක නැද්ද. ඇඟට වමනේ කලේ.‘[/FONT]


    [FONT=&quot]එක්වරම තම ගෝලයා කියූ දෙය නිසා අවිශ්වාසයෙන් මෙන් රනුක් දෙස බැලූ නායකයා නැවතත් තමන්ගේ කාර්යය ඇරඹිය. ඔහුට එදා සිදුවීම සිහිපත් විය. එදා මොහුට පහර දුන්නේ බිම දමාගෙන ය. අද ඔහු තමුන්ගේ බලසීමාවට ම පැමිණ සිටී. පාඩමක් ඉගැන්විය යුතු ය. ඔහු කතා කලේ රනුක්ව විහිලුවට ගනිමිනි.
    [/FONT]



    [FONT=&quot]‘අප්පට සිරි, මූ පොලිස්කාරයෙක් ද... මට නම් එහෙම පේන්නේ නෑ... බලහන්කො මුගේ හැටි.. ඇඳන් ඉන්න ඇඳුම... අංගොඩින් පැනපු ඩයල් එකක් වගේ. එදා වැදිච්ච පාරවල් ටිකට ද කොහෙද ඕයි..‘[/FONT]


    [FONT=&quot]‘අඩෝ තට්ටයා.. මට උඹත් එක්ක ගනුදෙනුවක් මෙතැන නෑ. නිකන් තට්ටෙ පලා ගන්නෙ නැතිව මට යන්න දීලා පැත්තකට වෙයන්.‘[/FONT]


    [FONT=&quot]රනුක් එය කීවේ මහ හඬින් නොවේ. නමුත් එයින් කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි පුද්ගලයාගේ නායකත්වයට ගෝලයන් ඉදිරියේ දී අවමානයක් ඇති කිරීමට හැකියාව ලැබිණි.
    [/FONT]



    [FONT=&quot]‘මොකක්ද තෝ කිව්වේ...‘[/FONT]


    [FONT=&quot]‘ඇයි ඇහුනෙ නැද්ද බොට.. පල අහකට තට්ටයා.‘[/FONT]


    [FONT=&quot]‘අඩෝ....ගහපියව් මූගේ ඇට කැඩෙන්න...‘[/FONT]


    [FONT=&quot]මාරාවේශයට පත් වූ නායකයා කෑ ගැසුවේ ය. පිරිස රනුක්ව වට කර ගත්හ. නමුත් එහිදී සිදුවූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. රනුක් ඔවුන්ට පහර දුන්නේ ඉතා පහසුවෙනි. ඔහුගේ පහරදීමේ විලාශයන් මනබඳිනා සුළු විය. තට්ට නායකයා සටන ගලා යද්දී හිමින් සීරුවේ ස්ථානයෙන් පසු පසට වූයේ අසුවුවහොත් තමුන්ට ද මදි නොකියන්නට ගුටි ලැබෙන බව දැනුන නිසා ය. රනුක්ගේ පහර දීම් පා පහර, මුෂ්ටි පහර මෙන්ම පිණුම් ද පහර වැළැක්වීම් ද සහිතව සිදුවිනි. ඔවුන් සටන් කර ගනිද්දී සුපුරුදු ලෙස මාර්ගයේ රැස් වූ පිරිස් අතර සිටි ජංගම දුරකථන ඇත්තෝ එය වීඩියෝ කරන්නට ද විය. ඒ අතරේ රනුක් එකදු පහරක් හෝ නොකමින් නමුත් පිරිසේ නායකයා හැර සියල්ලන්ටම මදි නොකියන්නට පහර දුන්නේ ය. නායකයා ගෝලයන්ට එල්ලවන පහරක් පහරක් ගානේ පස්සෙන් පස්සට යන්නට විය. තම ගෝලයා කියූ කතාව ගැන දැන් ඔහුට ඇත්තේ අවිශ්වාසයකි. එදා සමාජ ශාලාවේ සිටියේ මොහු විය නොහැක. මේ මාරයාගේ අනුගාමිකයෙකි. එදා සිටියේ පඹයෙකු වැන්නෙකි.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැඩිවේලාවක් යෑමට පෙර අවසන් මැරයා ද අඩපණ වී බිම වැටුනේ අසල තිබූ පකිස් පෙට්ටි කීපයක් ද කඩා බිඳ දමමිනි. සියළු දෙනා නො නැගිටින බව නිශ්චය කර ගත් පසු රනුක් තමුන්ගේ ජැකටය නැවතත් සකස් කර ගත්තේ ය. ඔහුට ප්‍රමෝදයක් දැනිනි. ඔහු ආපසු හැරෙන විට නායකයා බිත්තියක් අයිනට වී ගැසෙමින් සිටියේ ඊළඟ ගොදුර තමුන් බව දන්නා නිසාවෙනි. ඔහු අසලට පැමිණි රනුක් අත දිගහැර කම්මුල් පාරක් දුන්නේ ‘චටාස්‘ හඬ නැගෙමින් වැදුන එයත් සමඟ නායකයා දන ගසා ගත්තේ ය.
    [/FONT]



    [FONT=&quot]‘ආපහු උඹ මට අහුවෙන්න එපා.‘[/FONT]


    [FONT=&quot]රනුක් ඔහු දෙසවත් නොබලා කියමින් ස්ථානයේ රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මැද පිටව ගියේ ය. [/FONT]
     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • එකක් කියවලා අවුරුදු ගාණක් ඉන්න ඕනේ නේ ඊළඟ එක එන්න.කතාවේ රසෙත් යනවා.දැන් මුල වෙච්ච සමහර දේවල් අමතකයි .


    සොරි මචන්.. වෙලාව එක්ක ටයිප් කර ගන්න අවුල්... පුළුවන් ඉක්මණින් දාන්නම්...


    ඒ වගේම ධෛර්යමත් කරන හැමෝටම ස්තූතියි. කියවන අය ඉන්නවා කියලා දැනෙද්දී තව තවත් ලියන්න හිතෙනවා..
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63


    සොරි මචන්.. වෙලාව එක්ක ටයිප් කර ගන්න අවුල්... පුළුවන් ඉක්මණින් දාන්නම්...
    හදිස්සියක් නැහැ
    හොඳට ගැලපෙන්න ලියලා දාපන් :D
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113


    සොරි මචන්.. වෙලාව එක්ක ටයිප් කර ගන්න අවුල්... පුළුවන් ඉක්මණින් දාන්නම්...


    ඒ වගේම ධෛර්යමත් කරන හැමෝටම ස්තූතියි. කියවන අය ඉන්නවා කියලා දැනෙද්දී තව තවත් ලියන්න හිතෙනවා..


    :love::love:
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot] (17)[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එය අගනගරයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසැලකි. ප්‍රසිද්ධියට පත්වූයේ වෙනත් කිසිවක් නිසාවෙන් නොව අධ්‍යාපනයට ලබා දෙන මිල අතරේ පාලන මණ්ඩලය විසින් තරඟකාරී මිලක් නිර්මාණය කර තිබීම නිසාවෙනි. මෙනිසා නොයෙක් සමාජ පංතීන්වලට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහි අධ්‍යාපනය ලැබීය. ජාත්‍යන්තර පාසැලකට ළමයකු යැවීම පවුලක සමාජ තත්ත්වය මැනීමේ මානකයක් ලෙසින් දැන් සැලකෙයි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රනුක් දිසානායක කොම්පඤ්ඤවීදියේ සටනින් පසු ආවේ මේ පාසැල අසලට ය. ඔහු ඒ එන ගමනේ දී ඔහුගේ සටන් හැකියාව පිළිබඳව සතුටු විය. ‘අවුරුදු කීයකින් ද අත පය විසී කලේ.. මන් හිතුවේ කකුල උස්සගන්නවත් බැරුව ඇති කියලා. ඒ වුනාට නියමෙට වැඩ කලා. කරුමෙට හරි ෂොට් අමතක වෙලා තිබ්බනම් කන්න වෙනවා යමරෙට. හික්ස් වෙලාව තමයි. මේ ඇඟ අයිති එකා මොන ජාතියෙද මන්දා...‘ ඔහු තමාටම කියා ගත්තේ ය. වසා ඇති ගේට්ටුව ඉහලින් ජාත්‍යන්තර පාසැලේ නාම පුවරුව එල්ලා තිබිණි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘හ්ම්... මට ලැබුන තොරතුරු වල හැටියට ඒකගේ නංගී ඉගෙන ගන්නේ මේ ස්කෝලෙ තමයි.. යකෝ අපේ කාලේ මෙහෙම ඒවා තිබ්බේ නෑ නේ... මට මතකයි කට්ටි පැනලා අහුවෙලා ඉස්කෝලෙනුයි ගෙදරිනුයි දෙකන්ම බඩ පිරෙන්න කාපු හැටි. ඒත් හරියට ඉගෙන ගන්න බැරි වුනා නේ. දැන් කාලේ එදාට වඩා කොච්චර වෙනස් ද.... අර අර කෙල්ලො කොල්ලො ජෝඩු දාගෙන කදේ ගගහ යන හැටි... අපේ කාලේ මෙහෙම තිබුනෙ නෑ නේ හාන්දුරුවනේ...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගේට්ටුව ඉදිරිපස සිට පාසැල දෙස බලා සිටි ඔහු පාසැල් භූමියේ සැරි සරනා ළමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළේ ය. ඇතුළට යෑමේ අවශ්‍යතාවයක් නැත. ඔහුට අවැසි තැනැත්තා එනතුරු රැඳී සිටිය යුතු ය. ඔහු ගේට්ටුව අසලින් තාප්පයට හේත්තු වී බිම අසුන් ගත්තේ ය. එසේ අසුන් ගෙන මහා මාර්ගයේ ගමන් ගන්නා වාහන, මිනිසුන් දෙස බලා සිටියේ ය. ටික වේලාවකදී තමුන්ව පසු කරගෙන පදික වේදිකාවේ ගමන් ගන්නා කාන්තාවන් අපහසුවෙන් ගමන් කරනා ආකාරයත්, පිරිමින් අප්‍රසන්න ලෙසින් බලමින් යන අයුරුත් ඔහු නිරීක්ෂණය කළේ ය. ඊට හේතුව ඔහුට නොවැටහිනි. සත්‍ය ලෙසින්ම සිදුව තිබුනේ ඔහු වාඩි වී සිටි ආකාරය අනුව, රනුක් වාඩිවී සිටියේ උක්කුටියෙනි, ඔහුගේ රහස් අවයව නිරාවරණයවී තිබීමයි. ඔහු තවමත් සිටින්නේ මෘත ශරීරාගාරයෙන් පැමිණි අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම ද සහිතව ය. මෘත ශරීරාගාරයේ ඔහුගේ සිරුර තිබුනේ නිරුවතිනි. ඉතින් මේ ඇඳුමට යටින් වෙනත් ඇඳුම් තිබුනේ නැත. ඔහුට ඒවා වැදගත් ද නැත. තමුන් දෙස අප්‍රසන්න ව බලමින් යන පිරිමින්ට ඔරොවමින්, අපහසුවෙන් බලමින් යන කාන්තාවන්ට සිනහ සෙමින් ඔහු වාඩි වී සිටියේ ය. එයින් ඔහු විනෝදයක් ලැබුවේ ය. මෙසේ සිටින අතරේ මාර්ගයේ ධාවනය වූ එක්තරා ලොරි රථයක් ඔහුගේ අවධානයට ලක් විය. ඒ එහි මුද්‍රණය කර තිබූ රූප කීපයක් නිසාවෙනි. නිරූපිකාවන් හා නිරූපකයන් යොදා ගනිමින් නිර්මාණය වී තිබුන ඒ රූප, ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවිසැලක භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක මුද්‍රණය කර තිබිණි. ඒ දුටුවිට ඔහුට තමුන්ගේ ඇඳුම සිහිපත් විය. මදක් හිස පහත් කර ඉඹ බැලූ ඔහුට එයින් හමනා මුත්‍රා මිශ්‍ර දුඟඳ දැනිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වාඩි වී සිටි ස්ථානයෙන් නැගිට නැවතත් පාසැල දෙස බැලූ ඔහු මාර්ගයේ ඇවිදගෙන ගියේ ඇඳුම් කඩයක් හමුවන තුරු ය. අගනගරයේ කෑම කඩ මෙන්ම ගජරාමෙට ඇඳුම් කඩ ඇත. ඔහු ඒවා පිටතින් බලමින් ගියේ, එක්තරා කඩයක් අසල නැවතුනේ ය. ‘හ්ම් මේකෙ ඇති මට ම ගැලපෙන එකක්. බලමු ගිහින්.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වෙළඳසැලේ ඇඳුම් ගොඩ ගසා තිබුනේ කාන්තා, පිරිමි, ළමා ආදී ලෙස වෙන් කරමිනි. ඔහුට ළමා ඇඳුම්වල වෙනස තේරුනත් කාන්තා සහ පිරිමි ඇඳුම්වල වෙනස තේරුනේ නැත. විකිණීමට ප්‍රදර්ශනය කර ඇති ඇඳුම් අතරේ අතරමංව සිටිනා තරුණයා දුටු එක් අලෙවි සේවිකාවක් ඔහු වෙත පැමිණ උදව් කිරීමට සූදානම් වුනත් තරුණයා ඇයව නො සලකා හැරියේ ය. ඔහුගේ ස්වභාවය නිසා ඇයට ඔහු ගැන සැක සිතිනි. ඇය ඒ පිළිබඳව ආයතනයේ කළමණාකාරීත්වය දැනුවත් කළාය. වෙළඳසැලේ කළමණාකාරීත්වය ඒ අවස්ථාවේ දී දැරුවේ හිමිකරුගේ බිරිඳ ය. ඇය සීසීටීවී කැමරා පද්ධතියෙන් ඇඳුම් තෝරන්නා දෙස බලා සිටියා ය. ඇගේ ව්‍යාපාරික නිපුනතාවය අනුව මොහු සොරෙක් නොවන බව හැඟිනි. ඇයම ඔහුට සහාය වීමට පැමිණියා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘එක්ස්ක්‍යුස්මී... ඔයා මොන වගේ ඇඳුමක් ද හොයන්නේ?‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රනුක් ඔහුට කතා කළ තලත්තෑනි කාන්තාව දෙස බැලුවේ සිනහසෙමිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මට අඳින්න පුළුවන් එකක් තමයි හෙව්වේ.. හැබැයි මේ වගේ වෙන්න ඕනා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු ඇයට පෙන්නූවේ ඔහු ඒ වන විටත් ඇඟ ලා සිටින ඇඳුම ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ම් ම් හරි මා එක්ක එන්න.. ඔයාට ගැලපෙන ඔයවගේ ඇඳුම් කීපයක් ම මන් පෙන්වන්නම්..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රනුක් ඇය පසුපසින් ගමන් කළේ, ඇය ඔහුව ජැකට් එල්ලා ඇති ස්ථානයට රැගෙන යන බව හඳුනා ගත්තේ ය. ඒවා දුටු විගස ඔහුට ප්‍රබෝධයක් දැනිනි. ඔහු සෙව්වේ ද ජැකට් ය. ඔව් කලු පැහැ ජැකටයක්. ඇයව පසුකොට ඒ ඇඳුම් වෙත ගිය ඔහු ඒවා එකින් එක තෝරා බැලුවේ කලබලයෙනි. කළමණාකාරිනිය ඔහුගේ දෙස බලා සිටියේ අදනම් මල්ල කරේ යැයි සිතමිනි. මන්දයත්, රනුක් තෝරන ඇඳුම් මිල අධික ඇඳුම් වූ නිසාවෙනි. ඇය ද ඇඳුම් රාක්කයෙන් එක් ජැකටයක් තෝරා රනුක් දෙසට දිගු කොට සසඳා බැලුවා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේක කොහොමද.... ඔයාට කියලා මැහුවා වගේ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය පෙන්වූ ඇඳුම රනුක්ගේ ද හිත ගත්තේ ය. ඔහු එය අතට ගෙනා ඇඟට තබා බැලුවේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ෆිට්ඕන් රූම් එක තියෙන්න අතන.... දාලා ම බලන්න..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය කියූ දෙය ඔහුට එක්වරම නොතේරුනි. ඔහු ඇය පෙන්වූ දෙස බැලුවේ ය. නමුත් එහි ඇති කුඩා කාමර වැනි ස්ථාන අනුව ඇය කියා ඇත්තේ ඇඳුම ඇඳ බැලිය හැකි බව යැයි ඔහුට පසුව වැටහිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අතන නේද‘[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඔව්...‘[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ෆිට්ඕන් කාමරයට ඇතුලු වූ රනුක් ඉක්මණින් ම ඇඳ සිටි ඇඳුම් ගලවා දමා දණහිසට පමණ දිග ඒ ජැකටය පැළඳ බැලුවේ ය. කණ්ණාඩියෙන් පෙනෙනා ප්‍රතිබිම්බය නිසා ඔහු ආඩම්බරයට පත් විය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ෂාහ් මේ තියෙන්නේ මරු භාණ්ඩයක් නේ.. මේක තමයි මට ඕනා..‘[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔහු ගලවා දැමූ ජැකටයේ තිබූ මුදල් සහ අනිකුත් ද්‍රව්‍ය සාක්කුවට දමා ගත්තේ ය. දොර ඇර එළියට පැමිණි ඔහුට කාමරයට මදක් දුරින් සිට ඔහු දෙස බලා සිටිනා කළමණාකාරිනිය දක්නට ලැබුනි. ඇය ද ඔහු දුටුවිට පුදුමයට පත්විය. ඔහු, ඇය දැක ඇති නිරූපකයන්ට වඩා හැඩ බව ඇයට වැටහිනි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ෂාහ් ඔය තියෙන්නේ... මන් කිව්වෙ ඕක ඔයාට ම මහලා වගේ කියලා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඔව්... ඔයාගේ තේරීම නියමයි. මට මේක ඕනා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඔව් ඕක ඔයාට ගතෑකි. හැබැයි රු.5,500/- ක් වෙනවා. ඒත් ඩිස්කවුන්ට් එකක් දාලා රු.5,000/- ට දෙන්නම්.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රුපියල් පිළිබඳව රනුක්ට එතරම් වැටහීමක් තිබුනේ නැත. නමුත් ඒ කියන්නේ මුදල් පිළිබඳව බව ඔහු දැන සිටියේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ආ හරි... සල්ලි නේද..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු ජැකටයේ සාක්කුවේ තිබූ මුදල් නෝට්ටු කීපය කළමණාකාරිනියගේ අතට ගුලි කලේය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඇත්තටම මේක ටොප්..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු නැවතත් ෆිට්ඕන් කාමරයට ඇතුල් විය. තරුණයා අතට ගුලිකල මුදල් නෝට්ටු කීපය දිගහැර බැලූ ඇය දුටුවේ ගුලි කර ඇති රු.350/- ක මුදලකි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මොකක්..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය ෆිට්ඕන් කාමරයේ දොරට තට්ටු කළා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘විහිලුවක් නෙමේ.. ගාන 5,000/- යි. ඕකේ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාමරය තුළින් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති තැන ඇය දොර හිමින් සීරුවේ තල්ලු කලාය. එය විවෘත විනි. පුදුමයකි. ෆිට්ඕන් කාමරය හිස් ය. එහි ඇත්තේ ඇය විසින් ලබා දුන් ඇඳුම සමඟ ඇතුල් වූ තරුණයා ඇතුල්වන විට ඇඳ සිටි ඇඳුම් පමණි. ඇය කෑ ගැසුවේ තමුන්ගේ ඇඳුම සොරකම් කර ඇති බව දැනුන නිසාවෙනි. නමුත් ඊළඟට ඇයට ඇති වූ ප්‍රශ්නය වූයේ ඇයට නොපෙනී ඔහු පිටවූයේ කෙලෙස ද යන්නයි. මන්ද ඒ වන විටත් ඔහු ලබා දුන් මුදල් නෝට්ටු කීපය ඇය අත ගුලි වී තිබූ අතර ඔහු ඒ තුළට ඇතුල් වූ බව ඇයට හොඳටම විශ්වාස ය. උභතෝකෝටික ගැටළුවකට ඇය මුහුණ දුන්නා ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කළමණාකාරිනියගේ කෑ ගැසීම ඇසී එහි පැමිණි සේවිකාවකට දැක ගත හැකි වූයේ තමුන්ගේ කළමණාකාරිනිය සිහිසුන්ව බිම වැටී සිටිනා ආකාරය ය. ඇගේ අතේ ඇඳුමක් ද ගුලි වී තිබෙනවා ඇය දුටුවා ය. ඇය ද කෑ ගැසුවා ය.
    [/FONT]



    මතු සම්බන්ධයි.
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • [FONT=&quot]‘අයියෝ... පිස්සු හැදෙනවා බන්...හොඳේ.. ඌ මාර වැඩ කරන්නේ...‘[/FONT]


    [FONT=&quot]‘අගේ නොකර කියහන් බන්.. අවුස්සනවානේ උඹ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හරි හරි... ඉවසපන්... කොහේද උඹලා ඉතින් කොල්ලෙක්ගෙන් ආතල් එකක් ගන්න එවුන් යැයි....‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘අනේ මේ...ආතල් ගත්තවගේ නෙමෙයි හොඳේ.. කෙලවිලා ගියොත්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘පිස්සුද බන්...මන් ඌව ගෝනා කරන් ඉන්නේ... ඇයි බන් මගේ වියදම්වලට අම්මලගෙන් සල්ලි ගන්න පුළුවනැයි. හික්ස් ...‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හරි හරි ඉතින් කියහන්කො.. බන් ....මාවත් ඇවිස්සිලා ඉන්නේ.... දැන් ප්‍රිෆෙක්ට්ස්ලා ආවොත් මෙතන වෙන ප්‍රශ්නයක් වෙයි ටොයිලට් එකට වෙලා අපි දෙන්නා මක් කරනවාද කියලා හොඳේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හරි අහපන්කො... මන් ඉතින් රවීනයාත් එක්ක ක්ලාස් කට් කරලා ෆිල්ම් හෝල් ගියා දෙහිවල හොඳේ...‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ කතා බහ කරමින් ඉන්නේ ජනප්‍රිය කාන්තා පාසැලක සිසුවියන් දෙදෙනකි. ඔවුන් හොඳම යහළුවන් වේ. පාසැල් කාමරයේ දී කතා කළ නොහැකි පෞද්ගලික දේ කතා කරන්නේ වැසිකිළියේ දී ය. එක් ශිෂ්‍යාවක ඇගේ යහළුවාට විස්තර කරන්නේ පෙර දිනයක පුද්ගලික පන්තියක යන බව පවසා නිවසින් පැමිණ තම පෙම්වතා සමඟ ගොස් චිත්‍රපටයක් බැලීමට අදාළ සිද්ධිය ය. ඔවුන්ගේ සාකච්ඡා ව යද්දී එක්වරම එක් වැසිකිළි කාමරයක දොරක් ‘දඩාස්‘ හඬින් විවෘත කර ගනිමින් කළු පැහැ ඇඳුමකින් යුත්තකු පැමිණෙනවා එක් ශිෂ්‍යාවක දුටුවා ය. ඇය අනෙක් ශිෂ්‍යාවට ද එය පෙන්වූවා ය. කළු පැහැ ඇඳුමින් සැරසුණු තැනැත්තා එම ඇඳුම සකස් කරනු ලැබූවේ ඔවුන් දෙදෙනාගේ දෙසට හැරෙමිනි. නමුත් ඒ තැනැත්තාට ඔවුන් ඉන්නා බවට දැනුමක් නොවුන බව පැහැදිලි ය. මන්දයත්, ඔහු ඔවුන් දෙදෙනා දෙස බැලූවේ ඔහුගේ ක්‍රියාවෙන් බියට පත් ශිෂ්‍යාවන් දෙදෙනා යටිගිරියෙන් ‘අපිව බේරගනියෝ‘ කියා කෑ ගසද්දී ය. ඔහුද එයින් කලබලයට පත් විනි. අවසානයේ දී ශිෂ්‍යාවන්ට දර්ශනය වූ තැනැත්තා ශිෂ්‍යාවන්ගේ අත්අඩංගුවට ගෙන පොලිස් අත්අඩංගුවට පත් වූයේ කාන්තා පාසැලක වැසිකිළියකට අනවසරයෙන් ඇතුල්වීම, ඔවුන්ට ලිංගික අතවර කිරීම ආදී නොයකුත් වැරදිවලට සැකකරුවකු ලෙසිනි.
    [/FONT]



    [FONT=&quot]අත්අඩංගුවට ගත් තරුණයාව අපරාධ අංශයට යොමු කර තිබිණි. ඔහු මේසයක් ඉදිරිපිට අසුන් ගෙන සිටියේ ය. බලන්නෙකුට පෙනෙන්නේ බරපතල කල්පනාවක යෙදී සිටිනවා මෙනි. එය සත්‍යයකි. ඔහු කල්පනාවේ යෙදී සිටියේ සැම විටම තමුන් වැසිකිලිවලටම ඇතුල්වන්නේ මන්ද යන්න සම්බන්ධයෙනි. ඔහුට ඇති විශේෂ හැකියාවන්ගෙන් එකකි, එක් තැනකින් අතුරුදන්ව වෙනත් තැනකින් මතුවීම. දැන් මෙය ලෝකයට අසත්‍යයක් නැත්නම් බොරුවක් වූවාට අතීතයේ මේ ක්‍රියාවේ යෙදෙන්නන් බොහෝ විය. ඉංග්‍රීසියෙන් [/FONT]teleportation[FONT=&quot]ලෙසින් මේ පිලිබඳව හැඳින්වේ. බෞද්ධයන්ට නම් මෙය අමුතු දෙයක් නොවේ. නමුත් බටහිරට මෙය අමුතු දෙයකි. සෑම දෙයක් දෙසම විද්‍යාවේ ඇසෙන් බලන්නන් මේ ගැන විශ්වාස නොකරයි. එහෙත් ඔබ ‘විශුද්ධිමාර්ගය‘ කියවන්නේ නම් සමථ භාවනාව වඩන්නෙකුට කල හැකි දේ හඳුනා ගනී. පොළොවේ කිමිදීම, අහසේ පියැඹීම, තැනකින් අතුරුදන්ව තවත් තැනකින් මතුවීම එවැන්නකුට සාමාන්‍ය දේ ය. අවාසනාව වන්නේ දැන් එවැනි මනස දියුණු කරන්නෝ නොමැති වීම පමණි. දැන් මේ තැනැත්තාට ප්‍රශ්නය ව ඇත්තේ මතුවන ස්ථානය නිවැරදි නොවීමයි. නමුත් තමුන්ට අවශ්‍ය ජනශූන්‍ය ස්ථානයකට ගමන් කිරීම වීම නිසාවෙන් මේ ගැටළුව මතුවන බව ඔහුගේ අදහස විය. මිනිස් ලොවේ මිනිසුන් පුදුම ය. වැසිකිළිය පවා ඔවුන් දැන් හිස් නොකරයි. මෙසේ කල්පනාවේ ගිලී සිටින විට තමුන් දෙස බලමින් පෑනක් සපමින් පැමිණෙන පොලිස් නිලධාරියකු ඔහු දුටුවේ ය. ඔහු එන්නේ තමුන් සිටිනා ස්ථානයට ය.
    [/FONT]



    [FONT=&quot]අපරාධ අංශයේ පොලිස් සැරයන් ගුරුසිංහ කැන්ටිමට වී නිදහසේ සිගරැට්ටුවක් පානය කරමින් සිටින අවස්ථාවකදී අංශයේ ස්ථානාධිපති විසින් පැවරූ රාජකාරිය වූයේ නගරයේ ප්‍රසිද්ධ පාසැලක වැසිකිළියකට ඇතුල් ව අත්අඩංගුවට පත් තරුණයකුගෙන් ප්‍රශ්න කිරීම ය. ඔහුට එනිසා පානය කරමින් සිටි සිගරැට්ටුව අඩක් බී අවසන් කිරීමට සිදු විය. රාජකාරිය ඇරඹුනේ ම මේ තරහව ද සමඟිනි. ‘මුන්ගේ වනචරකම් නිසා අපිට තමයි නිදහසක් නැත්තේ...‘.... පණිවිඩය ලැබීමෙන් පසුව සැරයන් ගුරසිංහ අපරාධ අංශයට පැමිණියේ ය. ඔහු තමුන්ගේ මේසය අසල වාඩි වී කල්පනාවක සිටි තැනැත්තා දුර දීම දැක්කේ ය. ‘ම් ම් මූණෙ පෙනුම නම් වැදගත් වගේ.. ඒ වුනාට මූ කරලා තියෙන්නේ මහ ජරා වැඩක් නේ.. බලමු..‘ තමුන් දෙස කිසිඳු සිනහවක්වත් නොමැතිව බලා සිටි තරුණයාගේ ඇස් වල බැල්ම ඔහු කිසිවිටෙක වැරදිකරුවකුගේ මූණෙන් දුටු බැල්මක් නොවේ. ගුරුසිංහ අත්දැකීම් ඇති සැරයන්වරයෙකි. ඔහු තමුන්ගේ අසුනේ අසුන් ගත්තේ ය. පැමිණිල්ලට අදාළ බල අපරාධ වාර්තා පොත පෙරලා කියවා බැලුවේ ය. ඒ කියවන අවස්ථාවේ දී වරින් වර ඉදිරියේ සිටිනා තරුණයා දෙස ද බැලුවේ ය. ඔහු වගේ වගක් නැති ව සිටී. පැමිණිල්ල කියවා අවසානයේ පෑන අතට ගත් ඔහු සැකකරුගේ ප්‍රකාශය සටහන් කිරීමට සූදානම් විය.
    [/FONT]



    [FONT=&quot]‘හ්ම් හරි කියනවා බලන්න තමුසෙගෙ නම..‘[/FONT]


    [FONT=&quot]‘මොකක් ?‘[/FONT]


    [FONT=&quot]ඔහු පුදුම විය. නම ඇසූවිට මොකක්දැයි අසන්නේ ....[/FONT]


    [FONT=&quot]‘තමුසෙගෙ නම කියනවා මෙතන ලියාගන්න...‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ම් ම් නම.... ‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නම ඇසූවිට තරුණයා මදක් කල්පනා කරනවා ඔහු නිරීක්ෂණය කළේ ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘නම ඇවිල්ලා... ආ හරි ... රනුක් .... රනුක් දිසානායක ... ඔව් ඒක තමයි..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පොලිස් නිලධාරියා නම ලියා ගත්තේ ය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘වයස...‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘වයස...මගේ..... ම් ම් ඒක නම් දැන් හරියටම මතක නෑ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මොකක්... ඕයි මේ පිස්සු කෙළින්නෙපා.. කාලෙ නොකා නම කියනවා...‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඔහේට තදවුනාට මට කොරන්න දෙයක් නෑ.. මතක නැති එක තමයි මතක නෑ කිව්වේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඕයි ඕයි.. මේ තමුසෙගෙ කටේ ශද්දෙ අඩු කර ගන්නවා හරිද.. මේක පොලීසිය. තමුසෙගෙ ගෙදර නොවේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හරි දැන් කියනවා තමුසෙගෙ අයිඩෙන්ටි කාඩ් නම්බර් එක.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තරුණයා නැවතත් කල්පනා කරයි..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ම් ම් .... එහෙම එකක් මට නෑ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හරි කියනවා තමුසෙ රස්සාවක් කරනවා ද?‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය ඇසුවත් ‘රස්සාවක් කරනවානම් මේ වගේ පජාති වැඩ කරනවැයි..‘ කියා තමුන්ටම කියා ගත්තේ ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘රස්සාව නේද... ම් ම්.... ආ ඔව් නේන්නම්... මම පොලිස් ඔෆිසර් කෙනෙක්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මොකක්... තමුසෙ පොලිස් ඔෆිසර් කෙනෙක්... ඕයි මේ තමුසෙ දැන් මට මල පන්නවන්න හදන්නේ හොඳේ... වනචර වැඩ කරලා තව අපිව විහිලුවටත් ගන්නවා ද?‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘වනචර වැඩ??. මොකක්ද ඕයි මන් කරපු වනචර වැඩේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තමුන් ඉදිරියේ අශෝභන ලෙසින් හැසිරෙනවා මදිවාට මොහු කට ගැසීමට ද එයි. තරුණයා කිසිඳු ගරුසරුවක් නොමැතිව කකුල ඔසවා වාඩි වී සිටින පුටුව මතින් තබා ගත්තේ ය. ඔහු ඇඳ සිටි ඇඳුමට යටින් කිසිඳු ඇඳුමක් ඇඳ නොමැති බව ගුරුසිංහ දුටුවේ එවිට ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඒයි වහගනින් උඹෙ ඕක‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘වහගන්න.. ඇයි තමුසෙ හිතුවද මට දොරක් තියෙනවා කියලා වහන්න ආ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සැරයන් ගුරුසිංහට තරහත් සමඟ සිනහවකුත් මතු විය. ‘මූ පිස්සෙක්ද කොහේද‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හොඳ හිතින් කියන්නේ කකුල පහලට දාපන්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තරුණයා ගනන් ගන්නේ නැත. සැරයන් ගුරුසිංහට යක්ෂාවේශ විය. ඔහුට අසුනෙන් නැගිටුනේ ය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘උඹ හදන්නේ මා එක්ක රණ්ඩු වෙන්න ද යකෝ..‘ [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒ සමඟ තරුණයා වෙනතක් බලනවා ගුරුසිංහ දුටුවේ ය. රනුක් දුටුවේ දෙදෙනකු විසින් මේසයක් මත තබා ගෙන කෑම ගන්නා දර්ශනයකි. ඔහු එදෙස විමසිල්ලෙන් මද වේලාවක් බලා සිටියේ ය. කුසගින්න දැනුනේ එවිට ය. ඔහු වහාම නැගිට, ඒ කෑම කන්නන් සිටින ස්ථානයට ගියේ ය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඒයි උඹ ඔය කොහේද යන්නේ.. ඔහොම හිටපන්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගුරුසිංහ කෑ ගසයි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රනුක් හිමින් සීරුවේ ගොස් වාඩි වී සිටි එක් අයකුව අතින් ඇද ඉවත් කළේ ය. එහි සිටියේ ද පොලිස් නිලධාරීන් ම දෙදෙනෙකි. අතින් ඇද ඉවත් කළ පොලිස් නිලධාරියා ඒ අවස්ථාවේ දී සුප් භාජනයක් රස විඳිමින් සිටියේ ය. ඔහු සිටි ස්ථානයෙන් අසුන් ගත් රනුක් හැන්ද අතට ගෙන සුප් හැන්දක් පානය කළේ ය. එහි රසයෙන් අමන්දානන්දයට පත් ඔහු එය බොන්නට විය. සැරයන් ගුරුසිංහද මේසය වටේ දුවගොස් රනුක්ගේ කමිසයෙන් අල්ලා ගත්තේ ය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘වරෙන් යන්න.. මොනවාද උඹ ඔය කරන්නේ... පිස්සෙක්ද මේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නමුත් රනුක් නොනැවතී සුප් රස විඳියි. එහි මහා ගාලගෝට්ටියකි. මේ ගාල ගෝට්ටිය ඇසී තවත් නිලධාරීන් එහි රැස් විය. ඒ අතර සිටි එක් නිලධාරියකු රනුක් ව හඳුනා ගත්තේ ය. ඔහු රැස්ව සිටි අනෙක් පිරිසට රනුක් දිසානායකගේ තත්ත්වය විස්තර කර තත්ත්වය පාලනය කළේ ය. රනුක්ගේ තත්ත්වය දැන ගත් පසු අනෙක් නිලධාරීහු ඔහුට අනුකම්පා කළහ. ඔහු ආහාර ගන්නා විලාශය අනුව නො සෑහෙන කුසගින්නකින් පෙලෙන බව පෙනී යන නිසා තව තවත් සුප් හා අනිකුත් ආහාර ඔහුට ලැබෙන්නට සැලැස්වූහ. මේ අතර රනුක්ව හඳුනාගත් නිලධාරියා, උනන්දුවාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘සර්.. මන් .. පොලීසියෙන්.. අර ඔෆිසර් රනුක් අපි එක්ක ඉන්නවා..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මොකක්.. රනුක්.. ඌ මොකක් ද ඔහේ කරන්නේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඒක තමයි සර්.. මිනිහා අර ... ලේඩීස් කොලේජ් එකට ගිහිල්ලා... ඒකෙ ටොයිලට් එකේ ඇඳුම් නැතිව ඉඳලා.. පස්සේ ප්‍රින්සිපල්ගේ 119 කෝල් කරලා.. අපේ අය ගිහින් අරන් ඇවිත් තියෙනවා..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘අයියෝ...මූ මොනාද අප්පා කරන්නේ.. කෝ දැන් ඒකා.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඉන්නවා සර්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘දෙන්න ඕකට ෆෝන් එක‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නිලධාරියා රිසීවරය පසකට කර රනුක් ට කතා කළේ ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඔෆිසර්... ඔෆිසර්.... ඔයාට කෝල් එක.... ‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒ වන විටත් රනුක් බලා සිටියේ කෑම දෙස ය. ඔහුට පොලිස් නිලධාරියා ගැන කිසිඳු අවධානයක් නොතිබිණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘රනුක්.. මේ කෝල් එකට ආන්ස්වර් කරන්න... රනුක්...මේ ඔයාලගේ ටීම් එකේ ලොක්කා.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මන් දන්නෙ නෑ එහෙම එකෙක් ව.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඒක වෙන්නේ කොහොමද... IP රණවීර කියන්නේ ඔයාගේ පාට්නර්..බොස්... ඉක්මනට මේකට ආන්ස්වර් කරන්න.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අකමැත්තෙන් නමුත් රනුක් දුරකථනය රැගෙන කනේ තබා ගත්තේ ය. එයත් ඔහු තබා ගත්තේ මයික්‍රෆෝනය කණටත්, ඉයර්ෆීය කටටත් සිටින ලෙසිනි.[/FONT]


    [FONT=&quot]‘කෝ .. මොකක් ද තමුසෙට ඕනා. කෝ කතා කරනවා... මොකෝ ඕයි වද දෙන්නේ කතා කරනවා‘[/FONT]


    [FONT=&quot]‘ඔෆිසර්...ඔයා රිසීවරේ තියන් ඉන්නේ වැරදියට... අනෙක් අතට හරවන්න ඕක..‘[/FONT]


    [FONT=&quot]‘තමුසෙ එනවාද මට උගන්වන්න... මන් දන්නවා ඕයි..‘[/FONT]


    [FONT=&quot]රනුක් රිසීවරය නිසි ලෙසින් ආපසු තබා ගත්තේ ය.
    [/FONT]



    [FONT=&quot]එය තියා ගන්නා විටම ඔහුට මහ හඬින් ‘යක්ෂයො... කථා කරපන් .... බයගුල්ලා..‘ යැයි කවුරුන් හෝ කෑ ගසනවා ඇසිනි. ඒ සමඟම ඔහු රිසීවරය පසකට කර පුදුමයෙන් එදෙස බැලුවේ, එය ආපසු තබා ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]‘මොකද යකෝ...‘
    [/FONT]



    [FONT=&quot]රනුක් කථා කලේ ඔහුට අමතන්නාටත් වඩා හඬිනි.
    [/FONT]



    [FONT=&quot]‘කොහොමද යකෝ උඹ බය නැතිව මට ඔහොම කථා කරන්නේ? උඹට පිස්සුද‘[/FONT]


    [FONT=&quot]අනෙක් පසින් කථා කරයි.
    [/FONT]



    [FONT=&quot]‘මේ අහපන් මන් මේ වෙලාවේ බිසී.‘[/FONT]


    [FONT=&quot]රනුක් උත්තර දෙයි.[/FONT]


    [FONT=&quot]‘බිසී.. අනේ මන් නොදන්න උඹගේ බිසිය. රනුක් දිසානායක හොඳට අහගනින්. උඹ දැන්ම මෙතෙන්ට නොආවොත් උඹේ පොලිස් රාජකාරී ඉවරයි. අන්න ඒක මතක තියාගනින්...‘
    [/FONT]



    [FONT=&quot]ඒ සමඟ දුරකථනය විසන්ධි විය.. රනුක් එදෙස මදක් බලා සිට දුරකථනය නැවතත් කට ඇරගෙන බලා සිටිනා නිලධාරියාට ලබා දුන්නේ ය.
    [/FONT]



    [FONT=&quot]රනුක් සමඟ දුරකථනයෙන් කථා කරමින් සිටි බුද්ධි ඒකකයේ උනන්දුවා ඒ වන විටත් ඇවිදන් යමින් සිටියේ මිනීමැරුමක් සිදු වූ ස්ථානයක් කරා ය. පොලිස් නිලධාරීන් අදාළ කොරිඩෝවේ ආරක්ෂාව සපයමින් සිටී. ඔහු දුරකථනයට බනිමින් යන විට අතරමගදී දෙවැනියා වූ රංජිත් ගුරුසිංහව ද හමු විය. රංජිත්, උනන්දුවාව අපරාධ ස්ථානයට කැඳවා ගෙන ගියේ ය. අපරාධ ස්ථානය වෙන්කර තිබූ කහපැහැ පටි අතරින් රිංගා යද්දීත් උනන්දුවා දුරකථනයෙන් රනුක් සමඟ කතා කරමින් සිටියේ ය. දුරකථනය විසන්ධි වූ පසු රංජිත් කතා කලේ ය.[/FONT]


    [FONT=&quot]‘මොකෝ කෑ ගහන්නේ.‘[/FONT]


    [FONT=&quot]‘අර බූරුවා... ඌට කිසිම වගක් නෑ..‘[/FONT]


    [FONT=&quot]‘කව්ද..‘[/FONT]


    [FONT=&quot]‘කව්ද අහන්නේ, රනුක්..‘[/FONT]


    [FONT=&quot]‘අප්පට හුඩු... ඌ ඉන්නවාද‘[/FONT]


    [FONT=&quot]‘ඇයි ....‘[/FONT]


    [FONT=&quot]‘නෑ නෑ... මුකුත් නෑ..‘[/FONT]


    [FONT=&quot]රංජිත් ගුරුසිංහට උදෑසන රනුක් සමඟ වූ හමුව සිහිපත් විනි.
    [/FONT]



    [FONT=&quot]‘ඌ හරියට මට කතා කරන්නේ මන් උගේ යාළුවෙක් වගේ..‘[/FONT]


    [FONT=&quot]දෙදෙනා කථා කරමින් බිම වැටී තිබූ මෘත ශරීරය ඇති තැනට ගමන් කළෝ ය. මෙය නගරයේ තිබූ එක්තරා මහා පරිමාණයේ රෝහලකි. මියගොස් තිබුනේ එම රෝහලේම සේවය කරනා නිලධාරිනියකි. ඒ වන විටත් මෘත ශරීරය සොකෝ නිලධාරීන් පරීක්ෂා කරමින්, ඡායාරූප ගනිමින් සිටිය හ. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වී නො තිබිනි. මෘත ශරීරය වැටී ඇති ස්ථානයේ සිට ගලා ගිය රුධිරය සෑහෙන දුරකට විසිරී ඇත. මරණකාරිය වැටී තිබුනේ උඩු පෙලි අතට ය. ඇගේ අසලින් නැත්නම් දෙපසින් රංජිත් සහ උනන්දුවා පහත් වී සිරුර පරීක්ෂා කළහ. විස්තරය ඉදිරිපත් කළේ රංජිත් ය.[/FONT]


    [FONT=&quot]‘කවුරුඋනත් මේක කරපු එකා සයිකො කෙනෙක් වෙන්න ඕනා. මැරෙනකම්ම ඇනලා තියෙනවා. පේනවනේ බොඩි එකේ හැටි.‘[/FONT]


    [FONT=&quot]‘ඒත් ඉතින් මෙච්චර අනින්නෙ ඇයි. බලනවාකො බොකු බඩවැල් හිටන් එලියට ඇවිල්ලානේ... ‘[/FONT]


    [FONT=&quot]‘මට හිතෙන විදියට මේක, මේ ගෑනි මනුස්සයෙක් කියලා හිතලා නෑ.... කෝ සාක්ෂිකාරයෝ..‘
    [/FONT]



    [FONT=&quot]‘අර ඉන්නෙ..‘
    [/FONT]



    [FONT=&quot]රංජිත් විසින් සිද්ධියේ සාක්ෂිකාරියක සිටිනා ස්ථානය උනන්දුවාට හිසෙන් පෙන්නුවේ ය. ඒ වන විටත් ඇයගේ ප්‍රකාශය තවත් නිලධාරියකු විසින් ලබා ගනිමින් සිටිනා ලදි. ඇය පැළඳ සිටින රාජකාරී හැඳුනුම්පතින් ඇගේ නම උනන්දුවා බලාගත්තේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මිස් තුෂාරි අබේසිංහ... හරි නේ ද?‘[/FONT]


    [FONT=&quot]ඇය හිස වනා හරි බව පිළිගත්තා ය. මළසිරුර දෙසා බලා මදක් කල්පනා කළ උනන්දුවා ඇගෙන් ප්‍රශ්න කලාය.
    [/FONT]



    [FONT=&quot]‘මට අපේ ඔෆිසර් කිව්වා මිස් දැක්කා කියලා මේ මැරිලා ඉන්න කෙනාට පිහියෙන් ඇනලා පැනලා ගිය ලෙඩාව..‘[/FONT]


    [FONT=&quot]‘ඔව්..‘ ඇය බියපත් හඬින් පිළිතුරු දුන්නා ය.[/FONT]


    [FONT=&quot]‘ඒ වෙලාවේ මේ මිස් තමයි වාට්ටුවලට යන්න හිටියේ... ඒ කියන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න... එයා බෙහෙතුත් අරන් ගියා... සාමාන්‍යයෙන් රවුම ගිහිල්ලා එන වෙලාවට එයා ආවේ නැති නිසා මම ආවා මිස්ව බලන්න. එතකොට තමයි දැක්කෙ.‘[/FONT]


    [FONT=&quot]‘එතකොට දැන් මිස් කියන්නේ මේ කෙනාට පිහියෙන් ඇන්න කෙනා, මිස්ට කිසිම කරදරයක් තර්ජනයක් නොකර දුවලා ගියා කියලා නේද? ඒ කියන්නේ මිනීමරුවා දැක්කානේ මිස් මේ සිද්ධිය දැක්කා කියලත්...‘
    [/FONT]



    [FONT=&quot]‘ඔව්..‘
    [/FONT]



    [FONT=&quot]මොවුන් මෙසේ සාකච්ඡා කරමින් සිටිනාතුර බුද්ධි අංශයේ ප්‍රධානියා වන උඩුගම ද අපරාධ ස්ථානයට පැමිණියේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මගේ අම්මෝ....‘
    [/FONT]



    [FONT=&quot]ඔහු ආ විගස අපරාධ ස්ථානයේ රැඳී සිටි ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ට අතට අත දී කථා කලේ ය.
    [/FONT]



    [FONT=&quot]‘ඔයාලා නියමෙට වැඩේ කරලා තියෙනවා. මෙතන ඉඳන් ඉස්සරහට වැඩේ කරන්නේ අපි හොඳේ..ඒ නිසා ඔයාලා ගියා නම් හරි.. මෙතන ඉන්න අවශ්‍ය නෑ.‘[/FONT]


    [FONT=&quot]ඔහු දෙස රංජිත් මෙන්ම රණවීරත් බලා සිටියේ ය.
    [/FONT]



    [FONT=&quot]‘තව සී අයිට කියන්නේ වැඩේ නියමයි කියලා... මන් කොහොමත් මිනිහට ගරු කරනවා. අනික මගේ බැචා නේ.‘[/FONT]


    [FONT=&quot]‘දැන් මේක කියන්න ඔබතුමාට විශ්වාසද අපි ඉන්වෝල්ව් වෙන්න ඕනා නෑ කියලා.‘[/FONT]


    [FONT=&quot]‘අම්මෝ ඔව්.. අපි ට පුළුවන්..ඔයාලා යන්න‘[/FONT]


    [FONT=&quot]‘සී අයි කිව්වෙ...‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘සී අයි කියපුවා වැඩක් නෑ අප්පා ... ඔයාලා යන්න..‘[/FONT]


    [FONT=&quot]ඉන්පසු ඔහු රංජිත් සහ රණවීර වෙත පැමිණියේ ය.
    [/FONT]



    [FONT=&quot]‘හැම රෙද්දටම පනිනවා... මළ වදේ.. ඒක නෙමෙයි. මොකක්ද මෙතන වෙලා තියෙන්නේ, ඔහේලා මොනා හරි හොයාගත්තද?‘[/FONT]


    [FONT=&quot]ඔහුත් මෘත ශරීරය නිරීක්ෂණය කළේ ය.
    [/FONT]



    [FONT=&quot]‘තාම නෑ. අපි සීසීටීවී කැමරා එහෙම චෙක් කරනවා.. මේ හරියෙ හැටියට කැමරාවක නොවැදි වැඩි දුරක් යන්න බෑ.. අනික ලෙඩෙක් නිසා කොහේ හරි හැංගිලා ඉන්නවාත් ඇති. මට ෂුවර් අපිට මිනිහාව ඉක්මණට ගන්න පුළුවන් වෙයි.‘[/FONT]


    [FONT=&quot]‘නියමයි..‘[/FONT]


    [FONT=&quot]උඩුගම කථා කළේ අසුරු සන් ගසමිනි.
    [/FONT]



    [FONT=&quot]‘ඒක නෙමෙයි.. ඒ යකා මොකාද කියලා අඳුන ගත්තද?‘[/FONT]


    [FONT=&quot]‘ඒකා ලෙඩෙක් කියලා තමයි කියන්නේ.. මෙහෙට දීලා තියෙන නම කමල් සුරත් දිසානායක වුනාට ඒක ඇත්ත නමක් නෙමෙයි. විස්තර අපි හොයලා බැලුවා. ඒවා හදපු ෆෝජ් ඩොක්‍යුමන්ට්ස්..‘[/FONT]


    [FONT=&quot]‘ඒ මොනාවුනත් අපි ඒකාගේ ඇඟිලි සලකුණුයි, ඩීඑන්ඒ ගැන චෙක් කරනවා..මිනිහා නැවතිලා ඉඳලා තියෙන්නෙත් මේ හොස්පිට්ල් එකේම කාමරේක. ඒකෙන් සාම්පල් අරන් තියෙනවා. ඒ නිසා ඉක්මනට අපිට ඌ මොකාද කියලා අඳුනගන්න ලැබෙයි.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හරි මේ අහනවා.. මේක අපිට හොඳ චාන්ස් එකක්. කොහොමහරි මේක හරියට කරන්න ඕනා.. මෙකෙන් අපිට අපේ ගෞරවය ආරක්ෂා කරගන්න පුළුවන්.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඔව් සර්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ අතර එම ස්ථානයට ඒකක 5 නිලධාරියකු දුවගෙන ආවේ ය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මොකෝ මොකෝ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘සර්... මේ ලෙඩා ඉඳිය රූම් එකේ කොමඩ් එකේ රැඳිලා තිබිලා අපිට මෙන්න මේ කොළ කෑල්ල හම්බවුනා.‘
    [/FONT]



    [FONT=&quot]ඔහු විසින් යමකුගේ රූපයක් ඇති කොළ කැබැල්ලක් සහිත ඉටි කවරයක් පොලිස් නිලධාරීන්ට ලබා දුන්නේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මන් හිතන්නේ මේක පුච්චලා ෆ්ලස් කරන්නයි මිනිහා හදලා තියෙන්නේ.. වාටි වල තියෙන්නේ පිච්චිච්ච ලක්ෂණ.‘[/FONT]


    [FONT=&quot]‘මොකක්.. කව්ද මේ..‘[/FONT]


    [FONT=&quot]එය සියළු දෙනාම පරීක්ෂා කළහ. පාසැල් සිසුවෙකුගේ රූපයක් එහි විනි.
    [/FONT]



    [FONT=&quot]‘ඔහේලා හිතන්නේ මේ ඒකාගෙ පුතා කියලා ද?‘[/FONT]


    [FONT=&quot]‘මන් දන්නේ නෑ.‘[/FONT]


    [FONT=&quot]‘මන් කියන්නද. රංජිත්... ඔයා මේක ලැබ් එකට අරන් ගිහිල්ලා බලන්න මොනා හරි ඇඟිලි සලකුණු හරි ඩීඑන්ඒ හරි තියෙනවාද කියලා.. තව මේ ඉන්න කෙනාව අඳුනන්න පුළුවන්ද කියලාත් බලන්න.‘[/FONT]


    [FONT=&quot]‘මොකක්.‘[/FONT]


    [FONT=&quot]‘හරි ම්ම් මන් හිතන්නේ මට ටොයිලට් එකට යන්න ඕනා.. ගිහිල්ලම යන්නම්.‘[/FONT]
     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • [FONT=&quot]දුරකථනයේ රිසීවරය අතේ තබාගෙන කල්පනා කරන බුද්ධි අංශ නිලධාරියා දෙස පොලිස් සැරයන්වරයා බලා සිටියේ ය. එක්වරම ඔහු සැරයන්වරයා දෙසට හැරුනේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මේ අහනවා.. ඔය උනන්දුවා කියන එකාට පුළුවන් ද රනුක්ව රස්සාවෙන් අයින් කරන්න.. මට ඇත්ත කියනවා හරි ද?‘[/FONT]


    [FONT=&quot]‘මොකක් ද ඔෆිසර් අහන්නේ.. උනන්දුවා කියන්නේ නැත්නම් රණවීර කියන්නේ ඔයාගේ බොස්... මිනිහා ඉහළට රිපෝට් කළොත් ඔහේගෙ රස්සාව ඉවරයි.‘[/FONT]


    [FONT=&quot]‘මිනිහා එහෙම කරයි ද?‘[/FONT]


    [FONT=&quot]‘මොකෝ නැත්තෙ.. ඔය මනුස්සයාට අපේ කට්ටිය ‘පිස්සු බල්ලා‘ කියලා කියන්නෙ නිකම් යැ.‘[/FONT]


    [FONT=&quot]‘එතකොට ඒ පිස්සු බල්ලද මේකෙන් කතා කලේ.‘[/FONT]


    [FONT=&quot]‘ඔව්...‘[/FONT]


    [FONT=&quot]තරුණයා තමුන්ටම යමක් කියා ගත්තත් එය සැරයන්වරයාට ඇසුනේ නැත. ‘මූ මගේ රස්සාවට කෙළියොත් මගේ ප්ලෑන් සේරම අවුල් වෙනවා.. ඒ කියන්නේ මූව තරහ කරන් බෑ... ඔව් දැන් කරන්න තියෙන්නේ මූ කියපු එක කොරන එක තමයි..‘[/FONT]


    [FONT=&quot]‘හරි මට කියනවා කොහේ ද පිස්සු බල්ලා ඉන්නේ‘[/FONT]


    [FONT=&quot]‘දැන් මිනිහා විතරක් නෙමෙයි මුළු බුද්ධි අංශෙම ... හොස්පිට්ල් එකේ. මර්ඩර් එකක ඉන්වෙස්ටිගේෂන්...‘[/FONT]


    [FONT=&quot]මේ අතර රංජිත් ගුරුසිංහ ඡායාරූපය සහිත ඉටි කවරයද රැගෙන රෝහලේ ඔවුන් සිටි මහලේ වූ පිරිමි වැසිකිළියට ගියේ ය. කවරය මුත්‍රා බෝව්ලයේ ඉහලින් රැඳ වූ ඔහු නිදහසේ මුත්‍රා කිරීමට පටන් ගත්තේ ය. වැඩි වේලාවක් ඔහුගේ නිදහස නො පැවතුණි. ඔහු පසුපස වූ වැසිකිළි කාමරයේ දොර වේගයෙන් සහ හඬින් විවර කර ගනිමින් රනුක් දිසානායක පිටතට පැමිණියේ ය. පෙර මෙන්ම මුත්‍රා ගුරුසිංහගේ කලිසම සහ ඇඟිලි පුරා විසිරී ගියේ හදිසියේ ඇති වූ තත්ත්වය නිසාවෙනි.
    [/FONT]



    [FONT=&quot]‘රනුක්.... තමුසේ කොයි වෙලාවෙද ආවේ...‘[/FONT]


    [FONT=&quot]ඔහු සිතුවේ රනුක් පැමිණ වැසිකිළියේ රැඳී සිටි බවයි.
    [/FONT]



    [FONT=&quot]‘දැන් තමයි ආවේ... ෂහ් .... ‘[/FONT]


    [FONT=&quot]ඔහු තමුන්ගේ රහස් අවයව දෙස බලනවා ගුරුසිංහ දුටුවේ ය. ‘චික්..‘ ඔහු පසකට හැරිනි. ‘මූට ලැට් අස්සෙ විතරක් ද මන්දා ඩියුටි තියෙන්නේ..‘
    [/FONT]



    [FONT=&quot]‘හුජ්ජ කරන්න තියෙන අලුත් තැන් නේද... මටත් පොඩි බරක් තියෙනවා..‘[/FONT]


    [FONT=&quot]රනුක් ඔහු ඇඳ සිටි ජැකටය ඉන වටා ගැට ගසා ගෙන සිටින පටිය ගලවනවා ගුරුසිංහ බලා සිටියේ පුදුමයෙනි. ‘මොකක්ද මූ මේ ඇඳන් ඉන්නේ...‘ ඊට යටින් කිසිවක් නැත. ඔහු නිරුවතිනි.
    [/FONT]



    [FONT=&quot]‘නොදකින් වනචරයා..‘[/FONT]


    [FONT=&quot]‘මොකක් වනචරයා... ඕක මන් දැන් කීපසැරයක්ම ඇහුවා..‘[/FONT]


    [FONT=&quot]රනුක් කීවේ ගණනකටවත් නො ගෙනය. ඔහු ද මුත්‍රා කිරීමට පටන් ගත්තේ ය. එවිට ගුරුසිංහ විසින් මුත්‍රා බෝව්ලය උඩ තබා ඇති ඡායාරූපය ද නෙත ගැටිනි.
    [/FONT]



    [FONT=&quot]‘අප්පට සිරි.. මූ දැන් ක්‍රයිම් සීන් එකට ගියොත් සේරම ඉවරයි...‘ තමන්ට ම කියා ගත් ගුරුසිංහ ඉක්මණින්ම පිටත් විය.
    [/FONT]



    [FONT=&quot]‘රනුක් .... ඔයා හිමින් සැරේ ඕක කරන් එන්න.. මන් යන්නම් ආ...‘
    [/FONT]



    [FONT=&quot]‘ලේසි නෑ මේකට ඒම් කරන්න... ඇයි යකෝ....මොකාද මේවා හදපු එකා...‘[/FONT]


    [FONT=&quot]ගුරුසිංහ දනිපනි ගා අපරාධ ස්ථානයට දුව ගියේ කෑ ගසමිනි. කොරිඩෝවත් අපරාධ ස්ථානයත් වෙන් කර තිබූ කහ පැහැ පොලිතීන් පටිය කඩා දමමින් ඔහු දුව එන විට අනෙක් ඒකකයේ අනෙක් පිරිස පුදුමයට පත් වූහ.
    [/FONT]



    [FONT=&quot]‘මොකෝ මේ ගාල කඩා ගත්ත හරකෙක් වගේ..‘[/FONT]


    [FONT=&quot]‘හති හති මට... මේ රනුකය එනවා... මේක වහල්ලා ඉක්මනට... නැත්නම් ඔය ලේ ගෑවිච්ච බොඩිය දැකලා මෙතන වමනෙ කරලා පිස්සුවක් කෙළියි..... වහපල්ලා ඌ එන්න කලින්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඌ කොහොමද මෙච්චර ඉක්මණට එන්නේ.. මන් මේ දැන්නේ කථා කරලා ෆෝන් එක කට් කලේ.‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඒවා මන් දන්නෙ නෑ.. මන් දන්නේ රනුකයා එන බව විතරයි..‘
    [/FONT]



    [FONT=&quot]ඒ සමඟම රැස්ව සිටියවුන් හැකි ඉක්මණිනන් සිරුර වසා දැමීමට අවැසි පියවර ගත්තේ රනුක්ගේ හැසිරීමේ ස්වභාවය දන්නා නිසාවෙනි.
    [/FONT]



    [FONT=&quot]මේ අතර මුත්‍රා කර අවසන් වූ රනුක් නැවතත් ජැකටය නිසි ලෙසින් සකස් කොට ගෙන වැසිකිළියෙන් පිටතට පැමිණියේ ය. වැසිකිළියෙන් කොරිඩෝවට පැමිණි ඔහුට යා යුත්තේ කොහේට දැයි අවබෝධයක් නොවී ය. මේ අතර එක්තරා රෝහල් සේවිකාවක් කොරිඩෝවේ පැමිණෙනවා ඔහු දුටුවේ ය. ඇය ඔහුව පසුකර යන විට ඔහු ඇයව නතර කර ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]‘මිස් පොඩ්ඩක් ඉන්න...‘[/FONT]


    [FONT=&quot]ඇය ඔහුගේ ස්වරූපයට බිය විය.[/FONT]


    [FONT=&quot]‘බයවෙන්න එපා.... මම පොලිස් ඔෆිසර් කෙනෙක්. වනචරයෙක් නෙමේ. රනුක් දිසානායක‘[/FONT]


    [FONT=&quot]‘පොලිස් ඔෆිසර් කෙනෙක්? එහෙනම් ඇයි කලිසමක් නැත්තේ‘[/FONT]


    [FONT=&quot]‘ඒ ගැන වැඩිය හිතන්න එපා.‘[/FONT]


    [FONT=&quot]ඔහු ඔහුගේ ජැකටයේ තිබුනු පොලිස් හැඳුනුම්පත රෝහල් සේවිකාවට පෙන්වූවේ ය. ඇය ඔහු දෙස බියපත් දෑසින් බලා සිටී.[/FONT]


    [FONT=&quot]‘මට දැන ගන්න පුළුවන් ද පිස්සු බල්ලා ඉන්නෙ කොතනද කියලා..‘[/FONT]


    [FONT=&quot]‘පිස්සු බල්ලා..‘[/FONT]


    [FONT=&quot]‘ඔව් පිස්සු බල්ලා තමයි... ඇයි දන්නෙ නැද්ද... මට කෝල් කලේ මෙතනට එන්න කියලා..‘[/FONT]


    [FONT=&quot]එවිට ඇයට කරුණ වැටහිනි. එසේ වූයේ ඔහු පෙන්වූ හැඳුනුම්පතේ ඇති නම දැකීම නිසාවෙනි. ඒ නම පිළිබඳව පොලිස් පරීක්ෂකවරුන් කතා බහ කළ බව ඇයට මතක ය.
    [/FONT]



    [FONT=&quot]‘ආ.. ඔය කියන්නේ පොලිස් ඔෆිසර්ස්ලා නේද..... එයාලා නම් මේ කොරිඩෝ එක කෙලවරෙන් දකුණට හැරුණම ඉන්නවා...‘[/FONT]


    [FONT=&quot]‘හරි ....‘
    [/FONT]



    [FONT=&quot]ඔහු හැඳුනුම්පත නැවතත් සාක්කුවේ දාගෙන කොරිඩෝවේ ඇය පෙන්නූ දෙසට ගමන් කරන්නට විය. නමුත් ඇයට යමක් සිහිපත් විනි.
    [/FONT]



    [FONT=&quot]‘ඔෆිසර්..‘[/FONT]


    [FONT=&quot]ඔහු නතර වී ඇය දෙස හැරී බැලුවේ ය. ඔහු වෙත මදක් ලං වූ ඇය, දුටු දේ කීවාය.[/FONT]


    [FONT=&quot]‘මට ඒ වෙලාවේ කියන්න අමතක වෙලා තිබ්බේ.... ඒ දුවපු පේෂන්ට්ගේ මූණෙ දෑ කැත්තක වගේ කුපුම් තුවාලයක් තිබ්බ.. තව අතේ පිටිඅල්ලේත් පිච්චුන තුවාල කැලලක් තිබ්බා... බයවෙලා උන්න නිසා කියන්න මතකයක් තිබ්බේ නෑ...‘[/FONT]


    [FONT=&quot]‘හ්ම්...‘
    [/FONT]



    [FONT=&quot]තමුන් කී දෙය ගැන උනන්දුවක් නොපෙන්වා කොරිඩෝවේ ගමන් කළ තැනැත්තා පිළිබඳව රෝහල් සේවිකාවට ඇති වූයේ අමුතු හැඟීමකි.
    [/FONT]



    [FONT=&quot]කොරිඩෝවේ සිට පොලිස් නිලධාරීන් සිටිනා ස්ථානයට රනුක් පැමිණෙන විට මළ සිරුර වසමින් සිටි පිරිස එක්වරම එය ආවරණය කර ගනිමින් නැගී සිටිය හ. එක් නිලධාරියෙකු ෂොපිං බෑගයක් ගෙන එය ඔහුට වමනය කළ හැකි පරිද්දෙන් සකස් කර ගත්තේ තව සුළු මොහොතකින් සිදුවන්නට යන දේ ගැන අත්දැකීමේ පෙර දී ඇති බැවිනි. නමුත් ඔහු පිරිස දෙසට ඇවිද ආවේ ය. අර නිලධාරියා අත ගැහෙමින් රනුක්ගේ මුව දෙසට බෑගය ඇල්ලුවේ ය. ඔහුගේ අතගැසෙන ආකාරය දුටු ගුරුසිංහ නිලධාරියාට උපදෙස් දුන්නේ බෑගය නොසෙල්වා නිසි ලෙසින් අල්ලා සිටින ලෙසිනි. රනුක් එය නොසලකා හැරියේ ය. ඔහු වට පිට බැලුවේ කිසිවකු ව හෝ සොයන්නා මෙනි.[/FONT]


    [FONT=&quot]‘පිස්සු බල්ලෝ... පිස්සු බල්ලෝ...‘[/FONT]


    [FONT=&quot]රැස්ව සිටි පිරිස උඩ විසිවූහ. මෙයද උනන්දුවාට කියන තවත් නමකි. නමුත් එය ඇසෙනවිට ඔහුට යකා වැහෙයි. දැන් රනුක් ඔහු ඉදිරියේ ම සිට එය කියයි. රණවීරට එය ඇසෙද්දී තරහ ඇවිස්සිනි. ඔහු අතින් හිසේ කොණ්ඩය ඇද්දේ ය. ‘මොකක්ද මූට ඒ පාර වෙලා තියෙන්නේ..‘ පිරිස කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටිය හ. ෂොපිනය අල්ලා සිටින නිලධාරියා පසෙකට කර ඔහු රනුක් අසලට ආවේ ය.[/FONT]


    [FONT=&quot]‘මොකක් ද උඹට ඕනා.‘[/FONT]


    [FONT=&quot]‘තමුසෙටද පිස්සු බල්ලා කියන්නේ.‘[/FONT]


    [FONT=&quot]‘මොකක්.?‘[/FONT]


    [FONT=&quot]‘ඇයි තමුසෙ මට එන්න කිව්වේ.. ඇයි තමුසෙ ඉස්සෙල්ලා කිව්වෙ ඉක්මනට එන්න කියලා..‘[/FONT]


    [FONT=&quot]‘ඒයි ඒයි... උඹ කොහොමද ඔහොම මට කතා කරන්නේ හරියට මගේ යාළුවෙක් වගේ.. ආ.. උඹට පිස්සුද?‘[/FONT]


    [FONT=&quot]රනුක් මද වේලාවක් පිස්සු බල්ලා දෙස බලා සිටියේ ය. හොඳින් හුස්මක් ගෙන හිස වටයක් කරකවා ඔහු රණවීරට පිළිතුරු දුන්නේ ය.[/FONT]


    [FONT=&quot]‘දැන් තමුසෙ මට කතා කරලා මෙතනට එන්න කිව්වේ ඕක අහන්නද?‘[/FONT]


    [FONT=&quot]‘රනුක්.... බූරුවා..‘[/FONT]


    [FONT=&quot]රණවීර හඬින් කෑ ගැසුවේ ය.
    [/FONT]



    [FONT=&quot]‘පලයන් බන් යන්න... මේ ඒක නෙමේ, දැන් මන් ආවානේ ... උඹට බෑ දැන් මාව අස් කරන්න..‘[/FONT]


    [FONT=&quot]රනුක් එය රණවීරට කීවේ ඉතාමත් සෘජු හඬිනි.
    [/FONT]



    [FONT=&quot]‘මොකක්‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මට මේ රස්සාව ටික කාලෙකට ඕනා. ඒ නිසා මගේ වැඩේ කරනකම් මාව අස් කරන්න එපා.. හරිද‘ [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රණවීරට, රනුක්ගේ හැසිරීම නිසා පිස්සු නොහැදුනා නොපමණි. ගරුසිංහ රනුක් අසලට ආවේ එය දැකීම නිසා ය.
    [/FONT]



    [FONT=&quot]‘රනුක් ... ඔයාට අවුලක් නෑ නේ..‘ ඔහු විමසූවේ මිත්‍රශීලී හඬිනි. රනුක් ඔහුව ගණන් ගත්තේවත් නැත.[/FONT]


    [FONT=&quot]‘මෙතන මේ ලේ නෑවිලා තියෙන ඩෙඩ් බොඩි එක දැකලත් ඔයාට ගාණක් නැද්ද මචං... ‘ තවත් නිලධාරියෙක් ඇසුවේ ය.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එය කියූ විට රනුක් බිම වැටී ඇති මළසිරුර දුටුවේ ය. එය වෙත ලංවීමට නම් ඔහු රණවීර පසු කර යා යුතු ය. ඔහු රණවීරව පසකට තල්ලු කර දමා සිරුරට ලං විය. රණවීර රනුක් දෙස හැරී බැලුවේ කෝපයෙනි. කෙසේවෙතත් ෂොපිං බෑගය අතේ ඇති නිලධාරියා ඉක්මණින්ම මළ සිරුරට ලං වෙන රනුක් අසලට පැමිණියේ ය. මළ සිරුර වටේ ගමන් කළ රනුක් සිනහවක් ද සමඟින් කථා කලේ ය.[/FONT]


    [FONT=&quot]‘ඒකා හොඳ සැපක් අරන් වගේ.. ඒ වුනාට ඌත් මහ මෝඩයෙක්.. මිනිස්සුන්ට හුඟක් කල් ජීවත් වෙන්න වෙන්නේ නෑ නේ. මොකටද ඌ මැදිහත් වුනේ.‘[/FONT]


    [FONT=&quot]‘මොන ගොං කතාවක් ද මූ කියවන්නේ.‘ රණවීර ද ඔහුට ලං විය. ඔහු මළසිරුරේ තුවාල පෙන්වමින් කතා කළේ ය.[/FONT]


    [FONT=&quot]‘ඌ පිස්සෙක්. ඌට මේ ලේඩිගේ අහුවෙන හැම තැනටම පිහියෙන් ඇනලා තියෙනවා.‘[/FONT]


    [FONT=&quot]‘උඹ වැරදියි නාකි මෝඩ බූරුවො.‘ රනුක් කීවේ කිසිඳු ගරුසරුවක් නැතිව ය.[/FONT]


    [FONT=&quot]‘මොකක් ද උඹ කිව්වේ...‘ රණවීරට කෑ ගැසුනේ ය.
    [/FONT]



    [FONT=&quot]‘ඌ තමුසෙ කියන විදියට අහුවෙන හැම තැනටම ඇනලා නෑ. ඌ හිතාමතාම ඇනලා තියෙන්නේ මිනිහෙක්ට වැඩියෙන්ම වේදනාව දැනෙන තැන්වලට. ඔව්... මේ බලපන් මෝඩයා...‘[/FONT]


    [FONT=&quot]රනුක් මළ සිරුර අසලින් වාඩි වූයේ ය. සියලු දෙනාම ඔහු වටා සිට ගෙන පුදුමයෙන් බලා සිටිය හ.[/FONT]


    [FONT=&quot]‘ඒකා පිහියෙන් ඇනලා, පිහිට වටේට කරකවලා තියෙනවා. හ්ම්.... මෙයා වේදනාවෙන් මැරෙනවා බලන් ඉඳලා...‘[/FONT]


    [FONT=&quot]ගුරුසිංහ මෙය අසා සිනාසුනේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මන් හිතන්නේ රනුක්ට ඇත්තටම අසනීපයි.‘[/FONT]


    [FONT=&quot]‘ටිකක් ඉන්න..‘ රනුක් මෘත ශරීරයේ තිබූ බඩවැල් කැබැල්ලක් ඇඟිලි වලින් අල්ලා ඔසවා ගත්තේ ය. මේ සමඟ බලා සිටි පිරිසට ඔක්කාරය ඇති විනි. ෂොපිං බෑගය තබා ගෙන සිටි නිලධාරියා ම එයට වමනය කළේ ය.
    [/FONT]



    [FONT=&quot]‘මේ බලන්න... මන් කිව්ව දේ... ඇන්නට පස්සේ අංශක 90 ට පිහිය කරකවලා තියෙනවා. මෙයා මැරෙන්න ඇත්තෙ ඇත්තටම මාර ම වේදනාවකින්.‘[/FONT]


    [FONT=&quot]පොලිස් නිලධාරීන් ඔහු දෙස අප්‍රියාවෙන් මෙන්ම විශ්මාර්ථයෙන් බලා සිටියේ සිදුවන දේ තේරුම් ගැනීමේ අපහසුවෙනි. නමුත් එහි සිටි සොකෝ නිලධාරියකු රනුක් ට හොඳින් සවන් දුන්නේ ය.[/FONT]


    [FONT=&quot]‘මේ වගේ කෙනෙක්ව මරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය පාතාල කල්ලි කාරයොන්ට හරි කුලියට මිනී මරන එවුන්ට තමයි.‘[/FONT]


    [FONT=&quot]‘ඒකෙ තර්කයක් තියෙනවා..‘ සොකෝ නිලධාරියා කතා කළේ ය. සියළු නිලධාරීන් එවිට ඔහු දෙස බැලුවේ ඔහු රනුක්ට කඩේ යනවා වැනි හැඟීමකිනි. නිලධාරියා ද එය තේරුම් ගත්තේ ය.[/FONT]


    [FONT=&quot]‘ඒ වුනාට ඒක හරියටම කියන්න වෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්තුවායින් පස්සෙ තමයි.‘[/FONT]


    [FONT=&quot]‘ඒකත් එහෙම ද..... රනුක් තමුසෙ කොහොමද ඕයි මේවා දන්නේ...‘ ගුරුසිංහ ඇසුවේ ය.[/FONT]


    [FONT=&quot]‘හික්ස් ඒක මහලොකු දෙයක් නෙමෙයි. මන් දන්නවා දැක්ක ගමන් ම. අවුරුදු ගාණක් තිස්සෙ මන් කරන්නේ ඒකනේ.‘[/FONT]


    [FONT=&quot]නැගී සිටි රණවීරගේ කනට කර ගුරුසිංහ කීවේ රනුක් වෙඩි වැදීම නිසා සම්පූර්ණයෙන්ම පිස්සෙක් බවට පත්ව ඇති බවයි. ඒ අතර පසු පසින් වෙනස්ම ඇමතුමක් ලැබිණි.[/FONT]


    [FONT=&quot]‘කෑම ගෙනාවා... කව්ද කෑම ඕඩර් කළේ...‘[/FONT]


    [FONT=&quot]එහි පැමිණ සිටියේ ආහාර ඩිලිවරි කරනා තරුණයෙකි. ඔහු ආහාරයැයි සිතිය හැකි පාර්සලයක් රැගෙන විත් තිබුනේ ය.
    [/FONT]



    [FONT=&quot]‘කෑම .... මොන බූරුවාද ක්‍රයිම් සීන් එකට කෑම ඕඩර් කළේ..‘ රණවීර කෝපයෙන් කෑ ගැසුවේ ය.[/FONT]


    [FONT=&quot]‘මන් තමයි.. ඇයි මොකෝ...‘ රනුක් දිසානායක නැගී සිටියේ ය. පොලිස් නිලධාරීන් තවමත් ඉන්නේ පුදුමයෙනි.
    [/FONT]



    [FONT=&quot]තවත් ටික වේලාවකින් මළ සිරුරට මදක් එහාට වන්නට ඇති මේසයක් මත තබා ගෙන රනුක් ඔහු ඇණවුම් කළ ආහාර රස බලමින් සිටියේ ය. එය හරක් මස් වලින් සෑදූ ආහාරයකි. ඔහු එය කෑදර කමින් රස විඳිනා ආකාරය ඔහු ඉදිරිපස සිටිනා පිරිස බලා සිටියේ පුදුමයෙනි.
    [/FONT]



    [FONT=&quot]‘බොස් මේකා ඉස්සර ඕවා කන්නේ නෑ නේ.. බලන්නකො කන පෙරේතකම හරියට තිරිසනෙක් වගේ නේ.. යකෝ මාංශ භක්ෂක අපිටවත් ඔහොම කන්න බෑනේ ගෙර මස්.‘[/FONT]


    [FONT=&quot]‘සර්.. මේක පොඩ්ඩක් බලන්නකො..‘[/FONT]


    [FONT=&quot]මේ අතර කණ්ඩායමේ තවත් සඟයෙක් ඔහුගේ ජංගම දුරකථනයේ යමක් පෙන්වමින් එතැනට පැමිණියේ ය. එහි දිස්වන්නේ එක්තරා පුද්ගලයෙකු පිරිසක් සමඟ තනිවම සටන් වදින ජවනිකාවකි. යූටියුබයට එකතු කර තිබූ ඒ වීඩියෝව දෙස ටික වේලාවක් බලා සිටිනා විට සටන් කරනා පුද්ගලයා වෙනත් කිසිවකු නොව මේ ඉදිරියේ සිටිනා රනුක් ම බව රණවීරත්, ගුරුසිංහත් හඳුනා ගත් හ.
    [/FONT]



    [FONT=&quot]‘උණ්ඩ පාරත් එක්ක ඇත්තටම මුගේ ඔළුව අවුල්වෙලා..‘[/FONT]


    [FONT=&quot]වීඩියෝවේ සිටිනා රනුකුත් දැන් තමුන් ඉදිරියේ ඉන්නා රනුකුත් එක් අයකුම බවත් පෙර සිටි රනුක් වෙනත් අයකු වන බවත් වටහා ගැනීමට රණවීරට අපහසුවක් නොවිනි. රනුක් ඔවුන් වෙත කිසිඳු අවධානයක් යොමු නොකර සම්පූර්ණ අවධානය කෑමට යොදවා ආහාරය රස විඳියි.
    [/FONT]



    [FONT=&quot]‘ඇත්තටම මනුස්ස ලෝකෙට එන අපේ එවුන් ආපහු යන්න අකමැති මේක නිසාම වෙන්න ඇති. පට්ට රසයිනේ මේ මස්. අනික මහන්සියකුත් නෑ නේ ගන්න. සල්ලි තිබ්බ නම් කෑම අත ලඟ‘ ඔහු තමුන්ට ම කියා ගනී. ආහාරයෙන් රනුක් වශීකෘතව සිටී.
    [/FONT]



    [FONT=&quot]මේ අතරේ රණවීර හිමින් සීරුවේ රනුක් වෙත ළං විය.
    [/FONT]



    [FONT=&quot]‘ඇත්තටම තමුසෙ රනුක් දිසානායක ද කියනවා.‘[/FONT]


    [FONT=&quot]මෙය ඔහු ඇසුවේ ආහාරයට අවධානය යොමු කර සිටි රනුක්ව තිගැස්සවමිනි. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ මුව පිරී තිබූ ආහාර කැබැලි එක්වරම පිටතට විසි වී යෑමයි. කෙළ රණවීරගේ මුහුණේ පවා වැදිනි. රනුක්ගේ මුහුණ කෝපයෙන් වියරු වැටෙනවා රණවීර ද මුහුණ පිහිදානා විට දුටුවේ ය. මෙසේ විසි වූ මස් කැබැල්ලක් බිම වැටී පෙරලී ගියේ මළසිරුරෙන් ගලා ගොස් ඇති ලේ ගොඩක් මතට ය. රනුක් එය දුටුවේ ය. එදෙස බලමින් ම නැගී සිටි ඔහු ඉදිරියේ සිටි රණවීරව පසකට තල්ලු කොට මස් කැබැල්ල ඇති ස්ථානයට ගමන් කළේ ය. ඊළඟට සිදුවන්නට යන්නේ කුමක්දැයි රැස්ව සිටි නිලධාරීන්ට වැටහිනි.
    [/FONT]



    [FONT=&quot]‘අයියෝ.... ඕක නම් කරන්න එපා.... ‘[/FONT]


    [FONT=&quot]රනුක් නිලධාරීන්ගේ බස ගණන් ගත්තේ නැත. ඒවා ඇත්තටම ඔහුට නො ඇසිණි. ආහාරයට ඔහු වශී කර තිබුනි. ලේ ගොඩ උඩ වැටී, රත් පැහැ ගෙන තිබූ මස් කැබැල්ල ඔහු අතට අරගත්තේ, කෙල පෙරමින් කටට දමාගෙන තලු මරමින් සපා දැමුවේ ය. මෙය බලා සිටි පොලිස් නිලධාරීන් බඩ අල්ලාගෙන වමනය දමන්නට පටන් ගත්තේ එය එතරම් ම හිරිකිත ක්‍රියාවක් වූ නිසාවෙනි.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘තිරිසනා. මූ නම් මිනිහෙක් නෙමෙයි අමනුස්සයෙක්‘ කව්රුන්දෝ ඔක්කාරයන් අතරෙන් කියනවා ඇසිනි.
    [/FONT]





     

    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    machan dan nm kathawa maru track ekaka yanne ?? thawa sci-fi kara nm thawath patta. pluwannm meka thawa modify karala film/tv series ekakata hoda script ekak denna. hoda producer karayek allagena hoda wedak karanna. aniwa hit wenawa. jayawewa
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දිගටම ලියපන් .ෆිල්ම් එකක් ගහන්න මරු කතාව චූටි වෙනස්කම් 2-3 කරානම් .