[FONT="]‘අයියෝ... පිස්සු හැදෙනවා බන්...හොඳේ.. ඌ මාර වැඩ කරන්නේ...‘[/FONT]
[FONT="]‘අගේ නොකර කියහන් බන්.. අවුස්සනවානේ උඹ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘හරි හරි... ඉවසපන්... කොහේද උඹලා ඉතින් කොල්ලෙක්ගෙන් ආතල් එකක් ගන්න එවුන් යැයි....‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘අනේ මේ...ආතල් ගත්තවගේ නෙමෙයි හොඳේ.. කෙලවිලා ගියොත්..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘පිස්සුද බන්...මන් ඌව ගෝනා කරන් ඉන්නේ... ඇයි බන් මගේ වියදම්වලට අම්මලගෙන් සල්ලි ගන්න පුළුවනැයි. හික්ස් ...‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘හරි හරි ඉතින් කියහන්කො.. බන් ....මාවත් ඇවිස්සිලා ඉන්නේ.... දැන් ප්‍රිෆෙක්ට්ස්ලා ආවොත් මෙතන වෙන ප්‍රශ්නයක් වෙයි ටොයිලට් එකට වෙලා අපි දෙන්නා මක් කරනවාද කියලා හොඳේ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘හරි අහපන්කො... මන් ඉතින් රවීනයාත් එක්ක ක්ලාස් කට් කරලා ෆිල්ම් හෝල් ගියා දෙහිවල හොඳේ...‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ කතා බහ කරමින් ඉන්නේ ජනප්‍රිය කාන්තා පාසැලක සිසුවියන් දෙදෙනකි. ඔවුන් හොඳම යහළුවන් වේ. පාසැල් කාමරයේ දී කතා කළ නොහැකි පෞද්ගලික දේ කතා කරන්නේ වැසිකිළියේ දී ය. එක් ශිෂ්‍යාවක ඇගේ යහළුවාට විස්තර කරන්නේ පෙර දිනයක පුද්ගලික පන්තියක යන බව පවසා නිවසින් පැමිණ තම පෙම්වතා සමඟ ගොස් චිත්‍රපටයක් බැලීමට අදාළ සිද්ධිය ය. ඔවුන්ගේ සාකච්ඡා ව යද්දී එක්වරම එක් වැසිකිළි කාමරයක දොරක් ‘දඩාස්‘ හඬින් විවෘත කර ගනිමින් කළු පැහැ ඇඳුමකින් යුත්තකු පැමිණෙනවා එක් ශිෂ්‍යාවක දුටුවා ය. ඇය අනෙක් ශිෂ්‍යාවට ද එය පෙන්වූවා ය. කළු පැහැ ඇඳුමින් සැරසුණු තැනැත්තා එම ඇඳුම සකස් කරනු ලැබූවේ ඔවුන් දෙදෙනාගේ දෙසට හැරෙමිනි. නමුත් ඒ තැනැත්තාට ඔවුන් ඉන්නා බවට දැනුමක් නොවුන බව පැහැදිලි ය. මන්දයත්, ඔහු ඔවුන් දෙදෙනා දෙස බැලූවේ ඔහුගේ ක්‍රියාවෙන් බියට පත් ශිෂ්‍යාවන් දෙදෙනා යටිගිරියෙන් ‘අපිව බේරගනියෝ‘ කියා කෑ ගසද්දී ය. ඔහුද එයින් කලබලයට පත් විනි. අවසානයේ දී ශිෂ්‍යාවන්ට දර්ශනය වූ තැනැත්තා ශිෂ්‍යාවන්ගේ අත්අඩංගුවට ගෙන පොලිස් අත්අඩංගුවට පත් වූයේ කාන්තා පාසැලක වැසිකිළියකට අනවසරයෙන් ඇතුල්වීම, ඔවුන්ට ලිංගික අතවර කිරීම ආදී නොයකුත් වැරදිවලට සැකකරුවකු ලෙසිනි.
[/FONT]
[FONT="]අත්අඩංගුවට ගත් තරුණයාව අපරාධ අංශයට යොමු කර තිබිණි. ඔහු මේසයක් ඉදිරිපිට අසුන් ගෙන සිටියේ ය. බලන්නෙකුට පෙනෙන්නේ බරපතල කල්පනාවක යෙදී සිටිනවා මෙනි. එය සත්‍යයකි. ඔහු කල්පනාවේ යෙදී සිටියේ සැම විටම තමුන් වැසිකිලිවලටම ඇතුල්වන්නේ මන්ද යන්න සම්බන්ධයෙනි. ඔහුට ඇති විශේෂ හැකියාවන්ගෙන් එකකි, එක් තැනකින් අතුරුදන්ව වෙනත් තැනකින් මතුවීම. දැන් මෙය ලෝකයට අසත්‍යයක් නැත්නම් බොරුවක් වූවාට අතීතයේ මේ ක්රියාවේ යෙදෙන්නන් බොහෝ විය. ඉංග්‍රීසියෙන් [/FONT]teleportation[FONT="]ලෙසින් මේ පිලිබඳව හැඳින්වේ. බෞද්ධයන්ට නම් මෙය අමුතු දෙයක් නොවේ. නමුත් බටහිරට මෙය අමුතු දෙයකි. සෑම දෙයක් දෙසම විද්‍යාවේ ඇසෙන් බලන්නන් මේ ගැන විශ්වාස නොකරයි. එහෙත් ඔබ ‘විශුද්ධිමාර්ගය‘ කියවන්නේ නම් සමථ භාවනාව වඩන්නෙකුට කල හැකි දේ හඳුනා ගනී. පොළොවේ කිමිදීම, අහසේ පියැඹීම, තැනකින් අතුරුදන්ව තවත් තැනකින් මතුවීම එවැන්නකුට සාමාන්‍ය දේ ය. අවාසනාව වන්නේ දැන් එවැනි මනස දියුණු කරන්නෝ නොමැති වීම පමණි. දැන් මේ තැනැත්තාට ප්රශ්නය ව ඇත්තේ මතුවන ස්ථානය නිවැරදි නොවීමයි. නමුත් තමුන්ට අවශ්‍ය ජනශූන්‍ය ස්ථානයකට ගමන් කිරීම වීම නිසාවෙන් මේ ගැටළුව මතුවන බව ඔහුගේ අදහස විය. මිනිස් ලොවේ මිනිසුන් පුදුම ය. වැසිකිළිය පවා ඔවුන් දැන් හිස් නොකරයි. මෙසේ කල්පනාවේ ගිලී සිටින විට තමුන් දෙස බලමින් පෑනක් සපමින් පැමිණෙන පොලිස් නිලධාරියකු ඔහු දුටුවේ ය. ඔහු එන්නේ තමුන් සිටිනා ස්ථානයට ය.
[/FONT]
[FONT="]අපරාධ අංශයේ පොලිස් සැරයන් ගුරුසිංහ කැන්ටිමට වී නිදහසේ සිගරැට්ටුවක් පානය කරමින් සිටින අවස්ථාවකදී අංශයේ ස්ථානාධිපති විසින් පැවරූ රාජකාරිය වූයේ නගරයේ ප්‍රසිද්ධ පාසැලක වැසිකිළියකට ඇතුල් ව අත්අඩංගුවට පත් තරුණයකුගෙන් ප්‍රශ්න කිරීම ය. ඔහුට එනිසා පානය කරමින් සිටි සිගරැට්ටුව අඩක් බී අවසන් කිරීමට සිදු විය. රාජකාරිය ඇරඹුනේ ම මේ තරහව ද සමඟිනි. ‘මුන්ගේ වනචරකම් නිසා අපිට තමයි නිදහසක් නැත්තේ...‘.... පණිවිඩය ලැබීමෙන් පසුව සැරයන් ගුරසිංහ අපරාධ අංශයට පැමිණියේ ය. ඔහු තමුන්ගේ මේසය අසල වාඩි වී කල්පනාවක සිටි තැනැත්තා දුර දීම දැක්කේ ය. ‘ම් ම් මූණෙ පෙනුම නම් වැදගත් වගේ.. ඒ වුනාට මූ කරලා තියෙන්නේ මහ ජරා වැඩක් නේ.. බලමු..‘ තමුන් දෙස කිසිඳු සිනහවක්වත් නොමැතිව බලා සිටි තරුණයාගේ ඇස් වල බැල්ම ඔහු කිසිවිටෙක වැරදිකරුවකුගේ මූණෙන් දුටු බැල්මක් නොවේ. ගුරුසිංහ අත්දැකීම් ඇති සැරයන්වරයෙකි. ඔහු තමුන්ගේ අසුනේ අසුන් ගත්තේ ය. පැමිණිල්ලට අදාළ බල අපරාධ වාර්තා පොත පෙරලා කියවා බැලුවේ ය. ඒ කියවන අවස්ථාවේ දී වරින් වර ඉදිරියේ සිටිනා තරුණයා දෙස ද බැලුවේ ය. ඔහු වගේ වගක් නැති ව සිටී. පැමිණිල්ල කියවා අවසානයේ පෑන අතට ගත් ඔහු සැකකරුගේ ප්‍රකාශය සටහන් කිරීමට සූදානම් විය.
[/FONT]
[FONT="]‘හ්ම් හරි කියනවා බලන්න තමුසෙගෙ නම..‘[/FONT]
[FONT="]‘මොකක් ?‘[/FONT]
[FONT="]ඔහු පුදුම විය. නම ඇසූවිට මොකක්දැයි අසන්නේ ....[/FONT]
[FONT="]‘තමුසෙගෙ නම කියනවා මෙතන ලියාගන්න...‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ම් ම් නම.... ‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නම ඇසූවිට තරුණයා මදක් කල්පනා කරනවා ඔහු නිරීක්ෂණය කළේ ය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘නම ඇවිල්ලා... ආ හරි ... රනුක් .... රනුක් දිසානායක ... ඔව් ඒක තමයි..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පොලිස් නිලධාරියා නම ලියා ගත්තේ ය. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘වයස...‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘වයස...මගේ..... ම් ම් ඒක නම් දැන් හරියටම මතක නෑ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘මොකක්... ඕයි මේ පිස්සු කෙළින්නෙපා.. කාලෙ නොකා නම කියනවා...‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඔහේට තදවුනාට මට කොරන්න දෙයක් නෑ.. මතක නැති එක තමයි මතක නෑ කිව්වේ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඕයි ඕයි.. මේ තමුසෙගෙ කටේ ශද්දෙ අඩු කර ගන්නවා හරිද.. මේක පොලීසිය. තමුසෙගෙ ගෙදර නොවේ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘හරි දැන් කියනවා තමුසෙගෙ අයිඩෙන්ටි කාඩ් නම්බර් එක.‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තරුණයා නැවතත් කල්පනා කරයි..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ම් ම් .... එහෙම එකක් මට නෑ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘හරි කියනවා තමුසෙ රස්සාවක් කරනවා ද?‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්රශ්නය ඇසුවත් ‘රස්සාවක් කරනවානම් මේ වගේ පජාති වැඩ කරනවැයි..‘ කියා තමුන්ටම කියා ගත්තේ ය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘රස්සාව නේද... ම් ම්.... ආ ඔව් නේන්නම්... මම පොලිස් ඔෆිසර් කෙනෙක්..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘මොකක්... තමුසෙ පොලිස් ඔෆිසර් කෙනෙක්... ඕයි මේ තමුසෙ දැන් මට මල පන්නවන්න හදන්නේ හොඳේ... වනචර වැඩ කරලා තව අපිව විහිලුවටත් ගන්නවා ද?‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘වනචර වැඩ??. මොකක්ද ඕයි මන් කරපු වනචර වැඩේ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තමුන් ඉදිරියේ අශෝභන ලෙසින් හැසිරෙනවා මදිවාට මොහු කට ගැසීමට ද එයි. තරුණයා කිසිඳු ගරුසරුවක් නොමැතිව කකුල ඔසවා වාඩි වී සිටින පුටුව මතින් තබා ගත්තේ ය. ඔහු ඇඳ සිටි ඇඳුමට යටින් කිසිඳු ඇඳුමක් ඇඳ නොමැති බව ගුරුසිංහ දුටුවේ එවිට ය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඒයි වහගනින් උඹෙ ඕක‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘වහගන්න.. ඇයි තමුසෙ හිතුවද මට දොරක් තියෙනවා කියලා වහන්න ආ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සැරයන් ගුරුසිංහට තරහත් සමඟ සිනහවකුත් මතු විය. ‘මූ පිස්සෙක්ද කොහේද‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘හොඳ හිතින් කියන්නේ කකුල පහලට දාපන්..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තරුණයා ගනන් ගන්නේ නැත. සැරයන් ගුරුසිංහට යක්ෂාවේශ විය. ඔහුට අසුනෙන් නැගිටුනේ ය. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘උඹ හදන්නේ මා එක්ක රණ්ඩු වෙන්න ද යකෝ..‘ [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ සමඟ තරුණයා වෙනතක් බලනවා ගුරුසිංහ දුටුවේ ය. රනුක් දුටුවේ දෙදෙනකු විසින් මේසයක් මත තබා ගෙන කෑම ගන්නා දර්ශනයකි. ඔහු එදෙස විමසිල්ලෙන් මද වේලාවක් බලා සිටියේ ය. කුසගින්න දැනුනේ එවිට ය. ඔහු වහාම නැගිට, ඒ කෑම කන්නන් සිටින ස්ථානයට ගියේ ය. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඒයි උඹ ඔය කොහේද යන්නේ.. ඔහොම හිටපන්..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගුරුසිංහ කෑ ගසයි. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රනුක් හිමින් සීරුවේ ගොස් වාඩි වී සිටි එක් අයකුව අතින් ඇද ඉවත් කළේ ය. එහි සිටියේ ද පොලිස් නිලධාරීන් ම දෙදෙනෙකි. අතින් ඇද ඉවත් කළ පොලිස් නිලධාරියා ඒ අවස්ථාවේ දී සුප් භාජනයක් රස විඳිමින් සිටියේ ය. ඔහු සිටි ස්ථානයෙන් අසුන් ගත් රනුක් හැන්ද අතට ගෙන සුප් හැන්දක් පානය කළේ ය. එහි රසයෙන් අමන්දානන්දයට පත් ඔහු එය බොන්නට විය. සැරයන් ගුරුසිංහද මේසය වටේ දුවගොස් රනුක්ගේ කමිසයෙන් අල්ලා ගත්තේ ය. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘වරෙන් යන්න.. මොනවාද උඹ ඔය කරන්නේ... පිස්සෙක්ද මේ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නමුත් රනුක් නොනැවතී සුප් රස විඳියි. එහි මහා ගාලගෝට්ටියකි. මේ ගාල ගෝට්ටිය ඇසී තවත් නිලධාරීන් එහි රැස් විය. ඒ අතර සිටි එක් නිලධාරියකු රනුක් ව හඳුනා ගත්තේ ය. ඔහු රැස්ව සිටි අනෙක් පිරිසට රනුක් දිසානායකගේ තත්ත්වය විස්තර කර තත්ත්වය පාලනය කළේ ය. රනුක්ගේ තත්ත්වය දැන ගත් පසු අනෙක් නිලධාරීහු ඔහුට අනුකම්පා කළහ. ඔහු ආහාර ගන්නා විලාශය අනුව නො සෑහෙන කුසගින්නකින් පෙලෙන බව පෙනී යන නිසා තව තවත් සුප් හා අනිකුත් ආහාර ඔහුට ලැබෙන්නට සැලැස්වූහ. මේ අතර රනුක්ව හඳුනාගත් නිලධාරියා, උනන්දුවාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘සර්.. මන් .. පොලීසියෙන්.. අර ඔෆිසර් රනුක් අපි එක්ක ඉන්නවා..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘මොකක්.. රනුක්.. ඌ මොකක් ද ඔහේ කරන්නේ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඒක තමයි සර්.. මිනිහා අර ... ලේඩීස් කොලේජ් එකට ගිහිල්ලා... ඒකෙ ටොයිලට් එකේ ඇඳුම් නැතිව ඉඳලා.. පස්සේ ප්‍රින්සිපල්ගේ 119 කෝල් කරලා.. අපේ අය ගිහින් අරන් ඇවිත් තියෙනවා..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘අයියෝ...මූ මොනාද අප්පා කරන්නේ.. කෝ දැන් ඒකා.‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඉන්නවා සර්..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘දෙන්න ඕකට ෆෝන් එක‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිලධාරියා රිසීවරය පසකට කර රනුක් ට කතා කළේ ය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඔෆිසර්... ඔෆිසර්.... ඔයාට කෝල් එක.... ‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වන විටත් රනුක් බලා සිටියේ කෑම දෙස ය. ඔහුට පොලිස් නිලධාරියා ගැන කිසිඳු අවධානයක් නොතිබිණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘රනුක්.. මේ කෝල් එකට ආන්ස්වර් කරන්න... රනුක්...මේ ඔයාලගේ ටීම් එකේ ලොක්කා.‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘මන් දන්නෙ නෑ එහෙම එකෙක් ව.‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඒක වෙන්නේ කොහොමද... IP රණවීර කියන්නේ ඔයාගේ පාට්නර්..බොස්... ඉක්මනට මේකට ආන්ස්වර් කරන්න.‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අකමැත්තෙන් නමුත් රනුක් දුරකථනය රැගෙන කනේ තබා ගත්තේ ය. එයත් ඔහු තබා ගත්තේ මයික්‍රෆෝනය කණටත්, ඉයර්ෆීය කටටත් සිටින ලෙසිනි.[/FONT]
[FONT="]‘කෝ .. මොකක් ද තමුසෙට ඕනා. කෝ කතා කරනවා... මොකෝ ඕයි වද දෙන්නේ කතා කරනවා‘[/FONT]
[FONT="]‘ඔෆිසර්...ඔයා රිසීවරේ තියන් ඉන්නේ වැරදියට... අනෙක් අතට හරවන්න ඕක..‘[/FONT]
[FONT="]‘තමුසෙ එනවාද මට උගන්වන්න... මන් දන්නවා ඕයි..‘[/FONT]
[FONT="]රනුක් රිසීවරය නිසි ලෙසින් ආපසු තබා ගත්තේ ය.
[/FONT]
[FONT="]එය තියා ගන්නා විටම ඔහුට මහ හඬින් ‘යක්ෂයො... කථා කරපන් .... බයගුල්ලා..‘ යැයි කවුරුන් හෝ කෑ ගසනවා ඇසිනි. ඒ සමඟම ඔහු රිසීවරය පසකට කර පුදුමයෙන් එදෙස බැලුවේ, එය ආපසු තබා ගත්තේ ය.[/FONT]
[FONT="]‘මොකද යකෝ...‘
[/FONT]
[FONT="]රනුක් කථා කලේ ඔහුට අමතන්නාටත් වඩා හඬිනි.
[/FONT]
[FONT="]‘කොහොමද යකෝ උඹ බය නැතිව මට ඔහොම කථා කරන්නේ? උඹට පිස්සුද‘[/FONT]
[FONT="]අනෙක් පසින් කථා කරයි.
[/FONT]
[FONT="]‘මේ අහපන් මන් මේ වෙලාවේ බිසී.‘[/FONT]
[FONT="]රනුක් උත්තර දෙයි.[/FONT]
[FONT="]‘බිසී.. අනේ මන් නොදන්න උඹගේ බිසිය. රනුක් දිසානායක හොඳට අහගනින්. උඹ දැන්ම මෙතෙන්ට නොආවොත් උඹේ පොලිස් රාජකාරී ඉවරයි. අන්න ඒක මතක තියාගනින්...‘
[/FONT]
[FONT="]ඒ සමඟ දුරකථනය විසන්ධි විය.. රනුක් එදෙස මදක් බලා සිට දුරකථනය නැවතත් කට ඇරගෙන බලා සිටිනා නිලධාරියාට ලබා දුන්නේ ය.
[/FONT]
[FONT="]රනුක් සමඟ දුරකථනයෙන් කථා කරමින් සිටි බුද්ධි ඒකකයේ උනන්දුවා ඒ වන විටත් ඇවිදන් යමින් සිටියේ මිනීමැරුමක් සිදු වූ ස්ථානයක් කරා ය. පොලිස් නිලධාරීන් අදාළ කොරිඩෝවේ ආරක්ෂාව සපයමින් සිටී. ඔහු දුරකථනයට බනිමින් යන විට අතරමගදී දෙවැනියා වූ රංජිත් ගුරුසිංහව ද හමු විය. රංජිත්, උනන්දුවාව අපරාධ ස්ථානයට කැඳවා ගෙන ගියේ ය. අපරාධ ස්ථානය වෙන්කර තිබූ කහපැහැ පටි අතරින් රිංගා යද්දීත් උනන්දුවා දුරකථනයෙන් රනුක් සමඟ කතා කරමින් සිටියේ ය. දුරකථනය විසන්ධි වූ පසු රංජිත් කතා කලේ ය.[/FONT]
[FONT="]‘මොකෝ කෑ ගහන්නේ.‘[/FONT]
[FONT="]‘අර බූරුවා... ඌට කිසිම වගක් නෑ..‘[/FONT]
[FONT="]‘කව්ද..‘[/FONT]
[FONT="]‘කව්ද අහන්නේ, රනුක්..‘[/FONT]
[FONT="]‘අප්පට හුඩු... ඌ ඉන්නවාද‘[/FONT]
[FONT="]‘ඇයි ....‘[/FONT]
[FONT="]‘නෑ නෑ... මුකුත් නෑ..‘[/FONT]
[FONT="]රංජිත් ගුරුසිංහට උදෑසන රනුක් සමඟ වූ හමුව සිහිපත් විනි.
[/FONT]
[FONT="]‘ඌ හරියට මට කතා කරන්නේ මන් උගේ යාළුවෙක් වගේ..‘[/FONT]
[FONT="]දෙදෙනා කථා කරමින් බිම වැටී තිබූ මෘත ශරීරය ඇති තැනට ගමන් කළෝ ය. මෙය නගරයේ තිබූ එක්තරා මහා පරිමාණයේ රෝහලකි. මියගොස් තිබුනේ එම රෝහලේම සේවය කරනා නිලධාරිනියකි. ඒ වන විටත් මෘත ශරීරය සොකෝ නිලධාරීන් පරීක්ෂා කරමින්, ඡායාරූප ගනිමින් සිටිය හ. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වී නො තිබිනි. මෘත ශරීරය වැටී ඇති ස්ථානයේ සිට ගලා ගිය රුධිරය සෑහෙන දුරකට විසිරී ඇත. මරණකාරිය වැටී තිබුනේ උඩු පෙලි අතට ය. ඇගේ අසලින් නැත්නම් දෙපසින් රංජිත් සහ උනන්දුවා පහත් වී සිරුර පරීක්ෂා කළහ. විස්තරය ඉදිරිපත් කළේ රංජිත් ය.[/FONT]
[FONT="]‘කවුරුඋනත් මේක කරපු එකා සයිකො කෙනෙක් වෙන්න ඕනා. මැරෙනකම්ම ඇනලා තියෙනවා. පේනවනේ බොඩි එකේ හැටි.‘[/FONT]
[FONT="]‘ඒත් ඉතින් මෙච්චර අනින්නෙ ඇයි. බලනවාකො බොකු බඩවැල් හිටන් එලියට ඇවිල්ලානේ... ‘[/FONT]
[FONT="]‘මට හිතෙන විදියට මේක, මේ ගෑනි මනුස්සයෙක් කියලා හිතලා නෑ.... කෝ සාක්ෂිකාරයෝ..‘
[/FONT]
[FONT="]‘අර ඉන්නෙ..‘
[/FONT]
[FONT="]රංජිත් විසින් සිද්ධියේ සාක්ෂිකාරියක සිටිනා ස්ථානය උනන්දුවාට හිසෙන් පෙන්නුවේ ය. ඒ වන විටත් ඇයගේ ප්‍රකාශය තවත් නිලධාරියකු විසින් ලබා ගනිමින් සිටිනා ලදි. ඇය පැළඳ සිටින රාජකාරී හැඳුනුම්පතින් ඇගේ නම උනන්දුවා බලාගත්තේ ය.
[/FONT]
[FONT="]‘මිස් තුෂාරි අබේසිංහ... හරි නේ ද?‘[/FONT]
[FONT="]ඇය හිස වනා හරි බව පිළිගත්තා ය. මළසිරුර දෙසා බලා මදක් කල්පනා කළ උනන්දුවා ඇගෙන් ප්‍රශ්න කලාය.
[/FONT]
[FONT="]‘මට අපේ ඔෆිසර් කිව්වා මිස් දැක්කා කියලා මේ මැරිලා ඉන්න කෙනාට පිහියෙන් ඇනලා පැනලා ගිය ලෙඩාව..‘[/FONT]
[FONT="]‘ඔව්..‘ ඇය බියපත් හඬින් පිළිතුරු දුන්නා ය.[/FONT]
[FONT="]‘ඒ වෙලාවේ මේ මිස් තමයි වාට්ටුවලට යන්න හිටියේ... ඒ කියන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න... එයා බෙහෙතුත් අරන් ගියා... සාමාන්‍යයෙන් රවුම ගිහිල්ලා එන වෙලාවට එයා ආවේ නැති නිසා මම ආවා මිස්ව බලන්න. එතකොට තමයි දැක්කෙ.‘[/FONT]
[FONT="]‘එතකොට දැන් මිස් කියන්නේ මේ කෙනාට පිහියෙන් ඇන්න කෙනා, මිස්ට කිසිම කරදරයක් තර්ජනයක් නොකර දුවලා ගියා කියලා නේද? ඒ කියන්නේ මිනීමරුවා දැක්කානේ මිස් මේ සිද්ධිය දැක්කා කියලත්...‘
[/FONT]
[FONT="]‘ඔව්..‘
[/FONT]
[FONT="]මොවුන් මෙසේ සාකච්ඡා කරමින් සිටිනාතුර බුද්ධි අංශයේ ප්‍රධානියා වන උඩුගම ද අපරාධ ස්ථානයට පැමිණියේ ය.
[/FONT]
[FONT="]‘මගේ අම්මෝ....‘
[/FONT]
[FONT="]ඔහු ආ විගස අපරාධ ස්ථානයේ රැඳී සිටි ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ට අතට අත දී කථා කලේ ය.
[/FONT]
[FONT="]‘ඔයාලා නියමෙට වැඩේ කරලා තියෙනවා. මෙතන ඉඳන් ඉස්සරහට වැඩේ කරන්නේ අපි හොඳේ..ඒ නිසා ඔයාලා ගියා නම් හරි.. මෙතන ඉන්න අවශ්‍ය නෑ.‘[/FONT]
[FONT="]ඔහු දෙස රංජිත් මෙන්ම රණවීරත් බලා සිටියේ ය.
[/FONT]
[FONT="]‘තව සී අයිට කියන්නේ වැඩේ නියමයි කියලා... මන් කොහොමත් මිනිහට ගරු කරනවා. අනික මගේ බැචා නේ.‘[/FONT]
[FONT="]‘දැන් මේක කියන්න ඔබතුමාට විශ්වාසද අපි ඉන්වෝල්ව් වෙන්න ඕනා නෑ කියලා.‘[/FONT]
[FONT="]‘අම්මෝ ඔව්.. අපි ට පුළුවන්..ඔයාලා යන්න‘[/FONT]
[FONT="]‘සී අයි කිව්වෙ...‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘සී අයි කියපුවා වැඩක් නෑ අප්පා ... ඔයාලා යන්න..‘[/FONT]
[FONT="]ඉන්පසු ඔහු රංජිත් සහ රණවීර වෙත පැමිණියේ ය.
[/FONT]
[FONT="]‘හැම රෙද්දටම පනිනවා... මළ වදේ.. ඒක නෙමෙයි. මොකක්ද මෙතන වෙලා තියෙන්නේ, ඔහේලා මොනා හරි හොයාගත්තද?‘[/FONT]
[FONT="]ඔහුත් මෘත ශරීරය නිරීක්ෂණය කළේ ය.
[/FONT]
[FONT="]‘තාම නෑ. අපි සීසීටීවී කැමරා එහෙම චෙක් කරනවා.. මේ හරියෙ හැටියට කැමරාවක නොවැදි වැඩි දුරක් යන්න බෑ.. අනික ලෙඩෙක් නිසා කොහේ හරි හැංගිලා ඉන්නවාත් ඇති. මට ෂුවර් අපිට මිනිහාව ඉක්මණට ගන්න පුළුවන් වෙයි.‘[/FONT]
[FONT="]‘නියමයි..‘[/FONT]
[FONT="]උඩුගම කථා කළේ අසුරු සන් ගසමිනි.
[/FONT]
[FONT="]‘ඒක නෙමෙයි.. ඒ යකා මොකාද කියලා අඳුන ගත්තද?‘[/FONT]
[FONT="]‘ඒකා ලෙඩෙක් කියලා තමයි කියන්නේ.. මෙහෙට දීලා තියෙන නම කමල් සුරත් දිසානායක වුනාට ඒක ඇත්ත නමක් නෙමෙයි. විස්තර අපි හොයලා බැලුවා. ඒවා හදපු ෆෝජ් ඩොක්යුමන්ට්ස්..‘[/FONT]
[FONT="]‘ඒ මොනාවුනත් අපි ඒකාගේ ඇඟිලි සලකුණුයි, ඩීඑන්ඒ ගැන චෙක් කරනවා..මිනිහා නැවතිලා ඉඳලා තියෙන්නෙත් මේ හොස්පිට්ල් එකේම කාමරේක. ඒකෙන් සාම්පල් අරන් තියෙනවා. ඒ නිසා ඉක්මනට අපිට ඌ මොකාද කියලා අඳුනගන්න ලැබෙයි.‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘හරි මේ අහනවා.. මේක අපිට හොඳ චාන්ස් එකක්. කොහොමහරි මේක හරියට කරන්න ඕනා.. මෙකෙන් අපිට අපේ ගෞරවය ආරක්ෂා කරගන්න පුළුවන්.‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘ඔව් සර්..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ අතර එම ස්ථානයට ඒකක 5 නිලධාරියකු දුවගෙන ආවේ ය. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘මොකෝ මොකෝ..‘[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]‘සර්... මේ ලෙඩා ඉඳිය රූම් එකේ කොමඩ් එකේ රැඳිලා තිබිලා අපිට මෙන්න මේ කොළ කෑල්ල හම්බවුනා.‘
[/FONT]
[FONT="]ඔහු විසින් යමකුගේ රූපයක් ඇති කොළ කැබැල්ලක් සහිත ඉටි කවරයක් පොලිස් නිලධාරීන්ට ලබා දුන්නේ ය.
[/FONT]
[FONT="]‘මන් හිතන්නේ මේක පුච්චලා ෆ්ලස් කරන්නයි මිනිහා හදලා තියෙන්නේ.. වාටි වල තියෙන්නේ පිච්චිච්ච ලක්ෂණ.‘[/FONT]
[FONT="]‘මොකක්.. කව්ද මේ..‘[/FONT]
[FONT="]එය සියළු දෙනාම පරීක්ෂා කළහ. පාසැල් සිසුවෙකුගේ රූපයක් එහි විනි.
[/FONT]
[FONT="]‘ඔහේලා හිතන්නේ මේ ඒකාගෙ පුතා කියලා ද?‘[/FONT]
[FONT="]‘මන් දන්නේ නෑ.‘[/FONT]
[FONT="]‘මන් කියන්නද. රංජිත්... ඔයා මේක ලැබ් එකට අරන් ගිහිල්ලා බලන්න මොනා හරි ඇඟිලි සලකුණු හරි ඩීඑන්ඒ හරි තියෙනවාද කියලා.. තව මේ ඉන්න කෙනාව අඳුනන්න පුළුවන්ද කියලාත් බලන්න.‘[/FONT]
[FONT="]‘මොකක්.‘[/FONT]
[FONT="]‘හරි ම්ම් මන් හිතන්නේ මට ටොයිලට් එකට යන්න ඕනා.. ගිහිල්ලම යන්නම්.‘[/FONT]