පෙම්වතාගේ මතක බණ දවසේ ශිෂ්‍යාව සිය දිවි න&#352

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
පෙම්වතාගේ මතක බණ දවසේ ශිෂ්‍යාව සිය දිවි න&#352

පෙම්වතාගේ මතක බණ දවසේ ශිෂ්‍යාව සිය දිවි නසාගනී

නිශ්ශංක සංජීව - ඌරගස්‌මංහන්දිය විශේෂ

කොටදෙණියාව, වරාදල ප්‍රදේශයේ පාසල් සිසුවියක්‌ ගෙල වැළලාගෙන මියගොස්‌ තිබේ. 16 වැනිදා අලුයම 1.00 ට පමණ තම නිවසේ ඉදිරිපස ඇති ගසක එල්ලී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවකි. මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුද, බාල සහෝදරයෙක්‌ හා සහෝදරියක්‌ද ඇත. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා විවාහ වී වෙනම ජීවත්ව ඇත.

බාල සහෝදරයා සහ සහෝදරියත්, පියාත් සමග මියගිය සිසුවිය වරාදල නිවසේ ජීවත්ව ඇත. මෙම පවුලේ මව විදේශගතවී ඇත. නිවස ආසන්නයේ තරුණයෙකු සමග මෙම ශිෂ්‍යාව ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගෙන සිට ඇත. එම තරුණයා මීට දින 7 කට ඉහතදී හදිසි අනතුරකට ලක්‌ව මියගොස්‌ තිබේ.

එම තරුණයා මියගොස්‌ හත් දවසේ ධර්ම දේශනය දවසේ මෙම සිසුවිය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත. ඇය තම මව නොමැතිව නංගී සහ මල්ලීව රැක බලා ගනිමින් ඉතා කටුක ජීවිතයක්‌ ගත කළ බවත් ප්‍රේම සම්බන්ධය නිසා එය සුළු ප්‍රමාණයකින් යටපත් වූ බවත් තමා ආදරය කළ තරුණයාද තමන්ට අහිමි වී ඇති බවත් තමන්ද තම පෙම්වතා ගිය ලෝකයට යන බවත් සඳහන් කර ලිපියක්‌ ලියා සිසුවිය දිවි හානි කරගෙන ඇත.

එම ලිපිය කොටදෙනියාව පොලිස්‌ භාරයට ගෙන තිබේ.

කොටදෙනියාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුජිත් උදය කුමාර මහතාගේ මූලිකත්වයෙන් පො.සැ. (32638) ජී. ඒ. රෝහණ, පො. කො. (34255) රාජපක්‌ෂ යන නිලධාරීහු පරීක්‌ෂණ සිදු කරති.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    :shocked::(පුදුමයි මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවද බන්.දවසක් මම නිව්ස් එකක් දැක්කා දෙන්නම වහ බොමු කියලා කැලේට ගිහින් ඉස්සෙල්ලා කොල්ලට වහ බොන්න කියලා කෙල්ල ගෙදර ගිය සීන් එකක්.:D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ohoma kello innawa machan tamat

    adare wenuwen hats off for that lady

    but minisatkama kiyana paten ea nangi karagena tiyene naraka deyak.. tawa iwasana tibba..tamange jiwithe haani kara gana unat eyata aithiyak na
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ දෙන්නගේ පව් ඉක්මනින් ගෙවිලා ඊලග හම්බෙන ආත්මේ හොද ආදරවන්තයෝ විදියට ඉන්න ලැබේවා කරදර අඩුවෙන්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :shocked::(පුදුමයි මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවද බන්.දවසක් මම නිව්ස් එකක් දැක්කා දෙන්නම වහ බොමු කියලා කැලේට ගිහින් ඉස්සෙල්ලා කොල්ලට වහ බොන්න කියලා කෙල්ල ගෙදර ගිය සීන් එකක්.:D
    :lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දුකයි තමයි ඉතින් ඒත් ඉතින් දැන් සනීපෙට අපායෙ දුක් විදිනව ඇති
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    :shocked::(පුදුමයි මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවද බන්.දවසක් මම නිව්ස් එකක් දැක්කා දෙන්නම වහ බොමු කියලා කැලේට ගිහින් ඉස්සෙල්ලා කොල්ලට වහ බොන්න කියලා කෙල්ල ගෙදර ගිය සීන් එකක්.:D

    උබට කියන්න බන් මන් 11 වසරේදී අපිත් එක්ක හිටපු එකෙක් කෙල්ලත් එක්ක ගියානේ ගගේ පනින්න..වැල් බුරුවට හොදට පිනන්නත් පුළුවන්..මු කැකුළු බදාගෙන කෙල්ලත් එක්ක පැනලා..කෙල්ල කොහොම හරි ලිහාගෙන ගෙදර ඇවිල්ලා..:yes::yes::confused::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා ලව් කරන එවුන්ට මොකක් හරිම හෙනයක් පාත් වෙනවා.. කරුමක්කාර හැත්ත ඉතුරු වෙනවා..:(