පෙම්වතියක් තෙරීමට....

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    පෙම්වතියක් තෙරීමට....

    හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි.
    කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්,
    "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.."

    එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්තෙන් මං ඒක දන්නෙ නෑ. මගේ දැක්මට අනුව කියන්නම්...
    වර්තමානයේ නම් තරුණ වයසෙ කෙනෙක් තමන්ගෙ පෙම්වතා/ පෙම්වතිය තෝරගන්නෙ කාරණා 3ක් නිසා,


    1. අනිත් අය කරන නිසා / සමාජ සම්මතයක් නිසා
    2. කායික / මානසික ආශාවන් සන්තර්පණයට
    3. අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා
    1. අනිත් අය කරන නිසා / සමාජ සම්මතයක් නිසා


    ඇත්තටම වයස 18 හෝ 16න් පහළ , පාසල්වල ශිෂ්‍යයන් මේකට පෙළඹෙන්නෙ මෙන්න මේ නිසා. ඔවුන්ට ඇත්තටම කොහෙත්ම තමන් මේ කරන්නෙ මොකක්ද, ඒකෙ අවසානය මොකක්ද කියලවත් හැඟීමක් නෑ. ඔවුන්ට එදිනෙදා දකින්න ලැබෙන දේවල් නිසා මේකට පෙළඹෙනවා. මීට අවුරුදු 5කට 6කට කළින් හැංඟි හැංඟි පවත්වපු මේ ආදර කතා, අද වෙනකොට ප්‍රසිද්ධියේ පාසල් නිල ඇඳුමින්ම ඉන්න තත්වයකට පත් වෙලා. මං මේ කියන්නෙ ඒක සම්පුර්ණයෙන් වැරදියි කියන එක නෙවෙයි. ඒක ඉතාමත් සාමාන්‍යයි ඒත් දැඩි පාලනයකට යටත් වෙන්න ඕන. නැත්නම් තමන් නවතින්නෙ කොහෙන්ද කියන එක තමන්ටත් හිතා ගන්න බැරි වෙයි. මේක වැඩිපුරම බලපාන්නෙ ගැහැණු ළමයින්ට. අද වෙනකොට අවංකවම අඩුම තරමින් කොල්ලෙක් එක්ක පාර්ක් එකකට රිංගපු නැති කෙල්ලෙක් හොයාගන්න බැරි තරමට මේක පැතිරිලා..


    දැන් ඔබ කියාවි, ඇයි කෙල්ලන්ගෙ පැත්තෙන් විතරක්, කොල්ලොත් එහෙමනෙ කියල.. ඔව්.. ඒත් මතක තියා ගන්න කවද හරි විවාහ වෙන දවසට නෑදෑයො හොයන්නෙ කෙල්ලගෙ පැත්ත විතරයි. කොල්ල ගෑණු 10ක් එක්ක නිදාගෙන තිබුනත් ඒක බලන්නෙ නෑ, දැන ගන්නත් බෑ.. ඒත් කෙල්ලෙක්ට චරිතෙ කියන එක බොහොම වටිනවා.. ඒක අසාධාරණයි තමයි... ඒත් ඒක එහමම තමයි
    7.gif



    2. කායික / මානසික ආශාවන් සන්තර්පණයට


    මේකත් එහෙමම තමයි. බොහෝ විට මේක වෙන්නෙ blue films නිසා.. කතා කරල තේරුමක් නෑ.. ලංකාවෙ කෙල්ලො කොල්ලො කොච්චර පහත් තත්වෙට මේ වෙනකොට වැටිලද කියල හිතාගන්න පුළුවන්.. කෝරලේ මහත්තයා ලියපු මේ පෝස්ට් එක කියවන්න (බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18++)
    මං දන්න කියන මාතර ගෙස්ට් හවුස් එකක් කරන කොල්ලෙක් ඉන්නවා. කාමර 6යි. මාසික ආදායම කීයක් කියලද හිතන්නේ ?
    රුපියල් එක්ලක්ෂ හැටදාහ පනිනිවා. ඒකෙන් ගෙදර කුළිය විදියට හතලිස්දාහක් ගෙවනවා. ඉතිරිය ශුද්ධ ලාභය.. වැඩිපුරම එන්නෙ ඉස්කෝලෙ වයසෙ කොල්ලො කෙල්ලොලු. සමහර වෙලාවට එකම කොල්ල දවස් දෙකකදි කෙල්ලො දෙන්නෙක් එක්ක එන අවස්ථායි, එකම කෙල්ල කොල්ලො දෙතුන්දෙනා එක්ක එන අවස්ථායි ඕන තරම්ලු.

    3. අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා


    මේක තමයි මට කතා කරන්න ඕන. ඔයා කොල්ලෙක් නම් මුල්ම දවස්වල තමන්ගෙ පෙම්වතිය බලන්න ගියපු හැටි මතකද ?
    දෙතුන්පාරක් දත් මැදල, රැවුල කපලා, තියෙන හොඳම ඇඳුම් ඇඳලා, ඩෙක්/ කැන්වස් සපත්තු දාලා.................... ඒත් අවුරුද්දක් දෙකකට පස්සෙත් ඇත්තටම එහෙමද? රබර් කටු දෙකක් දාගෙන දවස් ගානකින් හෝදපු නැති ඩෙනිම් ගහගෙන යනවා නේද ?
    ඇත්තටම එහෙම විය යුතුමයි.. අනිවාර්යයෙන්ම. නැත්නම් ආදරය කරන කාලය පුරාවට ඇයට දකින්න ලැබෙන්නෙ ඔයාගෙ හොඳම ඇඳුම් පැළදුම්/ ආභරණ විතරයි.. එහෙම ඉඳල යම් දවසක විවාහ උනොත් Honeymoon එක දවසට පස්සෙ දවසෙ උදේම එපා වෙයි.. මෙච්චර කල් දිව්‍ය ආභරණ වලින් සැරසිල එක පාරටම කුණු කෙල, කබ, හොටු, දාඩිය පෙරාගත්ත මළ පෙරේතයෙක් දැක්කම
    10.gif
    ඇයට ඔබේ දාඩිය සුවඳ දැනෙන්න දෙන්න, කට ගදයි නම් refreshment නොගහ ඇත්ත ගඳ දැනෙන්න දෙන්න. ඇයට යථාර්තය පෙන්වන්න. එයා ඒකට අකමැති උනොත් ඇය කොහෙත්ම ඔබට ගැළපෙන්නෙ නැහැ.. මොකද එහෙනම් එයා හොයන්නෙ හින්දි ෆිල්ම් වල ඉන්න පවුඩර් වීරයෙක්. කවදාවත් සැබෑ ජීවිතේ එහෙම උන් නැහැ..

    ඔබේ දේවල් ඇයට අප්‍රිය නම් ඒකත් හරියන්නෙ නෑ..කවද හරි ඔබට යම් අනතුරක් උනොත් (ජීවිතය ගැන විස්වාස කරන්න බෑනෙ) ඔබ එකතැන් උනොත්, අතක් පයක් කැඩිල නැඟිටගන්න බැරි උනොත් කැවීම් පෙවීම් වල ඉඳල මල, මුත්‍ර ඉවත් කරන්නත් වෙන්නෙ ඇයටයි. "ඈක්කා.. මේ මොන කරුමයක්ද කියල" දමල ගහල නොයන ආදරයක් ඇයට තියෙන්න ඕන...
    අනිත් වැදගත්ම කාරණය විශ්වාසය..
    ආදරයක් පවතින්න නම් මේක අනිවාර්යයයි. නමුත් කාලයත් එක්ක මේක පවත්වා ගන්නත් අමාරුයි. ඒත් ඔබ මුලින් අවංක වෙන්න, ඊට පස්සෙ ඇගේ අවංකකම ගැන පරීක්ෂාකාරී වෙන්න.. විස්වාශය එක පාරක් බිඳුනොත් කවුරු කොහොම කිව්වත් ඒක නැවත තිබුණූ තත්වෙට ගන්න බෑ බෑමයි..

    අනිත් කාරණය තමයි ඔබ දෙදෙනා ජීවිත දෙකක්. "අපි දෙන්න දැන් දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් " කියන බයිලා සම්ප්‍රදාය ඇත්තක් නෙවෙයි කියල ප්‍රායෝගිකව ආදරේ කරන අය දන්නවා. දෙන්නට තියෙන්නෙ වෙනස් සිතුම් පැතුම්/ ආශාවල්.. නමුත් ඒක සුළු වශයෙන් හෝ ගැලපෙන්න ඕන, එහෙමත් නැත්නම් එක්කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් අනිකාගෙ අදහස් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. ඔතනදි දෙන්නම එකිනෙකාට සෙකන්ඩ් වෙන්න අකමැති නම් වැඩේ අවුල්. පවුල් අවුල් වෙන්නෙ ඔන්න ඔතනදි..

    මතක තියා ගන්න "ඕන රෙද්දකට සනී සබන් " කියලවත්, "නාඩි වැටෙනව නම් පාන් කෑල්ලත් මොකෝ " කියලවත් පෙම්වතිය තෝරගන්න එපා. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගන්න. මුලින්ම ඇය ගැන සියළු විස්තර හොයන්න. සීයා, ආච්චිගෙ කාලෙ ඉඳන්ම.. ඔබ ඕව හෙව්වෙ නැතත් ඔබේ දෙමව්පියො හොයනවා. ඒව මොකටද කෙල්ල හොඳ නම් කියල ඔබ කියාවි. ඒත් කවදාවත් දෙමව්පියොන්ගෙ හිත් රිදවල තීරණ ගන්නෙපා. ඒකට කවදා හෝ විඳවන්න වෙනවා වෙනවාමයි..

    දැන් කෙනෙක් කියාවි අපේ පැත්තෙ ජෝඩුවක් ගෙදරින් අකමැති වෙලා බැන්ඳා. දැන් ඔය යස අගේට ඉන්නෙ කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් බලන්න කවද හරි ඕක අනිත් පැත්ත ගැහෙනවා. එහෙමත් නැත්නම් උන්ගෙ දරුවොත් කවද හරි හිතුවක්කාරෙට විවාහ වේවි. අන්න එදාට උන් දෙන්නට තමන්ගෙ දෙමව්පියොන්ට දැනුණු දුක ඒ විදියටම දැනේවි.. හැබැයි මං කොයිම වෙලාවකවත් කියන්නෙත් නෑ ලෝකෙ හැම දෙමව්පියෙක්ම, හැම වෙලාවකම ගන්න තීරණත් නිවැරදියි කියලා...

    අන්තිමට කොළඹ විශ්ව විද්‍යාලයේ (පුවත්පත් වලට තීරු ලිපි ලියන) මහාචාර්යය වරයෙක් මට Facebook එකෙන් කියපු කතාවක් කියන්නම්. එතුමාගෙ නම දාන්න බැරි බොහොම ප්‍රසිද්ධ කෙනෙක් නිසාත් පහත වාක්‍යයේ භාෂා හැසිරවීම නිසාත්. (නමුත් හිතාගන්න පුළුවන්නෙ කවුද කියලා)

    "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."


    උපුටා ගැනීම:-http://www.yasith.net/2013/10/what-is-this-love.html
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."
    :yes::yes::yes:
     
    • Like
    Reactions: channaq4

    blue_in_rio

    Well-known member
  • "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."
    :yes::yes::yes:

    :):):):):)

    බම්ප් කරලා ඉවරයි මචන් :sorry::sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ කෝරලේ මහත්තයාගේ බ්ලොග් එකෙන් නේ.... මාත් ඉස්සර පැල් බැඳගෙන කියවනවා.. දැන් නම් ලියන එක නතර වෙලාද කොහෙද +
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා." ---ටිකක් අමාරු වෑඩක් බන් ඒක.....:lol::lol::lol: