මේ TV පෙම්වතියන් 14 දෙනාට ඒකාලේ ඔබත් හිතේ කොටසක් වෙන් කරගෙන හිටියද?
අපේ ජීවිතේ එක කාලයක් තියෙනවානේ පිස්සුවෙන් වගේ ටීවී බලාපු. අන්න එහෙම කාලෙක අපි ආසාවෙන් බලපු ටෙලි කතා වල හිටපු අපේ හදවත ගත් චරිත ඕනේ තරම් ඉන්නවා. මෙහෙම චරිත අතරේ සුවිශේෂි ලස්සන කාන්තා චරිත වලට අපි ආදරේ කලේ අපි නොදැනුවත්වමයි.
නිකමටවත් කල්පනා කරලා බැලුවද මේ චරිත කවුද කියලා? එහෙම කරන්නට වෙලාවක් ඔයාට නැති වුනා නම් මේ ලිපිය පුරාවට ම ඉන්නේ එහෙම අය තමයි. කියවලාම බලන්නකෝ ඔයාලගෙ හිතෙත් ඒ කාලෙ මෙයාලට ආදරයක් තිබ්බද කියලා.
1. ශීනා (Sheena)
Gina Lee Nolin රඟපාපු මේ නාට්‍යයේ ඇයට අවශ්‍ය වෙලාවකට මිනිස් වෙසක සිට ඕනෙම සතෙකුගේ වේශයක් ගන්නට හැකියාව තිබෙනවා.ඒ කාලෙ ශීනා අක්කගෙ වැඩ කෑලි රූපවාහිනී තිරේ දිගහැරෙද්දි අපි ඉතින් ටීවී එකේ ඇස් අලෝගෙන තමයි හිටියෙ.
2. සීනා (Xena)
නරකයෙන් පිරි ලොවක් වීරත්වයෙන් බේරාගන්නට උත්සහ කරපු සීනා (Lucy Lawless) ගැන අපේ හිත ඇඳිලා ගියේ ඇයගේ පෙනුමටත් වඩා එයාගේඇඳුම් පැළඳුම් වලට සහ ත්‍රාසය පිරුණු සටන් නිසා කියන එක නම් ඇත්තක්.
3. ගේබ්‍රියෙල් (Gabrielle)
ගේබ්‍රියෙල් (Renee O’Connor) කියන්නේ සීනා එක්ක සපෝට් එකට ඉන්න එකම කාන්තා චරිතේ. මෙයාගෙ තිබ්බ කියුට් ලුක් එකටත්, එයා කරන වැඩ ගැනත් ආස හිතිල මෙයාටත් අපේ හිතේ පොඩි ක්‍රෂ් එකක් ඇතිවෙලා තිබ්බෙ ඒ කාලෙ.
4. නෙරී – ඕෂන් ගර්ල් (Ocean Girl)
ඒ දවස් වල අපි බලන්න මග බලාගෙන හිටපු ටෙලිකතාවක් තමයි ඕෂන් ගර්ල් කියන්නේ. නෙරීට තිබ්බ දිය යට හුස්ම රඳවා ගන්න තිබ්බ හැකියාව දිහා සහ එයා මුහුදේ පිහිනන ලස්සන ගැන අපිට හිතේ තිබ්බේ පුදුමයක්. Marzena Godecki කියන ඕස්ට්‍රේලියානු නිළිය තමයි මේ නෙරී චරිතය නිරූපණය කලේ.
5. ඩේනා ස්කලී (Dana Scully)
ලෝකේ වැඩියෙන් ම ජනප්‍රිය The X-Files ටෙලි නාට්‍යයේ හිටපු ප්‍රධානතම කාන්තා චරිතය තමයි මේ. FBI ඒජන්තවරියක් වන ස්කලීට සත්‍ය සොයා යන්නට ගොස් විඳින්නට වෙන අකරතැබ්බ නිසා ඇය ගැන තිබෙන ඇල්ම අපිට කවදාවත් අඩු වුනේ නම් නැහැ. ගිලියන් ඇන්ඩර්සන් (Gillian Anderson) තමයි මේ ස්කලී චරිතය රඟපාපු නිළිය.
6. රියානා (Riana)
ඒ කාලෙ අපි අනිවා නොවැරදීම බලපු ටෙලි සීරීස් එකක් තමයි ස්පෙල් බයින්ඩර් කියන්නෙ. මතකනෙ පෝල් රෙනෝල්ඩ්ස් වැරදිලා සමාන්තර ලෝකෙකට ගිහින් එහෙදි එයාට වෙන අකරතැබ්බ. පෝල්ට සමාන්තර ලෝකෙදි හම්බුවෙන රියානා කියන්නෙත් ඒ කාලෙ අපේ සිත් පැහැරගත්ත කෙල්ලෙක් තමයි. මේ නාට්‍යයේ රියානා චරිතය රඟදැක්වුවෙ Gosia Piotrowska නම් නිළිය. කොච්චර අපි කැමති වෙච්ච චරිතයක් උනත් ස්පෙල් බයින්ඩර් වලින් පස්සෙ එයා වෙන කිසිවක රඟපාල නැති බවයි පේන්න තියෙන්නෙ.
7. ජෝයි පොටර් (Joey Potter)
ජෝයි පොටර් හිටියේ අපි ආසාවෙන් MTV චැනල් එකේ බලපු Dawson’s Creek කතා මාලාවේ. ජෝයිට රංගනයෙන් දායකවුනේ අපි හැමෝම අඳුනන කේටී හෝම්ස් (Katie Holmes) විසින්.
8. සී.ජේ. පාකර් (C.J. Parker)
බේවොච් (Baywatch) කතා මාලාව බලලා තියෙනවා නම් ඔබට සී.ජේ.පාකර් ව අමතක වෙන්න විදියක් නැහැ. චරිතයට පණ දෙන්නේ අපි කවුරුත් හඳුනන පැමෙලා ඇන්ඩර්සන් විසින්. C. J. වෙරළේ දුවගෙන එනකොට අපේ කටවල් ඇරෙන හැටි තාම මතක් වෙනවා.
9. මැරියන් (Marian)
ෂර්වුඩයේ රොබින්හුඩ්ගේ සහයට ඔහු ලඟින්ම සිටින ඔහුගේ පෙම්වතිය වෙන මේරියන් එහෙමත් නැතිනම් ගොඩක් අය කියන විදියට මැරියන්ට ඒ කාලේ ගිස්බන් සහ ෂෙරිෆ් විතරක් නෙවෙයි. අපේ උනත් පොඩි ක්‍රෂ් එකක් තිබ්බ කියලා කියන්නත් පුළුවන්. පරණ රොබින් හුඩ් එකේ වගේම පස්සෙ කාලෙක ආපු රොබින් හුඩ් කතාවෙ මැරියන්ටත් අපේ කැමැත්ත එහෙම තමයි.
10. ෆැන්ටගරෝ (Fantaghiro)
ඉතාලියානු සුරංගනා කතාවක් වන The Cave of the Golden Rose කතා මාලාවේ සිටින එඩිතර සහ රූමත් කුමරිය තමයි මේ Fantaghiro කියන්නේ. Alessandra Martines තමයි මේ චරිතය රඟපෑවෙ. ඒ කාලේ වගේම තවමත් ඇයදුටු සැනින් පෙමින් බැඳෙන්න තරම් සුන්දරයි.
11. සිඩ්නි ෆොක්ස් (Sydney Fox)
ඒ කාලෙ පෙන්නපු රෙලික් හන්ටර් කථාව අපි හුඟක් ආස කරපු කතාවක්. ඉපැරණි කෞතුක භාණ්ඩ සොයායන කතාවක් හින්ද වගේම මේකෙ ප්‍රධාන චරිතයක් වෙච්ච සිඩ්නි ෆොක්ස් අක්ක හින්දත් අපි මේක ආසාවෙන් බැලුව. Tia Carrere තමයි සිඩ්නි ෆොක්ස් චරිතය කලේ.
12. ක්‍රිස්ටිනා රොබින්සන් (Christina Robinson)
බලලා ඇති නේද රොබින්සන් අන්දරය. ඒකේ වයස අවුරුදු 8ක් විතර වෙන පුංචි ක්‍රිස්ටිනාව ඔබට අමතක වෙන්න විදියක් නම් නැහැ. මොකද ඇයත් අපේ හිත බැඳගත් චරිතයක් නිසා. Mia Koning තමයි ක්‍රිස්ටිනා චරිතයට පණපොවපු හුරුබුහුටි කුඩා නිළිය.
13. තෙල්මා (Thelma)
මෙයා නම් මනුස්ස ප්‍රාණියෙක් නෙවෙයි. මෙයා රොබෝ කෙනෙක්. හිටියේ Space Cases කියන කතා මාලාවේ. රොබෝ කෙනෙක් වුනාට මොකද අපේ යාලුවෙක් මෙයාටත් බොහොම තදින් ආදරේ කළා එක කාලයක්. ඉතින් එහෙම කෙනෙක් ව මේ ලිස්ට් එකට නොදා කොහොමද? Anik Matern තමයි මේ රොබෝ චරිතෙ කලේ.
14. ඇලිසන් (Alison ‘Pi’ Renfrey)
ඇලිසන් ඉන්නේ Crash Zone කතා මාලාවේ ප්‍රධාන චරිතවලින් එකක් විදියට. ටිකක් අමුතුවිදියට තට්ටු තට්ටු ඇඳුම්කිහිපයක් ඇඳලා හිටපු ඇලිසන්ටත් අපේ
පොඩි ක්‍රෂ් එකක් නොතිබ්බා කියලා කියන්න බැහැ. Cassandra Magrath තමයි ඇලිසන්ට හිටියෙ.

Last edited: