පෙරුම්_පුරාගෙන_ආ_සංසාරේ

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පෙරුම්_පුරාගෙන_ආ_සංසාරේ

    මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි..

    එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන..

    "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
    "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"

    එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
    කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
    දුම්රිය මොහොතක් නතර වුනේ....

    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමන වේ..//
    දොලක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ...
    පෙරුම් පුරාගෙන...

    වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ
    පෙරුම් පුරාගෙන...

    ජීවිතේ අනිත්‍ය බව කියවෙන සින්දුවක්. දුකම මොනතරම් සතුටක්දෝ කිව්වට කෝච්චියට පැනපු ජෝඩුවෙ විසිවුන ඔලුව දුටුවම අපිට කොච්චර දුකක් ඇතිවෙනවද? සුන්දර ජීවිතේ රැකගන්න අපි කොච්චර දුක් විඳිනවද? තම පන නැතිකර ගැනීම නිසා නිරයේ විඳින්න වෙන දුක ප්‍රේමයේ වියෝවෙන් ඇතිවෙන දුකට වඩා අඩුද?




    (උපුටා ගැනීමකි)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ

    tfs