පෙරේතයෙක් වගේ නොපෙන්වා කමු

gepa

Well-known member
  • පෙරේතයෙක් වගේ නොපෙන්වා කමු


    කෑමක් සෙට් උනහම මුලින්ම පෙර සූදානම ඉතා වැදගත්.සුපිරි කෑමක් නං ඉතින් ගොඩක් දුරට වෙඩිමක තමායි..

    අපි මුලින්ම කරන්න ඌනි කර්තව්‍ය තමයි කෑමට යන්ට කලින් උදේම නැගිටලා සුපිරි බොකක් දාන එක.ජර බරාස් සුරුස් ගාලා අන්තිම දශමෙටම බොක දාගන්න පුලුවන් නම් වැඩේ ඉතා සාර්ථකයි.

    ඊට පස්සෙ පුලුවන් නම් ආහාර රුචිය වර්ධනය කරන හෙල වෙද ඔසු තියනවා.. බෙහෙත් කඩේකට ගොඩ වැදුනොත් හොයාගන්ට ලේසෛයි..මේවගෙ පියනෙන් එකක ගහපු ගමන් කොච්චරවත් කන්ඩමයි හිතෙන්නේ..ඔන්න අපි මූලික සුදුසුකම් සැපිරුවා.

    ඊලඟට තමයි ගෙම.කන්ඩ ලොකු පෝලිමක් සෙට් වෙනකොට මුලම සෙට් එකට නම් යන්ඩ එපා.ටිකක් ඉවසා වැදෑරුවා නං බලාගන්ඩ පුලුවන් කන කට්ටෛයගෙන් කෑම වල රස . චාරයක් නෑති ගෑනු කෙනෙක් ගාවට සෙට් උනා නං ඕකුං එන්නේම මොකක් හරි වැ‍රැද්දක් හොයා ගන්න බලාගෙන.ඔය වගේ සක්කර වට්ටමක් ලඟ සෙට් උනා නං කෑම් වල රස ටක්කෙටම දැනගන්ට පුලුවං.

    ඉට පස්සේ පෝලිමට සෙට් වෙලා බෙදාගන්ටයි තියෙන්නේ.මුලින්ම ටිකක් ලොකු පිඟානක් අරගන්න.නැත්නං පරිමාව එක්ක සටනක් කරන්න වෙයි.

    දැන් ඔබට පෙර සූදානමක් තියනවා මොනවද වැඩියෙන් ගන්ට ඌනි නැත්තේ මොනවද කියලා.කොහොම උනත් බත් වගේ ප්‍රදාන ඒවා පෝශන් එක අඩු කරලා වටිනා කියන වැඩිය කන්න නොලැබෙන කෑම ටිකක් වැඩියෙන් පිඟානට බෙදා ගන්ට ඕනි.

    කොහොම උනත් දෙපාරක් බෙදාගන්න එක විලි ලැජ්ජ නැති වැඩක්.ඕක හඳා පලමු ශයි එකම ප්‍රයෝජනයට ගන්ට වෙනවා.පලමු පාරම ඇති තරං බෙදා ගන්ට.විසික් කලාට නෝ කේස්.

    කනකොට මස් මාලු ඉස්සෝ දැල්ලෝ දඩ මස් වගේ ඒවා තිබේ නම් අන්තිම කට දක්වා ඉතුරු කර ගන්න එක නුවනට හුරුයි.නැත්නං ටිකක් වෙලා යනකොට කන එක එපා වෙනවා.

    අතුරුපස තියනවා කියලා කොයිම වෙලාවක වත් බඩේ ඉඩ ඉතුරු කර ගන්ට ඕනිකමක් නෑ.මොකද කොයි තරං ෆුල් වෙන්ට කෑවත් බඩේ පොඩි ඉඩක් හරි ඔටෝ ඉතුරු වෙනවා අයිස් ක්‍රීම් ටිකකට වටලප්පමකට..

    අන්තිමට කොච්චර කෑවත් බඩ පිරිලා බවක් පෙන්නන්න ඊපා.ගේමක් නෑ වගේ ඉන්ට.නිකන් අපි මෙව්වද කන්නේ වගේ..

    හොඳම හරිය ඔහොම කාල දවසක් දෙකකිං අරින වාතේ තමයි වාතේ..හම්මේ ඉතින්

    අපි ගියා!!

     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    3epNGAC.gif
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand



    අපි මුලින්ම කරන්න ඌනි කර්තව්‍ය තමයි කෑමට යන්ට කලින් උදේම නැගිටලා සුපිරි බොකක් දාන එක.ජර බරාස් සුරුස් ගාලා අන්තිම දශමෙටම බොක දාගන්න පුලුවන් නම් වැඩේ ඉතා සාර්ථකයි.



    :D:D:D:D:D
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෙඩින් වල ඉන්නවා ඔය වගේ මළ පෙරේතයෝ..බීලා බීලා බත් කන්දක් බෙදාගෙන අනිත් ඒවත් වටේට බෙදාගෙන ඉඩ නැතුව බත් එකේ මැදත් තියලා..අන්තිමට කන්නත් බැරුව බාගයක්ම විසි කරනවා..ඕවා මහ අපරාධ වැඩ බන්.කන එකත් කන්න ඕන විදිහකට.සත්තු වගේ නැතුව.මිනිස්සු ලක්ෂ කීයක් දවසකට බඩගින්නේ ඉන්නවද.මම හිතන්නේ ලංකාවේ උන්ට ඔය කෑමට පෙරේත ගතිය ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන්.දෙමල උනුත් මම දැකලා තියෙනවා ඔය වගේ කන.කාලා ඉවරවෙලා ඉදුල් අතත් ලෙවකාලා ඇගිලිත් උරනවා..ශික්.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා උඹනම් අනේ මන්ද බං.. :rofl:
    කන ත්‍රෙඩ් එකක් දැම්මත් පටන් පටන් ගන්නෙම ශරීර කෘත්‍යයෙන්..
    ඉවර කරන්නෙත් ඒ වගේම එකකින්..:P

     

    gepa

    Well-known member
  • වෙඩින් වල ඉන්නවා ඔය වගේ මළ පෙරේතයෝ..බීලා බීලා බත් කන්දක් බෙදාගෙන අනිත් ඒවත් වටේට බෙදාගෙන ඉඩ නැතුව බත් එකේ මැදත් තියලා..අන්තිමට කන්නත් බැරුව බාගයක්ම විසි කරනවා..ඕවා මහ අපරාධ වැඩ බන්.කන එකත් කන්න ඕන විදිහකට.සත්තු වගේ නැතුව.මිනිස්සු ලක්ෂ කීයක් දවසකට බඩගින්නේ ඉන්නවද.මම හිතන්නේ ලංකාවේ උන්ට ඔය කෑමට පෙරේත ගතිය ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන්.දෙමල උනුත් මම දැකලා තියෙනවා ඔය වගේ කන.කාලා ඉවරවෙලා ඉදුල් අතත් ලෙවකාලා ඇගිලිත් උරනවා..ශික්.

    කොච්චර කෑවත් ඩීසන්ට් විදියට ඉන්ට ඕනි ඉතින්.. අනික වෙඩිමක් එහෙම නං හැමදාම නෑ නේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පඩ චක්‍රවර්ති ගෙපා මහතාගේ තවත් වටිනා ඔවදනක් :cool:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ගෙපා ඔයානම්.. කෑමටයි රීමටයි පීඑච්ඩී එකක් ගහලද ඉන්නෙ