පෙරේරාගෙන් කසිප්පු වෙනුවට අරක්කු

mr deen

Member
Apr 17, 2012
15
5
0
පෙරේරාගෙන් කසිප්පු වෙනුවට අරක්කු

181211_482568015094120_438206654_n.jpg


සදාචාරය වෙනුවට දුරාචාරය
පෙරේරාගෙන් අරක්කු

"ග්‍රාමීය ජනතාවට විඩාව සංසිදුවා ගැනීම සදහා මත්පැන් බිදක් පානය කිරීමට ඉඩ සැලසෙන පරිදි ගම්බද ප්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුයි" මේ කියන්නේ සමාජය ගොඩ නැංවීමට යැයි කියාගනිමින් ජනතාවගේම ඡන්දයෙන් දියවන්නාවට රිංගාගත් තවත් ඇමැති උත්තමයෙක් වන සමාජසේවා අමාත්‍ය ධූරය දරන "ෆීලික්ස් පෙරේරා යි. මොහු මෙසේ කියන්නේ හොද සිහියෙන් සිටියදී දැයි සැක සහිත වූවත් තම මතය නැවත වරක් තහවුරු කරමින් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවකටද ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මේ එම ප්‍රකාශයයි “කසිප්පු ශරීරයට අහිතකරයි.අනිත් කාරනය කසිප්පු පොලිස්සියට අල්ලගන්න බැරි වෙලා තියෙනව. බොන්න ඕන මිනිහ කොහොමත් බොනව. ඒක නවත්තන්න බෑ. ඒ නිසා කසිප්පු භාවිතය අවම කරන්න නම් ප්‍රමිතියෙන් යුතු අරක්කු දෙන්න ඕන.දැන් බාර් ඔක්කොම නගරෙට ඇවිල්ල.ගම්වල කසිප්පු විතරයි තියෙන්නේ.මම යෝජනා කරන්නේ ගම්බද හැම තැනම පුංචි පුංචියට තැබෑරුම් තිබුනොත් කාලේ බෝතල් වගේ අරක්කු පොඩ්ඩ පොඩ්ඩ තිබුනොත් කසිප්පු භාවිතය අවම කරගන්න පුලුවන්”

මේ මොන තරම් නිර්ලැජිත හා පිළිකුල් සහගත තර්කයක්ද? මේ මානසික...යා යෝජනා කරන්නේ එක සමාජ පිළිකාවක් නැසීම සදහා තවත් ඊටම නොදෙවැනි වූ පිළිකාවත් ව්‍යාප්ත කිරීමටයි. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සදහා ආණ්ඩුව "මතට තිත" නමින් ව්‍යාපෘති දියත් කලද ඒවා නමටම පමණක් සීමාවෙමින් තවමත් රටපුරා යහමින් මත්පැන ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි නාමික ප්‍රතිපත්ති වලට පවා සම්ච්චල් කරමින් මොවුන් කරන්නේද කුඩ්ඩන් බේබද්දන් තව තවත් නිර්මාණය කිරීමයි. කසිප්පු වලට විකල්ප සොයනවාට වඩා කල යුත්තේ සමාජය දූෂිත කරන මේ දුරාචාරය සහමුලින්ම සමාජයෙන් උපුටා දැමීම නොවේද? මෙවැනි කාලකන්නි බඩගෝස්තරවාදී දේස්පාලන කුහකයන් සිටිනාතුරු එය කෙසේවත් කල නොහැකි බවනම් පැහැදිලිය. කටයුතු ඉදිරියටත් මෙසේ සිදුවුවහොත් "ලංකාවේ මිනිසුන්ගේ අනියම් සබදතා වැඩි නම් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ගමක් ගමක් ගානේ ගණිකා මඩම් ඇරියත්" උඩ බලාගෙන ඉන්නට අපට සිදුවනු ඇත.


මේ සියලුම දුරාචාර වල සෘජු බලපෑම එල්ල වී ඇත්තේ දිනෙන් දින ක්ෂය වෙමින් පවතින සිංහල සමාජයටයි. විශේෂයෙන් බෞද්ධ සමාජයටයි. අතීතයේ පටන් පැවති සිංහල බෞද්ධ ජන පදනම බිද දමා සිංහලයාගේ කොන්ද කඩා දැමීම සදහා සුද්දා අපේ උන්ට පුරුදු කරේ බේබදු කමයි. සුද්දන් විසින් කුමන්ත්‍රණකාරිව කල ක්‍රියාව නොදැන අදටත් තම ජාතියේ අනාගතය නොතකා විශාල සිංහලයන් ප්‍රමාණයක් උපන් ශිෂ්ටාචාරයත්, සමාජයත් තම සෞඛ්‍යයත්, ඉදිරි පරම්පරාවේ ජාන ද විකෘති වන අන්දමින් තම බේබදුකම සිදුකරමින් තම ජාතිය වලපල්ලට ඇද දමමින් සිටියි. ජාතියේ අනාගතය ගොඩනගන දරු පරපුර නිර්මානය කිරීම සදහා යෙදවිය යුතු ධනය මත්වතුර වෙනුවෙන් වැය කරමින් ජාතිය නසාගනිමින් තමන්ද නැසෙයි. එදා සුද්දාගේ ජාතිය වලපල්ලට දැක්කීමේ ව්‍යාපෘතිය අද කරට අරගෙන සිටින්නේ උන්ගේම ජාන වලින් පැවත එන ආතක් පාතක් නැති මේ කලු සුද්දන් රැලයි. බඩගෝස්තරය ඉදිරියේ ජාතියක්, ජන්මයක්, ආගමක් ඔවුන්ට අවශ්‍ය නැත. ඔවුන් මේ සිදු කරමින් සිටින්නේ සිංහල ජාතිය වද කරන්නට මාන බලන අහිකුන්ඨිකයන්ගේ කාර්යභාරය අනියමින් ඉටුකිරීමකි. නමට පමණක් සිංහල වූ මොවුන් ජාතියේ සැබෑ ද්‍රෝහීන් ලෙස අප හදුනාගත යුතු වන්නේ මේ නිසාය.

වත්මන් තරුණ පරපුර ඉදිරියේ තිබෙන්නේ මින් පෙර නොවූ විරූ සුලු පටු අභියෝගයක් නොවේ. අපේ මහ උන් විජාතිකයන්ගේ ලණු ගිලි අරක්කු හැලියට යට වෙමින් දරුවන් වද කරගෙන ජාතිය හීන කරමින් කරන ලද මහා වරද නිවැරදි කිරීමේ අභියෝගය එල්ල වී ඇත්තේ තරුණ අපටයි. සමාජය බෙලහීන කර ජාතියද වද කරන "ගිනි වතුරට" තිත තැබීමේ කාලය දැන් පැමිණ තිබේ. අරක්කු අඩියක් ගසා සුරලොව සිහින දකිමින් බොක්කු පඩියේ, කානු පල්ලේ ලගින කාලකණ්නින්ටත්, ජාවාරම් කරුවන්ටත් පයින් ගැසීමට තරම් කොන්දක් ඔබට තිබිය යුතුය. නැතිනම් සිංහල ජාතියේ අවාසනාවන්ත අවසාන පරපුරේ සාමාජකයන් ලෙස මියැදෙන්නට ඔබටත් මටත් සිදුවනවා නොඅනුමානය.:no:

https://www.facebook.com/pages/Sorrycom/274859899198267
sorry.com/facebook page
 
Last edited:
  • Like
Reactions: chanakacm

mr deen

Member
Apr 17, 2012
15
5
0
වත්මන් තරුණ පරපුර ඉදිරියේ තිබෙන්නේ මින් පෙර නොවූ විරූ සුලු පටු අභියෝගයක් නොවේ. අපේ මහ උන් විජාතිකයන්ගේ ලණු ගිලි අරක්කු හැලියට යට වෙමින් දරුවන් වද කරගෙන ජාතිය හීන කරමින් කරන ලද මහා වරද නිවැරදි කිරීමේ අභියෝගය එල්ල වී ඇත්තේ තරුණ අපටයි. සමාජය බෙලහීන කර ජාතියද වද කරන "ගිනි වතුරට" තිත තැබීමේ කාලය දැන් පැමිණ තිබේ. අරක්කු අඩියක් ගසා සුරලොව සිහින දකිමින් බොක්කු පඩියේ, කානු පල්ලේ ලගින කාලකණ්නින්ටත්, ජාවාරම් කරුවන්ටත් පයින් ගැසීමට තරම් කොන්දක් ඔබට තිබිය යුතුය.නැතිනම් සිංහල ජාතියේ අවාසනාවන්ත අවසාන පරපුරේ සාමාජකයන් ලෙස මියැදෙන්නට ඔබටත් මටත් සිදුවනවා නොඅනුමානය.