පෙරේරාගේ-හූනා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මංමයි ලිව්වේ.. කොහෙං වත් කොපි කලේ නැත :rofl:

    හිතවතුනි.. මේක සිද්ද වෙලා තියෙන්නෙ එකදාස් නවසිය හතලිස් ගනං වල වගේ.. ලංකාවට නිදහස ලැබිලා අවුරුදු කීපයක් ගෙවෙන වකවානුවේ...
    ඔන්න පිටිසර පලාතක ඉන්නලු වේලාපත්කඩ හදන කෙනෙක්. මිනිහගෙ රස්සාව නිසා ගමේ කාඩ් එක වැටිලා තිබුනෙ නැකැත් රාල කියලා ලු. ඔන්න ඉතිං දැං ඉදං අපිත් මිනිහට කියන්නෙ ඒ නමම තමා.
    නැකැත් රාල ගෙදර ඉස්තෝප්පුවේම අටවා ගත්ත පොඩි කෑල්ලක තමා රස්සාව කරං යන්නෙ.
    ඒ කාලෙ ඉතිං දැං කාලෙ වගේ ෆේස්බුක්, ට්වීටර්, වට්ස් ඇප් තිබුනා යෑ.. කොටින්ම ටීවීත් නෑ..මිනිස්සු දැං වගේ නෙවෙයි ඔය නක්ෂස්ත්‍ර ගැන ගොඩාක් වෙලාවට විශ්වාස කලා.
    මගුලක් එහෙම කරලා දෙනවා නං අනිවා ම කේන්දර බලලා, පොරොන්දං ගලපලා ම තමා වැඩේ කෙරෙන්නෙ.
    වැඩේ කිව්වෙ ඒ වැඩේ නෙවෙයි. කසාදෙ...
    නැකැත් රාලට ඉන්නවා දුවෙක්.නම දොටී.... එකා යකා කියන්නා වගේ.. නැකත් රාලටයි, මායියාටයි කෝකටත් හිටියෙ ඔය දෝනිඇන්දා විතරයි.
    ඉතිං ඔය දොටී.. වැලි කෙලිය, දළු කෙලිය, මල් කෙලිය, ගල් කෙලිය ආදී සාම්ප්‍රදායික කෙලි සෙට් එක පසුකරලා කරකාර බන්දන වයසට ආවා ලු. වයසට එද්දි නටන්න ඕනෙ හැම නැටුමම නටලා හිටියත් කෙල්ල ගෙදරට බෝ පැලේ වගේලු.. කොටින්ම දං පදුරු,උණ පදුරු අදුරන්නෙ වත් නෑ..
    නැකැත් රාලයි ,මායියයි දැං දහ අතේ කම්පොනා කරනවා ලු.. කාටද තමාගේ දූ සිගිත්ත ආවාහ විවාහ කර දෙන්නෙ කියලා. දෑවැදි පුරස්න නං නෑ ඒ කාලෙ. සැලකිය යුතු තරං දේ පලක් තියෙනවා නේ.
    මෙහෙම මේ දරුවාව ගෙදරට කරලා කී දොහක් තියං ඉන්නද රාලේ. ඇහැට කනට පේන ගැටිස්සි නිසා ඉලන්දාරි සේරම ගේ වටේ කැරකෙනවා .. මායියා කිව්ව වාර අනන්තයි.
    ඒත් අපේ නැකැතාට කිසිම උවමනාවක් තිබුනෙ නෑ ගමේ වරකා ගමේ කපුටෙක්ට දෙන්ඩ. නැකැතාට ඕනෙ උනාලු පෙරේරා කෙනෙක් හොයලා ම දුව දෙන්න.
    මේ ගමේ ඉන්න සෝමපාලලා, විමලපාලලා, සූටිංලා, මෝනිස් ලාට දෙන්න පුලුවන්ද බං අපේ ඇහැක් වගේ කෙල්ලව. හිටපංකො මං හොද පෙරේරා මහත්තයෙක් ගෙන්නන්ඤං කො...
    නැකැත් රාල දවසක් කීවා..
    කථාව ඔහොම යද්දි .. අපේ දොටීත් නිකං ඉන්නෙ නෑ සහෝදර වරුනී.... දන්න හැම හක්කලමම දාලා.... ගස්සලා පද්දලා පුප්පලා රගලා රගලා දා නවා ගමේ කපුටෙක්ට සිග්නල් එකක්.. කොච්චර උනත් ඒකිගෙ පැත්තෙං බැලුවම වැඩේ සාධාරනයි. මොන කෙල්ලටද වයසට යනකං ගෙදරට වෙලා රිංගං ඉන්න පුලුවං.
    අනේ ඉතිං මේ දාන සිග්නල් එක ඇරගෙන ගිහිං වදිනවා හැම තිස්සෙම ගේ වටේ කැරකෙන සූටිංට..
    ඔන්න දැං දෙන්නාගෙ ලව් එක නැගලා යනවා.
    නැකැතාගෙ මායියා වැඩේ දන්නවා. ඒත් නොදන්නවා වගේ ඉන්නවා..
    උදේට වැට ගාව, දවල්ට ලිද ගාව, හැන්දෑවෙ පිලිකන්නෙ.. මහ රෑට වැලි පාරෙ..
    ලව් ලව් ලව් ලව් ....ලව් ලව් ලව් ලව් ....
    කොටින්ම දැං දොටීට සූටිං නැතුවම බෑ...
    ඔහොම කාලය ගත වෙද්දි.... එක දවසක් මේ ගෙදරට එනවා අමුත්තෙක්..
    කව්ද... බොහොම ජැන්ඩියට ඇද පැලදගෙන.. ඔපිස් බෑගයක් අතට ගත්ත සපත්තු දාපු මහත්තයෙක්.
    පෙරේරා මහත්තයෙක්.
    එක්කං එන්නෙ අපේ නැකැත් රාලයා...
    හරියට දැං කාලෙ ගේකට හයිබ්‍රිඩ් කාර් එකක් ගෙනාවා වගේ.. කඩුල්ල පැන්න තැන ඉදංම කෑ ගහං එනවා...
    මේ..........ඕයි.... ඔන්න මං එක්කං ආවා පෙරේරා මහත්තයාව.. කෝ.. උඹලා ....
    මෙහෙට වරෙල්ලාකෝ....
    එන්න මහත්තයා ඈදි ගත්තා නං.. කරේ තිබ්බ තුවා කෑල්ලෙං පුටුවෙ තිබ්බ දූවිලි ගසලා පුටුවක් දුන්නා..
    කව්ද මනුස්සයො මේ මහතැන්..
    මායියා පුදුම වෙලා වගේ හොරාට ඇහුවා...
    ඇයි යෝධියේ තොපිට මතක නැද්ද.. මේ තමා අපේ දොටී ට මං එක්කං ආපු බෑනා...
    කොහොමද.. යස අගේට කැපෙයි නොවෑ අපේ කෙලීට..
    නැකැත් රාළ ප්‍රීතියෙං උදම් ඇනුවා...
    ඔය කාලෙ මිත්‍රවරුණි ගෑනුන්ට තිබ්බ අයිතිවාසිකම් අඩුයි.. ගෙදරක මනුස්සයා මොනවා හරි කිව්වොත්.. ගෑනු මොන මතේ හිටියත් පොඩ්ඩක් අඩලා අන්තිමට මිනිහා කියන දේ තමා කෙරෙන්නෙ..දැං කාලෙ වගේ කෙල්ලටයි කොල්ලටයි කතා කරලා කැමැත්ත අකමැත්ත සොයන සිස්ටම් එකක් නෑ.. කෙල්ලට ගෙදරිං කියන එකාව බදින්නම වෙනවා.. කොල්ලා මොන බඩෙක් උනත්.. නාකියෙක් උනත්.. (හරි හරි.. බැදලා නැත්තං 50+ උනත් ඌ කොල්ලා )

    ඉතිං.. හිතාගන්න පුලුවන් නෙ.. මොකද උනේ කියලා...
    නැකැත් රාල පව්ලත් එක්ක එක පාරක් කොලඹ ගියා..
    පෙරේරාලාගෙ අයත් දෙපාරක් ගමේ ආවා...
    කසාදෙට දින දාගත්තා...
    කසාදෙ කෙරුනා.......
    කෙරුනා කිව්වට ඉතිං... අර අසරණ දොටී ගෙ හිත තාමත් තිබුනෙ සූටියා ලග. සූටියා බොහොම අහින්සකයා නිසා හිතේ ගොඩාක් දුක හංගං දොටියට සමු දුන්නා.
    දොටියත් වැලහින්න වගේ අඩලා අඩලා සතියක් විතර දුක් වෙලා බොහොම ඉක්මනට අරූව අමතක කරලා දැම්මා. (ගෑණු එහෙම තමා )

    ඔන්න ඉතිං දෙන්න බැදලා ගිහිං දැං....

    පළවෙනි පාර ගමේ එනවා අපේ අළුත බැන්ද ජෝඩුව.
    නැකැත් රාලටත් මායියාටත් හරිම සතුටුයි.
    කැවිලි පෙවිලි ගොඩාක් හදාගෙන දෙන්නා එනකං බලාගෙන හිටියා.
    ඔන්න අළුත් ජෝඩුව ආවා...
    දොටීගෙ මූනෙ නං ලොකු සිරියාවක් තිබුනෙම නෑ...
    පෙරේරා නං හිටිය විදිහටම හෝතඹුවා වගේ ඉන්නවා...
    ලොකු දෙන්නට හරිම අප්සට් එක.. හොදට හිටිය කෙල්ලට මොකද උනේ කියලා...

    මේ ඕයි.. මට අහන්න පුලුවනෑ.. මං බෑනාව කථාවට අල්ලා ගන්නංකො.. ඔහේ අහලා බලනවාකො කෙලීගෙං... පුරස්නෙ මොකක්ද කියලා...
    නැකැතා කිව්වා...

    මායියත් ටාස්ක් එකට එන්ටර් උනා..

    මායියා - දොටී... මගේ දුවේ....
    කොහොමද බං උඹේ දීගේ....
    උඹට බෑනා හොදට සලකනවද.....

    දොටී - හ්ම්ම්.... ඔව්..

    මායියා - ඇයි දුවේ .. උඹට හරියට කන්න බොන්න ලැබෙන්නෙ නැද්ද කොලඹ රටේ.. ?

    දොටී - නෑ නෑ.. කෑම බීමෙන් අඩුවක් නෑ...

    මායියා - අනේ වාසනාවන්.. අදින්න කරන්න එහෙම...

    දොටී- ඒවා සේරම වෙලාවට කලාවට ලැබෙනවා අපෙ අම්මෙ...
    උඹලා මට හොයා දීපු කසාදෙ නොවෑ... බොහොම පංකාදුයි...

    ඔය කිව්වට මොකක් හරි දෙයක් මෙතන තියෙනවා කියලා මායියාට හිතුනා...
    ඔන්න ඉතිං වැදගත්ම පුරස්නෙ අහන්නයි යන්නෙ...

    මායියා - ඉතිං බං .. දැං අපිත් වයසයි නොවෑ.. මුනුබුරු මිනිබිරියෙක්ගෙ මූන බලලාම මැරෙන්න ඇත්නං..................

    දොටී - හ්ම්ම්......

    මායියා...ඇයි පුතේ.......

    දොටී - ළමයි මං දන්නෑ අම්මෙ... යමින් ගමං අප්පච්චිගෙ සූනං ඇග වැටීමේ පලාථල විස්තරේ දීපං..
    සුභද අසුභද කියලාවත් බලන්න...

    මායියාට කලන්තෙ වගේ දැනුනාලු....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්තම කිව්වොත් මේ අපෙ සංකපාලයගෙ ජීවන අත්දැකීමක් ඇසුරෙන් ලියපු කථාවක්ලු :lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ මේක පට්ට දිගයි නේ ...:) හෙට උදේම කියවන්නම් ... :)දැන් කියව්න්න කම්මැල්යි බන් .:sorry:..ටිකක් වයර් වෙලා ඉන්නේ:rofl::rofl::dull:මීටර් වෙන් නෑ ඒකයි:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට කියෙව්වට තෙරුනේ නෑ බන්. මොකක්ද ''අප්පච්චිගෙ සූනං ඇග වැටීමේ පලාථල විස්තරේ දීපං.'' කියන එකේ තේරුම :frown::frown::frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කට්ටා;16315922 said:
    මට කියෙව්වට තෙරුනේ නෑ බන්. මොකක්ද ''අප්පච්චිගෙ සූනං ඇග වැටීමේ පලාථල විස්තරේ දීපං.'' කියන එකේ තේරුම :frown::frown::frown::frown:
    :frown::frown: බබා
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ළමයි මං දන්නෑ අම්මෙ... යමින් ගමං අප්පච්චිගෙ සූනං ඇග වැටීමේ පලාථල විස්තරේ දීපං..
    සුභද අසුභද කියලාවත් බලන්න...

    :shocked::lol:
    Ela Ela rep+