කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකටඑක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල
වෙනදට නං මම ඉස්සරහට යන්නෙ නෑ
අද අම්මල එක්ක ඉස්සරහට වෙලා හිටිය
ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
පිරිසක් අතරෙ ඉද්දි ලොකු අපහසුතාවයක් දැනෙනව. තනියම ඉන්නව වගේ නෑ,
තනියම අවුරුදු බර ගාණක් ඉදල නිසා වෙන්න ඇති
ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.
ගෙවල් ටික කවර් කරන්න ඕන නිසා ෆාද ඉක්මනට ඉක්මනට යනව.
මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව
කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
උබ හිතෙන්නේ අපි වයසට ගියාම අමරණීය වෙනවා කියලද .. අපිත් මැරෙනවා යකෝ .. නිකන් දුක් නොවී ඉදපන් ..