ඔව් හැබැයි පොඩි ලමයි පෙර ආත්මෙ ගැන කියල හොයන් ගිහින් බැලුවම ඇත්ත කියල ඔප්පු උන කතා ගොඩක් අහල තියෙනව ලංකාවෙ..මම හිතන්නෙ වයස 7-8ක් වෙනකොට ඒ මතකෙ නැතුව යනව ලමයිගෙ.
ලංකාවේ විතරක් නෙමෙයි වෙන රටවල් වලත් වෙනවා....ශර්මා ලංකාවේ ඉඳගෙන ඌ හිතනවා වෙන රටවල් හරිම දියුණුයි විද්යාත්මකව එහෙම කියල..
හරියට මෙහා ඉවුරේ තනකොල කකා ඉන්න ගොනා එහා එවුරේ තණකොළ හොදට කොළ පාටට සරුවට වැවිල තියෙනවා දකිනවා වගේ...නමුත් එහෙට ගියාම හිතෙනවා කෝ මම දැක්ක තණකොළ නැහැනේ කියල...
මම කෝරා එකේ දැක්ක ඔහොම ප්රශ්නයක්...ඒ මිනිස්සු කියනවා ඒ අයගේ ළමයි කියන පුදුම හිතෙන දේවල්...එත් ඒ අයට එක පෙර භාවය කියල කියන්නත් අමාරුයි..එහෙම කියන්නේ නැහැ කෙලින්ම..නමුත් මනස්ගාත කියල ඉවත දමන්නේත් නැහැ...ඒ අය හිතන්නේ එතන මොකක් හෝ අමුතු විශ්මිත දෙයක් තියෙනවා කියල...ඒ අතරේ ඉන්නවා පෙර භාවයක් කියල හිතන අයත්...
අපි බුදු දහමේ කෙලින්ම පෙර භාවය ගැන කියල තියෙන නිසා තීරණය කරනවා මේකයි හේතුව කියල...ඔය දෙකෙන් කොයි එකද හරි කියන්න දන්නේ නැහැ හැබැයි...මමත් හිතනවා එක වෙන්න ඇති කියල..මොකද සමහර වෙලාවට ඒ කියපු දේවල් ඇත්ත වෙලා තියෙනවා...
මම දන්න කෙල්ලෙක් මට මීට කාලෙකට කලින් සිද්දියක් කිව්වා...එයා පොඩි කාලේ කිව්වලු 89 භීෂණ කාලේ වෙඩි වැදිලා මරුනේ කියල...ඒ එක්කම වෙඩි වැදුණු තැනත් කිව්වලු...එනේ පිටිපස්ස හරිය කියල..(මට මතක හැටියට) ඒ ළමයට ඕක එච්චර ගානක් නොවුනත්, කාලයත් එක්ක ඕක අමතක වෙලා ගිහින්...නමුත් ඒ වෙඩි වැදුනා කියන තැන තවමත් ලොකු පැල්ලමක් තියෙනවාලු උපන් ලපයක් වගේ...