පෙර_ආත්මේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාගේ පෙර ආත්මය

මචන් උබල හිනාවෙන්න එපා . මේක සීරියස් කේස් එකක්. මම එළකිරියේ ආතල් පිස්සු ත්‍රෙඩ් දැම්මට මේක කොහොමත් ආතල් ත්‍රෙඩ් එකක් නොවෙයි මචන්.

මේ තියෙන්නේ මම පෙර ආත්මේ ඉඳපු ගේ. ගුගල් ස්ට්‍රීට් විව් එකක් පහලම දාලා ඇති. එකත් බලන්න.

f3197cb475.png


මේ ආත්මේ නොවෙයි. පෙර ආත්මෙක හිටියේ මෙන්න මේ ගේ තියන තැන. ඒ කියන්නේ දෙවන ලෝක යුද්දේ කාලේ. 1945 වගේ කාලේදී. ඔය දැන් තියන තාර පාර තිබ්බේ නැහැ. පොඩි පාරක් තිබ්බේ. සාමාන්‍යයෙන් බර කරත්තයක් යන මට්ටමටම පාර තිබ්බා. අපේ ගෙදර මැටියෙන් හදලා තිබ්බේ. මට ඒ කාලේ නංගිලා 3 දෙනෙකුයි මල්ලිලා 2 මට වඩා අවුරුදු 8 කින් විතර වැඩිමල් අක්කා කෙනෙක් හිටියා. අපේ ගෙවල් වල අය කලේ ගොවිතැන්. මට මතකයි අක්ක කසාද බැදලා ගියා ගොඩාක් ඈත ප්‍රදේශයකට. එත් මගේ ඔලුවේ නැහැ කොහෙද කියලා. අක්කගේ නම ඇසිලින් වගේ මතක. මට මතක් වෙනකොට තවමත් අවුල්.

මම 2008 විතර මගේ පෙර ආත්මේ ගෙවල් තිබ්බ පැත්ත හොයාගෙන ගියා. අපේ ගෙවල් වල අය නම් කියන්නේ ඕව ඔලුවෙන් අයින් කරන්න කියලා. අපේ අම්ම නම් කොහොමත් කැමති උනේ නැහැ මම පෙර ආත්මයක් හොයන යනවා කිවුවම. පස්සේ මම තනියම ගියා 2008 ඔක්තෝබර් මාසේ දවසක.

එත් ඒ කාලේ තිබ්බ ගෙදර නැහැ. මම පස්සේ ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ව හම්බ උනා. එත් දැන් ඉන්නේ අපේ නෑයෙක්වත් නොවෙයි. ඔය ඉඩම 1963 සල්ලි වලට මිලට අරන් දෑන් ඉන්න අයගේ තාත්තලා . මට ඔප්පුත් පෙන්නුවා. මම ගියාම ඒ මිනිස්සු ටිකක් බය උනා වගේ පෙනුමක් තමයි තිබ්බේ.

මම පෙර ආත්මේ අවුරුදු 18 20 වගේ කාලේ මම ගුනේරිස් කියන මාමගේ දුවත් එක්ක සම්බන්දයක් තිබ්බා. ගෙවල් දෙකෙන්ම කැමැත්ත දීලා තිබ්බ. ගුනේරිස් මාමගේ දුවගේ නම නම් මතක නැහැ. තවමත් මම එයාට ආදරෙයි. ගොඩක් වෙලාවට මට මතක් වෙනවා. ගුනේරිස් මාමගේ ගෙවල් තිබ්බේ අපේ ගෙදරට කිට්ටුවෙන් සැතපුම් කාලක් විතර දුරින්. ගුනේරිස් මාම නම් එච්චර හොඳ කෙනෙක් නොවෙයි. නැන්ද නම් හරිම ගුණ යහපත්. ගුනේරිස් මාම නම් කලේ දඩයම් කරපු එක. එයාට හෙනකුත් තිබ්බ. ඒකාලේ හිටපු සුද්දන්ටත් දඩ මස් වික්ක මගේ මතකේ හැටියට. මම ගුනේරිස් මාමලාගේ ගෙවලුත් හොයා ගෙන ගියා. . ඒත් දැන් එතන ගෙයක් පෙන්න නැහැ. වනන්තරේ විතරයි තිබ්බේ. මන් හිතන්නේ එ කොටස අයිති රජයට.

මට මගේ පෙර ආත්මේ දෙමවුපියන්ගේ නම් වත් අඩුම තරමේ මගේ නමවත් මතක නැහැ. මට හොඳටම මතක එක දෙයක් තියනවා ගුනේරිස් මාමගේ දුවත් එක්ක එක සැරයක් ගහක් උඩ බත් කෑවා. ඔය වගේ පොඩි පොඩි දේවල් මතකයට එනවා. අපි දෙන්නට දෙන්නා පුදුම ආදරයකින් හිටියේ.

අඩුම තරමේ මම මරුන විදිහවත් මට මතක නැහැ. මගේ මතකයේ තියෙන්නේ ඔය වගේ ස්වල්ප ප්‍රමාණයක් විතරයි.

එත් එයාගේ රූපේ මගේ ඔලුවේ හැමදාම තියනවා. මම එයට හැමදාම ආදරෙයි. උබල හිතයි මට ඔල්මාදේ කියලා.

මට ඇත්තටම ඕක සැහෙන හිතේ තියන දෙයක්. මෑතක ඉඳල ඒක වැඩි උනා එක සිද්දියක් නිසා එකයි මම මගේ හිතේ බර අඩු කරගන්න මෙහෙම උබලට ලියලා දාන්නේ.

මම ගිය 2013 අවුරුද්දේ කැනඩාවේ තමයි හිටියේ. එක්තරා දවසක හැන්දෑවක මම ටොරන්ටෝ වල සිටි හෝල් එක ඉසරහා වාඩි වෙලා ඉන්නකොට මට හොඳට හුරු පුරුදු හිතට දැනෙන කෙනෙක් මගේ ළඟ හිටියා. එයා ඉන්දියන් සම්භවයක් තියන කැනේඩියානු ගැහැණු ළමයෙක් . පස්සේ මම ටික වෙලාවක් කතා කරලා ෆේස්බුක් ඉල්ලා ගත්තා. මම රික්වෙස්ට් යැවුවා . එත් කිසිම දවසක එයා මාව ඇක්සේප්ට් කලේ නැහැ. හැබැයි මැසේජස් දෙක තුනක් දාලා තිබ්බ. Hi , How are you doing , ඔන්න ඔය වගේ. එතනින් එහාට මොකුත් දාල තිබ්බේ නැහැ. මට හිතෙන්නෙම එයා මගේ පෙර ආත්මේ ගුනේරිස් මාමගේ දුව කියලා. එත් මම පෙර ආත්ම ගැන මොකුත් එයට කියන්න ගිය නැහැ. මට ඔල්මදේ කියල හිතයි.

උබලට හිතෙන්නේ මොකක්ද . අපේ ගෙවල් වල අය කියන විදිහට " උබට පිස්සුද " කියල ද ?



Google Street View
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

Ta Hike

Banned
Jul 5, 2016
130
12
0
ගුනේරිස් මාමගේ දුවත් එක්ක ගහ උඩ බත් විතරද කෑවේ උබ :rolleyes:
 
Last edited:

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    මම ගිය 2013 අවුරුද්දේ කැනඩාවේ තමයි හිටියේ. එක්තරා දවසක හැන්දෑවක මම ටොරන්ටෝ වල සිටි හෝල් එක ඉසරහා වාඩි වෙලා ඉන්නකොට මට හොඳට හුරු පුරුදු හිතට දැනෙන කෙනෙක් මගේ ළඟ හිටියා. එයා ඉන්දියන් . පස්සේ මම ටික වෙලාවක් කතා කරලා ෆේස්බුක් ඉල්ලා ගත්තා. මම රික්වෙස්ට් යැවුවා . එත් කිසිම දවසක එයා මාව ඇක්සේප්ට් කලේ නැහැ. හැබැයි මැසේජස් දෙක තුනක් දාලා තිබ්බ. Hi , How are you doing , ඔන්න ඔය වගේ. එතනින් එහාට මොකුත් දාල තිබ්බේ නැහැ. මට හිතෙන්නෙම එයා මගේ පෙර ආත්මේ ගුනේරිස් මාමගේ දුව කියලා. එත් මම පෙර ආත්ම ගැන මොකුත් එයට කියන්න ගිය නැහැ. මට ඔල්මදේ කියල හිතයි.

    මේ ටික තමයි හොදම හරිය :P:P:P
     

    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    මම හිතනවා මේකත් පිටසක්වල ජීවින් විසින් ලංකාවේ තරුණයෙකුට කර ලිංග විප්ර්යවාදී ක්‍රියාවක් කියා
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ''ගුනේරිස් මාමගේ දුවගේ නම නම් මතක නැහැ. තවමත් මම එයාට ආදරෙයි. ගොඩක් වෙලාවට මට මතක් වෙනවා''
    රෑටද ??? :P:P:P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think you should directly ask her if guneris was her last lifes father..

    chances are that she killed herself after learning of your untimely demise and chose to follow you to the grave herself