බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථානවලට අනියුක්ත තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 43 දක්වා ඉහළ ගොස් ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිලධාරීන් 122 දෙදෙනෙක් යොමුකර ඇති අතර, නිලධාරීන් 771ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,
“පොලීසියේ අය නිරෝධායන කරන්න විශේෂ මධ්‍යස්ථාන තියෙනවා. විශේෂයෙන්ම පූනානි හා කුණ්ඩසාලේ පොලිස් රෝහල අපේ නිලධාරීන්ට ප්‍රතිකාර ලබා දෙන්න වෙන්කරගෙන තියෙනවා. මේක පොලීසිය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක් පොලිස්පතිවරයාගේ නියෝග මත අරන් තියෙනවා. එකම දේ තියෙන්නේ කුමන හේතුවක් නිසාවත් පොලිස් රාජකාරි අඩපණ වෙන්නේ නෑ මේ නිසා.“