පේර වල ඇති ගුණය
කුඩා දරුවන් පවා හොඳින් හදුනන පේර බහුල වශයෙන් ශ්‍රි ලංකාවේ දක්නට ලැබෙන පලතුරකී. ප්‍රනිත රසයක් ඇති පේර කෑමට කුඩා දරුවන්නම් වැඩි රුචිකත්වයක් දත්වන බව පෙනී යනවා. නමුත් මෙම පලතුරු කෙරෙහී බෝහෝ අයගේ වැඩි අවදානයක් යොමු නොවන බවක් ද පෙනෙනවා. දේශිය වශයෙන් ඔනෑම පුංචි ගෙවත්තක උවද පහසුවෙන් වැඩෙන මෙම පලතුර කුරුල්ලන්ගේ ද ප්‍රියතම ආහාරයකී. එහෙත් විශාල වශයෙන් මුදල් වැය කරමින් විදේශිය පලතුරු වලට පුරුදු වි සිටින අපේ ශ්‍රි ලාංකිකයන් පේර වැනි විටමින් බහුල පලතුරකට අවධානය නොකරන්නේ ඇතැම් විට පේරවල තිබෙන පෝෂණ කොටස් පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති නිසා විය හැකිය. නමුත් අධික මුදලක් වැය නොකර සිරුරට අවශ්‍ය විටමින් වර්ග කිහිපයක් ම පේර ආහාරයට ගැනීමෙන් පහසුවෙන් ඔබේ සිරුරට ලාබාගත හැකිය.
පෝෂණ කොටස් ගණනාවකින් යුක්ත වු පේර වල ඉතිහාසය සඳහන් කරන්නේ නම් මෙම පලතුර දකුණු ඇමරිකාවේ මැක්සිකොවේ උපත සිදු වු බව කියෑවේ. මේ වන විට ශ්‍රි ලංකාවේ පහසුවෙන් වැවෙන පේර උද්භිත විද්‍යාවේ iievimu guajava යනුවෙන් හැඳින්වේ. උද්භිත නාමයෙන් එලෙස හඳුන්වනු ලබන පේර ඉංගග්‍රිසි භාශාවෙන් ටම්ඩ් ( ගුආවා ) නමින් හැඳින්වේ.
පහසු මිළකට ලබාගත හැකි පලතුරක් වන පේරවල අඩංගු පෝශණ කොටස් පිළිබඳව කරුණු දැන ගැනිමට ඔබ කැමති ඇති.
සී විටමින් බහුලව අඩංගු වන අතර පේරවල අඩංගු සී විටමින් ප්‍රමාණය දෙවැනි වන්නේ නෙල්ලි වලට පමණී. ප්‍රෝටින් ග්‍රෑම් 0.9 ක් ද කාබෝහයිඩේට් 11.02 ක් ද කැල්සියම් මිලි ග්‍රෑම් 10 න් ද යකඩ මිලි ග්‍රෑම් 1.4 ක් ද තයමින් මයික්‍රො ග්‍රෑම් 30 ක් ද රයිබෝප්ලේවින් මයික්‍රොගෑම් 30 ක් ද විටමින් සී මිලිග්‍රෑම් 212 ක් ද පේර වල අඩංගු වේ.
එසේ ම නුතන සමාජය තුළ වැඩි වශයෙන් කතා කරන කොලෙස්ටරෝල් එනම් තෙල් අධීක බව සඳහා ද පේර යෝග්‍ය වන බව සඳහන් වේ. එබැවින් කොලෙස්ටරෝල් අධික ලෙස තිබෙනවා යෑයී කියන අයට ද පේර ඉතා ගුණදායක ය.
පේරවල කුඩා ඇට රාශියකී.එක් පේර ගෙඩියක එවැනි කුඩා ඇට රාශියක් තිබෙන අතර ඒවා ඉතා තද ගතියකින් යුක්තය.හොඳින් ඉදුණු පේර ගෙඩියක පිට පැත්ත කහපාටින් යුක්ත වන අතර එහි ඇතුළත තද රෝස පැහැයක් ගනී. ඉමිහිරි සුවඳක් ද විහිදුවයි.
නමුත් පේර අනුභව කිරිමේදී ඔබ හොදින් මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් ඇත. එනම් පේර හොදටම ඉදී වැඩි වු විට පේර වල අඩංගු පෝෂණ කොටස් වල අගය අඩුවේ. එසේම ඉදී වැඩි වු පේර ඉක්මණින් පණුවන්ට ගොදුරු වන නිසා ඉදීගෙන එන විටම ආහාරයට ගත යුතුය.
එබැවින් හොඳින් පැසුනු පසු හෝ මද වශයෙන් ඉදුණු විගස පේර ආහාරයට ගැනිමට වගබලා ගත යුතුය. විශේෂයෙන් වැඩිපුර ඉදුණු විට පේරවලට පණුවන් එකතු විමේ ප්‍රවනතාවය වැඩි නිසා කුඩා දරුවන්ට ගස් යට ඉදී වැඩි වී තිබෙන පේර ආහාරයට ගැනිමට ඉඩ නොදිය යුතුය. ඔබේ ගෙවත්තේ ද පේර ගසක් තිබේ නම් ඔබ මේ පිළිබඳව කල්පනාකාරි වන්න. ඔබේ දරුවන්ට මේ ගැන කියා දී ඔවුන් දැනුවත් කර තබන්න.
දේශිය වශයෙන් කුඩා ගෙවත්තක වුවද පහසුවෙන් වැවෙන, පහසු මිලකට වෙළදපොලෙන් ද ලබාගත හැකි පෝෂණ කොටස් බහුල වශයෙන් අඩංගු වන පේර ආහාරයට සුදුසු මහගුු පලතුරකී. පලතුරු ආහාරයට එකතු කර ගැනීමේදී පේරවලටද ඔබේ අවධානය යොමු කරන්න