පොකට් එකට බර නැති විවාහ උත්සවයක්
විවාහ උත්සවයක් සැළසුම් කිරීමේදී ඇති වන ලොකුම අභියෝගය වන්නේ එහි වියදම් පාලනය කිරීමයි. පවුලේ සාමාජිකයන් අතර මත ගැටුම් ඇතිවීම සඳහා මෙය බලපාන අතර එමගින් මානසික ආතතියක් පවා ඇති වේ. මෙවැනි ගැටුම් මඟ හැරීම සඳහා විවාහ උත්සවයට පෙර තමන්ගේ විවාහ උත්සවය සඳහා යන විය පැහැදම් සාකච්ඡා කරමින් සැළසුම් කළ යුත්තේ පවුලේ සියලුදෙනාගේ දායකත්වය සහ සහභාගීත්වය ඇතිවයි. ඔබේ විවාහ උත්සවයේ වියපැහැදම් කළින් සකසා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන කරුණු කිහිපයක් මෙසේ දක්වා ඇත.
ගෙවන්නේ කවුද?
කවුරුන්, කුමක් සඳහා ගෙවන්නේදැයි පවුල් දෙකෙහිම සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන්න. බොහෝ මනාලියන්ගේ පවුලේ සාමාජිකයන් තවමත් සිතන්නේ ඔවුන් මංගල උත්සවයේ සියලු විය හියදම් තමන් විසින් දැරිය යුතුයි යන්නයි. නමුත් මේ වන විට මනාලයාගේ පවුලේ සාමාජිකයන්ද එම වියදම් සඳහා දායකත්වය ලබා දෙන්නට ඉදිරිපත් වෙමින් සිටී.
එවැනි සාකච්ඡාවක් ඔබ කරගෙන යන්නේ කෙසේද? බොහෝ යුවළවල් කරන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට වෙන වෙනම කතා කිරීමයි. මෙය ඉතා හොඳ ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ සත්‍ය අදහස් වෙන වෙනම දැන ගැනීමට පහසු වන නිසයි. මෙය මඟ නොහරින්න. මෙවන් සාකච්ඡාවන් කලින් සිදු කරන්න.
සත්‍යවශයෙන්ම ඔබට අවශ්‍ය වන්නේ කොපමණ මුදලක්ද?
ඔබට අවශ්‍ය දේවල් මිලට ගැනීම සඳහා ඔබ කොපමණ මුදලක් වැය කළ යුතුදැයි ඔබම දැන ගතයුතුය. උදාහරණයක් වශයෙන් විවාහ උත්සවය වෙනුවන් සපත්තු, කාර්, කලිසම්, වැනි දේ මිලට ගත්විට එය විවාහ උත්සවයේ අය වැය සඳහා ඇතුලත් කළ යුතුය. ඔබගේ අපේක්ෂාවන් පිළිවෙලකට සකසා ගැනීම සඳහා ඔබ වියදම් කරන සෑම අංශයකටම වියදම් විය හැකියැයි සිතන උපරිම මුද්ල යොදා අයවැය සැකසීම වඩාත් සුදුසුය.
මේ අතර කාලයේදී හදිසි තත්ත්වයන් වලදීද ප්‍රයෝජනයට ගැනීම සඳහා අයවැයෙන් සියයට පහක් වෙන් කර තබා ගැනීම සුදුසු වේ. එවැනි තත්ත්වය කදී ඔබ තුළ ඇතිවන මානසික ආතතිය එසේ කිරීමෙන් මග හරවා ගත හැකිය. ඔබ්ගේ මදුසමය සඳහා ඔබ විසින්ම ගෙවීමට බලාපොරොත්තු වන්නේ නම් එයට අවශ්‍ය වන මුදලද වෙන් කර තබන්න. එයද අය වැය සැකසීමේ දී ඇතුළත් කිරීමට මතක තබා ගන්න.
ඔබට කොපමණ මුදලක් ඉතිරි කළ හැකිද?
ඔබ විවාහ ගිවිසගත් වහාම ඔබේ ආදායමෙන් හැකි තරම් මුදලක් විවාහ උත්සවයේ විය හියදම් සඳහා වෙන් කර තබන්න. ඔබේ මාසික ආදායමෙන් සියයට 20ක් වෙන්කිරීමට පුළුවනි නම් ඉතා හොඳයි. මෙය සිතන තරම් පහසු ඉලක්කයක් නොවේ. විවාහ ගිවිස ගැනීම සහ විවාහ උත්සවය අතර කාලය දීර්ඝ නම් ඔබට වැඩි මුදලක් ඉතිරි කර ගත හැකිය.

- ඉතිරි කිරීමේ උපාය මාර්ග: කුඩා කුඩා දේවල් වලට වියදම් කිරීම සීමා කරන්න. උදාහරණ – සිනමා ශාලාවකට ගොස් චිත්‍ර පට නැරඹූ ඔබට ඒ වෙනුවට මාර්ගයෙන් චිත්‍රපට ගෙදරදී නැරඹිය හැකිය. එවිට එම මුදල් ඉතිරිවේ. ගීත ඇල්බම මිලදී ගැනීම වෙනුවට ඔබ කැමති ගීත පමණක් අන්තර්ජාලය ඔස්සේ බාගත හැකිය. එවිටද යම් මුදලක් ඉතිරි වේ.
මෙවැනි වෙනස්කම් ඔබේ ජීවන තත්ත්වයට තදින් බලපෑම් එල්ල කළ ද වසරක් අවසානයේදී විවාහ උත්සවයේ අත්‍යවශ්‍ය යම් අමතර මුදල් ප්‍රමාණයක් ඉතිරිකර ගත හැකිය. - ඔබේ මුදලේ වටිනාකමට වැඩි අගයක් ලබාගන්න: අඩු පොළියක් ලබා දෙන ඉතිරි කිරීමේ ගිණුමක ඉතිරි කරනවාට වඩා ඉහළ පොළි අනුපාතිකයක් ඇති ඉතිරි කිරීමේ ගිණුම් සහ අඩු මුදලකින් වුවද ඇරඹිය හැකි ස්ථාවර ඉතිරි කිරීමේ ගිණුමක මුදල් ඉතිරි කරන්න. නමුත් එවිට ඔබට සාමාන්‍ය ගෙවීමක් වුවත් සිදු කළ හැකි බවට විශ්වාස ඇති විය යුතුය. විවාහය සඳහා මෙම මුදල් ආපසු ලබා ගැනීමට පෙර එම මුදල සඳහා ඉහළ පොළියක් ලැබෙන බවට සහතික කරගත යුතුය.