පොට_පටලවාගත්_“Free_Education”
chandimagomes.blogspot.com
https://chandimagomes.blogspot.com/2012/05/education.html
A pdf file of this article can be downloaded at
https://acrobat.com/#d=mr*a0SEEidnSQggP3bA-UA
මහාචාර්ය චන්දිම ගෝමස්
ඉංජිනේරු පීඨය
පුත්රා විශ්වවිද්‍යාලය, මැලේසියාව
මිනි පෙටියක් කර තියාගත් සරසවි සිසුන් හතරදෙනෙක් වෝඩ් පෙදෙසෙන් හැරී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇදේ. ඒ පිටුපස ගිරිය පුප්පා කෑගසමින් යන පිරිස අතර මාද පෙරමුණේ සිටියේය. මේ ඇදෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමයි. මිනීපෙට්ටිය නිදහස් අධ්‍යාපනය සංකේත වත් කරයි.
ඒ 87 වසරේ මුල් මාස කිහිපයයි. අපි සරසවියට ඇතුළු වී ඉතා ටික කලකි. පිටිපස්සෙන් දෙන උපදෙස් වලින් ඔබ්බට සිතන්න අපිට ශක්තියක් තිබුනේ නැත.
වසර 25 කට පසු අදත් ඒ මළගම ඇදෙමින් පවතී. මා වියපත් වී ඇත. එහෙත් තාරුණ්‍ය තවමත් එතැනමය. ඒ සටන් පාඨ, මිනි පෙට්ටි, බැනර් සහ තාරුණ්‍යයේ සුමට නොවූ ජවය තවමත් එහෙමමය.
ආවේගයෙන් තොරව සමබර ඇසකින් මේ ප්රශ්නය දෙස අපි මදක් බලමු. ඉංග්‍රීසියෙන් "free"යන වදනට තේරුම් දෙකක් ඇත. එකක් නම් "නිදහස්" යන්නයි. අනෙක "නොමිලේ" යන්නයි. අපේ භාෂා වියතුන් "free education" යන්න නිවැරදි ලෙස "නිදහස් අධ්‍යාපනය" ලෙසින් පරිවර්තනය කර ඇත. එහෙත් අවාසනාවකට මෙන් අපේ බොහෝ දෙනෙකුගේ සිත් වලට මෙය කා වැදී ඇත්තේ "නොමිලේ අධ්‍යාපනය” ලෙසය.
නිදහස් අධ්‍යාපනය යනු කුමක්ද?
"රටක ජීවත්වෙන සියලු දෙනාට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම නිදහස් අධ්‍යාපනයයි". එක් එක් රට වල, එක් එක් යුගවල විවිධ සමාජ ස්ථරයන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩකට සමාජීය, ආගමික හෝ දේශපාලන රාමු තුලින් අහුරාතිබුණි.
සමහර ඉස්ලාමීය රටවල කාන්තාවගේ පාසල් අධ්‍යාපනයට තහංචි පනවා ඇත. මෙය තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානය තුල තදින් පැවතුනි. 90 ට පෙර දකුණු අප්‍රිකාවේ කළු හම සහිත දරුවන් බොහොමයකට නීති මගින්ම අධ්‍යාපනය ලැබීමේ මං අහුරා තිබුණි. ඉන්දියාවේ කාලයක් කුලහීනයන්ට අධ්‍යාපනය ලැබීම සාමාජීය වශයෙන් තහනම් විය. මේ තත්වයට පිලියමක් ලෙස ඉන්දීය රජය කුලහීනයන්ට ලැබෙන විශ්ව විද්‍යාල කෝටාව විශාල වශයෙන් වැඩිකළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස කුලවතුන්ට ලැබෙන විශ්ව විද්‍යාල වරම් විශාල වශයෙන් කප්පාදු වූ අතර බිහාර් ආදී ප්‍රාන්ත වල මෙය විශාල සමාජ අර්බුදයක් කරා දිව ගියේය. එහෙත් 80-90 දශකවල ඉන්දියාවේ සීග්‍රයෙන් බිහිවූ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙම අසහනය සමනය කිරීමට සමත් විය. සමහර අප්‍රිකානු රටවල අදටත් මුදල් නොමැති දරුවන්ට ඉගෙනීමට ඉඩ ප්‍රස්ථාව නැත.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තිබේද?
නුතන අධ්‍යාපන සංකල්පයන් එළිදැක්වුණ 19 වන සියවසේ මුල් සමයේ අපේ රටේ පාසල් අධ්‍යාපනය හිමිවුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහ සුපිරි පැලැන්තියේ අතලොස්සක් දරුවන්ටය. මෙය ක්‍රම ක්‍රමයෙන් අනෙක් සමාජීය ස්ථර දක්වා විහිදුන අතර නොමිලේ අධ්‍යාපනය දෙන රජයේ සහ මිෂනාරි පාසල්ද මුදලක් අයකර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ පාලනය යටතේ වූ පාසල්ද ක්‍රමයෙන් බිහිවිය. 50 දශකයේදී රජයේ පාසැල බොහොමයක් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ආයතන බවට පත්වුණි. ඒ සමගම අලුතින් පෞද්ගලික විද්‍යාල කිහිපයක්ද ඇරඹුනේය. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, දේවි බාලිකා වැනි පාසල් රාශියක් සුපිරි තලයට වර්ධනය වූ අතර සමහර පාසල් අසාර්ථක වී වැසී ගියේය. අදත් රජයේ සමහර පාසල් වැසෙමින් පවතී. ශාන්ත තෝමස්, ශාන්ත පීතර, ට්‍රිනිටි, ශාන්ත බ්‍රිජට්, මියුසියස් වැනි පෞද්ගලික අංශයේ මුදල් අයකරන පාසල්ද රටේ ඉතා ඉහල තලයකට නැගුනු අතර පෙම්බ්‍රොක් වැනි සමහර පාසල් අසාර්ථකවී වැසී ගියේය.
90 දශකයේදී හතුපිපෙන්නක් මෙන් රටේ ජාත්‍යන්තර පාසල් විවුර්ත වූ අතර ඉන් CIS, AIS වැනි පාසල් කිහිපයක් ජාත්‍යන්තරවද පිළිගැනීමකට ලක්විය. සමහර ඒවා අසාර්ථක වී වැසී ගියේය. අප රටේ නොයෙකුත් ආගමික පසුබිම් වලට අයත් පාසල්ද, අබාධිත දරුන්වන් සඳහා පාසල්ද ඇත. මේ අනුව සමාජයේ ඕනෑම තරාතිරමක දරුවෙකුට තමන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. මෙය සැබෑ "නිදහස් අධ්‍යාපනයයි". නමුත් එය "නොමිලේ අධ්‍යාපනය පමණක්" නොවන බව අප කාටත් පහසුවෙන් වැටහේ. නොමිලේ අද්ධ්යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ එක් වැදගත් අංගයක් පමණි. එම අංගය නොතිබුනානම් මුදල් ගෙවාගත නොහැකි සමාජ පන්තියට අධ්‍යාපනය අහිමිවේ. එහෙත් "නොමිලේ අධ්‍යාපනය පමණක්" නිසා මුදල් ගෙවාගත හැකි පන්තියට තමාට මුදල් ගෙවා ලබාගත හැකි අධ්‍යාපන ඉඩ කඩ ඇහිරෙයි නම් එය නිදහස් අධ්‍යාපනය නොවේ.
ලංකාවේ නොමිලේ අධ්‍යාපනය දෙන පාසල් ටික විතරක් තිබුනානම් අද ඇතිවන තත්වය කුමක්දැයි වටහා ගන්න. මුදල් ගෙවා අධ්‍යාපනය දෙන පාසල් වලින් බිහිවී රට කරවන තැනටම ගිය ඩී එස්, ඩඩ්ලි, එස්. ඩබ්. ආර්. ඩී, සිරිමාවෝ, චන්ද්‍රිකා ආදීන් ගැන සිතන්න.මෙම පාසල් වලින් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, කලා කරුවෝ සහ යුද්ධයේදී දිවිදුන් රණ විරුවෝද බොහෝමයකි. ඒ නිදහස් අධ්‍යාපනයේ ඵලයන්ය.
අවාසනාවකට අප රටේ තෘතික අධ්‍යාපනය මෙම "නිදහස් අධ්‍යාපන" සංකල්පයෙන් බැහැරවී "නොමිලේ අධ්‍යාපනය" නම් තැනට තල්ලු විය. මෙහි අහිතකර ප්‍රතිපල රාශියක් අද අපි විඳිමින් සිටිමු.
මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ, තෘතික මට්ටමේදී නොමිලේ අධ්‍යාපනය පමණක් යන සංකල්පය අද කියුබාව හැර ලොව කිසිම රටක නොමැති බවයි (මා දන්නා තරමින්). අවාසනාවකට ලංකාවේ එය ඇත්තේද නැත, නැත්තේද නැත. මේ තත්වය තුල ජනතාව වඩා අසීරු තත්වයකට පත්ව ඇත. කියුබාවේ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසු අයුරින් ද්විතීක අධ්‍යාපනය අවසන්කරන සෑම දරුවෙකුටම ඒම අවස්ථාව හිමිවේ. එබැවින් පෞද්ගලික සරසවිවල අවශ්‍යතාවයක් නොදැනේ. එහෙත් ලංකාවේ සරසවියකට ඇතුල්වීමට හැකියාව ලැබෙන්නේ උසස් පෙළ විභාගය සමත්වන (එනම් සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන) සිසුන්ගෙන් 15%-20% අතර ප්‍රමාණයකටය. ඉතිරි 80%-85% ට නොමිලේ දෙන සරසවි අධ්‍යාපනයත් නැත. මුදල් ගෙවා සරසවි අධ්‍යාපනය ලබන්නට ඉඩකඩද නැත. මේ කිනම් "නිදහස් අධ්‍යාපනයක්" ද?
මෙහිදී මා භාවිතා කරන පෞද්ගලික සරසවි යන යෙදුම එතරම් සුදුසු නොවේ. මන්ද බොහෝ රටවල රජය මගින් පාලනය වන සරසවිවලද අධ්‍යාපනය සඳහා යම් මුදලක් අයකරන බැවිනි. එහෙත් ලංකාවේ මුදල් අයකරන සරසවි සඳහාම පෞද්ගලික සරසවි යන්න යෙදීම සුලබ බැවින් මමද එය භාවිතා කරමි.
ලංකාවේ පෞද්ගලික සරසවි කළඑලියට ඒම වැළකීමෙන් මැද මධ්‍යම පන්තියෙන් බිහිවන්න සිටි වියතුන් බොහොමයක් ද්විතික අධ්‍යාපනයෙන් එහා යාමට නොහැකිව අතරමන් විය. ලංකාවේ පෞද්ගලික සරසවි තිබුනානම් මේ බොහෝ අයෙකුට උපාධිධාරීන් හෝ ආචාර්ය වරුන් වීමට තරම් මුදල් වැය කිරීමේ හැකියාවක් තිබුණි. එසේ වුයේ නම් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවන්නට තිබුණි. 50,000 වන හොර දොස්තරලා වෙනුවට නියම දොස්තරලා රටේ සේවය කරන්නට තිබුණි. එහෙත් එය එසේ නොම විය. මන්ද තෘතික අධ්‍යාපනය තුල "නිදහස" නොතිබුන බැවිනි.
අප රටේ සුපිරි ධනපති පන්තියට කවදාවත් ලංකාවේ විශ්වවිද්‍යාල වල අවශ්‍යතාවයක් නොවිය. ඔවුන්ගේ දරුවන් යුරෝපයේ (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ) හෝ ඇමරිකාවේ සරසවි වල අධ්‍යාපනය හැදෑරිය. ඉහල මධ්‍යම පන්තිකයාද කෙසේ හෝ තම දරුවන් වෙන රටක උපාධියක් සඳහා පිටත් කර හැරියේය. මුලදී ඔවුන්දයුරෝපීයසරසවි කෙරේ සිත යොමු කළ අතර පසුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හරහා මැලේසියාව, තායිලන්තය සිංගප්පුරුව වෙත ගමන් කළේය. 90 දශකයේදී ලැට්වියාව, ලිතුවේනියාව ආදී පරණ සෝවියට් දේශයෙන් කැඩී ගිය බෝල්කන් රටවල්වල සරසවි ඔවුන් අතර ප්‍රචලිත විය. ඉන්දියාව කවදත් තරමක් හැකියාව ඇති මැද මධ්‍යම පන්තියේ දරුවන්ට සරසවි වරම් ලැබීමේ මාර්ගයක් විය. අද ඊටත් වඩා ජනප්‍රිය බංගලාදේශයේ සරසවිය. මේවන විට ලංකාවේ සිටිනධනවත් වෛද්‍යවරු සැහෙන දෙනෙකුගේ දරුවෝ බංගලාදේශයේ හා ලැට්වියාවේ සරසවි වල වෛද්‍ය විද්‍යාව හදාරති.
ලංකාවෙන් මැලේසියාවේ සරසවි වලට පමණක් සිසුන්ගෙන් ලැබෙන අදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධිකය. මුළු ලෝකයේම සරසවි වල ඉගෙනුම හදාරන අපේ දරුවන් නිසා රටෙන් ඉවතට ඇදෙන මුදල ඔබට සිත ගත හැක.
2001-2003 වකවානුව තුල නව ප්රවනතාවයක් වුයේ විදේශ සරසවි වලට අනුයුක්ත ශාකා සරසවි ලංකාවේ පිහිටුවීමයි. මෙය මැද මධ්‍යම පන්තියට මහත් අස්වැසිල්ලක් විය. වසර 2 හෝ තුනක් ලංකාවේ ඉගෙනීම කර අවසාන වසර හෝ වසර කිහිපය සඳහා වෙන රටකට යාම මෙහිදී සිදුවිය. මුළු උපාධියම වෙන රටක කරනවාට වඩා මෙහිදී දැරිය යුතු වියදම සැහෙන්න අඩුය. කෙසේ නමුත් මෙම ක්‍රමයේදීද වැඩි මුදලක් අපේ රටෙන් ඉවතට ඇදෙයි.

පොටපටලවාගත් “Free Education”

Last edited: