පොට_පටලවාගත්_“Free_Education”

Superuser

Member
Aug 30, 2015
723
73
0
පොට_පටලවාගත්_“Free_Education”

chandimagomes.blogspot.com
https://chandimagomes.blogspot.com/2012/05/education.html



A pdf file of this article can be downloaded at
https://acrobat.com/#d=mr*a0SEEidnSQggP3bA-UA


පොටපටලවාගත් “Free Education”

මහාචාර්ය චන්දිම ගෝමස්
ඉංජිනේරු පීඨය
පුත්‍රා විශ්වවිද්‍යාලය, මැලේසියාව









මිනි පෙටියක් කර තියාගත් සරසවි සිසුන් හතරදෙනෙක් වෝඩ් පෙදෙසෙන් හැරී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇදේ. ඒ පිටුපස ගිරිය පුප්පා කෑගසමින් යන පිරිස අතර මාද පෙරමුණේ සිටියේය. මේ ඇදෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමයි. මිනීපෙට්ටිය නිදහස් අධ්‍යාපනය සංකේත වත් කරයි.


ඒ 87 වසරේ මුල් මාස කිහිපයයි. අපි සරසවියට ඇතුළු වී ඉතා ටික කලකි. පිටිපස්සෙන් දෙන උපදෙස් වලින් ඔබ්බට සිතන්න අපිට ශක්තියක් තිබුනේ නැත.


වසර 25 කට පසු අදත් ඒ මළගම ඇදෙමින් පවතී. මා වියපත් වී ඇත. එහෙත් තාරුණ්‍ය තවමත් එතැනමය. ඒ සටන් පාඨ, මිනි පෙට්ටි, බැනර් සහ තාරුණ්‍යයේ සුමට නොවූ ජවය තවමත් එහෙමමය.


ආවේගයෙන් තොරව සමබර ඇසකින් මේ ප්‍රශ්නය දෙස අපි මදක් බලමු. ඉංග්‍රීසියෙන් "free"යන වදනට තේරුම් දෙකක් ඇත. එකක් නම් "නිදහස්" යන්නයි. අනෙක "නොමිලේ" යන්නයි. අපේ භාෂා වියතුන් "free education" යන්න නිවැරදි ලෙස "නිදහස් අධ්‍යාපනය" ලෙසින් පරිවර්තනය කර ඇත. එහෙත් අවාසනාවකට මෙන් අපේ බොහෝ දෙනෙකුගේ සිත් වලට මෙය කා වැදී ඇත්තේ "නොමිලේ අධ්‍යාපනය” ලෙසය.


නිදහස් අධ්‍යාපනය යනු කුමක්ද?






"රටක ජීවත්වෙන සියලු දෙනාට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම නිදහස් අධ්‍යාපනයයි". එක් එක් රට වල, එක් එක් යුගවල විවිධ සමාජ ස්ථරයන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩකට සමාජීය, ආගමික හෝ දේශපාලන රාමු තුලින් අහුරාතිබුණි.


සමහර ඉස්ලාමීය රටවල කාන්තාවගේ පාසල් අධ්‍යාපනයට තහංචි පනවා ඇත. මෙය තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානය තුල තදින් පැවතුනි. 90 ට පෙර දකුණු අප්‍රිකාවේ කළු හම සහිත දරුවන් බොහොමයකට නීති මගින්ම අධ්‍යාපනය ලැබීමේ මං අහුරා තිබුණි. ඉන්දියාවේ කාලයක් කුලහීනයන්ට අධ්‍යාපනය ලැබීම සාමාජීය වශයෙන් තහනම් විය. මේ තත්වයට පිලියමක් ලෙස ඉන්දීය රජය කුලහීනයන්ට ලැබෙන විශ්ව විද්‍යාල කෝටාව විශාල වශයෙන් වැඩිකළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස කුලවතුන්ට ලැබෙන විශ්ව විද්‍යාල වරම් විශාල වශයෙන් කප්පාදු වූ අතර බිහාර් ආදී ප්‍රාන්ත වල මෙය විශාල සමාජ අර්බුදයක් කරා දිව ගියේය. එහෙත් 80-90 දශකවල ඉන්දියාවේ සීග්‍රයෙන් බිහිවූ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙම අසහනය සමනය කිරීමට සමත් විය. සමහර අප්‍රිකානු රටවල අදටත් මුදල් නොමැති දරුවන්ට ඉගෙනීමට ඉඩ ප්‍රස්ථාව නැත.


ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තිබේද?




නුතන අධ්‍යාපන සංකල්පයන් එළිදැක්වුණ 19 වන සියවසේ මුල් සමයේ අපේ රටේ පාසල් අධ්‍යාපනය හිමිවුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහ සුපිරි පැලැන්තියේ අතලොස්සක් දරුවන්ටය. මෙය ක්‍රම ක්‍රමයෙන් අනෙක් සමාජීය ස්ථර දක්වා විහිදුන අතර නොමිලේ අධ්‍යාපනය දෙන රජයේ සහ මිෂනාරි පාසල්ද මුදලක් අයකර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ පාලනය යටතේ වූ පාසල්ද ක්‍රමයෙන් බිහිවිය. 50 දශකයේදී රජයේ පාසැල බොහොමයක් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ආයතන බවට පත්වුණි. ඒ සමගම අලුතින් පෞද්ගලික විද්‍යාල කිහිපයක්ද ඇරඹුනේය. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, දේවි බාලිකා වැනි පාසල් රාශියක් සුපිරි තලයට වර්ධනය වූ අතර සමහර පාසල් අසාර්ථක වී වැසී ගියේය. අදත් රජයේ සමහර පාසල් වැසෙමින් පවතී. ශාන්ත තෝමස්, ශාන්ත පීතර, ට්‍රිනිටි, ශාන්ත බ්‍රිජට්, මියුසියස් වැනි පෞද්ගලික අංශයේ මුදල් අයකරන පාසල්ද රටේ ඉතා ඉහල තලයකට නැගුනු අතර පෙම්බ්‍රොක් වැනි සමහර පාසල් අසාර්ථකවී වැසී ගියේය.


90 දශකයේදී හතුපිපෙන්නක් මෙන් රටේ ජාත්‍යන්තර පාසල් විවුර්ත වූ අතර ඉන් CIS, AIS වැනි පාසල් කිහිපයක් ජාත්‍යන්තරවද පිළිගැනීමකට ලක්විය. සමහර ඒවා අසාර්ථක වී වැසී ගියේය. අප රටේ නොයෙකුත් ආගමික පසුබිම් වලට අයත් පාසල්ද, අබාධිත දරුන්වන් සඳහා පාසල්ද ඇත. මේ අනුව සමාජයේ ඕනෑම තරාතිරමක දරුවෙකුට තමන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. මෙය සැබෑ "නිදහස් අධ්‍යාපනයයි". නමුත් එය "නොමිලේ අධ්‍යාපනය පමණක්" නොවන බව අප කාටත් පහසුවෙන් වැටහේ. නොමිලේ අද්ධ්යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ එක් වැදගත් අංගයක් පමණි. එම අංගය නොතිබුනානම් මුදල් ගෙවාගත නොහැකි සමාජ පන්තියට අධ්‍යාපනය අහිමිවේ. එහෙත් "නොමිලේ අධ්‍යාපනය පමණක්" නිසා මුදල් ගෙවාගත හැකි පන්තියට තමාට මුදල් ගෙවා ලබාගත හැකි අධ්‍යාපන ඉඩ කඩ ඇහිරෙයි නම් එය නිදහස් අධ්‍යාපනය නොවේ.


ලංකාවේ නොමිලේ අධ්‍යාපනය දෙන පාසල් ටික විතරක් තිබුනානම් අද ඇතිවන තත්වය කුමක්දැයි වටහා ගන්න. මුදල් ගෙවා අධ්‍යාපනය දෙන පාසල් වලින් බිහිවී රට කරවන තැනටම ගිය ඩී එස්, ඩඩ්ලි, එස්. ඩබ්. ආර්. ඩී, සිරිමාවෝ, චන්ද්‍රිකා ආදීන් ගැන සිතන්න.මෙම පාසල් වලින් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, කලා කරුවෝ සයුද්ධයේදී දිවිදුන් රණ විරුවෝද බොහෝමයකි. ඒ නිදහස් අධ්‍යාපනයේ ඵලයන්ය.


අවාසනාවකට අප රටේ තෘතික අධ්‍යාපනය මෙම "නිදහස් අධ්‍යාපන" සංකල්පයෙන් බැහැරවී "නොමිලේ අධ්‍යාපනය" නම් තැනට තල්ලු විය. මෙහි අහිතකර ප්‍රතිපල රාශියක් අද අපි විඳිමින් සිටිමු.


මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ, තෘතික මට්ටමේදී නොමිලේ අධ්‍යාපනය පමණක් යන සංකල්පය අද කියුබාව හැර ලොව කිසිම රටක නොමැති බවයි (මා දන්නා තරමින්). අවාසනාවකට ලංකාවේ එය ඇත්තේද නැත, නැත්තේද නැත. මේ තත්වය තුල ජනතාව වඩා අසීරු තත්වයකට පත්ව ඇත. කියුබාවේ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසු අයුරින් ද්විතීක අධ්‍යාපනය අවසන්කරන සෑම දරුවෙකුටම ඒම අවස්ථාව හිමිවේ. එබැවින් පෞද්ගලික සරසවිවල අවශ්‍යතාවයක් නොදැනේ. එහෙත් ලංකාවේ සරසවියකට ඇතුල්වීමට හැකියාව ලැබෙන්නේ උසස් පෙළ විභාගය සමත්වන (එනම් සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන) සිසුන්ගෙන් 15%-20% අතර ප්‍රමාණයකටය. ඉතිරි 80%-85% ට නොමිලේ දෙන සරසවි අධ්‍යාපනයත් නැත. මුදල් ගෙවා සරසවි අධ්‍යාපනය ලබන්නට ඉඩකඩද නැත. මේ කිනම් "නිදහස් අධ්‍යාපනයක්" ද?


මෙහිදී මා භාවිතා කරන පෞද්ගලික සරසවි යන යෙදුම එතරම් සුදුසු නොවේ. මන්ද බොහෝ රටවල රජය මගින් පාලනය වන සරසවිවලද අධ්‍යාපනය සඳහා යම් මුදලක් අයකරන බැවිනි. එහෙත් ලංකාවේ මුදල් අයකරන සරසවි සඳහාම පෞද්ගලික සරසවි යන්න යෙදීම සුලබ බැවින් මමද එය භාවිතා කරමි.


ලංකාවේ පෞද්ගලික සරසවි කළඑලියට ඒම වැළකීමෙන් මැද මධ්‍යම පන්තියෙන් බිහිවන්න සිටි වියතුන් බොහොමයක් ද්විතික අධ්‍යාපනයෙන් එහා යාමට නොහැකිව අතරමන් විය. ලංකාවේ පෞද්ගලික සරසවි තිබුනානම් මේ බොහෝ අයෙකුට උපාධිධාරීන් හෝ ආචාර්ය වරුන් වීමට තරම් මුදල් වැය කිරීමේ හැකියාවක් තිබුණි. එසේ වුයේ නම් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවන්නට තිබුණි. 50,000 වන හොර දොස්තරලා වෙනුවට නියම දොස්තරලා රටේ සේවය කරන්නට තිබුණි. එහෙත් එය එසේ නොම විය. මන්ද තෘතික අධ්‍යාපනය තුල "නිදහස" නොතිබුන බැවිනි.


අප රටේ සුපිරි ධනපති පන්තියට කවදාවත් ලංකාවේ විශ්වවිද්‍යාල වල අවශ්‍යතාවයක් නොවිය. ඔවුන්ගේ දරුවන් යුරෝපයේ (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ) හෝ ඇමරිකාවේ සරසවි වල අධ්‍යාපනය හැදෑරිය. ඉහල මධ්‍යම පන්තිකයාද කෙසේ හෝ තම දරුවන් වෙන රටක උපාධියක් සඳහා පිටත් කර හැරියේය. මුලදී ඔවුන්දයුරෝපීයසරසවි කෙරේ සිත යොමු කළ අතර පසුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හරහා මැලේසියාව, තායිලන්තය සිංගප්පුරුව වෙත ගමන් කළේය. 90 දශකයේදී ලැට්වියාව, ලිතුවේනියාව ආදී පරණ සෝවියට් දේශයෙන් කැඩී ගිය බෝල්කන් රටවල්වල සරසවි ඔවුන් අතර ප්‍රචලිත විය. ඉන්දියාව කවදත් තරමක් හැකියාව ඇති මැද මධ්‍යම පන්තියේ දරුවන්ට සරසවි වරම් ලැබීමේ මාර්ගයක් විය. අද ඊටත් වඩා ජනප්‍රිය බංගලාදේශයේ සරසවිය. මේවන විට ලංකාවේ සිටිනධනවත් වෛද්‍යවරු සැහෙන දෙනෙකුගේ දරුවෝ බංගලාදේශයේ හා ලැට්වියාවේ සරසවි වල වෛද්‍ය විද්‍යාව හදාරති.


ලංකාවෙන් මැලේසියාවේ සරසවි වලට පමණක් සිසුන්ගෙන් ලැබෙන අදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධිකය. මුළු ලෝකයේම සරසවි වල ඉගෙනුම හදාරන අපේ දරුවන් නිසා රටෙන් ඉවතට ඇදෙන මුදල ඔබට සිත ගත හැක.


2001-2003 වකවානුව තුල නව ප්‍රවනතාවයක් වුයේ විදේශ සරසවි වලට අනුයුක්ත ශාකා සරසවි ලංකාවේ පිහිටුවීමයි. මෙය මැද මධ්‍යම පන්තියට මහත් අස්වැසිල්ලක් විය. වසර 2 හෝ තුනක් ලංකාවේ ඉගෙනීම කර අවසාන වසර හෝ වසර කිහිපය සඳහා වෙන රටකට යාම මෙහිදී සිදුවිය. මුළු උපාධියම වෙන රටක කරනවාට වඩා මෙහිදී දැරිය යුතු වියදම සැහෙන්න අඩුය. කෙසේ නමුත් මෙම ක්‍රමයේදීද වැඩි මුදලක් අපේ රටෙන් ඉවතට ඇදෙයි.
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
පෞද්ගලික සරසවි නොතිබුණා කියා අපේ රටේ නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි දියුණුවී තිබේද?




ප්‍රථමික හා ද්විතීක අධ්‍යාපන ස්ථර වලදී අඩුපාඩුකම් මධ්‍යයේ වුවද අපේ පාසල් පද්ධතිය ලොව බොහෝ රටවල ඉහල ඇගයීමකට ලක්වේ. මෙය රජයේ මෙන්ම පෞද්ගලික පාසල්වලටද එකසේ පොදුය. මා කලින් සදහන් කල ආකාරයට වසර විස්සකට අඩු කාලයකදී බිහිවූ ජාත්‍යන්තර පාසල් කිහිපයක් ම බ්‍රිතාන්‍යයේ පවා හොඳ ඇගයීමකට ලක් වෙමින් පවතී. එහෙත් නොමිලේ අධ්‍යාපනය පමණක් වූ අපේ සරසවි බොහෝ ශේර්නිගත කිරීම් වල ඉතා පහල මට්ටමක පවතී. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කිහිපයක අපේ සරසවි 2000-3000 අතර අංකනයක් ලබා ගනී. ලොව ඉතා දිළිඳු රටවල් වන බගලාදේශයේ හා සිම්බාබ්වේ හි සරසවි පවා අපට ඉදිරියෙන් සිටිතී.


පර්යේෂකයන්ගේ වර්ගීකරණය (H-අංකනය) අනුව ගත්තත් අපේ ජේෂ්ඨ මහාචාර්යවරුන් පවා ඉතා පහල අංකනයක හෝ අංකනයක් නොමැති තත්වයකට පත්ව ඇත. මෙය අපේ රටෙන් බිහිවන විද්වතුන්ගේහැකියාවේ අඩුවක් ලෙස මා නොදකින්නේ 90 මුල් හා මැද භාගයේ ප්‍රථම උපාධිය අපේ සරසවි වලින් ලබාගෙන ඇමරිකාවට ගිය සමහරුන් මේ වනවිට H-අංකනය 20 ද ඉක්මවා ඇති බැවිනි (මෙය ඉතා ඉහල අගයකි). මෙම තත්වය තේරුම් ගැනීමට මම පහත උදාහරණය ඉදිරිපත් කරමි.


දශක ගණනාවක සිට පවත එන ලංකාවේ සරසවි වල ඉංජිනේරු පීඨ බොහෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත්වන්නේද නැත (2000 න් හෝ 3000 න් පහලබැවින්). වසර 1997 දීආරම්ඹකළ මා සේවය කරන මැලේසියාවේ පුත්‍රා සරසවියේ ඉංජිනේරු පීඨය මේවනවිට ජාත්‍යන්තර ශේණිගත කිරීම් වල 247 ස්ථානයේ පසුවේ. මෙය රජයේ සරසවියකි. එහෙත් ඉගෙනීම සඳහා සිසුන් මුදල් ගෙවිය යුතුය. මෙහි පශ්චාත් උපාධි හදාරන 75% වැඩි පිරිසක් විදේශීය සිසු සිසුවියෝ වෙති. මුදල් ගෙවා අධ්‍යාපනය ලබන සිසුවෝ හැමවිටම තමා ගෙවන මුදලට සරිලන තත්වයක තම සරසවිය තිබෙනවාදැයි සොයති. මෙහිදී සියලු සිසුන් සරසවියේ ශ්‍රේණිගත අංකනයත් පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් නම් සිය පර්යේෂණ මහාචාර්යවරයාගේ H-අංකනයත් සොයා බැලීමට උත්සුකවෙති. මේ නිසා හැකි ඉක්මනින් සිය අංකනයන් ඉහලට ගෙන ඒමට බලධාරීන්ද කථිකාචාර්ය වරුන්ද නිබඳ උත්සහ දරති. අපේ සරසවි වලට මේ සඳහා අවශ්‍යතාවයක් නැත. මන්ද උසස්පෙළ සමත්ව සරසවි වරම් ලබන සිසුන්ට වෙන විකල්පයක් නොමැති බැවිනි. ඉතා කුඩා රටවල් වන සිංගප්පුරුවෙත්, හොංකොං හිත් විශ්වවිද්‍යාල අද ලෝකයේ ඉහලම තලයේ පසුවනු දකින විට දීර්ග කාලීන අධ්‍යාපන පද්ධතියක් ඇති ලංකාවේ සරසවි වල තත්වය ගැන ඇතිවන්නේ සංවේගයකි.


තත්වය එසේ නම් පෞද්ගලික සරසවි විරෝධයේ හරය කුමක්ද?




පෞද්ගලික සරසවි විවුර්ත කිරීමෙන් අපේ දැනට සරසවි වරම් ලබන සිසු ප්‍රමාණයේ වර්ධනයක් මිස අඩුවීමක් නොවේ. මෙය රටට යහපත් වාතාවරණයකි.


පෞද්ගලික සරසවිවල ප්‍රමිතිය පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතුය. කෙසේ වුවත් මෙම සරසවි වලට නිරතුරු තම ප්‍රමිතිය ඉහලට ගෙන ඒමට සිදුවේ. නොඑසේ නම් ටික කලකින් ඔවුන් ගේ පැවැත්ම නිම වනු ඇත. ඔවුන්ට සෑම විටම අනෙකුත් සරසවි සමග තරඟයක් දීමට සිදුවේ. මේ නිසා ඉහල H-අංකනයක් ඇති කථිකාචාර්ය වරුන් බදවා ගැනීමටත් සිටින අයගේ අංකනය වැඩි කරගන්නා ලෙස ඔවුන් ධෛර්යමත් කිරීමටත් (වැඩිවන අංකනය සඳහා ගෙවීමක් හෝ වර ප්‍රදානයක් කිරීමෙන්) මෙම සරසවි බලධාරීන්ට නිරතුරුව සිදුවේ. සරසවියේ ශ්‍රේණිගත වීම සඳහා වඩාත්ම බලපෑමක් සිදුවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය මගිනි.


මේවන විට ඇමෙරිකාවේ හා කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක් දිනපතා සිය රටට එමින් පවතී. මෙය ඉන්දියාවේ ඇතිවී තිබෙන ආර්ථික ප්‍රබෝධයත් ඇමෙරිකාව ආදී රටවල ඇතිව තිබෙන ආර්ථික අර්බුදයත් නිසාවෙනි. අප මේ තත්වය දෙස සැලකිල්ලෙන් බැලිය යුතුය. රට තුල අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවේ නම් ඇමෙරිකාවේ සහ අනෙකුත් දියුණු රටවල සරසවි බබළවන අපේ වියතුන්ද මෙරටට නැවත ගෙන්වා ගැනීමට නොහැකි නොවනු ඇත.


මා දකින ලෙස මෙහිදී සිදුවිය හැක්කේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පහල මට්ටමක තිබීම නොව එය කෙටි කලකින්ම රජයේ සරසවි අභිබවා ඉහලට යාමයි. මෙය පැහැදිලි කිරීමට මම අද පවතින ද්විතික අධ්‍යාපනයෙන් උදාහරණයක් ගනිමි.


සමීක්ෂණයක් කළහොත්, මේ වනවිට රාජකීය විදුහලෙන් අස්වී CISසහ AIS ජාත්‍යන්තර පාසල් වලට පමණක් ඇතුළුවන සිසුන් ගණන සැහෙන්න ප්‍රමාණයක් බව පෙනෙනු ඇත. මේ තත්වයට හේතුව රාජකීය විදුහලේ අධ්‍යාපනතත්වයබාලවීම නොවේ. ඒම පාසලේ අධ්‍යාපන මට්ටම පෙර දිනටත් වඩා වැඩිවී ඇති බව මගේ හැඟීමයි. නමුත් සිදුවී ඇත්තේ මෙම ජාත්‍යන්තර පාසල් ඉතා ඉහල ප්‍රගතියක් සීග්‍රයෙන් අත්පත් කරගැනීමයි. මෙය මා දකින ආකාරයට අධ්‍යාපනයේ ඇතිවී තිබෙන හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයකි. දැන් කලයුත්තේ රාජකීය විදුහලේ ප්‍රගතිය වැඩි දියුණු කිරීමද නැතිනම් ජාත්‍යන්තර පාසල් වසා දැමීමද යන්න ඔබ කල්පනා කර බලන්න.


ලෝක ශ්‍රේණිගත කිරීම්වල හෝ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ඉහලම ඇති සරසවි 100 දෙස බලන්න. ඉන් එකක්වත් නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි නොවේ. දකුණු ආසියාවේ ශ්‍රේණිගත කිරීම් වල ඇති මුල් සරසවි 7 ම මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන ඉන්දියාවේ සරසවිය. මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන සරසවි වල ප්‍රමිතිය පාලනය කල නොහැකි නම් මේ තත්වය ඇතිවුයේ කෙසේදැයි කල්පනා කර බලන්න.





රජයේ සරසවි වල සිටින සාර්ථක කථිකාචාර්යවරු එයින් ඉවත් වී මෙම පෞද්ගලික සරසවි වලට එක්වෙතැයි යන තර්කයද මා පිළිගන්නේ නැත. ඔවුන් එසේ එක්වෙයි නම් එසේ වන්නේ ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් පෞද්ගලික සරසවි වලින් ගෙවන බැවිනි. මේ සඳහා පිළියම පෞද්ගලික සරසවි තහනම් කිරීමද? අපේ කලාපයේ ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය වැනි අනෙකුත් රටවල්වල නොමිලේ තෘතික අධ්‍යාපනය දෙන රජයේ සරසවිද, මුදලට අධ්‍යාපනය දෙන රජයේ මෙන්ම පෞද්ගලික සරසවිද ඇත. මේ රටවල සිදු නොවන දෙයක් ලංකාවේ පමණක් සිදුවිය හැකිද. අනෙක් අතට වෛද්‍ය වුර්තිය සලකන්න. අද ඉතා ඉහල තත්වයේ පෞද්ගලික රෝහල් ගණනාවක් ලංකාවේ ඇත. මේ නිසා රජයේ රෝහල්වල සේවය කරන හොඳ වෛද්‍යවරු එයින් ඉවත් වී පෞද්ගලික රෝහල්වල සේවයට යන්නේ නැත. ඔවුන් බොහෝවිට රජයේ රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලේද සේවය කරයි. සිදුවන්නේ වෛද්‍යවරයාගේ සේවය රජයේ රෝහලටත් පෞද්ගලික රෝහලටත් දෙකටම ලැබීමයි. අන්තිමට සිදුවී ඇත්තේ රටේ සිටින වෛද්‍ය වරයාගේ සේවය උපරිම අයුරින් රටට ලැබීමයි. සිදුවිය යුත්තේ මෙයද නැත්නම් සියලු පෞද්ගලික රෝහල් වසා දැමීමද?


පෞද්ගලික සරසවි විවුර්ත කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අදාළ පාර්ශව දැනුවත් විය යුතුය. ප්‍රයෝගික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක් නොමැතිව අරඹන වෛද්‍ය විද්‍යාලයක් අසාර්ථක වන බව නොකිවමනාය. ලෝකයේ සාර්ථක වෛද්‍ය විද්‍යාල සියල්ලටම පහේ තමාගේම වූ ශික්ෂණ රෝහලක් ඇත. ඒම රෝහල් බොහෝ විට තත්වයෙන් උසස් බැවින් තමා සිසු අධ්‍යාපනයට උදව් විය යුතු බව දැන ගත්තත් බොහෝ රෝගීන් ඒම රෝහල් වෙත පැමිණේ. ඇමරිකාවේ බොහෝ වෛද්‍ය විද්‍යාල වල වැඩිම ආදායමක් ලැබෙන්නේ සිසුන්ගෙන් නොව ශික්ෂණ රෝහලෙනි. වෛද්‍ය විද්‍යාලය සමගම ශික්ෂණ රෝහලක් ඇති කිරීමෙන් සිසුන්ට මෙන්ම රටටද වන්නේ යහපතකි.


ලංකාවේ නිදහස් අධ්‍යාපනය තෘතික මට්ටමේදී ස්ථාපිත කිරීමට නම් ගත යුතු ක්‍රියා මාර්ග දෙකකි. ඉන් පළමුවැන්න නම් සුදුසුකම් ලබන සියලුම සිසුනට නොමිලේ සරසවි අධ්‍යාපනය ලබා දීමයි. දෙවැන්න සරසවි වරම් නොලබන සිසුන්ගෙන් යම් කොටසකට හෝ උපාධියක් ලැබීමට හැකිවන අයුරින් පෞද්ගලික සරසවි ඇති කිරීමයි. රජය හෝ වෙනයම් ආයතන වලින් මෙම සරසවි සඳහා සිසුන්ට පුර්ණ සහ පාර්ශ්වික ශිෂ්‍යත්ව ලබා දීම මගින් සරසවි වරම් ලබන සිසුන් ගණන තව වැඩිකළ හැක.


මිලියන 11 ක් ජනගහනය සහිත කියුබාවේ සරසවි ධාරිතාව ලංකාවේ මෙන් 5 ගුණයකට ආසන්නය. එසේනම් මිලියන 21 ක ජනගහනයක් සිටින ලංකාවේ සරසවි සුදුසුකම් ලබන සිසුන් සියල්ලටම උපාධිය ලබාගැනීමේ අවස්ථාව නොමිලේ ලබාදීමට අපි තව කොපමණ දුර යා යුතුදැයි ඔබට සිතා ගත හැක. ප්‍රයෝගිකව මෙය කළ නොහැක්කකි. කළ හැකිනම් ඊට කලින් කලයුතු දේ තව බොහොම ඇත. සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා එයට වරම් නොලැබෙන සිසුන්ගෙන් කොටසකට හෝ අවස්ථාවක් ලබා දීමට නම් පෞද්ගලික සරසවි හැරෙන්නට අපිට වෙන විසඳුමක් නැත.


"නිදහස් අධ්‍යාපනය රැකගනිව්" යන්න පසුගිය වසර තිහක පමණ කාලයක පටන් අද දක්වා හොඳ සටන් පාඨයකි. සටන් පාඨ වලින් රටක් දියුණු කළ හැකිනම් අද ලංකාව ලෝකයේ දියුණුම රටවලින් එකක්විය යුතුය.


මෙහිදී අප සැලකිය යුතු කරුණ නම් තෘතික මට්ටමේදී අපේ රටේ කිසිදිනක නිදහස් අධ්‍යාපනයක් නොතිබුණ බවයි.නැවතත් මාඅවධාරණය කරන්නේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් 85% ට පමණ සරසවි යාමට නොහැකි නම් එහි නිදහස් අධ්‍යාපනයක් නොමැති බවයි.


"නිදහස් අධ්‍යාපනය" ලෙස නම් කළ මිනි පෙට්ටිය ඔසවාගෙන යන දරුවන්ට මම මෙසේ කියමි. ඔබේ සටන "නොමිලේ අධ්‍යාපනය පමණක්" ලෙස වෙනස් කළහොත් ඔබට ඔබ යන ගමනට යම් හරයක් එකතු කළ හැක. එහෙත් ඉන් රටට ප්‍රයෝගික සුගතියක් වෙත් දැයි ඔබ කල්පනා කර බලන්න.


නොඑසේ නම් ඔබ ඇත්තටම ඔසවාගෙන යන්නේ "නිදහස් අධ්‍යාපනයේ තිඹිරිගෙයිහිම මළගම" බව ඔබ තේරුම් ගන්න.

 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Free education refers to education that is funded through taxation or charitable organizations rather than tuition funding.

    But I'm supporting for private education if Gov cannot provide free higher education for everyone. Gov should come up with a interest free education loan scheme soon or get rid of all their super luxury vehicles. They don't deserve any of those :dull:
     
    • Like
    Reactions: Superuser

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Free education kiyana deya ,1948 year eke idalama varadi artha kathanayak[wrong meaning] ekak , Hitapu desapaluwan visin thamange vasiya thaka hadunva dee atha. Free education yanu Nomiley education kiyana arthaya nove. SAMA KENEKUTAMA EDUCATION EKA LABA GANIMATA AYITHIYAK[rights] ATHA BADAVAKIN THORAVA. Real meaning eka eyai.
     
    • Like
    Reactions: Superuser

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Free denne puluwan ,Svabava darmaya [universal energy eka visin pamani.Nathahoth Alading ge puduma pahana magini.]. Nathahoth Sakkthi sankthithi niyamaya boru vei. Energy eka mavimata nohaka.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Wind eka,water, Light , Soil ,Svabava darmaya visin apita nomiley dei. Namuth Universal energy eken nomiley education ekak apita denne natha. Eka nisa NOMILEY EDUCATION ekak kisi dina dee natha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    School buildings hadanna----University Building hadanna--------University workers lata padi gevanna-------Professors la Doctors la Instructor la Padi [Salary] gevanna MONEY AVASYA VEA. EKA NISA FREE EDUCATION EKAK NATHA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Professor la Doctor la Instructor lata padi[salary] gevanna money labenne Treasury eka haraha pradana vasayen Tax magini. Mema Tax money ,samanya Minisun gen menma Business ,Industry owners lagendha laba gani.Eka nisa Mema Tax gevanaya ayata siyalu dena garu kala yuthuya.