පොඩි එකාගේ රචනාව

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
පොඩි එකාගේ රචනාව

ගැඩවිෙලක් කතා කරයි !!!!!

මම ගැඩවිලා වෙමි. මගේ නිවස "ගැඩvilla" නමින් හදුන්වයි.. මට ගැඩවිලා නමින් නම වැටුනේ කෙසේද කියා හරියටම අයිඩියා එකක් නැති නමුත් මෙවැනි කතාවක් අපේ පරම්පරාවෙන් අසන්නට ලැබී ඇත.
දිනක් අපේ සීයාගේත් සීයා කෙනෙක් හොදින් හැඳ පැළඳ ගෙන ගමනක් යාමට සුදානම් වී එලියට බසින අවස්ථාවේ මේ දුටු හන්ගොල්ලෙක් මෙසේ අසා තිබේ..
"ආ කොහෙද යන්නේ මේ හැඩවීලා....."???
කතාවේ හැටියට මේ අසා සිටි ගොලුබෙල්ලෝ සෙට් එකක් එදා සිට අපේ සීයාට ගැඩවිලා යයි කියන්නට පටන් ගෙන තිබේ. (සමහරවිට උන් ගොළුබෙල්ලන් නොව බිහිරි බෙල්ලන්ද වන්නට ඇත)
කෙසේ වෙතත් එතැන් සිට අපට කියන්නේ ගැඩවිලන් කියාය.....
ගොවියා සිතා සිටින්නේ අප ගොවියාගේ මිතුරන් ලෙසය..අනේ එහෙත් තැන තැන ගුල් හාරා ගොවියාගේ පස බුරුල් කර දීමට තරම් මගේ නට් බුරුල් වී නැත...
මා කරන්නේ මගේ ජොබ් එකය. මිනිසාට ඔනෑ එවුන් මිනිසාගේ මිතුරෝ ය ... එපා එවුන් හතුරෝ ය.මේවා නම් මාර වැඩ ය ...
කෙසේ වෙතත් මගේ ගැඩ will එක හෙවත් ඒකායන ප්‍රාර්ථනය වන්නේ ලබන ආත්මෙදි වත් ගැඩවිලකු වී ඉපද නොවේවා!!!!!!! යන්නයි...
බැරි වෙලාවත් ගැඩවිලකු වී ඉපදෙනවා නම් මුළු ලෝකයම තනි මැටි යායක් වේවා!!!!!!
:yes::yes::yes:

26965103.png

"ටීචර් :- ඇත්තටම පොඩි එකාට ලකුණු කීයක් දෙන්නද කියා හිතා ගන්න බැරිය .. ඒ තරමට උගේ ජීවන් දෘෂ්ටිය පුළුල් ය "

මේක කොටන්න ගියහම තමයි අමාරු... හොද නම් රෙප් එකක් දුන්නට අහිතක් හිතන්නේ නෑ:D:D:D
 
Last edited:

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
මෙන්න දෙවැනි කතාව... මේ පොඩි එකත් මාරම යකෙක් තමයි ..

මීයෙක් කතා කරයි......

මම මීයෙකි.. මීයා වගේ හිටියට මිනිසාට මගෙන් මාර ප්‍රයෝජන ගොඩාරියක් ඇත. මම මිනිසාට මී පැණි මෙන් ම මී කිරි ද ලබා දෙමි..(ඇත්තටම මී පැණි ලබා දීමට අපේ මැස්සන් වන මී මැස්සන් අපට උදව් කරයි.)ඒ වගේම මී ඉටි ලබා ගැනීමටද මාව භාවිතා කරනු ලබයි.තවද මී දුම ලබා දෙන්නේ ද මම ය..එහෙත් මී දුම වැඩි වූ විට මර වාතේ යයි කියනු මට අසා ඇත. මී තෙල් යනු මගෙන් ලබා ගන්නා ඉතා වටිනා ඖෂධයකි...මී තෙල් ලබා ගන්නේ මගේ ඇට වන මී ඇට වලිනි..එමෙන්ම මීමින්නා යනු මගේ ම පවුලේ සහෝදර සාමාජිකයෙකි..
මී මුත්තා යන වචනය සෑදී ඇත්තේද අපේ පරපුරේ සම්බන්දයකිනි..ඉස්සර කාලේ මනුස්සයෙක් මීයෙක් සමග දැඩි මිතු දමකින් සිටි නිසා පස්සේ කාලෙක ඔහුට මී මුත්තා කීමෙන් මෙමෙ වචනය පැමිණ ඇත..
එහෙත් මේ කුමන දේ මිනිසුන්ට ලබා දුන්නත් අපේ ම අයගේ මෝඩ වැඩ වලින් අපට වල කැපී ඇත. අපේම එවුන් උනත් එහෙම අයට අපි කියන්නේ මී හරක් කියාය ..


49915134.png


ටීචර් :-මීයා පිළිබද සාමාන්‍ය දෘෂ්ටියෙන් බැහැරව නව මානයක් සොයා යාම නිසා පොඩි එකාට ලකුණු 100 ක් හිමි වේ ...
 
Last edited:

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
ගැඩවිලාගේ කතාවටයි මීයගේ කතාවටයි ලකුණු සීයක් දීල මදි. 1000 ක් වත් දෙන්න ඕනෙ. මේ වගේ වෙනස් මානයකින් හිතන අය තමයි අනාගතේ හොඳ සොයාගැනීම් කරන්නෙ :rofl:
 

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ගැඩවිලාගේ කතාවටයි මීයගේ කතාවටයි ලකුණු සීයක් දීල මදි. 1000 ක් වත් දෙන්න ඕනෙ. මේ වගේ වෙනස් මානයකින් හිතන අය තමයි අනාගතේ හොඳ සොයාගැනීම් කරන්නෙ :rofl:

සිරාවටම මචන් thanx කිව්වා :D:D