පොඩි කාලෙ කියවපු පොතක් හොයාගන්න උදවු,

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    පොඩි කාලෙ කියවපු පොතක් හොයාගන්න උදවු,

    මචංලා මම පොඩි කාලෙ (1990 - 1995) කියවපු පොතක් හොයනවා. පොත චීන ට්‍රන්ස්ලේශන් එකක්. කතා දෙකක් තිබ්බා. එකක්, අම්ම කෙනෙක්ට හීනෙන් පේනවා එයාගෙ අම්මා අසනීපවෙලා. ඉතින් එයා ඉක්මනට එයාගෙ අතදරුවවත් රෙද්දක ඔතාගෙන අම්මව බලන්න යනවා. මගදි එයාට පුහුල් වත්තක් මැදින් යන්න වෙනවා. ඒකෙදි එයාගෙ කකුල පුහුල් වැලක පැටලිලා වැටිලා ළමයව අතෑරෙනවා. පස්සෙ අම්මා හැමතැනම ලමයව හොයනවා. අන්තිමට එයාට ළමයගෙ ඔළුව වගේ රවුම් දෙයක් හම්බවෙලා ඒක රෙද්දෙ ඔතාගෙන අම්මලාගෙ ගෙදර යනවා. ඊට පස්සෙ ආච්චි ළමයව බලන්න හදද්දි අම්මා ඔතාගෙන ඇවිත් තියෙන්නෙ පුහුල් ගෙඩියක්. ඉතින් අම්මා ආයෙත් ඇවිල්ලා පුහුල් වත්තෙ ළමයව හොයල සිනිදු දෙයක් අතට අහුවෙලා ඒකත් ඔතාගෙන ගෙදර යනවා. ගිහින් බලද්දි ළමය ඇද උඩ. අම්මා ඔතාගෙන ගිහින් තියෙන්නෙ හදිස්සියට කොට්ටයක්. අනිත් කතාවෙ පූසො දෙන්නෙක් මාළු අල්ලන සීන් එකක් තියෙන්නෙ. ඒක හරියට මතක නෑ. උඹල කවුරු හරි ඉන්නවද ඔය පොත කියවපු / තියෙන / නම දන්න ( සිංහල / ඉංග්‍රීසි ) එකෙක්. ඉන්නවන ඕක හොයාගන්න උදවු කරපල්ලා.

    P.S
    දන්නෙ නැතත්, කවීශා ( මම දන්නෙත් අදයි ) ගැනම කියවන්නෙ නැතිව, බම්ප් එකක් වත් දාගෙන යමල්ල. ( මොක උනත් අම්මෙක් අප්පෙක්ගෙ දරුවෙක්නෙ, ඒ දැරිවිටත් නිවන්සුව )
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar359370_16.gif
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මචංලා මම පොඩි කාලෙ (1990 - 1995) කියවපු පොතක් හොයනවා. පොත චීන ට්‍රන්ස්ලේශන් එකක්. කතා දෙකක් තිබ්බා. එකක්, අම්ම කෙනෙක්ට හීනෙන් පේනවා එයාගෙ අම්මා අසනීපවෙලා. ඉතින් එයා ඉක්මනට එයාගෙ අතදරුවවත් රෙද්දක ඔතාගෙන අම්මව බලන්න යනවා. මගදි එයාට පුහුල් වත්තක් මැදින් යන්න වෙනවා. ඒකෙදි එයාගෙ කකුල පුහුල් වැලක පැටලිලා වැටිලා ළමයව අතෑරෙනවා. පස්සෙ අම්මා හැමතැනම ලමයව හොයනවා. අන්තිමට එයාට ළමයගෙ ඔළුව වගේ රවුම් දෙයක් හම්බවෙලා ඒක රෙද්දෙ ඔතාගෙන අම්මලාගෙ ගෙදර යනවා. ඊට පස්සෙ ආච්චි ළමයව බලන්න හදද්දි අම්මා ඔතාගෙන ඇවිත් තියෙන්නෙ පුහුල් ගෙඩියක්. ඉතින් අම්මා ආයෙත් ඇවිල්ලා පුහුල් වත්තෙ ළමයව හොයල සිනිදු දෙයක් අතට අහුවෙලා ඒකත් ඔතාගෙන ගෙදර යනවා. ගිහින් බලද්දි ළමය ඇද උඩ. අම්මා ඔතාගෙන ගිහින් තියෙන්නෙ හදිස්සියට කොට්ටයක්. අනිත් කතාවෙ පූසො දෙන්නෙක් මාළු අල්ලන සීන් එකක් තියෙන්නෙ. ඒක හරියට මතක නෑ. උඹල කවුරු හරි ඉන්නවද ඔය පොත කියවපු / තියෙන / නම දන්න ( සිංහල / ඉංග්‍රීසි ) එකෙක්. ඉන්නවන ඕක හොයාගන්න උදවු කරපල්ලා.

    P.S
    දන්නෙ නැතත්, කවීශා ( මම දන්නෙත් අදයි ) ගැනම කියවන්නෙ නැතිව, බම්ප් එකක් වත් දාගෙන යමල්ල. ( මොක උනත් අම්මෙක් අප්පෙක්ගෙ දරුවෙක්නෙ, ඒ දැරිවිටත් නිවන්සුව )

    me link eka balanna pooso dennage kathawa :cool: බළල් පැංචියන් දෙදෙනා

    There are lots of other story books on their page on facebook.

    http://www.facebook.com/pg/මට-දෙන්න-මගෙ-පුංචි-කාලේ-343132862387546/photos/?tab=album&album_id=343188459048653