මගේ තාත්තා නැති උනේ මට වයස 18දී, A/L වලට අවරුද්දයි. පලවෙනි සැරේ A/L fail, දෙවැනි සැරේ pass උනා. අම්මා ජොබ් එකක් කලේ නැ , aiya normal ජොබ් එකක් කලා .class යන්න නෑදෑයෝ උදව් කලා, ඒකාලේ සැහෙන්න ප්රශ්න අවා ඔලුවට, ඉඩම් වල ප්රශ්න ,සල්ලි ප්රශ්න, සමහරු ඉඩම්වලට නඩු දානවා කියලා බය කරලා ගියා, (පස්සේ ඒගොල්ලො ඒගොල්ලන්ගේ ඉඩම Land sale එකකට දුන්නා ). තාත්තා නැති උනේ මම ලග ඉද්දි , ලේ වලට විෂබීජයක් ගිහින්,මරණයට හේතුව ලියලා තිබ්බේ septicemia multi organ failure කියලා.
තාත්තා නැති උනට පස්සේ, ඕනි දෙයක් නැති උනාට එක එච්චර ගානක් නැති ලෙවල් එකට ඔලුව හැදුන, ගොඩක් වැඩ තනියම කරගන්න පුරුදු උනා. හැබැයි මුල් දවස් වල ප්රශ්න එද්දී තත්තා හිටියනම් කියලා, මම තනියෙන් අඩපු දවස් තියනවා. campus යන්න බැරි උනා, ජොබ් එකක් කරලා එකේ පඩියෙන් Degree akak කලා. දැන් නම් ලොකුවට ප්රශ්න නෑ. පුලුවන් හැමා අව්රුද්දකම දානයක් දෙනවා තාත්ත වෙනුවෙන්. සැහෙන්න ලොකු අත්දැකීම් ටිකක් ඒකාලේ ලැබුනා.