පොඩි බයික් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    කාබ් එකේ පෙට්‍රල් හිදිලා නම් තමා. ඉලෙක්ට්‍රික් පද්ධතියෙ අවුල් නෙවේ. බැට්‍රි මොඩ්ල් බයික් වල නම් බැට්‍රිය බැහැලනම් ස්ටාට් කරන්න බැහැ

    බැටරියෙ අවුලක් වෙන්ඩ බෑ.. කාබ් එක හිඳිල වෙන්ඩ ඇති.. එහෙම වෙන්නෙ ඇයි බං නිකං තියෙන කොට දවස් කීපයක් ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    බැට්‍රි මොඩ්ල් බයික් වල නම් බැට්‍රිය බැහැලනම් ස්ටාට් කරන්න බැහැ

    කික් ස්ටාට් කරන්ඩත් බැරිද ? :confused: බැටරි මොඩල් කිව්වෙ ? දැන් එන හැම එකක්ම එහෙමනෙ ?
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes::yes:
    උඹටත් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්...:lol:
    අවුලක් නෑ අපිත් මොනවහරි ඉගෙන ගන්නවනේ..;)
    කවුරුහරි කියල දෙනකන් බම්ප් තමයි...
     
    • Like
    Reactions: AnuradhaRa

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කික් ස්ටාට් කරන්ඩත් බැරිද ? :confused: බැටරි මොඩල් කිව්වෙ ? දැන් එන හැම එකක්ම එහෙමනෙ ?

    බැට්‍රි මොඩ්ල් වල මචන් කාර් එකේ වගේ බැටරියෙන් එන කරන්ට් එකෙන්තමා එන්ජිම ස්ටාට් වෙන්නෙ. ඒ කියන්නෙ මෝටරේට නෙවේ, ඉග්නිෂන් වලට. ඉට පස්සෙ එන්ජිම ස්ටාට් උනහම බැට්‍රිය චාජ් වෙනවා. පරන කාර් වලත් (16- නම්බර් වලට පස්සෙ මේ ක්‍රමෙ ආවෙ මරුටි වලට තමා. කාබ් මොඩ්ල් මරුටිය. ජපන් කාර් හැම එකකම ඊට පස්සෙ ආවෙ ට්‍රාන්සිස්ටරයිස්ඩ් ඉග්නිෂන් සිස්ටම් එකක්. බයික් වල CDI වගෙ. නමුත් සම්පුර්න වෙනස් ක්‍රමයක්. )මේ ක්‍රමේම තමා පාවිච්චි වෙන්නෙ. 6V ට්වින් වල එහෙම මේ ක්‍රමේ තමා තියෙන්නෙ. තව CD90 එකේ එහෙමත් තියෙනවා බැට්‍රි මොඩ්ල් එකක්. මැග්නෙටෝ මොඩ්ල් එකට වඩා බෑට්‍රි මොඩ්ල් එක හොදයි, පිකප් එක එහෙම වැඩියි, හැබැයි ඉතින් බැට්‍රිය බැස්සොත් කෙලියා තමා:no:.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් තියෙන ඉන්දියන් බයික් ඔක්කොගෙම තියෙන්නෙ මැග්නෙටෝ+CDI සිස්ටම් එකක්. බැටරිය ඔනෙත් නැහැ ඒවට(ඒ වුනාට බැටරිය නැතිව දුවන එක හොද නැහැ. රෙගියුලේටර් එක එහෙම පිච්චෙන්න පුලුවන්.). මැග්නෙටෝ එකෙන් හදන කරන්ට් එකෙන් තමයි ඔක්කොම වැඩ කරන්නෙ. ලයිට් හෝන් පවා. මදි පාඩු කරන්ට් එක දෙන්න තමා බැටරිය. හෙඩ් ලයිට් එක බැට්‍රියට සම්බන්ද්හයක් නෑ. ඒක කෙලින්ම මැග්නෙටෝ එකෙන්. Ct100 එකක වගේ බැටරිය ගලවලා එන්ජිම ස්ටාට් කරලා හෝන් එක ගහල බලන්න. සිග්නල් දාල බලන්න. එතකොට තේරෙනවා බැටරියෙ අවශ්යතාවය ඉන්දියන් බයික් වල. අලුත් ඩිස්කවර් එකේ එහෙම ටිකක් වෙනස්. මම මේ කිව්වෙ ct100 ප්ලැටිනා බොක්සර් වගේ පරන මොඩ්ල් ඉන්දියන් එව්වා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බැටරියෙ අවුලක් වෙන්ඩ බෑ.. කාබ් එක හිඳිල වෙන්ඩ ඇති.. එහෙම වෙන්නෙ ඇයි බං නිකං තියෙන කොට දවස් කීපයක් ?

    පෙට්‍රල් වහලද තියන්නෙ? ටැන්කිය ලග පෙට්‍රල් ස්විච් එකෙන්?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    පෙට්‍රල් වහලද තියන්නෙ? ටැන්කිය ලග පෙට්‍රල් ස්විච් එකෙන්?

    ස්කූටියක් මචං...
    (උඹ කියල දෙන ඒවට ගොඩක් ස්තූතියි මචං
    ආයෙත් රෙප් දෙන්ඩ පුලුවන්නං දෙනව ;))
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්කූටියක් මචං...
    (උඹ කියල දෙන ඒවට ගොඩක් ස්තූතියි මචං
    ආයෙත් රෙප් දෙන්ඩ පුලුවන්නං දෙනව ;))

    ස්කූටි වලත් බයික් වල වගේමනෙ ඉතින් එන්ජින් පැත්ත. ගියබොක්ස් එක තමයි වෙනස්. කොහොමත් ටික දවසක් නවත්තල තිබ්බම ඕනම බයික් එකක් ස්ටාට් කරගන්න ටිකක් අමාරුයි. එක පාරින් ස්ටාට් වෙන්නෙ නැහැ. එන්ජිම සීතල එහෙමත් වෙලානෙ තියෙන්නෙ. රෙප් නම් කමක් නැහැ මචන් යමක් ඉගෙනගත්තනම් එච්චරයි :)