පොඩි සිද්ධියක්......
මේක ඊයේ අපේ බෝඩිමේ වෙච්ච සිද්ධියක්. වැඩිය වැදගත් දෙයක් නම් නෙවෙයි. හැබැයි මේ සිද්ධිය කවි ටිකකින් ලියන්න හිතුනා. කියවලා බලලා අදහස් දාපල්ලා.... උඹලගේ කාලේ කෑවා කියලා හිතෙනවා නම් බැනපල්ලා. කිසිම තරහක් නෑ.
හවස හතට එනවිට මම බෝඩිමට
දුටුවෙමි කුමක් හෝ ඇතිබව මහමගට
දල්වා බැලිමි පොඩි එලියක් ඒ දෙසට
මහ තඩි නයෙක් පුප්පයි උගෙ පෙනේ මට
එලොව පොල් පෙනුනි එය දුටු විට මෙමට
බුදු ගුණ ඉබේ සිහි විය ඒ තිබු බියට
දුන්නා පින් ගොඩක් මාගේ දෙපයටම
දිව්වා උපරිමෙන් කෙලවර බෝඩිමට
ගියේ බෝඩිමේ එවුන්ට පවසන්න
පරෙස්සම් වෙයවු යැයි ඔවදන් දෙන්න
සිතුවට එසේ උන් හට උපදෙස් දෙන්න
උන් ටික ගසා ඇත කරටිය කුඩු වෙන්න
උඹ බොන්නැති නිසා අපි තනියම බිව්වා
පොල් බෑවා හෙන අමාරුවෙන් කිව්වා
කොච්චර විතර උඹ ගැහුවද මම ඇහුවා
වැඩිය නෑ මචෝ බාගයමයි කිව්වා
උගේ සූර් පිට කතාව අසන විට
ඇස පාවීය මේසය දෙස ඉබේටම
බෝතල් දෙකක් මුන් හතර දෙනා ගහලා
ඇති තොපි පන පිටින් කිව්වා මල පැනලා
හැමදම බොන්නෙ නෑනේ බන් ඉඳ හිටලා
පෙට්ටියා කියයි ගැලවෙන්නට සිතලා
අම්මලාගේ සල්ලිනේ ප** කියලා
ඇසු විට මූ කියපි නෑ බන් මහපොල කියලා
මුන් හා ඕවා කතා කරල වැඩක් නැත
සිතලා ගියෙමි පුටුවක් වෙත ඉඳගන්න
පැණියා එවිට ඇරඹූවා ගම කන්න
කෙල්ලක් උඹට හොයමුද බන් ගොඩ යන්න
මට මොකටද බන් කෙල්ලෙක් මම කිව්වා
බඳින්න හු** කියලා ඌ කිව්වා
අම්ම හොයල දෙයි බන් මම නැවතත් කිව්වා
මූ ආවා එකසිය ගානට නැගලා
අම්මට මොකටදැයි ප** වද දෙන්නේ
මේක අස්සේ කෙල්ලෝ ඇති හැටි ඉන්නේ
ඒව වැඩක් නෑ බන් කියලා කිව්වේ
ප්රශ්නෙන් ගැලවෙන්න කියලා හිතන් උගේ
පොල් බෑවා මෙලෙස කියයි වෙරි අතරේ
බිව්වම කාටවත් බය නෑ ලෝ තලයේ
පාරේ සිටි නයා සිහි විය මේ අතරේ
කිව්වෙමි උන්ට මා දුටු දෙය එන අතරේ
රෑට පාරෙ පරෙස්සමෙන් වරෙන් මචන්
බීල එනවනම් විශේෂයෙන් බලපන්
ඒකා කෑවොතින් අපි එතනම කම්බ්ස්
උන් හැම පිලිගත්ත හිටියත් ඩෝප් පිටින්
නැවතත් පාරේ නයි තඩියා දුටුවෝතින්
අයින් වෙලා පරෙස්සමෙන් යමන් ඉතින්
උනුත් සත්තු ජීවත් විය යුතුයි මචන්
වෙරි පිට උනත් උන් කිව්වේ ඇත්ත ඉතින්
ඉඳලා හිටලා කුඩු වෙන්නට ගැසුවාට
උන්ගේ හිත හොඳයි කියලා සිතුනි මට
වෙරි පිට වුනත් උන් මට කී දේ වල වලට
හොඳ පාඩමක් විය එය නම් මගෙ හිතට
මේක ඊයේ අපේ බෝඩිමේ වෙච්ච සිද්ධියක්. වැඩිය වැදගත් දෙයක් නම් නෙවෙයි. හැබැයි මේ සිද්ධිය කවි ටිකකින් ලියන්න හිතුනා. කියවලා බලලා අදහස් දාපල්ලා.... උඹලගේ කාලේ කෑවා කියලා හිතෙනවා නම් බැනපල්ලා. කිසිම තරහක් නෑ.
හවස හතට එනවිට මම බෝඩිමට
දුටුවෙමි කුමක් හෝ ඇතිබව මහමගට
දල්වා බැලිමි පොඩි එලියක් ඒ දෙසට
මහ තඩි නයෙක් පුප්පයි උගෙ පෙනේ මට
එලොව පොල් පෙනුනි එය දුටු විට මෙමට
බුදු ගුණ ඉබේ සිහි විය ඒ තිබු බියට
දුන්නා පින් ගොඩක් මාගේ දෙපයටම
දිව්වා උපරිමෙන් කෙලවර බෝඩිමට
ගියේ බෝඩිමේ එවුන්ට පවසන්න
පරෙස්සම් වෙයවු යැයි ඔවදන් දෙන්න
සිතුවට එසේ උන් හට උපදෙස් දෙන්න
උන් ටික ගසා ඇත කරටිය කුඩු වෙන්න
උඹ බොන්නැති නිසා අපි තනියම බිව්වා
පොල් බෑවා හෙන අමාරුවෙන් කිව්වා
කොච්චර විතර උඹ ගැහුවද මම ඇහුවා
වැඩිය නෑ මචෝ බාගයමයි කිව්වා
උගේ සූර් පිට කතාව අසන විට
ඇස පාවීය මේසය දෙස ඉබේටම
බෝතල් දෙකක් මුන් හතර දෙනා ගහලා
ඇති තොපි පන පිටින් කිව්වා මල පැනලා
හැමදම බොන්නෙ නෑනේ බන් ඉඳ හිටලා
පෙට්ටියා කියයි ගැලවෙන්නට සිතලා
අම්මලාගේ සල්ලිනේ ප** කියලා
ඇසු විට මූ කියපි නෑ බන් මහපොල කියලා
මුන් හා ඕවා කතා කරල වැඩක් නැත
සිතලා ගියෙමි පුටුවක් වෙත ඉඳගන්න
පැණියා එවිට ඇරඹූවා ගම කන්න
කෙල්ලක් උඹට හොයමුද බන් ගොඩ යන්න
මට මොකටද බන් කෙල්ලෙක් මම කිව්වා
බඳින්න හු** කියලා ඌ කිව්වා
අම්ම හොයල දෙයි බන් මම නැවතත් කිව්වා
මූ ආවා එකසිය ගානට නැගලා
අම්මට මොකටදැයි ප** වද දෙන්නේ
මේක අස්සේ කෙල්ලෝ ඇති හැටි ඉන්නේ
ඒව වැඩක් නෑ බන් කියලා කිව්වේ
ප්රශ්නෙන් ගැලවෙන්න කියලා හිතන් උගේ
පොල් බෑවා මෙලෙස කියයි වෙරි අතරේ
බිව්වම කාටවත් බය නෑ ලෝ තලයේ
පාරේ සිටි නයා සිහි විය මේ අතරේ
කිව්වෙමි උන්ට මා දුටු දෙය එන අතරේ
රෑට පාරෙ පරෙස්සමෙන් වරෙන් මචන්
බීල එනවනම් විශේෂයෙන් බලපන්
ඒකා කෑවොතින් අපි එතනම කම්බ්ස්
උන් හැම පිලිගත්ත හිටියත් ඩෝප් පිටින්
නැවතත් පාරේ නයි තඩියා දුටුවෝතින්
අයින් වෙලා පරෙස්සමෙන් යමන් ඉතින්
උනුත් සත්තු ජීවත් විය යුතුයි මචන්
වෙරි පිට උනත් උන් කිව්වේ ඇත්ත ඉතින්
ඉඳලා හිටලා කුඩු වෙන්නට ගැසුවාට
උන්ගේ හිත හොඳයි කියලා සිතුනි මට
වෙරි පිට වුනත් උන් මට කී දේ වල වලට
හොඳ පාඩමක් විය එය නම් මගෙ හිතට



