You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පැපොල යනු ‘වැරිසෙල්ලා සොස්ටර්’ (Varicella zoster) නමින් හදුන්වන වෛරසය මගින් සාදන බෝවන රෝගයකි.
ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන පැපොල කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවීම සිදු වන්නේ රෝගියෙකු කහින විට / කිවිසන විට පිට වන ශ්වසන බිදිති මගින් හෝ සමේ ඇති වන දිය පට්ටා / තුවාල වල ශ්‍රාවයන් ස්පර්ශ වීමෙනි. සමේ ආසාදන ඇතිවීමට දින 5 කට පමණ පෙර සිට දිය බුබුළු වියළෙන තෙක් බෝවීම සිදු විය හැක. වෛරසය ශරීරගත වූ පසු රෝගය සෑදීමට දින 10 - 21 ත් දක්වා කාලයක් ගත විය හැක.
රෝග ලක්ෂණ
මුලින්ම ඇති වන රෝග ලක්ෂණ වනුයේ, උණ හිසරදය, ඇග පත වේදනාව, කෑම අරුචිය යන ඒවා වේ. දින කිහිපයකින් පසු දියර පිරුණු කුඩා බිබිලි සමේ ඇති වීමට පටන් ගනී. මුලින්ම හිසේ හා පපු ප්‍රදේශයේ ඇති වන බිබිලි ක්‍රමයෙන් අත් පා වලට පැතිර යයි. දින 10 -14 ත් අතර කාලයක් තුලදී ඒවා ක්‍රමයෙන් වියළී යයි.
රතිකාර
කැසීමෙන් වැළකී සිටීමෙන් ලප කැළැල් ඇති වීම වළක්වා ගත හැක. ලිහිල්, මෘදු, කපු ඇදුම් ඇදීමෙන් කැලමයින් (Calamine Lotion) ආලේපනයෙන් හා Antihistamines භාවිතයෙන් ද, කැසීම අඩු කර ගත හැක.
උණ හා ඇග පත වේදනාවට පැරසිටමෝල් (Paracetamol) භාවිතා කළ හැක. වැඩිපුර දියර ගැනිම හා විවේකය ඉක්මන් සුවයට අවශ්‍යයි
රෝග ව්‍යාප්තිය වැළැක්වීම
පැපොල සෑදුනු රෝගීන් ජනාකීර්ණ ස්ථානවලට යෑමෙන් වැළකී සිටීමෙන් හා ආසාදිත ළමුන් සමේ තුවාල වියළෙන තෙක් පාසැල් නොගොස් තබා ගැනීමෙන් රෝගය අන් අයට පැතිරීම අඩු කළ හැක.
ඊට අමතරව Acyclonin නමැති ඖෂධය මුල් පැය 24 තුළ ලබා දීමෙන්ද, රෝගී ලක්ෂණ අඩු කර ගත හැක.
පැපොල සදහා ප්‍රතිශක්තීන් ඇති අතර වෛද්‍ය උපදෙස් අනූව එය ලබා ගත හැක.
ගර්භනී කාන්තාවන්ට මුල් මාස 3 ඇතුළත පැපොල සෑදීමෙන් කලලයට හානි විය හැකි බැවින් ගර්භනී අවස්ථාවලදී පැපොල සෑදුන හොත් හෝ සෑදීමේ හැකියාවක් ඇත්නම් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
Good Comment saho.


ඒඩ්ස් හැදිලා බිජ්ජ කුණු වෙලා මැරෙයි දැන් 