පොතක් සොයා ගන්න

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    පොතක් සොයා ගන්න

    ධර්මසිරි ගමගේ මහතා ලියපු "සිත නිවන තැන්" පොත හොයා ගන්න තියෙනවද??

    9SVLm7k.jpg
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මේ පොත හොයන්න ගත්තේ 8 වසර සිංහල පොතේ තිබ්බ පාඩමක් මතක් වෙලා..උඹලට මතකද දන්නේ නැ..නිල්වැලියට ගිය ගමනක් වගේ මතක..මට බ්ලොග් එකක තිබිල හම්බුනා..පහල දැම්ම කියවපල්ලා..

    නිලාවැලි නම ඇසුනු සැනින් අප සිතේ ඇදෙන්නේ කුමන අන්දමේ රූපයක්ද? සුවිසල් ගොඩනැගිලිවලින් හා හෝටල් වලින් සුසැදි සංචාරක පුරවරයක්! විදේශිකයන් සියගණන් එහා මෙහා ඇවිදින නගරයක්! නැගෙනහිර ඉසව්වට වන්නට පිහිටා ඇති ප්‍රකට සංචාරක නිකේතනයක්!

    මේ ලිපියනේ මා බලාපොරත්තු වන්නේ නිලාවැලියේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කිරීම නොවේ. ජීවිතයේ එක් වරක් හෝ ඔබ යා යුතු මේ අතිශය සුන්දර ප්‍රදේශය පිලිබද තොරතුරු සුවල්පයක් සදහන් කිරීමට ය.
    අහසත් ගොඩබිමත් අදුරු කඵ පාටින් වැසුනු එක සවස් යාමයක නිලාවැලියේ සොදුරු බිමට අපි ගොඩ වැදුනෙමු. දූ දරුවන් සමග පවුල් තුනක කණ්ඩායමක් අප පිරිසට අයත් වූහ.
    කොලඹ සිට ත්‍රීකුනාමලය තේක් ගොස් එතැනින් පුල්මුඩෙයි පාරේ සැතපුම් 12 ක් පමණ ගිය විට නිලාවැලිය හමු මෙයි.දැනට වසර කීපයකට පෙර ඉතා අසරණ දිළිදු පෙනුමක් ගත් නිලාවැලිය සංචාරකයන් නිසා අද අමුතු එළියක් ලබා ඇත. මේ ප්‍රෙද්ශයේ පාර දෙපස ඇති කුඩා අතු පැළ පවා අද සංචාරක නිවහනකි එක් රැයකට පැදුරටත් මැටි අතුළ පිලටත් රුපියල් සියයක් මිල වෙයි. උදේ සිට සවස වන තුරු රන්වන් වැල්ලේ හිරු සමග පිළිසදරේ පසුවී සවස් යාමයේ පොල් රුප්පාවෙන් සෙවන වු අතුපැලක ගොම හෝ මැටි අතුල පොලවේ එඵු තල් කොළ පැදුරක වැතිර ලබන සිසිල ඔවුන් අන් කවර ස්වර්ග රාජ්‍යකින් ලබාගන්න ද?
    කොලඹින් එක පිම්මේ ත්‍රිකුණාමලයට නොආ අප රීදී බැදි ඇල්ලෙන් හැරී ගොස් දැදුරඔය වැව් කණ්ඩියට වී ගිමන් හැරිමු. වැවු කණ්ඩියට පහලින් ඇති නෙලුම් පොකුණ පැරණි සංදේශ කාව්‍යයක ඇතැම් මියුරු වර්ණනා මතක් කර කවි සුවදක් සිතට ඇතුල් කරයි. නෙලුම් කොලයේ බත් කනන් කැමති අය ගැන නිමල් ඡන්ද විමසිමක් කළත් අප නඩයේ සිටි සීත, කුසුම් හා ස්වර්ණා යන බවලතුන් තිදෙනාම දොලදුක් කාරීයන් නොවූ නෙවූහ. අලංකාර නෙඵම් පොකුනේ නෙඵම් මල් පිපි තිබුනේ සියපත් යන නමට ගැලපෙන පත්‍ර සමූහයකින් යුතුව ය. එක් එක නෙඵම් මලක් දෝතින් ගත යුතු තරම් විශාල විය.
    කණ්ඩායමේ සිටි දරුවන් සැමදෙනාටම නෙඵම් මල් කඩා ගැනිමට අවශ්‍ය විය. සිනාරැලි අහුරක් වැනි පිපි මල් යාය දකින විට ඉන් එක මලක් හෝ නෙළා ගැනීමේ ආශාව ඇති වුවත් පොකුණට බැසීම නම් දුශ්කර කාර්යක් බව පෙනිණි.
    අවුරුදු විසි ගනනක් තිස්සේ දැදුරු ඔය සොරොව්වත්, වැව් බැම්මත් බලා ගනිමින් නෙඵම් පොකුන හා මල් උයන ද වවා පුදුම අලංකාරයකින් මේ ප්‍රදේශය නඩත්තු කරන අප්පො අයියා අපේ උදව්වට ආවේ ය. හේ දරුවන්ගේ දෝත පිරෙන්නට නෙළුම් මල් කඩා දුන්නේ ය. දරුවන්ගේ මුහුණු කිව නොහැකි ප්‍රීතියකින් කාන්තිමත් වනු පෙනිණි.
    අපි මේ නෙළුම් මල් බෝ‍හෝ ශ්‍රද්ධාවෙන් ද චිත්ත ප්‍රීතියෙන් ද පරෙස්සමින් රැගෙන ගොස් අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝ සමිදුන් පිදුවෙමු.
    තිසා වැවෙන් දිය නා වැවි ඉවුරේ හීල් හෙවනේ වාඩි වී බත් කැවෙමු. ඈත දිය රැළි නළවා එන සුළග මුළු දිවියේම විඩා නිවා පවන් සලන විඡින් පතක් වැන්න.
    අනුරාධපුරයේ සිතුවාටත් වඩා කාලයක් ප්‍රමාද වූ නිසා අප ත්‍රීකුනාමලයට එන විට ඇදිරි වැටී තිබිණි. අපේ කන්ඩායමේ මාර්ගෝපදේශකයා වූයේ නිමල් ය. ඔහු අප මේ කැදවාගෙන යන්නේ ජාතික තරුණ සේවා සභාවේ නිලාවැලි ජාතික නිවාඩු නිකේතනයේ ( මෙය වඩා ප්‍රකට රෙඩි රොක්ස් නිවාඩු නිකේතනය යනුවෙනි) අසිරිය පෙන්වීමටයි.
    අණුරාධපුරේදි මගේ කාල සටහන ටිකක් එහා මෙහා වුණා. නොනා මහත්තුරු වදින්න ගියාම ටිකක් වෙලාව ගන්නවා නේ... වෑන් රියේ නැගී ත්‍රීකුනාමලය බලා එන අතර නිමල් කීවේය. අපි වදින්න එච්චර වෙලා ගත්තේ නෑ, මේගොල්ලේනේ පැය ගාණක් දියකාවො වගේ වැවේ ගිලිලා හිටියේ..... නිමල්ගේ දයාබර බිරිද කාන්තා පක්ෂයේ සියලු දෙනාගේ ම අයිතිවාසිකම් ආරක්ෂා කළා ය.
    ත්‍රීකුනාමලයට එන විට සවස පහාමාර පසු වී තිබිනි. අප සැලසුම් කර තිබුනේ නිලාවැලි නිවාඩු නිකේතනයට ගොස් රාත්‍රී ආහාරය අප බිරින්දෑවරුන් අතින් ම සකසා ගැනීම යි. අනෙක් කලමනා සියල්ල වෑන්රියේ තිබූ අතර අලුත් මාළු ටිකක් ගෙන යමු යැයි නිමල් යෝජනා කළේය. වෑන් රිය කලපු මණ්ඩියෙහි නැවැත් වූ අපි ඒ මොහෝතේ ම බෝට්ටුවකින ගොඩට ගෙනා අලුත් ම පරා කූරියන් තිදෙනකු වෑන්රියට දම ගතිමු.
    අපි මේ යන තැන අමුතුම ලස්සන තැනක් කළුවර වැටෙන්න ඉස්සර ගියොත් බහින ඉරේ ලස්සන කවදාවත් නොදැක්ක විදියට බලා ගන්න පුළුවන්... නිමල් කීවේ ය. කාගේත් කැමැත්ත තිබුනේ ඒ බලාපොරත්තුව ඉටුකර ගැනීමට ය.
    මම මේ හවස ඉදලම බලා ගෙන උන්නා. ටිකක් වේලාසනින් එන්න එපායැ එන්න..... අප මහන් ආදරයෙන් පිළිගනිමින් රෙඩි රොක්ස් නිවාඩු නිකේතනයේ බාරකරු රත්නායක මහතා කළුවරත් රැගෙන අප ආ ගමන ගැන තරමක් සංවේගයකින් මෙන් පැවසී ය.
    අනෙක අද රෙඩ් රොක්ස් යන පාර ටිකක් වතුරෙන් යට වෙලා. පුංචි දරුවොත් එක්ක යන නිසා රෑ වුණා වැඩියි. වෑන් එක මෙහෙ දාලා අපේ ට්‍රක් එකේ යමු..... ඔහු පිහිටට ඉදිරිපත් විය.
    අපි වෑන් රියේ ගෙනා බඩු සියල්ල ට්‍රක් රථයට පැටෙව්වෙමු.
    මොනවා අමතක කලත් මාලු කූරියො තුන අමතක කරන්න එපා අප කන්ඩායමේ සිටි බෙනට් පැවසීය.
    ට්‍රක් රථය දැන් නිලාවැලි පාරට අවතීරනව ඉදිරියට යයි. කලුවර දැන සිවි රග සේනාවද සමග අප වටලා හමාරය. රථය ගැස්සෙමින් උඩපනිමින් පෙරටම ඇදෙයි. විවේකය පමනක් නෙව සුන්දරත්වයද සොයා ආ අප කලුවර විසින් මොහොතකට පරාජයට පත්කල බවක් මට සිතිනි. ට්‍රක් රථයේ පිටුපස සිටින අය සියලු දෙනා ඹවුන්නොවුන් නොදකින තරමට අදුර ගලා විත් තිබිනි.
    එහෙත් දරුවන්ට නම් මෙය මහත් ම විනෝදයකි. ඔවුන්ගේ සිනා හඩත් ට්‍රක් රථය ගැස්සෙන විට ඹවුන් උඩ පැන විනෝද වන හඩත් එක දිගට ඇසෙයි. තරමක් දුර ගිය ට්‍රක් රථය සෙමෙන් දකුණට හරවා ගමන් කරන බව පෙණින. මේ තැන් සිට ඇත්තේ නිවාඩු නිකේතනය තෙක් වැටුනු කුඩා වනාන්තරයක් මැදින් වූ මාවතකි. පාරට නැමුනු අතු ඉති ද දෙබෑ කර ගෙන ට්‍රක් රථය යෝධයකු සේ ඉදිර්‍රයට ඇදෙයි. වන තීරය වසා පැතිරී කඵුවර ද දිය පහර ද රූරා ගෙන ආ ට්‍රක් රථය නිවාඩු නිකේතනය අසල නතර විය.
    මෙම නිවාඩු නිකේතනය භාර ව සිටින නෙත්තිකුමාර හොදින් වැඩුනු හැඩි දැඩි සිරුරකින් යුත් නිර්භිත තරුනයකි. ඔහු ට්‍රක් රථයේ හඩ අසා ලන්තෑරුමක් ද දල්වා තම කුටියෙන් එළියට ආවේ ය.
    මම හිතුවා මහත්තයලා එන එකක් නැද්දෝ කියල..... රථයේ පටවා ගෙන ආ බඩු බාහිරාදිය එළියට ගන්නට උදව් වෙමින් ඔහු ලන්තෑරුම් එළිය වැඩි නළේය.
    දෙසවන් අගුලු වට්ටන දෝංකාර හඩ එක්ව නැගෙන හේෂාවෙන්ද ගුවන් විදුලි, ටෙලිවිශන් කැසට්, යන්ත්‍රවල කලබලයෙන් ද තොර අමුතු ම විරජිතයට සැපත් වූවාක් වැනි හැගීමක් මා තුළ ඇති විය.
    අපූරු ළගන්නා හඩකට ඇසෙන සමූහ රිද්මයක් සේ සිහින් ස්වර රටාවක් ඈතින් මතු වී ඇසෙන්නට විය. මම මොහොතක් එය ට කන් දුනිමි. මේ නාද රටාව සිහින් ස්වරයකින් කොදුරා අප සිටින ඉසව්වට ගලා හැලෙන යළි තුනීවී යන යළි මතුවෙන ඇසෙන අපූරු හඩක් සේ මා සවනත වැටිණි.
    මම නිමල් වෙත ළං වීමි.
    මොකක්ද නිමල් ඒ සද්දෙ?
    ඒ ඇසෙන්නේ මූදෙ රළ ගහන සද්දේ. දැන් ඇත්තටම අපි ඉන්නේ මූදු වෙරළේ කියලා කියනන්න පුඑවන්. නැත්තං මූදු වෙරළ පේන ඉසවුවේ, අපි හැරිලා ආපු කැලැ මණ්ඩියේ අන්තිම කෙළවර මේ. මෙතනින් අඩි තිහක් ගිය තැන මූද. උදේට අපූරුවට බලන්න පුඵුවනි. නිමල් ය.
    නෙත්තිකුමාර අතින් තවත් ලන්තෑරුම් කිහිපයක් දැල්විනි. අපට නිවහන පිණිස වූයේ කූඩාරම් ය. පොළොවෙන් අඩි දෙකහමාරක් පමණ උඩට ඉදී වූ ලෑලි තට්ටුව වසා කූඩාරම් ගසා තිබිණි එ වැනි කූඩාරම් පහක් මේ නිවාඩු නිකේතනයේ අත. එක කූඩාරමක් තුළ බූරු ඇදන් හතරක් පහක් පහසුවෙන් තැබිය හැකි ය. නෙත්තිකුමාර බුරු ඇදන් තබා කූඩාරම් තුනක් සකස් සර ලන්තෑරුම් එල්ලීය. කූඩාරම අබියස වූ කුඩා අට්ටික්කා ගසේ නෙත්තිකුමාර තවත් ලන්තෑරුමක් එල්ලුයේ කුඩා ලමයින් ඒ ම් අත යන විට කලුවර මගින් ගෙනයනු ලබන බිය තුරන් කිරීමට විය හැක. එය ඇතට පෙනුනේ වෙසක් දින දැල් වූ බකට් ලාම්පුවක කුඩා එලියක් ලෙසින්.
    අපි සිටි තැන හාත්පස බැලූ අත වුයේ වනගයනයයි. නැති නම් ම ඒ මොහෝතේ නෙත ගැටුණේ කූඩාරම් ඉදි වී ඇති මේ බිම පියස වසා නැගී ඇති රූස්ස ගස් සමූහය වෙත යි. ඒ රැයෙහි මුහුද දුටුවේ දර්ශණයක් ලෙසින් නෙව හඩක් ලෙසින් පමණි. මුහුද අප සිතේ විඩාව නිවෙන අයුරුන් රිද්මයකට මුඵු රැයෙහි ම ඇගේ ගීතය ගැයුවා ය.
    නෙත්තිකුමාර දැල් වූ ලන්තෑරුම් එලියෙන් රැ අදුර තුනී වෙයි. ට්‍රක් රථයේ පැද්දෙමින් ගැස්සෙමින් පැමිණිය ද දැඩි තෙහෙට්ටුවක් දැනුණේ නැත.
    මුහුණ කට දොවා ගන්නට වතුර ඇති තැන නෙත්තිකුමාර අපට පෙන්වීය.
    සිමෙන්ති බැමිමක් හරස් කොට සාදා තිබූ ටැංකියෙන් වතුර ගෙන අප මුහුණ කට සෝදා ගතිමු.
    සීතා, ස්වර්ණා හා කුසුම් රාත්‍රි භෝජන සංග්‍රහය සදහා වැඩ අරඹනු පෙනිනි. බෙනට්, නිමල් සහ මම දරුවන් ද සමග අටිටික්කා ගස යට වාඩි වීමු.
    ලන්තෑරුම් එලිය යට වාඩි වී සිංදු කියන දරුවන් අසල නිමල්, බෙනට් සහ මම ද ප්‍රේක්ෂකයේ බවට පත්වීමු.
    වන තීරය කෙළවර මුහුදු වෙරළට ආසන්න මේ විස්මිත විජිතයේ ගුප්ත කුතුහලය මතු කරන පරිසරය තුළ ඹවුන් වින්දේ අපූරු ආස්වාදයෙකි. තාලය කඩාගෙන සින්දු කියන ෂානක පුතාගේ කට හඩට කොස්සන් දෙන අනෙක් අරු පිරිසගේ සිනා හඩින් අටිටික්කා ගස යට රාත්‍රී ගීත ප්‍රසංගය නිමා විය.
    මාඵු මිරිසට උයා, අල බැදුමකුත් ලූනු සමිබලයකුත් සමග සැකසුනු උණු උණු බත දරුවන්ටත් අපටත ලැබුණි. ලොව මෙවැනී චමත්කාර ජනක රැයක් අපේ ආස්වාදය සදහාම පිසුන් දිව්‍ය භේජනයක් සේ ඇත්තට ම ඒ කෑම වේල රසවත් ය.
    රාත්‍රි ආහාර ගත් අප නින්දට යන විට මැදියමි රැය ආසන්න ව තිබිණි.
    මුයුද තම නොනවතින ගීතය ගයමින් සිටියා ය. පසුව දා උදැසන අවදි ව කූඩාමෙන් පිටට පැමිණ බලත ම දර්ශණය වූයේ කුමක්ද? සොබා සොන්දර්යයේ ආනන්දයත් මිනිස් ආධ්‍යාත්මයත් මේ මිහිතලයේ එක ම තැනක දී එකට යා කෙරෙන අපූර්ව ම දර්ශනය යි. මරණින් මතු උපදින ලොවක දී නො ව මේ සක්වළ ගැබ කොතනක දී හෝ ඒ ආනන්දය හා අප එක්විය යුතු ය. නිහඩ වන තීරය නිමා වන මේ ඉසව්ව සොයා මගේ ම ඇස් මානයේ දිව ආ මුහුදු රළ පෙළ මත නැටූ අරුණලු පොකුරු අතර ඒ ආනන්දය මට දැකගත හැකි විය.
    කූඩාරමෙන් එළියට ආ මම මුහුදු වෙරළ තෙක් ඇවිද්දෙමි. මුහුදු රළ මගේ දෙපා වැළද ගන්නට පෙර සුළග දුව විත් ම බදා සිසිල් හාදු වැලක ම දුන්නා ය. මිනිසකුට ජීවත් වීම සදහා ප්‍රේමය අවශ්‍ය බව මුලින් ම උගන්වන්නේ සොබා දහම විසිනැයි මම සිතමි.

    මුහුදු රළ මත නටන හිරු රැස් පොකුරු කැලතෙන රිදී කාසී අහුරක් සේ පෙනෙයි. මුහුදු ලලනගේ ඉණ බැදි අවඩිය ගිලිහී දිදුඵු දෙන්නා සේ උදා හිරු එළියේ නටන ඒ රළ පෙළ අපූරු ආනන්දයක් සිතෙහි මතු කරයි.
    මම මොහොතක් සිත එකග කැරගෙන ඉරට නටන මේ රළ පෙළේ රැගුම කෙතරම් රිද්මයානුකූලව සිදු වන්නක් දැයි බලා උනිමි.
    දකුණු පසින් පෙනෙන්නේ රෙඩි රොක්ස් කදු වැටිය යි. මෙය රතු පැහැ ගලින් සෑදුණු කදු වැටියෙකි. මේ අන්දමට මේ රතු ගලින් නිමැවුණු කදු වැටියක් ඇති එක ම ස්ථානය ද මෙය බව කියති. ඇතැම් සංචාරකයන් කටුනායක ට පැමිනි විගස අසන පලමුවෙනි ප්‍රශ්ණය රෙඩි රොක්ස් වෙත යන්නේ කොහොම ද? යන්න යැයි පසු අවස්ථාවක දැන ගතිමි.
    කොතැන දුටුවත් මුහුද නම් මුහුද ම නොවේදැයි ඇතැමි විට ඔබට සිතන්න පුලුවන. කොතැනකදී දකින ගැහැනියත් ගැහැනිය නොවන්නා සේ ම මුහුද වද පිහිටීමේ හැඩ රුවින් විවිධ සුන්දරත්වයට පත් වෙයි. පිහිටීම අනුව එයට ම පොදු පියකරු බවත් ළගා කර ගනී.
    කිසිවකු හාත්පස නොපෙනෙනා මේ විසල් බිම් කඩෙහි මම මොහොතකට තනි වී සිටිමි. කැලෑවත් මුහුදත් එක වන මේ බිම් තීරුව කවියකුට නම් ස්වර්ගයට යා හැකි මාවතක් වැන්න. හිරු එළිය වැටුණු රතු ගල් කුළ දැන් අපූරු කාන්තියක් විහිදුවයි. කුරුලු රෑනක් දුන්නක් හැඩයට ගල් කුළට උඩින් පියාසර කරති.
    සමුද්‍රඝෝෂ වෘත්තයට කවියක් කියමින් පැමිනි රළ පොකුරක් මගේ දෙපා සෝදා ආපසු මුහුදට දිව ගියාය. මගේ ජීවිතයේ ඇති සියලු වගකීම් ද බරපතළකම් ද සුළගත් රළ පහරත් විසින් මුහුදට ඇදගෙන ගියා සේ ය. කෙතරම් සුවදායක මොහොතක්ද ? දෙපා සිනිදු වැල්ලේ රදවා වව සිහිල් සුලං රැල්ලක් ආශ්වාදය කරමින් ඉන් පෙනහලු කුඩා වී පුංචි වී පුදුම සැහැල්ලුවකට මා පත්වන බව මට හැගිණි. මේ හුදකලා ලොවේ මම දසත සැරි සරමි. සියලු ම බරින සිත නිදහස් ය. සැබැවින් මට අත් සලා පියාඹා යා හැකි යයි සිතේ. මම දැන් දෙපසට විහිදා කුරුල්ලතු තටුගසන්නා සේ උස් පහත් කළෙමි. මා දැන් කෙතරම් සැහැල්ලු ද?
    හදීසියේ ම පිටුපසින් කට හඩවල් කීපයක් එක් වර ඇසිණි. මම ආපසු හැරී බැලිමි. දරු පිරිස වෙරළ දෙසට දිව ඒමින් සිටින හා, බෙනට් ද නිමල් ද ඔවුන් පසුපසින් පැමිණියෝ ය.
    එදා ඒ සින්දු සුදු මුදු වැල්ලේ අපි දරුවන් සමග ලෝන්ග් ජම්ප් පැන්නෙමු. රේස් දිව්වෙමි. තාච්චි සෙල්ලම් කළෙමු.
    මා සිතා සිටියේ මට සිතින් මිස හැබැහින් නම් කවරදාවත් යළි ළමා කාලයට හා හැකි වේය කියා යි. එහෙත් අපි සියල්ලෝම එදා කුඩා දරුවෝ වීමු.
    උදැසන සිදු වු තවත රසවත් සිද්ධියක් ‍මෙහි නොලිවොත් එය අඩුපාඩුවකි. පාන්දරම කලපුව පැත්තේ ගියොත් අලුත්ම ඉස්සෝ ටිකක් ගන්නට පුලුවනි යයි නෙත්තිකුමාර කලින් දවසේ රැ නිකමට මෙන් කීවේ ය. මෙය මතක තබා ගෙන සිටි සීතා උදේ ම නැගිට නෙත්තිකුමාර කලපුවට යවා තිබිණි. නෙත්තිකුමාර පැමිණ ඇත්තේ ලොකු අලුත් ඉස්සන් මල්ලක් ද රැගෙන ය අප වෙරලේ හති වැටෙන තුරුම දරුවන් සමග සෙල්ලම් කර ආපසු පැමිනෙන විට ඉස්සන් හොද්ද සුවද කූඩාරම පසුකරගෙන අප සොයා ආව් ය.
    අද පුතාලට වැඩිය දග කරලා තියෙන්නේ තාත්තලා ස්වර්ණා උස් හඩින් සිනාසුනා ය.
    දිවීමේ තරගයෙ ප්‍රතිඵල අම්මලාට කීමට දරුවන්ට ඉස්පාසුවක් නැත. අවසන් තරග ප්‍රතිඵල,
    පුතාලා දිනුම්,
    තාත්තලා පරාදයි.
    මුහුන කට සෝදා ගෙන අටිටික්කා ගහ යට වාඩි වීමු. පාන් සමග ඉස්සන් හොදි කොතෙක් කා ඇතත් එය මොන තරම් රසවත් කෑමක් දැයි සිතුනේ එදා ය. ඉස්සන් හොද්ද හැදු බවලතුන්නට පින් දෙමින් කෑවෙමු.
    රෙඩ් රොක්ස් නගින්න හොද හවස හතරට විතර ඉර බැහැල යන වේලාවේ. එතකොට තමයි හරිම ලස්සන අපි ඊලග වැඩ පලිවෙල කතා කරමින් සිටියදි නෙත්තිකුමාර කීවේ ය.
    එහෙනම් ටිකක් විවේකෙන් ඉදලා දවල්ට උයලා නාන්න යමු කුසුම් යෝජනා කළා ය. වැඩි සාකච්චාවකින් තොර ව සභා තොමේ සතුටින් එම යෝජනාව පිළිගත්තෝ ය.
    නිලාවැලි විවේක නිකේතනයේ සිට සැතපුම් 3ක පමන ගිය තැන කුඩා මාලු වාඩියක් වෙයි. වාරකන් කාලයටත් නිර්භය ව මුහුදු යන ධිවරයන් ගෙනෙන අලුත් ම මාලු උදෑසන දහයට එකොළහට පමණ එතනදී ලබා ගත හැකි ය.
    මා රසවත්ම මුහුදු මාලු ආහාර වේල ගෙන ඇත්තේ යාල වන තීරයේ කෙළවර පිහිටි පටනංගල ධීවර වාඩියේදී ය. දෙවැනි රසවත්ම ආහාර වේල ගත්තේ නිලාවැලියේ මේ විවේක නිකේතනයේ දී ය.
    දහවල් ආහාරයෙන් පසු ස්වල්ප මොහොතක් විවේක සුවයෙන් පසු වූ අපි සවස පහට පමණ රෙඩි රොක්ස් බලා පිටත් වීමු. මුහුදු වෙරළ දිගේ ස්වල්ප දුරක් ගොස් යළි ගොඩබිමේ කුඩා කන්සකට ගොඩ වීමෙන් රතු ගල් කදු වැටිය තෙක් යා හැකි කෙටි මගක් නෙත්තිකුමාර අපට පෙන්වී ය.
    කටු පදුරු අතින් මෑත් කර ගෙන යා යුතු අඩි පාරක් දිගේ තරමක් දුෂ්කර ගමනකින් පසු අපි රතු ගල් වැටිය වෙත ළං වීමු. ගලින් ගල අල්ලා එහි ඉහලම ගල් කුලට නො නගින්නට නම් මේ ආ ගමනින් කවර පලක්ද? එහෙත් බවලතුන් හා දරුවන්ට නම් එය තරමක් අන්තරාදායක ය. ඹවුන් පහල ගල් වැටිය අසල නතර කළ අපි තරමක් අසීරුවෙන් වුව ද මුදුන් ගල් කුළට නැංගෙමු.
    මුදුන් ගල් කුළට අඩි සියයක් පමණ පහළින් මුහුද දර්ශණය වෙයි.
    රල පහර ගල් කුළෙහි වැදී පුන්කලසක ලූ පොල් මලක් හැඩයට පිපී පෙණ විසුරුවයි.
    හිරු රන්පාට දෑත වනා අපෙන් ඈත් වන්නටන සූදානම් වෙයි. බැස යන හිරුගේ රැස් දහර තැවරුනු රතු ගල් වැටිය බලා සිටියදී ම අපූරු තඹ පැහැයකක් ගතී. අපේ අත් පා ද මුහුණු ද ඒ පැහැයෙන්ම සායම් කලා සේ ය.
    රිදී කාසි අහුරක් සේ උදෑසන නැටූ රළ පොකුරු දැන් රත් පැහැයෙන් වර්ණවත් ය. බැස යන හිරු රන් පැහැ අත් ඹසවා ආචාර කරන්නා සේ ය. ඈතින් පරාමලේ නම් ලස්සන දූපත අපූරුවට දර්ශණය වේ.

    මේ ගල් වැටිය සිට හාත්පස බලත්ම හැගෙන්නේ කුමක් ද. මේ මිහිතලය නැමති අම්මාගේ පුංචි ම දරුවන් අප බවයි. ඉහළට ම නැගුණු කවරකුට වුව ද දිනක මේ රමණිය ගල් වැටියේ මුදුනට පැමීණීමට අවස්ථාව ලැබේවා ය යි පතමි.


    උපුටා ගැනීම http://pasindueranga.blogspot.com/2012/10/blog-post_27.html
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Gunasena eke service ekak thynwa apita ona potha eyala hoyala denwa . mekata call ekak denna , ita passe salli bank karahama un e potha langama branch ekata ewnwa 0774447227
     
    • Like
    Reactions: Ud_perera

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    Gunasena eke service ekak thynwa apita ona potha eyala hoyala denwa . mekata call ekak denna , ita passe salli bank karahama un e potha langama branch ekata ewnwa 0774447227
    එළකිරි මචන්..මම කතා කරල බලන්නන්..
    https://grantha.lk/
    උඩ එකෙත් search කරල බැලුව එත් හම්බුනේ නන් නැ..
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචෝ..පොත මං ගාව තියෙනවා ...මම කොපි එකක් දෙන්න ට්‍රයි කරන්නම්...මේ කර්ෆිව් කේස් ඉවර වුනාම
     
    • Like
    Reactions: Ud_perera

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මචෝ..පොත මං ගාව තියෙනවා ...මම කොපි එකක් දෙන්න ට්‍රයි කරන්නම්...මේ කර්ෆිව් කේස් ඉවර වුනාම
    අඩෝ එළකිරි :love:..
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    Gwj5KMh.jpg
    මෙතුමා සංචාරක සටහන් ගොඩක් ලියල තියෙනවා..මේක ඒ අතරින් එකක්..​
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    E library wala nam na mcn mama dn baluwa. Godage publications wala athi kiala hithenawa. Mokada a mahatmayage poth keepayakama publicator une godage sahodarayo

    ස්තුතියි මචන්..මම බලන්නන්..උඹ බලපු e libraries වල link තියෙනවද..