පොත් ප්‍රදර්ශනයෙන් ගන්න සුපිරි පොත්..?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    පොත් ප්‍රදර්ශනයෙන් ගන්න සුපිරි පොත්..?

    bc55b999880c728d9491a660a2c1f5b2



    මචංලා,

    ඔන්න කොළඹ ජාතික පොත් සල්පිල ඇරඹුනා.
    මොනවාද ගන්න ඕනිම කියලා හිතෙන හොඳ පොත්..?
    දන්න කියන හොඳ පොත් දාමුද එළකිරියේ යාලුවන්ටත් ගිහින් ගන්න...

     
    • Like
    Reactions: cshapegt

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේවාත් මරු...






    අසන්දිමිත්තා - සමන් වික්‍රමාරච්චි.
    අහම්බකාරක - ලියනගේ අමරකීර්ති.
    පරදේසි - එරික් ඉලයප්පාරච්චි.
    මහා රාවණා - ටෙනිසන් පෙරේරා.
    සැප්තැම්බරයේ දිග දවසක් - කපිල කුමාර කාලිංග.

     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113

    The Dalada Chronicles -Shyam Dissanayake

    Celibacy Factor -Quintus fernando
    First Utterance - Theena Kumaragurunathan
    Parallel Lives - Nanda Pethiyagoda
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Frederick Forsyth ගේ පොත් ගන්න. English එකම කියවන්න පුලුවන්නම් හොදයි නැත්තම් අභය හේවාවසම් මහත්තයා සිංහලට පරිවර්ථනය කරපු ඒවත් තියෙනවා. අරගෙන කියවන්න පුලුවන්නම් නියමයි.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පසුගිය දිනෙක මා හිතවත් ස්වර්ණා සහබන්ධු මහත්මිය විසින් ‘‘හොඳ පොතක් තියෙනවා දුලිප් කියවලා බලන්න“ කියලා පොතක් මා අත තැබුවා. එම පොත ශාක ත්‍රස්තවාදය නම් කෘතියයි. අපි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව මතවාදීවත් යුදමය ලෙසත් යුද්ධ කරන සමයේ තවත් නිහඩ ත්‍රස්තවාදයක් අපේ රට වෙලාගෙන ඇතිබව මෙම කෘතිය කියවීමේ දී පේනෙනවා. ඒක ඇග කිලිපොලා යන කතන්දරයක්. මේ රටත් අපේ ශරීරයත් ඉතා සුක්ෂම ලෙස ගිලගත් ත්‍රස්තවාදයක්. පී.එම්.එදිරිසිංහ නැමැති මහතෙකු විසින් රචිත මිල කළ නොහැකි මෙම කෘතිය සෑම කෙනෙක්ම කියවිය යුතු යැයි මගේ විශ්වාසය. වර්ණ පිටු 316කින් හෙබි විශාල පොතක්. අප නොසිතු පැත්තක් පෙන්නුම් කරන මෙම කර්තෘතුමාටත් මෙම පොත සමාජගත කිරීම සඳහා මා අත තිබු ස්වර්ණා සහබන්දු මැතිණියටත් මා පිං දෙනවා. සාහිත්‍ය මාසය වෙනුවෙන් මෙමස පැවැත්වෙන පොත් සල්පිලේ දී මෙම කෘතිය මිළදී ගන්න ඔබත් උත්සාහ කරන්න. මිළ ටිකක් අධික වුවත් මා කියන දේ සත්‍යදැයි තේරුම් ගැනීමට ඔබම පොත පෙරළා කියවා බලා තීරණය කරන්න.

    මගේ රට ශාක ත්‍රස්තවාදයක් ඇති බව පෙන්වා දීම හා මගේ දැය එම උවදුරින් මුදාලීම මගේ වගකීමක් යුතුමක් ලෙස සලකා මෙලෙස සටහනක් තැබුවෙමි. මේ පිළිබඳව රජය හා සමස්ත ජාතියම අවධානය වහා වහා යොමුකළ යුතුයි.

    ‘‘දෙවියනේ අපේ රටට මොකක්ද මේ වෙලාතියෙන්නේ“ කියලා ඔබට සිතෙනු නොඅනුමානය.


    අප රට තුළ ඖෂධ මාෆියාවක් හා පාරිසරික එන්.ජි.ඕ.මාෆියාවක් තිබෙන බව මගේ හැගීමයි. එම මාෆියාවන්ට එරෙහිව ඩොලර් වලට විකිණෙන්නේ නැතිව නිර්භිතව තම රට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් මෙවැනි ගවේෂණාත්මක කෘතියක් රචනා කළ පී.එම්.එදිරිසිංහ මහතාට හෙළ දැයේ උත්තමාචාරය පිරිනමමු. සිව්හෙළ දෙවි රැකවරණයි!


    Onna oya potha hodai kiyala FB eke dakka,mamath ganna inne..aragena kiyavapan kattiyama...




    LTo7rPr.jpg
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියපු මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා පොත් දෙක කියන්නේ සමහර විට ගුරු ගීතයට පස්සේ ගොඩක් දෙනෙක්ගේ ෆේවරිට් පොත් දෙක වෙන්නත් පුලුවන්.

    14238231_1141765669200445_6588490449492840281_n.jpg

     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බෝදිලිමා ශාපය කියලා පොතක් කියවලා තියෙනවද ඔයාල කවුරුහරි... ???

    මේක මට මතක හැටියට ලන්කාවේ කෙනක් ලියපු එකක් පරිවර්තනයක් නෙවේ ...

    ගොඩක් පරණ ලියපු එකක් ... 2000 / 1990 වගේ කාලෙ ලියපු එකක් ...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Frederick Forsyth ගේ පොත් ගන්න. English එකම කියවන්න පුලුවන්නම් හොදයි නැත්තම් අභය හේවාවසම් මහත්තයා සිංහලට පරිවර්ථනය කරපු ඒවත් තියෙනවා. අරගෙන කියවන්න පුලුවන්නම් නියමයි.

    parana poth kadawala tiyenawa..... Day of the Jackal kiyewwa, Dogs of War ongoing.... Odessa Files ganna one
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    යටත් විජිත සමය අවසානය සහ ඉන් පසු කාලය පසුබිම් කරගෙන ලියැවෙන මේ පොත් තුන කතා කරන්නේ පරම්පරා හතරක සමාජ සංස්කෘතික විකාසනය. හැබැයි මේ පොත් තුනටත් එල්ලවෙන ප්‍රබල විවේචනයක් තමයි මේ තුළින් පෙන්වන සමාජ පැතිකඩ වික්‍රමසිංහ මහත්තයා යතාර්ථය ඒ හැටියෙන්ම පෙන්නලා නෑය කියන එක. කොහොම වුනත් කයිසාරුවත්තේ මුහන්දිරම් හා මාතර හාමිනේ ගේ ඉඳන් නන්දා, පියල් තිස්ස චරිත හරහා නාලිකා, සවිමන් කබලාන, මාලින්, අරවින්ද, චමරි වගේ චරිත දක්වා පරම්පරා හතරක් ඔස්සේ වංශ කතාවක් ගෙන එන්නට වික්‍රමසිංහයන් සමත් වෙනවා


    14225552_1141764842533861_586763053729982026_n.jpg