

මේකෙන් ම තේරෙනවා වැඩියෙන් ම මඩ සහිත එකා කවුද කියලා....හොක් හොක්.....![]()
එතකොට කවුද මාමේ අර 10යෙ T එකක් අරගෙන ඉබ්බො කඩන්න ගියපු එකා...
පොරගෙ හොඳ වෙලාවට ඒකෙන් ඉබ්බ කඩන්න දඟලලා නෝන්ඩිවෙන්න කලින් ඉබ්බ ඇරල තිබ්බා...
අදාල පුදගලයා අමු සිංහලෙන් මරු කියවීමෙන් හඳුනාගත හැක.![]()


උදවුවක් කරන්න බැරි වීම ගැන,
මීලග වතාවේ මොන ක්‍රමයකින් හරි උදවු කරන්න පුළුවන් වෙයි මට.
මේ වැඩ දිගටම කරගෙන යන්න.
තවත් වැඩි දියුණු කරමින්
මේ කරගත්ත පින කන්න ටිකක් දීල බඩගිනි නිවන එකට වඩා ගොඩක් ලොකු කුසල කර්මයක්,
අනිවා වැඩේට සහබාගි වෙච්ච අදාර කරපු හැමෝටම ආත්ම සිය ගානක් එලව එලව පඩිසන් දෙන ලොකු පුන්‍යකර්මයක්.
![]()
වැඩේ ලස්සනටම කෙරුනා. රොක්ස් සහෝ බොහොම පින්.උදව් කරපු හැමෝටම බොහොම පින්.
ඉස්කෝලෙට දත්බුරුසු එහෙම දෙනකොට ඒව මොකටද කියල හිතෙන්න ඇති. ඒත් ගියාම තමා තේරුනේ ඒව දුන්න මදි කියල. මොකද මේ ඉස්කෝලෙ ගොඩක් ළමයින්ව අම්මල ලෑස්ති කරල එවන්නෙ නෑ. ඒ අයම ඇඳගෙන එනව මිසක්. ගොඩක් අයගෙ අම්මල තාත්තල නෑ. සමහරු ඉස්කෝලෙ ඉවරවෙලා වලං සෝදන්න පවා යනව කියල දැනගන්න ලැබුන. ගොඩක් අය එන්නෙ කාල නෙමේ.
හවස පන්තියකට වුනත් ඒ අය ඉන්නෙ බඩගින්නෙ. ඉන්න ගොඩක් අයගෙ දත් නරක්වෙලා. ටීචර් කෙනෙක් ළමයෙක්ට කතාකරල මේ බලන්න කියල පෙන්නුවම ඇත්තටම දුක හිතුන. ඒ අය මූන කට සෝදලවත් නෙමේ එන්නෙ සමහර වෙලාවට.
පංචි මල් කැකුලු වගේ ළමයින්ට අපිට පුලුවන් විදියට උදව්වක් කරපු සියලු දෙනාටම බොහොම පින්. අම්මල තාත්තල මොන තත්වෙ අය වුනත් මොන පරිසරයක හැදුනත් මල් කැකුළු තමා මේ අය. ඒ අයට පරවෙන්න නොදී ඉස්සරහට යන්න පුලුවන්නම් ආයි පාරක් උදව් කරමු.
බොහොම ස්තූතියි සහෝ මේ සේරටම.![]()
අඩෝ වැඩේ ලස්සනට ගිහින් තියෙනව නෙ
උදවු කරපු කස්ටියටම ස්තූතී
අර ලක්ශානයගෙ නිදි සෙල්පී ටික දාන්න බැරිවෙයිද![]()
ඔයාටත් සහො... ගොඩක්... ස්තුතියි....සියල්ල සාර්ථකයි..
සතුටුයි සහෝ..
![]()
Good work macho
අපේ සාතන්ගෙ අදහසක් විදිහට පටන් ගත්ත මේ වැඩේ දෙවෙනි පාරටත් ගොඩාක් සාර්ථකව නිමා කරගන්න පුලුවන් උනා. ඒ ගොඩාක් අයගෙ මහන්සියෙ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ අතරින් අපේ රොක්ස් සහෝදරයව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙන වෙලාව වෙනකන් අපි හැමෝටම වඩා මහන්සි උනේ රොක්ස්. ඒ වගේමයි අපිට නන් අයරින් උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඔයාලා හැමෝගෙම උදව් හිංදා ඒ පාසලේ ලමයින්ට අවුරුදු 2කට අැතිවෙන්න පාසල් උපකරණ දෙන්න පුලුවන් උනා. ඒ පුංචි උන්ගෙ සතුටු මුනු දකිද්දි අපිටත් ටික වෙලාවකට හරි අපේ හිත්වල තිබ්බ හැමදේම අමතක වෙලා ගියා. ඉතිං මේ වැඩේදි අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් පිං කියන ගමන් තිරය පිටුපස මඩ ත්‍රෙඩ් එක ලඟඳීම බලාපොරොත්තුවෙන් ඉන්න කියලත් මතක්.කරනවා.![]()
එ යකා චොකලට් එවත් බිලා උට වැනිලත් ඔන කිවනෙ බන්.. බලහන්කො බඩෙ සයිස් එක උගෙ................"එක අස්සෙ එකෙක් වැනිලා කිරි ඉල්ලනවා. එවත් ගෙනැල්ලා දුන්න."
Man kiwwe oka wenawa kiyala.
Anyway good job guys.![]()
![]()
ලොක්කගෙන් බැනුන් කියක් ඇහැව්වද?කියන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ බන්. මේ වැඩේට උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. මේ වගේ වැඩ තව තවත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
කොල්ල නම් පට්ට.. ඔන්න දැන් අපි එයවත් ගත්තා සමාජෙට කිරියෙ
ආහ් තව දෙයක්.. මම කාගෙවත් යූසර් නේම් කිව්වෙ නැත්තෙ එලකිරියේ පැත්ත පළාතෙ නො එන අයත් (මගේ මිත්‍රයෙක් ඇතුළුව..) මේ වැඩේට දායක උනා කියල දන්න නිසයි.. අනික නම් වශයෙන් මතක් කරන්න ගියොත් ඉතින් කමෙන්ට් එක පුරාම යූසර් නේම් විතරක් තියෙයි.. ඒ වගේම අවශ්‍යම අය මග ඇරෙයි..
කොහොමහරි ඉතින් ආයෙත් කියන්න තියෙන්නෙ හැමෝටම ගොඩාක් පිං කියලම තමයි.. !
අපෝ ඒක මොකක්ද බං. ටිකයි බර.ඇයි සහො... ඔයත් කොච්චර මහන්සි උනාද.. අන්තිම ටිකෙත් බර පෙට්ටි 2ක් අරන් ආවෙ.
අනිවා සහො.. ඔය ටික මතක් වෙද්දිත් මාර අවුල් සහො....
දත් බුරුසු කතාවනම් ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා. එත් එවා දෙන තරමටම ළමයි අසරන වෙලා කියලා ඇස් දෙකින්ම අපෙ අය දැන ගත්තා.
රු. 10-15 කට වලං හොදන 4 වසරෙ 5 වසරෙ ලමයි ඉන්න රටක් සහො..... මෙක... පට්ට්ම දුකයි බන්........
වාහනෙම කෙක් සුවද වෙන්න ඇති....
ඔයාගෙ අසවල් කෙනා එක්ක වැඩිය කතා කරන්න උනෙත් නැහැ..



එතකොට කවුද මාමේ අර 10යෙ T එකක් අරගෙන ඉබ්බො කඩන්න ගියපු එකා...
පොරගෙ හොඳ වෙලාවට ඒකෙන් ඉබ්බ කඩන්න දඟලලා නෝන්ඩිවෙන්න කලින් ඉබ්බ ඇරල තිබ්බා...
අදාල පුදගලයා අමු සිංහලෙන් මරු කියවීමෙන් හඳුනාගත හැක.![]()


ලොක්කගෙන් බැනුන් කියක් ඇහැව්වද?


බොගේ සල්ලි වගයක් මා ගාව තියේ.
