පොතුහැර හොර දළදා මාළිගාවට මහනායක විරෝධය

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    collage.jpg



    දෙස් විදෙස් බෞද්ධ බැතීමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි දන්වමින් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ මෙසේ සඳහන් වේ.

    ජනක සේනාධිපති නමැත්තකු කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ඉදි කරමින් පවතින බව අප වෙත දැනගන්නට ලැබී ඇත. මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද කරුණු අනාවරණය වෙමින් පවතී. එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් එක්තරා පුද්ගලයකු බුදු දහමට හා ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවක් දක්නා ලැබේ.

    මෙසේ බුදු දහමට හා ශාසනික චිර පැවැත්මට හානි කර වන අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාලිගා නිර්මාණ කරමින් මිත්‍යා මත ඉස්මතු කොට දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානි කර ක්‍රියාදාමයන් බවත් බුදුදහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමානය.

    මෙවැනි අබෞද්ධ මිථ්‍යා මත පතුර වමින් ඇතැම් මිථ්‍යා මතධාරීන් විසින් සිදු කරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය විසින් වහා කරුණු පරීක්ෂා කර ආරම්භයේදීම ඒවා වැළැක්වීමට කටයුතු කිරීම බුදු දහමේ චිරස්ථිතිය හා අභිවර්ධනය පිණිස හේතු වන බව ගරු ජනාධිපතිතුමන්ගේ සුවිශේෂී අවධානයට යොමු කරවන අතර මේ මබන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීම සුදුසු ඒ කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටිහ.



    aHR0cHM6Ly9zaW5oYWxhLm1hd3JhdGFuZXdzLmxrL3dwLWNvbnRlbnQvdXBsb2Fkcy8yMDIzLzAxL0xldHRlci0wMS5wbmc.png
     
    • Haha
    Reactions: udesh.roach

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    :lol: :ඇයි ගොවිගම නෙමේද ,මාර CASE එක, ඕක ගොවිගම අයට දුන්න නම් හරි සිරිපාදේ ගොවිගම නෙමේ තිබුනේ එකත් ගත්ත කොහොම හරි . ගොවිගම නිකායට දුන්න නම් හරි ඕකත් .
    ගොවිගම නිකාය උන් අයි බුදු හමුදුරුවොන්ගේ දන්ත ධාතුව තියාගෙන ඉන්නේ ? දන්ත ධාතුව තීන්නේ ඕන බෞද්ධ පන්සලක නැතුව ගොවිගම මාලිගාවේ නෙමේ
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    :lol: :ඇයි ගොවිගම නෙමේද ,මාර CASE එක, ඕක ගොවිගම අයට දුන්න නම් හරි සිරිපාදේ ගොවිගම නෙමේ තිබුනේ එකත් ගත්ත කොහොම හරි . ගොවිගම නිකායට දුන්න නම් හරි ඕකත් .
    ගොවිගම නිකාය උන් අයි බුදු හමුදුරුවොන්ගේ දන්ත ධාතුව තියාගෙන ඉන්නේ ? දන්ත ධාතුව තීන්නේ ඕන බෞද්ධ පන්සලක නැතුව ගොවිගම මාලිගාවේ නෙමේ
    yes