පොත පතේ භික්ෂූන්වහන්සේලා නොහොත් ගණින්නාන්සේලා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    Travik Frantisek Simon නම් චිත්‍ර ශිල්පියා 1928 වසරේ ඇඳි 'දළදා මාළිගාවේ පියගැටපෙළ' නමින් එළිදැක්වූ සිතුවමකි.

    මහනුවර යුගයේ ලියැවුනු පොත පතේ භික්ෂූන්වහන්සේලා හඳුන්වන්න විශේෂ වචනයක් භාවිතා කරලා තියෙනවා. ඒ තමා ‘ගණින්නාන්සේ’. අද නම් කවුරුන් හෝ ආවේගයෙන් කතා කරනකොටත් ඔය වදන භාවිතා වෙනවා. අපි බලමු කව්ද මේ ගණින්නාන්සේ කියන්නේ කියලා.

    ඔය ගණින්නාන්සේ කියන්නේ මහනුවර යුගයෙ වගේ කාලයේ හිටපු දුශ්ශීල භික්ෂූන්ට. ‘ගණෙල්ලො’ ‘ගණවොලින්’ කියලත් මෙයාලව හදුන්වනවා. සිවුරක් ඇඳගෙන ඒකට උඩින් බඳ පටියක් බැඳගෙනයි සාමන්‍යයෙන් ගණින්නන්සේ කෙනෙක් හිටියේ. උන්නාන්ස්ලාට දරුමල්ලොයි බිරින්දෑවරුයි හිටියා. ළමයින්ට කීවෙ ‘ගණ ගැටයන්’ කියල. රොබට් නොක්ස් නම් කියන්නෙ එහෙම අඹුදරුවො ගණින්නන්සෙලාට හිටියෙ නැහැයි කියල. ඒත් ඇත්ත කාරණය තමා එහෙම හිටපු එක. පන්සලේම තමා මේ ගණින්නන්සේගේ පවුල හිටියෙ. ගමේ මිනිස්සු දෙන දාන වලින් තමා මේ පවුල් නඩත්තු වුනේ. ගණින්නාන්සේලගේ ගෙවල් වලට ‘ගණේගෙදර’, ‘විහාරේගෙදර’; ‘ගණේවලව්ව’ වාගෙ එක එක නම් කිව්වා. ගණින්නාන්සේලාට නම් තිබ්බෙ උපන් ගමේ නම විතරක් මුලට යොදලා ‘ලබුතල ගණින්’, ‘වෙලඟේ ගණින්’, ‘වේහැල්ලේ ගණවොලින්’ වාගෙ නම්.

    මේ ගණින්නාන්සේලා පන්සලේ ඉඩම් පාවිච්චි කරගෙන ඉන්න ගමන් මිනිස්සුන්ට කීවා පන්සලට අයිති දෙයක් ගන්න කෙනෙක් ප්‍රේතයෙක් වෙලා උපදිනවා කියල. ගොඩක් වෙලාවට ගණින්නන්සේලා දේශනා කරන්න පාවිච්චි කලේ ‘ජාතක කථා පොත’. වෙස්සන්තර වගේ ජාතකයක් තාලයට ගායනා කරලා ඒකෙ තේරුම කියල දෙන එකයි කලේ. ධර්ම දේශනා ගීතවත්ව ඉතිරිපත් කරන්නයි මේ ගණින්නාන්සේලා නිතරම වාගෙ උත්සහ කලේ. වෙස්සන්තර ජාතකයේ කවි එක් ගණින්නන්සේ කෙනෙක් ගායනා කරද්දි තවත් ගණින්නන්සේ කෙනෙක් උඩැක්කියක් වාදනය කරා. සමහරක් මිනිස්සුන්ට මේවා නොතේරුනාට එයාලා මේවට ගොඩක් ආසා වුනා.

    දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ ගණින්නාන්සේලාට හරි මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැද්ද කියලා. මේ කාලෙ ලංකාවේ උපසම්පදා වෙච්ච භික්ෂුවක් හොයාගන්න බැරි එන තරමටම පිරිහිලයි තිබුනෙ. මේ කාලෙ ගණින්නාන්සේලා දන් වැළදුවෙත් පිඟානක. පිණ්ඩපාතය කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නැහැ. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අස්ගිරි, පෝයමළු භික්ෂූන් මාළිගාවට ගෙන්නගෙන දානයක් දුන්නා. එතැනදි මේ භික්ෂූන් දානය වළදින්නෙ පාත්‍රයෙන් නෙමේ කියල රජතුමා දැක්කා.

    “හාමුදුරුවනේ අටපිරිකර කියන්නේ මොනවද?” රජතුමා ඇහුවා.

    “රජතුමනි, පාත්‍රය, පෙරහන, පටිය, තුන් සිවුර, කර කැත්ත සහ ඉදි කටුව කියන්නේ පිරිකර අටට” කියලා උන්නාන්සේලා උත්තර දුන්නා.

    “එහෙනම් පලවෙනි පිරිකර වෙච්ච පාත්‍රය කෝ?” කියලා අහපු රජතුමා මේ භික්ෂූන්ට පාත්‍රයෙන් දන් වළදන්න අණ කරා.

    ගැඩුඹස්වැවේ මුදලිඳුගෙ මුණුබුරෙක් වුන කවියෙක් මේ භික්ෂූන්ට නිවැරදි මාර්ගය පෙන්නන්න කියාලා ‘විනය සිවුපඳ’ කියල පොතකුත් ලියල තියෙනවා.

    මේ ගණින්නාන්සේලා භික්ෂූන්ගේ අඳුරු පරිච්ඡේදයක් විදිහට සමහර මිනිස්සු හිතුවත් උන්නාන්සේලාගෙනුත් සේවයක් වුනා. ඔය පරණ පොත පත අතුරුදහන් වෙන්න නොදී රැකගත්තෙ මේ ගණින්නාන්සේලා තමා. බණ පොත්, සිංහල සාහිත්‍ය පොත් ඉතිහාසෙන් නැතිවෙන්න නොදී උන්නාන්සේලා ඒවා ලියල තියාගත්තා. ඔය පූජාවලිය වාගෙ පොත් තමා වැඩිමනක් ලියල තිබ්බේ.

    ඒ විතරක් නෙමේ මේ ගණින්නාන්සේලා අමුතුම බණකුත් කිව්වා. මේ බණ ගැන ‘ධර්මානිසංසය’ කියන පොතේ තියෙනවා. ඒකෙ කිව්වේ බුදුරජාණන් වහන්සේ කීව දහම් පදයක් ලිව්වොතින් එක අකුරකට නවදස් කෝටියක දිව්‍යලෝක සැප විදින්න පුලුවන් කියල. බුදුරජාණන් වහන්සේ එහෙව් දෙයක් කියල තිබ්බෙ නැතත් ඒකෙන් හොදක් උනා. මිනිස්සු දිව්‍යලෝකෙ සැප විදින්න කැමති නිසා බණ පොත් පිටපත් කරන්න ගත්තා. ඔය ජෛන ආගමෙත් මේවගේම ඉගැන්වීමක් තියෙනවා. ඒකෙ කියන්නෙ අනෙක් ආගමකට අදාල පොතක් වුනත් පිටපත් කරන එක පිං පලදෙන ක්‍රියාවක් කියල.

    දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ හිටියා පෝයමළු විහාරයේ කොබ්බෑකඩුවේ ගණින්නාන්සේ කියල හිමිනමක්. දෙවන රාජසිංහ රජතුමා ඇසළ පෙරහැර නවත්වපු එකට අඹන්වෙල රාල ඇති කරපු කැරැල්ලට අනුශාසනා කලේ මේ කොබ්බෑකඩුවෙ ගණින්නන්සේ.

    සෑම අඳුරු වළාවක ම රිදී රේඛාවක් තියෙනවා කියලා කියමනක් තියෙනවනේ. සිල්වත් භික්ෂුවකගෙන් ශාසනික ප්‍රතිපත්ත රැකෙනවා තමා. නමුත් රටයි ජාතියයි ආගමයි අන්තිම අගාධයට වැටිලා තිබ්බ වෙලාවක හිටිය මේ ගණින්නාන්සේලා සිවුරු හැරලා යනවට වඩා මේ කරපු සේවය වටිනවා. ඇරත් මේ කාලයේ විදේශීය ආක්‍රමණ හා රට අභ්‍යන්තරයේ ඇතිවුනු ගැටුම් නිසා ලංකාව වැටිලා තිබුනු තැන ගැන හිතනකොට භික්ෂුවක් ගණිනාන්සේ කෙනෙක් වෙච්ච එකට අපිට වරදක් කියන්නත් බෑ. කොහොමෙන් කොහොම හරි මේ තත්ත්වයේ තිබුනු ලංකාවේ බුද්ධ ශාසනේ හරි මාර්ගෙට ගත්තෙ අසරණ සරණ සරනංකර සංඝරාජ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ නැතිනම් අද ලංකාවේ බුදු සසුනක් තියේවි කියලා හිතන්න බැහැ.

    Copied
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,309
    113
    34
    Kalutara
    දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ ගණින්නාන්සේලාට හරි මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැද්ද කියලා. මේ කාලෙ ලංකාවේ උපසම්පදා වෙච්ච භික්ෂුවක් හොයාගන්න බැරි එන තරමටම පිරිහිලයි තිබුනෙ.

    එතකොට කොහොමද දැන් ඉන්නේ උපසම්පදා භික්ෂුව?
     
    • Like
    Reactions: reuse and NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    එතකොට කොහොමද දැන් ඉන්නේ උපසම්පදා භික්ෂුව?
    තයිලන්තෙන් , ඊට පස්සේ ඒ අස්සට කුල බලන ඝනයෝ රිංග ගත්ත ඒ පාර බුරුමෙන් උපසම්පදාව ගේනවා එකටත් කුල බලන ඝනයෝ රිංග ගත්ත. ඊළඟට ආයෙත් බුරුමෙන් උපසම්පදාව ගේනවා .

    එක කලෙකදී ලෝකෙන්ම අනුරාධපුර මහා විහාරේ විතරක් ඉතුරු උනේ උපසම්පදා භික්ෂූන් .

    දැනට ලෝකේ ඉන්න හැම උපසම්පදා භික්ෂූවකගේම උපසම්පදා වෙලා අපු පිලිවල බැලුවොත් අනුරාධපුර මහා විහාර දක්වා යනවා , එතනින් බුදු හමුදුරුවො ඉඳපු කාලේ උපසම්පදා උන භික්ෂූන් දක්වා .

    @6.15 mins
     
    Last edited: