ඔබ ඔතනට ගිහින් තියෙන්නෙ බුදු රජාණන් වහන්සේ වන්දනා කරන්නවත්, බුද්ධ ධර්මයේ හැසිරෙන්නවත්, බුද්ධ ධර්මය ඉගෙන ගන්නවත්, ස0ඝ රත්නය වන්දනා කරන්නවත් නෙවේ නෙ! අඩු පාඩු, කුනු හොයන්න නෙ. එකයි එහෙම පෙනෙන්නෙ.
ඔබ කොයි තරම් දුරට බෞද්ධයෙක් ද? කොයි තරම් දුරට බුද්ධ ධර්මය දන්නවද? කොයි තරම් දුරට ධර්මයෙ හැසිරෙනවද? කිසියම් මිනිසුන් පිරිසක් බුද්ධ සාසනය කෙරෙහි ඇති බොහො භක්තිය නිසා තමුන්ට හැකි අයුරින් පන්සලක් හදලා වන්දනාමාන කරනවා. ඒක අරක්ෂා කරනවා. ඒවගෙ තැනකට ගිහින් ඔබ ඔය වගෙ කතා කියන්න තරම්, ඔබ මොනවද බුදු දහම තුලින් තමුන්ගෙ ජිවිතයට ලබාගෙන තියෙන්නෙ? ඔබ මොනවද බුද්ධ සාසනයෙ දියුනුවට, නගාසිටුවීමට මේ ජීවිතය්දි කරලා තියෙන්නෙ? දාන්න බලන්න post එකක්.!!!
ඔබතුමාලා වගේ උපාසක මහත්තුරු තමා ජුන්ඩක් දීල ලෝකෙටම එක පෙනන්නේ. එක බිත්තරයක් දාල මුළු ගමටම ඇහෙන්න අඬලන ගං කිකිලියෝ වගේ. ඔයවගේ තව කොටසක් ඉන්නවා ෆාම් කුකුලෝ වගේ දවස් 45 අභිදර්මේ ඩිග්රි ගහල. එත් සුදු ඇඳුම ගැලෙව්වම ෆුල් රොකින්, ධර්මේ කචල්. සශානෙට යමක් කරන්න මේ වගේ බොහොම ලාමක වැඩ කරන්න ඕනේ නැ. මොකද මේ රටේ මෙච්චරකල් වෙහෙර විහාර හැදුනේ ඔය එකක් දෙකක් වෙච්ච "මහමෙව්න" හැදුන විදිහටද? නැ වෙහෙර විහාර දහස් ගානක් හැදුනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි,දාඩිය වලින්.
මම දන්න බුදු දහම අනුවනම් ස්වාමින්වහන්සේ නමකට ඕනේ කරන්නේ තුන් සිවුරයි පාත්තරෙයි. නමුත් සාසනේ පැවැත්මට වෙහෙර විහාර බිහිවිය යුතුයි. බෞද්ද අය හැකි විදිහට ඒ දේවල් නගා සිටුවිය යුතුයි. එත් එහෙම කියල දහමට සම්පුර්ණයෙන් පටහැනි මනස්ගාත සංස්කෘතියක්, ක්‍රමවේදයන් දහමට රින්ගවන්න හදනවනම් ඒවාට එරෙහිව ඉන්නත් පුළුවන් වෙන්නත් ඕනේ.
කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්ව පලියට "මම නෙවි මගේ නෙවි" කියල මතුරන්නේ නැතිව, ඇත්තටම "මම මගේ නොවෙන්නේ ඇයි " කියන එක ප්‍රඥාවෙන් දකින්න උත්සහ කරන්න. මේ දේවල් කිව්වේ එක බෞද්දයෙක් තවත් බෞද්දයෙක්ට කියන දෙයක් විදිහට.






බලන්නත් දුකයි බන්. 