පොල් ආනයනයට කැබිනට් පත‍්‍රිකාවක්.. පොල් නැවු ඉන්දුනීසියාවෙන්

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    රට තුල ඇතිව තිබෙන පොල් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවෙන් පොල් නිෂ්පාදන ආනයනය කිරීමට රජය අපේක්‍ෂා කරයි.

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහත්වරුන් විසින් ඒ සදහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    එය ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කිරීමට කටයුතු සිදු කරමින් පවතී.

    මෙම පොල් හිඟ කාලයේදී පොල්ගෙඩි මිලියන 200 කට අදාල වන පොල් ප්‍රමාණයක් පොල් කිරි, පිටි සහ සීත කල පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරීමට අවසර දෙනු ඇත. ඒ අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණී.

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් විසින් කමිටුවක් පිහිටුවන අතර එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන එම පොල් ප්‍රමාණය කමිටුව විසින් නිර්දේශ කරනු ලබන අතර එම නිර්දේශය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් විසින් කර්මාන්තඅමාත්‍යංශ ලේකම් වෙත යවනු ලබයි.

    කමිටුවේ අනුමැතිය අනුව එම පොල් ප්‍රමාණය ආනයනය කරනු ලබයි. මෙම කර්මාන්තය සඳහා දැනට ඇති පොල් අස්වැන්න අප්‍රේල් වන තුරුම ප්‍රමාණවත් නොවන බැවින් එම කර්මාන්තය රැක ගැනීමේ අරමුණින් එම තීරනය ගනු ලැබේ.

    තවද දේශීය පොල් තෙල් කර්මාන්තය සඳහා කොප්පරා නොවන, වියලි කල හෝ කැබලි කරන ලද පොල් කැබලි ආනයනයට අවශ්‍ය අවසර ලබා දීමේ කටයුතු සිදු කරමින් පවති. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයද කමිටුවක් මගින් තීරණය කරනු ලබයි. දේශිය පරිබෝජනයට ඇති මෙම පොල් තෙල් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු සහනයක් යටතේ ආනයනය සඳහා අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති අතර, එම කැබිනට් පත්‍රිකාව ද කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ඉන්දුනීසියන් පොල් මරු..ගෙඩි ලොකුයි, කිරි වැඩියි..ඉන්දියන් ඒවා වගේ පොඩි නෑ..❤️

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕවා පැල කරොත් ගෙඩි 100ක් කඩන්න පුළුවන් ගස් හැදෙයි ද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඕවා පැල කරොත් ගෙඩි 100ක් කඩන්න පුළුවන් ගස් හැදෙයි ද?
    What about plant diseases and pests that we have never heard of before here in Sri Lanka? Once previous gov imported some coconuts from Kerala, which was riddled with various diseases. Then the quarantine destroyed all the coconuts.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    මෙච්චර පොල් තියෙන රටේ පොල් රටින් ගේනව.
    රට වටේම මුහුද.. ලුණු රටින් ගේනවා..
    - ලප කුමාර
    ඇයි උන් කියන විදියට ලංකාවේ වැඩිම අස්වැන්නක් තිබ්බ හොදම කෘෂිකර්ම ඇමති ජනාදිපති උනාම රටේ කිරිබත් කන්න ගන්න හාල් නැති වෙන්ව , රටින් හාල් ගෙන්වා . 🤭