දැන් ටික කාලේක ඉදන් ගොඩක් පැති වල පොල් ගස් තැබිලි ගස් වල ගෙඩි අතු මැරිලා ගෙඩි හැලිලා යන ගතියක් දැකල ඇති. මෙන්න මේ වගේ ,
මේකට ප්‍රධානම හේතුවක් තමා මේ සුදු මැස්සා. කොලේ යට පැත්තේ තමා මෙයාල ඉන්නේ . සලබයෝ වගේ.
මෙයාල ලොකු කාලයක් ජීවත් වෙන අය නෙමෙයි. එත් ගහට ලොකු හානියක් කරනවා . ගසේ අතු වල මෙහෙම තියෙනවා මුල් කාලේ.
මෙයාලා ආකර්ෂණය වෙන්නේ කහ පාටට . එකයි තැබිලි ගස් වලට හානිය වැඩියි. මේකට ගන්න පුළුවන් බෙහෙත් මොනාද කියන එක අපි බලමු.
- පලවෙනි දේ තමා මෙහෙම අතු දැක්කොත් කපල ඉවත් කරන්න. ඒවා පුච්චලා දාන්න. හැදිලා ඉවරනම් මේකෙන් නවත්වන්න අමාරුයි. එත් තව බිත්තර තිබ්බොත් අයින් වෙනවනේ.
- පත්‍ර වල යටි පැත්ත හොඳින් සේදී යන පරිදි පීඩනයකින් යුතුව ජලය සම්පාදනය
මන් මේක උත්සහ කරලා බැලුවා. වතුර ස්ප්‍රේ කරන එකක් ගෙනත් ඉනිමගක් තියල පොඩි ගහකට අල්ලලා බැලුව. උන් වතුර වලට පියාබල යනවා. එත් ලොකු දෙයක් උනේ නැහැ. කාලයක් හොදට වැස්ස.එත් උන් ඉන්නේ යට පැත්තේ නිසා කොලේ තේරුමක් නෑ වැස්සෙන්. හැමදාම 1500 ගානේ වතුර විදින machine ගෙනත් අල්ලනත් බැහැ. උස පොල් ගහකට කොහොමත් ප්‍රයෝගික නැහැ. - ග්‍රීස් ආලේප කළ, කහ පැහැති පොලිතින් කවර පොල් ගසේ කඳ වටා එතීම මඟින් සුහුඹුල් අවධියේ සිටින සතුන් ආකර්ශනය කර මර්ධනය.
මේක කරලා බලන්න පුළුවන් දෙයක්. එත් හැදුනු සතුන් නැති කරන්න අමාරුයි. - කොහොඔ තෙල් ලිටර් 10ක් හා සබන් කුඩු මිලිලිටර් 05 කට ජලය ලිටර් 01ක් මිශ්‍රකර ඉසින එක . මෙතනත් ප්‍රශ්නේ උනේ ප්‍රයෝගික දෙයක් හම්බුන් නෑ මේක කරන්න
- මේකට දාන්න පුළුවන් බෙහෙත් වර්ග ගැන මන් කඩේකින් ගත්ත ෆොටෝ එකක් මන් දාන්නම් .
මන් පාවිච්චි කලේ මාර්ෂල් 20 කියන බෙහෙත. ඒ බෝතලයක් ටිකක් ගණන් 3500 වගේ මතක. ඇත්තටම මෙතන ලොකුම ප්‍රශ්නේ උනේ මේ බෙහෙත් ගහට ඉහින එක ගැන. එකට හම්බුනේ මෙන්න මෙයා. පොහොර විකුණන තැනකින් ගෙනාවේ rent එකට.
මෙයාගේ තියෙනවා පොඩි මෝටරයක් . අගට තියෙන්නේ බෙහෙත් ඉසින ස්ප්‍රේ එකක්. මේකට කොහොබ තෙල් දැම්මොත් හිරවෙනෝ. එනිසා දාන්න පුළුවන් අර බෙහෙත් විතරයි. මේකේ මෙහෙම පොඩියට පෙනුනනට අඩි 60 හරි 100 හරි දිගයි මේකේ බටේ. බෙහෙත් ටික දාල දිග රිටක් වගේ දෙකට ගැටගහල ( handle එකෙන් තද කරලම | on කරලම ගැටගහන්න ) පොල් අතු දිගේ අල්ලන්න පුළුවන්. නැත්තම් මේ handle එක අරගෙන පොල් ගහට නැගල අල්ලන්නත් පුළුවන්. හැමතිස්සෙම ආරක්ෂක උපදෙස් පිළිපදින්න.
සුදු මැස්ස ගැන තව විස්තර හම්බුනු ලින්ක් මන් share කරන්නම් පහලින්. මට ඕනි උනේ මගේ අත්දැකීම් share කරගන්න. බෙහෙත් තිබ්බට ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක හොයාගන්න හරි අඩුයි.
ලින්ක් එක : https://goodhands.lk/si/coconut-whitefly-damage-aleurodicus-cocois/
අන්තර් ජාලයේ වුනු තවත් ලිපි :
කොහොඹ තෙල් සහ සබන් දියර සුදු මැස්සා උවදුරට විසඳුමක්
පොල් වගාවන් තුළ සුදු මැස්සාගේ හානිය
පොල් වගාවන් තුළ සුදු මැස්සාගේ හානිය සඳහා විමසීම් 1928, 1920 අමතන්න කියලත් තියෙනවා.
මන් කාලෙකට කලින් news එකක් මොකක් හරි දැක්ක මේ ගැන. ඒ ඇරෙන්න කිසිම දැනුවත් කිරීමක් නෑ මාධ්‍ය වලින්. කතා කරලා ඇහුවොත් බෙහෙත් ටික කියයි. කොහොමද කරන්නේ කියල නිකන් අහල බලන්නකෝ
අඩු ගානේ මෙහෙම machine එකක්ව තියෙන තැනක් වත් කියන්න පුලුවන්ද කියල. වතු තියෙන අය කොහොමත් ඒවා ගැන බලාගනිවී. මන් මේ ටික දැම්මේ ගෙදර පොල් ගස් දෙක තුනක් ඇති, ගෙදර පොල් ගහෙන් කන, තැබිලි ගෙඩියක් බොන අය වෙනුවෙන්. ඔයාලත් පුළුවන් හැමෝම දැනුවත් කරන්න. නැත්තම් එකත් කඩෙන් කන්න වෙන්නේ හැමෝටම.සැලකිය යුතුයි : මෙහි සදහන් කිසිදු බෙහෙතක් බාවිතා කිරීම නිසා ඇතිවන හානියක් හෝ මෙය කිරීමට යාමේදී ඇතිවන හානි සම්බන්දව වගකියනු නොලැබේ. මෙය තොරතුරු බෙදාගැනීමක් පමණි.
කාලෙකින් thred එකක් දැම්මේ. එහෙනම් ඔක්කොටම ජය!!!