මචංලා, අපේ ගෙදර වත්තේ උඩහ පොල් ගස් වල පොල් නිතරම හොරු කඩනවා. මාස 2 කට වරක් අපි පොල් කඩන්න කලින් උඩහ ගස් වල පැසුණ පොල් වලු හොරු කඩා ගෙන ගිහින්. මේ හොරුන්ගෙන් පොල් ටික බේරා ගන්න විදියක් කියන්න පුළුවන් ද? අඩි 2 - 3 ක් පළල ලෝහ තහඩුවක් ගස වටේ රවුමට ඔතලා ඇණ වලින් සවි කළොත් හොරුන්ට ගසට නගින්න බැරි ද? මේ හොරු නිසා අපේ පොල් ආදායම හොඳටම අඩුයි. ගස් නගින මිනිසුන් ලවායි දැනට අපි පොල් කඩවන්නේ. එහෙම වුණොත් කෙකි වලින් කඩන මිනිසුන් ලවා කඩවන්න පුළුවන්. අදහස් දක්වන්න.

