පොලිමක්කාරයා නම් දන්නේ නෑ. පොල්මක්කාරයා කියලා කියනවා "අයිතිකාරයට" "බලධාරියාට". වචන යෙදෙන තැන අනුව තමයි අදහස එන්නේ.
ඔය අන්තිම කැමති පත්රයකින් දේපල බෙදන කොට ඒ දේපල බෙදිලා යනකන් ඒ දේපල බලාගන්න විශ්වාසවන්ත කෙනෙක්ව පත්කරනවනේ. ඒ කෙනාට කියන්නෙත් පොල්මක්කාරයා කියලා. පොල්මක්කාරයා කරන්නේ අන්තිම කැමතිකාරය මැරුණට පස්සේ ඒ දේපල නීතියානුකූලව බෙදිලා යනකන් බලාකියා ගන්න එක.
කලත්රයා කියන්නේ බිරිද හෝ සැමියා. කාන්තාවක් නම් එයාගේ සැමියා තමයි කලත්රයා. පුරුෂයෙක් නම් එයාගේ බිරිද තමයි කලත්රයා.