නියම Colour light නිතියේදි කහ පැහැය දැල්වු වහාම රථය නතරකල හෝ නතරකිරිමට සුදානම් විය යුතුයි, එය නොතකා රථය ධාවනය කලනොහැකියි,පොලිස් නිලධාරියාට ඒගැන නිසි අවබෝධයක් නොතිබුණු නිසා රියදුරු බේරැනේ.(රියදුරැ පාසලක උපදේශකයකු ගෙන් විමසුවහොත් දැනගත හැකියි)
මෝඩ නීතියක් ඒක. කහ පැහැය දැල්වු වහාම රථය නතරකලොත් පිටිපස්සෙ එකා ඇවිත් අනිනව. කහ පැහැය දැල්වු වහාම නතරකිරිමට සුදානම් වුනොත් නතර කරන්න වෙන්නෙ කහ ඉර උඩ. නැත්නම් කහ ඉර පන්නල.
වෙන්න ඕනෙ, කහ ඉරට කලින් ආරක්ශිතව නවත්තගන්න පුලුවන් දුරකදි කහ පත්තු උනොත් නවත්වන්න. (එහෙම කරන්න පුලුවන් 10km/h විතර කොට කොට යනව නම් තමයි.)
එහෙම නැත්නම් කහ ලයිට් එකේදි යන එක තමයි ආරක්ශාකාරීම. කහ ලයිට් එකක් තියෙන්නෙ ඒකට. එහෙම නැත්තන් කෙලින්ම කොලයි, රතුයි විතරක් තිබුනම ඇතිනෙ. කොල එකේදි යනව. රතු එකේදි නවත්වනව. මම කියන එක පැහැදිලි ඇති කොළඹ අවු ගානක් drive කරල තියෙන කෙනෙකුට.




