මෙකයි කතාව.. මේක මගේ යාළුවෙක්ට උන දෙයක්..(නෙවෙයි) මාත් එක්ක දිගින් දිගටම ප්‍රශ්නයක් දා ගන්න හදන එකෙක් ඉන්නවා. හැබැයි මට ප්‍රශ්නයක් පටලගන්න මේක වෙලාව නෙවෙයි.. පැටලෙන්නත් බැහැ. මීට මාස තුනකට විතර කලින් දවසක් මූ මට වට්ස්ඇප් එකේ තිත්ත කුනුහරුපෙන් බැනලා තර්ජනය කරලා මෙසෙජ් 6 විතර වෙනවා. මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ. ඒවල ප්‍රින්ට් එක්ක පොලීසියේ ඇන්ට්‍රියක් දානවා. එදා ඉදන් වෙච්ච දේ කෙටියෙන්.. මුලින්ම සතියකට විතර පස්සෙ කියනවා නම්බරේට කතා කරාට ආන්සර් කරන්නෙ නැහැලු.. මම එඩ්රස් හොයලා දුන්නා. ආයෙ සති 2විතර ආරන්චියක් නැති හින්දා මම ගියාම තාම එහේ පොලීසියෙන් ඌට දැනුම් දීල නැහැලු. ආයෙ මං අවස්තා 3විතර කෝල් කරලා මතක් කරනවා. එයාලට ප්‍රතිපාදන නැහැලු. මම අතහරින්නෙ නැහැ කියලා දැනගත්තට පස්සේ දවසක් පොලීසියෙන් කතා කරලා සතියෙ දවසක් කියලා එදාට උදේ 10එන්න කිව්වා. මම අරුට දැනුම් දුන්නද අහපුම ඔවු කිව්වා. නිවාඩුවක් දාලා ගියා. පැය එකාහමාරක් විතර ඉදලා ආවා. අරූ ආවෙ නැහැ. ඔය විදිහට 5 පාරක් පහුගිය මාස දෙකට ගිහින් ඉදලා හැරිලා ආවා ඌ එන්නෙ නැතුව. එයින් දවස් තුනක් සතියෙ දවස්. නිවාඩු දාලා ගියේ. අන්තිම පාර මම කිව්වා ගෙන්නන්න බැරි නං නඩු දාන්න කියලා. මගෙන් බේරෙන්න බැරි තැන ලියුමක් හදලා මටම දීලා කියනවා ලියාපදිංචි තැපෑලෙන් යවලා රිසිට් එක පොලීසියට ගෙනත් දෙන්න කියලා. ඒකත් මං කරා. ලියුමට සතියෙ දවසක හවස ඌ ඇවිත් පොලීසියට. පොලීසියෙන් මට කතා කරා. ඌ ඇවිත් ඉන්නේ කියලා දෙන්නගෙන් එන්න පුලුවන් දවසක් අහලා සෙනසුරාද දවසක උදේ 10එන්න කිව්වා. ඌත් එන්නං කියපු දවසෙ වෙලාවට මම ගියා. පැයක් විතර හිටියා ආවෙ නැහැ. නාට්ටිය හරියටම පටන් ගන්නෙ දැන්... OIC මට එන්න කිව්වා.. මාවත් ඉස්සරහා තියන් අරූට කෝල් එකක් ගත්තා.. ස්පීකර් දාලා.. නම් කියලා ඌද කියලා අහනවා. ඌ ඔව් කියනවා.. එතන ඉදන් දෙබස්... " මේ මම අහවල් OIC.. ඔබ තුමාට අද එන්න කියලා ඇයි ආවෙ නැත්තේ? දැන් එනවද?" අරූ එහා පැත්තෙන්: අද එන්න වෙන්නෙ නැහැ.. වැඩ වගයක් තියනවා.. OIC: එහෙමද. කවද්ද එන්න පුලුවන්? ඌ සතියෙ දවසක් කියලා එදාට එන්න පුලුවන් කියනවා. OIC මට ඌ කියපු දිනේට එන්න කියනවා. මම: එදාට නිවාඩු ගන්න අමාරුයි. මේ හින්දම දැනට මම නිවාඩු තුනක් දාලා. සෙනසුරාද හරි ඉරිදා දවසක මට එන්න පුලුවන්.. අරූ ලයින් එකේ ඉදන් සෙනසුරාදා ඉරිදා දවස්වල ඌට එන්න බැහැ කියනවා.. OIC එක පාරම අරුවත් ලයින් එකේ තියන්ම මට " මේ තමුසෙ නිවාඩු දාලා හරි නැතුව හරි මට වැඩක් නැ අහවල් දවසට එන්නම ඕන.. අරකයි මේකයි කියලා මට බනින්න පටන් ගත්තා. මමත් ඔයා පාට් එකෙන්ම.. ඔයා එන්න කියපු හැම දවසකම මම ආවා.. ඔයා අරයව හුරතල් කරන්න එපා මට නිවාඩු ගන්න විදිහක් නැහැ කියලා කිව්වා. OIC අරුවත් ලයින් එකේ තියන් දැන් මට බනිනවා. කොහොම හරි මම එන්න ඕන කියලා.. මමත් කියවූවා.. තව පොලීසියේ කෙනෙක් ඇවිත් මේකනේ මහත්තයා කියලා ශේප් එකේ කතා කර.. තවත් මම ඔතන ඉදලා අවාසියක් වෙන්න පුලුවන් කියලා හිත කිව්වා. මං නැගිටලා ආවා.. මට මේකට මොකද්ද කරන්න පුලුවන්?