පොලිස් නිලධාරියෙක් ‘ජනාධිපතිගේ පුතාව’ සි&#3484

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    පොලිස් නිලධාරියෙක් ‘ජනාධිපතිගේ පුතාව’ සි&#3484

    ඒ 1978 වර්ෂයයි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එක්‌තරා සුවිසල් නිවසකි. මේ ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණේය.

    නිවසේ ආරක්‍ෂක කටයුතු සඳහා අලුතින් පැමිණි පොලිස්‌ නිලධාරියකු දිනක්‌ පෙරවරු රාජකාරියේ නිරතව සිටියේය.

    දුම් පානයට තදින් ඇබ්බැහි වී සිටි මේ නිලධාරියා ඒ මොහොතේ සිටියේ දුම්වැටියක්‌ පානය කිරීමේ තදබල අවශ්‍යතාවකින් ය. එහෙත් දුම්වැටියක්‌ ගෙන ඒම සඳහා වෙළෙඳසලකට යෑවීමට තරම් කෙනෙකු සිටියේ නැත.

    ප්‍රභූ නිවසේ සිට මෝටර් රථයක්‌ පිටතට යැමට පැමිණියේ මේ අතරතුරදී ය.

    නිවසේ ගේට්‌ටු රාජකාරියේ නිරතව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා විසිල්පාරක්‌ ගසමින් මෝටර් රථය නතර කළේය. මෝටර් රථයේ රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා වීදුරුව පහත් කර පොලිස්‌ කොස්‌තාපල්වරයා දෙස බලා සිනාසුණේය.

    “ඇයි රාළහාමි මොකක්‌ද වුවමනාව” මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික ලෙස පොලිස්‌ නිලධාරියාගෙන් විමසුවේය.

    “මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගෙනත් දෙනවද? මෙන්න සල්ලි”

    පොලිස්‌ කොස්‌තාපල්වරයා රුපියල් 50 නෝට්‌ටුවක්‌ මෝටර් රථයේ සිටි පුද්ගලයා අත තැබුවේය. ඒ කාලයේ සිගරැට්‌ පැකට්‌ටුවක මිල රුපියල් 20 කි. පොලිස්‌ නිලධාරියා මෝටර් රථයේ සිටි පුද්ගලයා අතට මුදල් දී සිගරැට්‌ ගෙන එන ලෙස කීවේ තරමක නියෝගාත්මක ස්‌වරයකිනි.

    “රාළහාමි මම හදිස්‌සි වැඩකට යන්නේ. එන්න ටිකක්‌ ප්‍රමාද වෙයි. ප්‍රමාද වෙලා සිගරැට්‌ ගෙනාවට කමක්‌ නැද්ද?”

    මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික හඬින් කීවේය.

    “ඒකට කමක්‌ නැහැ. ඔයා එන වෙලාවක සිගරැට්‌ පැකට්‌ එක අරගෙන එන්න” කොස්‌තාපල්වරයා කීවේය. මෝටර් රථය ප්‍රභූ නිවසින් නික්‌ම ගියේය. පැය කීපයකට පසු මේ මෝටර් රථය වෝඩ් පෙදෙසේ පිහිටි ප්‍රභූ නිවසට ඇතුළු වුණේය. ඒ වන විට පොලිස්‌ කොස්‌තාපල්වරයා ගේට්‌ටු රාජකාරියේ සිටියේ නැත. ඔහු තම සේවා කාලවේලාව නිම කර විවේක ගැනීම සඳහා භට නිවහනට ගොස්‌ සිටියේය.

    මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා ගේට්‌ටු රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා සොයන්නට පටන් ගත්තේ සිගරැට්‌ පැකට්‌ටුව සහ ඉතිරි මුදල් ද තම දකුණු අතේ රඳවාගෙනය.

    ඒ වන විට ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට සිටි නිලධාරීන් කලබලයට පත්ව සිටියහ.

    “ඇයි සර්….. මොකුත් ප්‍රශ්නයක්‌ ද?”

    ප්‍රභූ ආරක්‍ෂක ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විමසුවේය.

    “කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ගේට්‌ටුවේ ඩියුටි හිටපු රාළහාමි මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගේන්න කියලා සල්ලි දුන්නා. මම ඒක අරගෙන ආවා. කෝ ඒ රාළහාමි. මට මේක එයාට භාර දෙන්න ඕනෙ.”

    මෝටර් රථයෙන් ආ පුද්ගලයා කිසිදු කලබලයකින් තොරව කීවේය. සිද්ධිය ඇසීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුෂ්නිම්භූත වූහ. ඔවුන් එකිනෙකාගේ මුහුණ බලා ගත්හ.

    ගේට්‌ටුවේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ නියෝගමත සිගරැට්‌ පැකට්‌ටුව රැගෙන ආවේ වෙන කවරකුවත් නොව ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන ය.

    “සර්….. අපට සමාවෙන්න. මේ නිලධාරියා කරලා තියෙන්නේ බොහොම බරපතළ වැරැද්දක්‌. අපි එයාගෙ වැඩ තහනම් කරලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.”

    ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා රවී ජයවර්ධනගෙන් සමාව අයෑද සිටියේය. එපමණක්‌ නොව මේ නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද පොරොන්දු වූවේය.

    “නෑ නෑ ඒ මනුස්‌සයාට කරදර කරන්න එපා. එයාගෙ වැඩ තහනම් කරන්නත් එපා. ඒ නිලධාරියා මම කවුද කියලා අඳුනන්නෙ නැතිව වෙන්න ඇති එහෙම කළේ.”

    රවී ජයවර්ධන බොහොම සැහැල්ලුවෙන් කීවේය. රවී ජයවර්ධන සිගරැට්‌ ගෙන ඒමට කඩයට යෑවූ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ වැඩ තහනම් කළේ නැත. ඔහු අත්අඩංගුවට ගත්තේ ද නැත. ඒ නිලධාරියා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජනාධිපති නිවසේ රාජකාරි කළේය.

    රවී ජයවර්ධන නමැති චරිතය මොන තරම් නිහතමානී නිහඬ චරිතයක් ද යන්න තේරුම් ගැනීමට මේ සිද්ධිය හොඳම උදාහරණයකි.

    තම පියා සතුව තිබූ අසීමිත බලතලවලින් කිසි විටෙකත් ඔළුව උදුම්මා නොගත් ඒ මිනිසා අද ජීවතුන් අතර නැත. ඔහු පසුගිය දා සිය ජීවිතය අතහැර ගොසින්ය.

    (උපුටා ගැනීම දිවයින )
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පියාගේ නම කැත කරමින් ජීවත් වෙන දේශපාලකයින්ගේ පුතුන්ට හොද ආදර්ශයක්
     
    • Like
    Reactions: jayanathek

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    JR ගේ පුතා වුනත් JR ගේ ගති ලගින්වත් නොතිබුන කෙනෙක් තමා රවී කියන්නේ මෙන්න මෙහෙම මිනිස්සු දේශපාලනයට එන්නේ නැහැනේ

    නාමල්ලා ඉගෙන ගන්නවා නම් මෙන්න අනුගමනය කරන්න ඕනේ මිනිස්සු
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පියාගේ නම කැත කරමින් ජීවත් වෙන දේශපාලකයින්ගේ පුතුන්ට හොද ආදර්ශයක්

    JR ගේ පුතා වුනත් JR ගේ ගති ලගින්වත් නොතිබුන කෙනෙක් තමා රවී කියන්නේ මෙන්න මෙහෙම මිනිස්සු දේශපාලනයට එන්නේ නැහැනේ

    නාමල්ලා ඉගෙන ගන්නවා නම් මෙන්න අනුගමනය කරන්න ඕනේ මිනිස්සු
    මිනිහා හොද දක්ශ වෙඩික්කාරයෙක්. ඒ වගේම පයිලට් අන්ශෙනුත් දක්ශයි. හැබැයි තාත්තගේ බලේ නම් පාවිච්චි කලේ නැ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මයුරි මේකේ සම්පුර්ණ ලිපිය දාන්න නැත්නම් මේක වැඩක් නැහැ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මයුරි මේකේ සම්පුර්ණ ලිපිය දාන්න නැත්නම් මේක වැඩක් නැහැ
    මයුරි දන්න දෙයක් නැ. ගැනුන්ගේ කට කතා. ඔය ලිද ලග රෙදි හොදන ගමන් කවුරුහරි ගැනියෙක් කියපු එකක් මෙතන දාන්න ඇත්තේ බොරුවට දිවයින දලා.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    රටේ ආරක්ෂාව බොහොම පහළ තත්ත්වයක තිබූ යුගයක විශේෂ කාර්ය බලකාය නිර්මාණය කරමින් අද්ව්තීය තත්ත්වයකට පත්කිරීමට කළ මෙහෙවර අමතක කළ නොහැක. තම නම ගිනිඅවියක් භාවිතා කරමින් මීටර් 70ක දුරක වන පුවරුවක සටහන් තැබීමට තරම් ඔහු දක්ෂයෙකු විය.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    විධායක ජනාධිපති ක්‍රමය රටට හදුන්වා දුන් ප්‍රබල දේශපාලන නායකයෙකුගේ පුතෙක් වෙලත් දේශපාලනයට එන්නේ නැතුව ඉදලා STF එක හදලා රට වෙනුවෙන් කිසිදා නොමැකෙන දෙයක් කරපු පුද්ගලයෙක්. මෙන්න මිනිස්සු. මේ වගේ අය තමයි දේශපාලනයට එන්න ඕන අය.. නමුත් දැන් ඔහු රටටත් අහිමි උනා..:(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    JR ගේ පුතා වුනත් JR ගේ ගති ලගින්වත් නොතිබුන කෙනෙක් තමා රවී කියන්නේ මෙන්න මෙහෙම මිනිස්සු දේශපාලනයට එන්නේ නැහැනේ

    නාමල්ලා ඉගෙන ගන්නවා නම් මෙන්න අනුගමනය කරන්න ඕනේ මිනිස්සු

    :yes::yes::yes::yes: