පොලිස් සදාචාරය සහ මාධ්‍ය සදාචාරය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,319
    5,427
    113
    Panadura
    පොලිස් සදාචාරය සහ මාධ්‍ය සදාචාරය

    බොහෝ කාලයක සිට සොයාගන්නට නොහැකි පරිදි නැතිවී ඇති සදාචාරය මාධ්‍යයෙන් හෝ පොලිසියෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නැති බව දැන දැනත් හිතට දැනෙන දේ සටහනක් සේ තබන්නට සිතුවෙමි.

    සදාචාරය කෙසේ වුවද අවම සදාචාරයක් වත් රකින්නට මේ දෙපිරිසම අසමත් බව නැවත පෙන්වූ ආසන්නතම අවස්ථාව අනුරාධපුර ඝාතන සිද්දියයි.

    මෙහිදී මා මේ සිද්දියට සම්බන්ධ පාර්ශව දෙක සම්බන්ධව කවුරුන් හරිද කවුරුන් වැරැදිද යන්න ගැන පූර්කවකථන දෙන්නට යන්නේ නැත. නමුත් දෙරණ මාධ්‍ය ජාලය අගතියට පත් පාර්ශවයේ ලිංගික හිංසනයකට ලක්වූ දැරිවිය මාධ්‍ය ඔස්සේ මුළු ලංකාවටම නිරාවරණය කිරීම ඇයගේ අනාගතයට එතරම් සුබවාදී බවක් පෙන්නුම් කරන්නෙ ද නැත.

    දෙවැනියට පොලීසිය කරනුයේ තමාට ජනතාවගෙන් එන චෝදනා වසා ඒවා සාදාරනීකරණය කරන්නට ජීවිතක්ශයට පත් පුද්ගලයාට ඇති නඩු ගැන කතා කිරීමය. යමෙකු චෝදනාකරුවකු වූ පමනින් ඔහු වරද කරුවෙකු නොවන බව දැනගත යුතුම ආයතනය ඔහු වරදකරුවකු ස්වරූපයෙන් මාධ්‍යට නිරාවරණය කිරීම ඉතා පහත් හා නීච ක්‍රියාවක් නොවන්නේ ද?.

    එතැනින්ද නොනැවතී කුපිත වී ඇති පොලිස් මාධ්‍ය ප්‍රචාරක පවසන්නේ ජීවිතක්ශයට පත් පුද්ගලයා කාන්තාවකට කරන ලද ලිංගික අතවරය සම්බන්ධ වීඩියෝ ඇති බවත්, අවශ්‍ය වුවොත් එය මාධ්‍යට මුදා හරින බවත්ය.

    ඒ වීඩියෝව නඩු භාණ්ඩයකි. තවත් අතින් කිව්වොත් කාන්තාවකට සිදු කරණ ලිංගික අතවරයකි. එහිදී අගතියට පත් කාන්තාවට සිදු වන අපහසුතාවය ගැනවත් පොලීසිය තැකීමක් නොකරයි.

    මේ සිද්දියට සම්බන්ධ දෙපාර්ශවයේම කාන්තාවන්ව ජනමාධ්‍යත් පොලිසියත් එකතු වී නැවත නැවත කෙලසයි. මේ දෙපිරිසටම අවම සදාචාරයක් වත් නැත්තේ ඇයි ද? මෙවැනි සංවේදී සිද්ධීන් සම්බන්ධ ක්‍රියාකරන්නට මේ දෙපිරිසම නැවත ඉගෙනගත යුතුය. පොලීසිය උසාවියනේ විසඳාගත යුතුව ඇති ගැටලු මාධ්‍ය හරහා විසඳා ගනියි. මාධ්‍ය තමාගේ ඇජෙන්ඩා ක්‍රියාවට නංවමින් සිටියි. නිව්යෝර්ක් ටයිම්ස් හෙළිකරන මුදල් අවභාවිතය ගැන නීතිය ක්‍රියාත්මක නොවෙයි. ඇමැතිවරු මාධ්‍යයට තමන්ගේ අදහස් දක්වනවා ඇරෙන්න ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරවන බවක් පෙනෙන්නට නැත. මේ ජංජාලය දෙස නිර්වින්දනය වූ දෑසින් බලා සිටීම හැර කරහැකි දෙයක් නැති තරම්ය.

    අවසාන වශයෙන් කිව හැක්කේ "වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමාරුව" කියා පමණි.
     
    • Like
    Reactions: snm1990

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    Withthikarui chuudithayai nadukara unnaansei thun denama thakkadi nisa ekek wath wishwasa na.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Policiya digatama kata wahagena hitiyoth me siddiya sambanda wa weradi chithrayak samajayata yanne.

    Depethema ewun 'ahinsakayo' newei kiyala minissu dena ganna eka hodai.

    'Awi gaththo awiyenma nasithi' kiyana kathawa puluwan tharan samaja gatha wenna denna ona.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඕක මොනවා උනත් පොලීසිය ඇත්ත කියපු එක හරි නැත්නම් මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියෙ කිසිම වැරැද්දක් නැති මිනිහෙක්ව කපලා මැරුවා කියලානේ

    මම ඔය වීඩියෝ එක බැලුවා අර මොකක් හරි වීඩියෝ එකක් මුදා හරිනවා කියලා නම් කිවුවෙ නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    පොලිසිය විසින් තමාන්ට ලැබිල තියන දත්ත විමර්ශන වලට භාධාවක් නොවන විදියට මාධ්‍යයට මුදාහරිනව විනා පුද්ගලයන්ට චෝදනා කරන එක තීන්දු තීරණ දෙන එක එතරම් සදාචාර සම්පන්න නොවේ. තීන්දු තීරණ දීමේ කටයුත්ත උසාවියට ඉටුකිරීමට ඉඩ සලසනනේ නම් හිරිකිතයකින් තොරව ඔවුන්ගේ ප්‍රකාෂවලට සවන්දිය හැක.

    ලීලයි කමලයි කුඹුකේ ලිඳ ලඟ රණ්ඩුවෙන විදියට එකිනෙකා සුද්දවන්තයින් වීමේ අරමුණින් චෝදනා ඉදිරිපත් කිරීම අනුමතකල නොහැක

    කොණ්ඩයගේ කේස් එක සහ ඇඹිලිපිටිය කේස් එක මතක් වුනා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Policiya digatama kata wahagena hitiyoth me siddiya sambanda wa weradi chithrayak samajayata yanne.

    Depethema ewun 'ahinsakayo' newei kiyala minissu dena ganna eka hodai.

    'Awi gaththo awiyenma nasithi' kiyana kathawa puluwan tharan samaja gatha wenna denna ona.

    ඕක මොනවා උනත් පොලීසිය ඇත්ත කියපු එක හරි නැත්නම් මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියෙ කිසිම වැරැද්දක් නැති මිනිහෙක්ව කපලා මැරුවා කියලානේ

    මම ඔය වීඩියෝ එක බැලුවා අර මොකක් හරි වීඩියෝ එකක් මුදා හරිනවා කියලා නම් කිවුවෙ නැහැ

    :yes::yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113

    ඕක මොනවා උනත් පොලීසිය ඇත්ත කියපු එක හරි නැත්නම් මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියෙ කිසිම වැරැද්දක් නැති මිනිහෙක්ව කපලා මැරුවා කියලානේ

    මම ඔය වීඩියෝ එක බැලුවා අර මොකක් හරි වීඩියෝ එකක් මුදා හරිනවා කියලා නම් කිවුවෙ නැහැ

    34_2.gif

    14 වන විනාඩියෙ ඉඳල බලන්න ආයිබෝං...

    "ලිංගික අතවර කරන සිද්ධියෙ වීඩියෝ දර්ශනයකුත් තියනව,
    ඒකත් අපි බලමු. අවශ්‍ය වුනොත් ඒකත් මම මුදා හරිනව මාධ්‍ය වෙත.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම නං දැක්කේ මෙච්චරයි.

    මේ කෙස් එකේ,
    මැරිච්ච මිනිහගේ පැත්තේ වැරදි තියනවා.
    මරපු එකාගේ වැරදි තියනවා.
    පොලිසියේ වැරදි තියනවා.

    මරපු එකා ඇරෙන්න අනිත් හැම එකාම තමන්ගේ හෙළුව වහගන්න වලි කනවා.

    පොලිසියත් අන්තිමට porn video supplier කෙනෙක්ගේ ලෙවල් එකට වැටුනා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% true... :yes::yes::yes::yes::yes::yes:

    බොහෝ කාලයක සිට සොයාගන්නට නොහැකි පරිදි නැතිවී ඇති සදාචාරය මාධ්‍යයෙන් හෝ පොලිසියෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නැති බව දැන දැනත් හිතට දැනෙන දේ සටහනක් සේ තබන්නට සිතුවෙමි.

    සදාචාරය කෙසේ වුවද අවම සදාචාරයක් වත් රකින්නට මේ දෙපිරිසම අසමත් බව නැවත පෙන්වූ ආසන්නතම අවස්ථාව අනුරාධපුර ඝාතන සිද්දියයි.

    මෙහිදී මා මේ සිද්දියට සම්බන්ධ පාර්ශව දෙක සම්බන්ධව කවුරුන් හරිද කවුරුන් වැරැදිද යන්න ගැන පූර්කවකථන දෙන්නට යන්නේ නැත. නමුත් දෙරණ මාධ්‍ය ජාලය අගතියට පත් පාර්ශවයේ ලිංගික හිංසනයකට ලක්වූ දැරිවිය මාධ්‍ය ඔස්සේ මුළු ලංකාවටම නිරාවරණය කිරීම ඇයගේ අනාගතයට එතරම් සුබවාදී බවක් පෙන්නුම් කරන්නෙ ද නැත.

    දෙවැනියට පොලීසිය කරනුයේ තමාට ජනතාවගෙන් එන චෝදනා වසා ඒවා සාදාරනීකරණය කරන්නට ජීවිතක්ශයට පත් පුද්ගලයාට ඇති නඩු ගැන කතා කිරීමය. යමෙකු චෝදනාකරුවකු වූ පමනින් ඔහු වරද කරුවෙකු නොවන බව දැනගත යුතුම ආයතනය ඔහු වරදකරුවකු ස්වරූපයෙන් මාධ්‍යට නිරාවරණය කිරීම ඉතා පහත් හා නීච ක්‍රියාවක් නොවන්නේ ද?.

    එතැනින්ද නොනැවතී කුපිත වී ඇති පොලිස් මාධ්‍ය ප්‍රචාරක පවසන්නේ ජීවිතක්ශයට පත් පුද්ගලයා කාන්තාවකට කරන ලද ලිංගික අතවරය සම්බන්ධ වීඩියෝ ඇති බවත්, අවශ්‍ය වුවොත් එය මාධ්‍යට මුදා හරින බවත්ය.

    ඒ වීඩියෝව නඩු භාණ්ඩයකි. තවත් අතින් කිව්වොත් කාන්තාවකට සිදු කරණ ලිංගික අතවරයකි. එහිදී අගතියට පත් කාන්තාවට සිදු වන අපහසුතාවය ගැනවත් පොලීසිය තැකීමක් නොකරයි.

    මේ සිද්දියට සම්බන්ධ දෙපාර්ශවයේම කාන්තාවන්ව ජනමාධ්‍යත් පොලිසියත් එකතු වී නැවත නැවත කෙලසයි. මේ දෙපිරිසටම අවම සදාචාරයක් වත් නැත්තේ ඇයි ද? මෙවැනි සංවේදී සිද්ධීන් සම්බන්ධ ක්‍රියාකරන්නට මේ දෙපිරිසම නැවත ඉගෙනගත යුතුය. පොලීසිය උසාවියනේ විසඳාගත යුතුව ඇති ගැටලු මාධ්‍ය හරහා විසඳා ගනියි. මාධ්‍ය තමාගේ ඇජෙන්ඩා ක්‍රියාවට නංවමින් සිටියි. නිව්යෝර්ක් ටයිම්ස් හෙළිකරන මුදල් අවභාවිතය ගැන නීතිය ක්‍රියාත්මක නොවෙයි. ඇමැතිවරු මාධ්‍යයට තමන්ගේ අදහස් දක්වනවා ඇරෙන්න ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරවන බවක් පෙනෙන්නට නැත. මේ ජංජාලය දෙස නිර්වින්දනය වූ දෑසින් බලා සිටීම හැර කරහැකි දෙයක් නැති තරම්ය.

    අවසාන වශයෙන් කිව හැක්කේ "වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමාරුව" කියා පමණි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    Policiya digatama kata wahagena hitiyoth me siddiya sambanda wa weradi chithrayak samajayata yanne.

    Depethema ewun 'ahinsakayo' newei kiyala minissu dena ganna eka hodai.

    'Awi gaththo awiyenma nasithi' kiyana kathawa puluwan tharan samaja gatha wenna denna ona.

    Interesting... You have a point here!
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    Policiya digatama kata wahagena hitiyoth me siddiya sambanda wa weradi chithrayak samajayata yanne.

    Depethema ewun 'ahinsakayo' newei kiyala minissu dena ganna eka hodai.

    'Awi gaththo awiyenma nasithi' kiyana kathawa puluwan tharan samaja gatha wenna denna ona.

    මේ වෙලාවේ හැටියට පොලිසිය කරන්නේ හරි දේ ඔය අම්මයි දුවයිඅමුතු ගේමක් ගහන්න හැදුවේ මෙතන මැරිච්ච එක හොද එකෙක් නෙමේ එක හැමෝම දන්නවා මලා කියලා උව සුද්ද කරන්න හොද නැ​
    :yes::yes:
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    Policiya digatama kata wahagena hitiyoth me siddiya sambanda wa weradi chithrayak samajayata yanne.

    Depethema ewun 'ahinsakayo' newei kiyala minissu dena ganna eka hodai.

    'Awi gaththo awiyenma nasithi' kiyana kathawa puluwan tharan samaja gatha wenna denna ona.
    oyatika karanna policiyak ona nene ban..
     
    Similar threads