පොලිස් සදාචාරය සහ මාධ්‍ය සදාචාරය
බොහෝ කාලයක සිට සොයාගන්නට නොහැකි පරිදි නැතිවී ඇති සදාචාරය මාධ්‍යයෙන් හෝ පොලිසියෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නැති බව දැන දැනත් හිතට දැනෙන දේ සටහනක් සේ තබන්නට සිතුවෙමි.
සදාචාරය කෙසේ වුවද අවම සදාචාරයක් වත් රකින්නට මේ දෙපිරිසම අසමත් බව නැවත පෙන්වූ ආසන්නතම අවස්ථාව අනුරාධපුර ඝාතන සිද්දියයි.
මෙහිදී මා මේ සිද්දියට සම්බන්ධ පාර්ශව දෙක සම්බන්ධව කවුරුන් හරිද කවුරුන් වැරැදිද යන්න ගැන පූර්කවකථන දෙන්නට යන්නේ නැත. නමුත් දෙරණ මාධ්‍ය ජාලය අගතියට පත් පාර්ශවයේ ලිංගික හිංසනයකට ලක්වූ දැරිවිය මාධ්‍ය ඔස්සේ මුළු ලංකාවටම නිරාවරණය කිරීම ඇයගේ අනාගතයට එතරම් සුබවාදී බවක් පෙන්නුම් කරන්නෙ ද නැත.
දෙවැනියට පොලීසිය කරනුයේ තමාට ජනතාවගෙන් එන චෝදනා වසා ඒවා සාදාරනීකරණය කරන්නට ජීවිතක්ශයට පත් පුද්ගලයාට ඇති නඩු ගැන කතා කිරීමය. යමෙකු චෝදනාකරුවකු වූ පමනින් ඔහු වරද කරුවෙකු නොවන බව දැනගත යුතුම ආයතනය ඔහු වරදකරුවකු ස්වරූපයෙන් මාධ්‍යට නිරාවරණය කිරීම ඉතා පහත් හා නීච ක්‍රියාවක් නොවන්නේ ද?.
එතැනින්ද නොනැවතී කුපිත වී ඇති පොලිස් මාධ්‍ය ප්රචාරක පවසන්නේ ජීවිතක්ශයට පත් පුද්ගලයා කාන්තාවකට කරන ලද ලිංගික අතවරය සම්බන්ධ වීඩියෝ ඇති බවත්, අවශ්‍ය වුවොත් එය මාධ්‍යට මුදා හරින බවත්ය.
ඒ වීඩියෝව නඩු භාණ්ඩයකි. තවත් අතින් කිව්වොත් කාන්තාවකට සිදු කරණ ලිංගික අතවරයකි. එහිදී අගතියට පත් කාන්තාවට සිදු වන අපහසුතාවය ගැනවත් පොලීසිය තැකීමක් නොකරයි.
මේ සිද්දියට සම්බන්ධ දෙපාර්ශවයේම කාන්තාවන්ව ජනමාධ්‍යත් පොලිසියත් එකතු වී නැවත නැවත කෙලසයි. මේ දෙපිරිසටම අවම සදාචාරයක් වත් නැත්තේ ඇයි ද? මෙවැනි සංවේදී සිද්ධීන් සම්බන්ධ ක්රියාකරන්නට මේ දෙපිරිසම නැවත ඉගෙනගත යුතුය. පොලීසිය උසාවියනේ විසඳාගත යුතුව ඇති ගැටලු මාධ්‍ය හරහා විසඳා ගනියි. මාධ්‍ය තමාගේ ඇජෙන්ඩා ක්‍රියාවට නංවමින් සිටියි. නිව්යෝර්ක් ටයිම්ස් හෙළිකරන මුදල් අවභාවිතය ගැන නීතිය ක්‍රියාත්මක නොවෙයි. ඇමැතිවරු මාධ්‍යයට තමන්ගේ අදහස් දක්වනවා ඇරෙන්න ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරවන බවක් පෙනෙන්නට නැත. මේ ජංජාලය දෙස නිර්වින්දනය වූ දෑසින් බලා සිටීම හැර කරහැකි දෙයක් නැති තරම්ය.
අවසාන වශයෙන් කිව හැක්කේ "වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමාරුව" කියා පමණි.