පොලිස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113


    ඩී.අයි.ජී කිත්සිරි ජයලත් ප්‍රකට වි ඇත්තේ රාජකාරිය නිසි ආකාරව ඉ‍ටුකිරීම පිළිබදව නොවේ . නමුත් ගෝනි සෙල්ලම් පෑම පිලිබදවය. ගොරකා දඩමස් කිරීම සහ දඩමස් ගොරකා කිරීමේ මනා හැකියාවක් ඔහු සතුය. යහපාලන රජය පිහිටවූ මුල් සමයේ ඔහු රාජකාරි කළේ යාපනය ප්‍රදේශයේය. යුද්ධයෙන් පසු යාපනයෙන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් සොයා ගැනීමට හැකි විය. ඔහු ඒ පිළිබදව විශාල මාධ්‍ය සංදර් ශනයක් තැබුවේය . නමුත් බෝම්බ කට්ටලය යැයි කියූ එක සෙල්ලම් එකකි. එසේ කියුවේ එය පරීක්ෂා කල එස්.ටී.එෆ් බෝම්බ් නිෂ්ක්‍රීය අංශය විසිනි . මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඔතා තිබුනේද සිංහළ පත්තරයකය. සම්මානනීය ලේඛක ශක්තික සත් කුමාර මාස ගනනකට හිරේ යැව්වේද කිත්සිරි ජයලත් විසිනි. කුරුනෑගල රෝහලේ වද සැත්කම් දහ දාහක් වී ඇතැයි කියා ගින්නක් ඇවිළුවේද මොහු විසිනි.

    මෑතකදී කිත්සිරි ජයලත්ගේ තවත් වික්‍රමයක් පිළිබද පුවතක් අප වෙත ලැබුණි. අදාල සිද්ධිය මෙසේය. WPC 5885 පුෂ්පා චාන්දනි නම් පොලිස් කාන්තාව ගොක‍රැල්ල පොලීසියට අනුයුක්තව සේවය කල තැනැත්තියකි. ඇයගේ නිවසට අල්ලපු වැටේ සිටියේ නමගිය කසිප්පු වෙළෙන්දෙකි. අල්ලපු වැටේ සිටි කසිප්පු මුදලාලි පුෂ්පා චාන්දනීට මහත් හිසරදයක් විය . නමුත් කුරුණෑගල පොලීසියේ බොහොමයක් දෙනා කසිප්පු මුදලාලිගේ හිතවතුන් විය. එමනිසා පුෂ්පා චාන්දනීට වඩා වැඩි පොලිස් බලයක් කසිප්පු මුදලාලි සතු විය. මේ අතර වැට මා ඉමේ වූ මහෝගනි ගසක් කැපිම පිළිබදව ආරෝවක් විය. එහිදී පොලීසිය ගත්තේ කසිප්පු මුදලාලිගේ පැත්තය. කසිප්පු සල්ලි වලට යටවු පොලීසිය පුෂ්පා චාන්දනීට එරෙහිව නඩු දෙකක්ම දැමුවේය. නමුත් සත්‍ය ජය ගත්තේය. බී 1078/16 පලමු නඩු තීන්දුවෙන් සහ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරනයේ 14853 දෙවන තීන්දුවෙන් යන දෙකෙන්ම පුෂ්පා චාන්දනි වරදක් කොට නොමැත බව තීන්දු විය.

    අධිකරණයෙන් පුෂ්පා චාන්දනීට සාධාරණය ඉ‍ටු වීමත් සමග කසිප්පු මුදලාලි තමන්ට හිතවත් පොලිස් නිළධාරීන්ට කන්පින්දම් කියුවේය. කසිප්පු මුදලාලිගේ කං කෙදිරිය හමුවේ ඩී.අයි.ජී කිත්සිරි ජයලත්ගේ පපුව උණු වී ගියේය. මහෝගනී ගස පොලිස් භාරයට ගෙන පුෂ්පා චාන්දනීට එරෙහිව තවත් නඩුවක් පැවරීමට ඩී.අයි.ජී කිත්සිරි ජයලත් නියෝග කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ 12 දෙනෙකුගේ පොලිස් බල ඇණියක් පුෂ්පා චාන්දනීගේ වැට ගලවා මහොගනී කද පොලිස් භාරයට ගත්හ. එපමනක් නොව එහි වු උප පොලිස් පරීක්ෂකවරයෙකුට කැත්තකින් කෙ‍ටුවේ යයි බොරු චෝදනාවක් නගා පුෂ්පා චාන්දනී අත් අඩංගුවට ගත්තේය. අවසානයේ ඇයගේ ‍රැකියාවද අහිමි කලේය. ලංකාදීප මාධ්‍යවේදියෙකු අල්ලාගෙන '' පොලිස් කතගේ කැති පහරින් පොලිස් නිලධාරියා නූලෙන් බේරේ'' කියා බොරු පුවතක් පල කළේය.

    අසරණවූ පුෂ්පා චාන්දනීට මානව හිමිකම් සංවිධානයක් පිහිට විය. ඇයගේ දුක් ගැනවිල්ල ශ්‍රී ලංකා පොලිස් කොමිසමට හමුවට ගෙන ගියේය. පොලිස් කොමිසම ඇයගේ පැමිණිල්ල විභාග කළේය . 2019 අගෝස්තු මස 27 වන දින කිත්සිරි ජයලත්ගේ යට කලිසමත් අහිමි කරමින් පොලිස් කොමිසම තින්දුව ප්‍රකාශයට පත් කළේය. පුෂ්පා චාන්දනිට එරෙහිව නැගූ සියලු චෝදනා පදනම් විරහිත බවත් ඇය වහාම සේවයේ පිහි‍ටුවීමට පොලිස් කොමිසම නියෝග කළේය. පුෂ්පා චාන්දනිගේ සැමියා සක්රීය සේවයේ නියුතු හමුදා සාමාජිකයෙකි. පුෂ්පා චාන්දනි ජපුර සරසවියේ බාහිර උපාධි අපේක්ෂිකාවකි. කරුනු එසේ වුවද පොලිස් මාෆියාව අනීතිකව ඇය අත්අඩංගුවට ගත්තා පමණක් නොව දින 7ක් සිරගත කළේය . මෙම මෙහෙයුම ක්‍රියාත්මක කලේ ඩී අයි ජී කිත්සිරි ජයලත් බව කියන්නේ අප නොවේ, ඔහුගේ කුලී ලියන්නෙකු වූ ලංකාදීප මාධ්‍යවෙදියාය. කිත්සිරි ජයලත් වැනි සිංහ හම් පොරවාගෙන සිටින කැනහිලුන් නිරැවත් කිරීම මාධ්‍යයේ යුතුකම ය.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    පොලිසියට දෙන්ඩෝන suicide ගේමක් :yes: සහරාන් කළා වගේ ;)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    අනුරාධයා පොලීසිය විවෙචනය කරන්නේ ඇට දෙකන් එල්ලෙන්න ආස හිතිලද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    අනුරාධයා පොලීසිය විවෙචනය කරන්නේ ඇට දෙකන් එල්ලෙන්න ආස හිතිලද?

    ඒක තමා බං
    සුයිසයිඩ් ගේම් විතරයි :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Kudalan gihin daanawa thowa kuduwe danaganin :P

    කූඩුවෙ ඉඳල තියෙනව එක පැය 22ක් විතර
    පුල් නයිටක් ඇද්ද
    එකෙක් පොලිස් කූඩුව ඇතුලෙ කුඩුත් ගැහුව
    එදා තමා මම අර වචනෙ ඉගෙන ගත්තෙ සූස්තිය :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    බලං යනකොට ලොකු ලොකු මිනිස්සුන්ගෙ ගේම්වල

    ඉත්තො අපි :D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    කූඩුවෙ ඉඳල තියෙනව එක පැය 22ක් විතර
    පුල් නයිටක් ඇද්ද
    එකෙක් පොලිස් කූඩුව ඇතුලෙ කුඩුත් ගැහුව
    එදා තමා මම අර වචනෙ ඉගෙන ගත්තෙ සූස්තිය :P

    මොකටද?:rolleyes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    kasuppu tikak wath perala keeyak hari hoyaganna ea asaranayata ida nodi me gaani maara sawuththu widihata kata karanne.

    loku minissu waradi karahama hodai, podi minihata thamai okkoma

    anuradha uba peththa gahala budiyaganin methana awith thread daanne nathuwa :growl:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    mewanam maha kaalakanni weda. oka ehema karala thiyenawanam panapitinma panuwo gahai. niweradi minihekuta daduwamdeema loku papayak
     
    • Like
    Reactions: AnuradhaRa