පොලීසය සහ ජනතාව ..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පොලීසය සහ ජනතාව ..



    ශ්‍රී ලංකා පොලිසිය ..ලංකාවේ ප්‍රධානතම දෙපර්තුමෙන්තුවක්...අපරාධ \ දුෂණ වැළක්වීමේ ජනතා ආයතනය ..එත් ඇයි අපි මේ තරම් මේ ජනහිතකාමී රාජ්‍ය ආයතනය ගැන අප්‍රසාදයෙන් ඉන්නේ ..?

    - පාගා මරුවෝ
    - දුෂිත නිලධාරීන්


    ඇත්ටම මේක හරිද ..පොලිසිය පගාව ගන්නේ මිනිස්සු දෙන නිසා ..පොලිසිය පගාව ඉල්ලද්දී මිනිස්සු නොදී හිටියා නම් හරිනේ ..මිනිස්සු වැරද්දක් කරලා ඇල්ලුවම එකට දඩුවම් විදින්න බැරි නිසා පගාව දෙනවා ....එතකොට පගාව ගන්න නිලධාරීන්ට වඩා පගාව දෙන මිනිස්සු නේද දුෂිත ..දුන්නම බෑ නොකිය ගන්න එක වෙනම කතාවක් ..එත් මිනිස්සු නේද තමන්ගේ වැරදි වහගන්න පොලිසිය නම්මාගෙන පගාව දීලා දුෂිත වැඩේ කරලා මෙන්න පොලිසිය පගාව ගන්නවා කියන්නේ ..?

    අනිත් එක පොලිසිය මේ උද්ගෝෂණ වලට ගහනවා කියනවනේ ....එකටත් අපි බනින්නේ පොලිසියටනේ ..එත් ..

    - ඇයි අපි කවදාවත් මිනිස්සු පාරට බහින තැනට පත්කරපු ඒ ප්‍රශ්ණ වලට අදාළ ආයතන වලට බනින්නේ නැත්තේ ..මේ ලගදි වතුර ඉල්ලලා ගාල්ල පැත්තේ කරපු උද්ගොෂණයෙදී ප්‍රවෘත්ති වලට කිව්වේ පොලිසිය මේ මිනිස්සු ඉවත් කළා කියලා ..එත් අපි කවදාවත් ඇහුවද මේ මිනිසුන්ට පාරට බහින තැනට වෙනකන් මේ ප්‍රශ්නයට උත්තරයක් නොදුන්නේ ඇයි කියලා ...ජලාපවාන මණ්ඩලයට බනින්නේ නැත්තේ ඇයි මෙයාලට වතුර දුන්නේ නැත්තේ කියලා ..?...මෙතැනදී පොලිසිය මේ මිනිස්සු ඉවත් නොකලා නම් ඒ වෙනකොට පාරේ දෙපැත්තේම යන්න බැරිව පාරේ හිරවෙලා හිටපු මිනිස්සු ගැන කවුද හිතන්නේ ..සමහරවිට ජොබ් එකට යන මිනිස්සු \ සම්මුඛ පරීක්ෂණයකට යන අය \ රෝහලට \ පාසලට ...කෙල්ලව හම්බවෙන්න ...මේ මිනිසුන්ට වෙන අසාධාරණය වෙනුවෙන් නේද පොලිසිය කටයුතු කලේ ..?

    ..ඇත්තම මේ දේවල් ගැන හිතන්න යමක් තියෙනවා ....මේ අදහස අවේ ඊයේ දෙරණ නාලිකාවේ තිබුන " අලුත් පාර්ලිමේන්තුව " වැඩසටහනේදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාගේත් හිත දිනු " අජිත් රෝහණ " මහතාගෙන්....
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පොලීසිය, විනිශ්වකාරවරු කියන්න වැරදි කරන අය නවත්තන්න ඉන්න නිලධාරීන්. ඒ රැකියා අනිත් රැකියාවක් සමඟ සංසන්දනය කරන්න බෑ. වැරදි කරන අය නවත්තන ඉන්න අය වැරදි කරාම වැරදි නවතින්නේ නෑ.
    අනික පොලීසිය පාගා ගන්නවා විතරක් නෙවෙයි මිනිස්සුන්ට නිරපරාදේ ගහනවා පොලිස් බලය අයුතු ලෙස පාවිච්චි කරලා. ගොඩක් පොලිසියේ අය කතා කරන්නේ කරත්ත කාරයෝ වගේ. නඩුකාරයොත් එහෙමයි මග තොටේදී හැසිරෙන්නේ. ඒ හින්දා මිනිස්සුන්ගේ හිතේ කිසිම ගෞරවයක් නෑ විශේෂයෙන් පොලීසියට
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අදත් ඔන්න නෙලලා ඔළුව පැලෙන්නම...

    අද නම් නෙළුවේ ඉවසල ඉවසල බැරිකමට. දැන් සති දෙක තුනක ඉදන් කොළඹ පාරවල් බ්ලොක් වෙන විදිහේ පෙලෙපාලි ගියා මුන්. මුන්ට නිකන් උගන්නලත් ඉගෙනගන්න පින නැහැ.කාලකන්නි.