පොලීසිය පුදුමයට පත් කළ වැල්ලාගල රජමහා වි&#

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    පොලීසිය පුදුමයට පත් කළ වැල්ලාගල රජමහා වි&#

    වළගම්බා රජු විසින් ඉදිකරනු ලැබූ වාරියපොල වැල්ලාගල පුරාණ රජමහා විහාරය වසර දෙදහසකට වඩා පැරණිය. එහි තිබෙන බුදු පිළිම වල නිධන් වස්තු තැන්පත් කර ඇති බව ප්‍රචලිත කරුණකි.

    පසුගිය 03 වෙනිදා වැල්ලාගල පුරාණ රජමහා විහාරස්ථානාධිපති මීවැව සුමන හිමියෝ වාරියපොල පොලීසියට වැඩම කළහ. උන්වහන්සේට උවමනා වුනේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.

    "මමත් පොඩි හාමුදුරුවෝත් විහාරස්ථානයේ වැඩ වාසය කරනවා.මේ දවස් වල අපේ විහාරයේ ගල උඩ ඇති විහාරයේ අලුත්වැඩියා කටයුතු කෙරෙනවා ඒ අනුව බාසුන්නැහැලා අද විහාරස්ථනායට පැමිණියා. පොඩි හාමුදුරුවෝ වෙනදා වගේ එම දොරවල් ඇරලා දෙන්න ගිහාම තමයි මේ අපරාධය දැලා තිබුනේ.

    ගල උඩ ඇති විහාරයේ ඇති බුදු ගෙට ඇතුල්වෙන ස්ථානයේ දොර ඇරලා බුදුගෙට ඇතුල් වෙන්න තියන දොරවල් දෙක කඩන්න හදලා තිබුණා. ඒත් ඒක කඩන්න බැරි වෙලා තිබෙනවා. ඉන්පසු බුදුගෙට ඇතුල්වෙන බිත්තිය හිල් කරලා තිබෙනවා. බිත්තිය අඩි පහක් හයක් පළලයි. ඒ නිසා එයද අසාර්ථක වී තිබෙනවා. ඊට පස්සේ ලඟම තියන චෛත්‍යද කඩන්න උත්සාහ කරලා තිබෙනවා. ඒ වගේම සැතපෙන පිළිමවහන්සේ නමකගේ සිරස කඩන්න හදලා තිබෙනවා.

    මගේ විශ්වාසයේ හැටියට මේ සේරම කරන්න හදලා තියෙන්නේ විහාරස්ථානයේ බුදුගෙට ඇතුල් වෙලා බුදුපිළිම වහන්සේලාගේ තැන්පත් කර ඇති නිධන් වස්තු ලබාගන්නයි. මේ පිළිමවහන්සේලාගේ නිධන්වස්තු තැන්පත් කරලා තිබෙන බවට දැඩි විශ්වාසයක් පවතින නිසා මේ අපාරාධය සිද්ධ කරන්නට ඇතැයි සිතනවා" යැයි එම පැමිණිල්ලේ සටහන් විය.

    නිධන් හොරුන් විසින් කෙතරම් බුදුමැදුරේ දොරට තද බල ලෙස කෙතරම් පහරදී තිබුනද දොර ඇරගැනීමට නොහැකි වී ඇත. ඉන්පසු බිත්තිය මීටරයක් පමණ සිදුරු කළද එයින්ද බුදු ගෙට රිංගා ගැනීමට නොහැකි වී ඇත.

    ඒ අනුව කුරුණෑගල කොට්ඨාශ භාර ප්‍රධාන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා දැනුවත් කරමින් පොලිස් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඇඟිලි සළකුණු ආදිය ගන්නා අතරතුරේ කොල්ලකරුවන් කර තිබූ අලාභය ජායාරූප ගතකරන්නට එම පිරිස කටයුතු කළා.

    ඉන්පසු වාරියපොල පොලිස් නිළධාරීන් රැස් කළ තොරතුරුද, කුරුනෑගල කොට්ඨාශයේ අපරාධ විමර්ශන නිළධාරීනුත් එක් රැස් කරගන තිබූ තොරතුරු සංසන්දනය කරමින් ඔවුන් බලන්නට විය. මෙම ජායාරූප සැසඳීමේදී විශේෂ ජායාරූප දෙකක් වෙත වාස් ගුණවර්ධන මහතාගේ අවධානය යොමු විය.

    ජායාරූප දෙකෙන් එකක අනෙකේ සටහන් වී නැති රැස් වලල්ලක් වැනි හොඳින් පෙනෙන්නට ඇති ආලෝක සටහනක් විය. ජායාරූප දෙකේ පසුබිම එකම වූ අතර ඒවා ගෙන තිබුනේ තත්පර 6ක් වැනි කෙටි කාලසීමාවකදීය. එය දැකීමෙන් පොලිස් අධිකාරීවරයා ඇතිළු පොලිස් නිළධාරීන් පුදුමයට පත්විය.

    "මං විවිධ ආකාරයේ අපරාධ පරීක්ෂණයන් සිය දහස් ගානකට සම්බන්ධ වෙලා තියනවා. ඒත් මුල්වරටයි මෙවැනි දෙයක් දුටුවේ. ඇත්තටම ඒ මොකක්ද කියලා මටවත් හිතාගන්න බෑ. අනික මේ එක්කම ගත් අනෙක් ජායරූපයේ එහෙම දෙයක් සටහන් නොවීමත් පුදුමයක්. ජායාරූප දෙකේ වෙනස තත්පර හයයි. මේ ගැන විවිධ අය විවිධ කතා කියනවා. වැල්ලාගල විහාරස්ථානය දෙවියන් වැඩ සිටින තැනක් කියලත් සමහරුන් කියනවා" යැයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    Wellegala-03.jpg


    Wellegala-01.jpg

    එළියක් දර්ශනය නොවන මුලින් ගත් ජායාරූපය

    Wellegala-02.jpg

    එළියක් දර්ශනය වන තත්පර හයකය පමණ පසුව ගත් ජායාරූපය



    source gossip9
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    6 seconds walata minihekuth frame ekata awilla neda

    එකනෙ කිව්වෙ පොලීසියත් පුදුම උනා කියලා
    එතන ඉන්නෙ පොලිස් කොට්ටොරැවෙක් නේ
    ඌ නිකන් සොනික් වගෙ ලූ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙන්න බැහැනේ මචන් තත්පර හයක් නම් ඒ චායා රූප දෙක අතර වෙනස, අර දෙවෙනි චායාරූපයේ ඉන්න මනුස්සයා මාර වෙගයකින් පස්සෙන් පස්සට ඇවිත් තියෙනවනේ, මොකද තත්පර හයක් කියන්නේ ඉතාමත් සුලුකාලය, ඒ මනුසායා ඉස්සරහ පැත්තට ඇවිද්දනම් ඔතන ඉන්න විදියක් නැහැ, මොකද තත්පර 6කට කලින් ගත්ත පින්තූරේ ඒ මනුස්සයා පෙන්නවත් නැහැනේ බන්, ඒ මනුස්සයා මේ පින්තූරේ ඉන්න විදියක් නැහැ, පොලිසියට නැට්ට පෑගිලා වගේ මට පෙන්නේ පොලීසියට තත්පර විනාඩි පැටලෙවිලද කොහෙද,
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    වෙන්න බැහැනේ මචන් තත්පර හයක් නම් ඒ චායා රූප දෙක අතර වෙනස, අර දෙවෙනි චායාරූපයේ ඉන්න මනුස්සයා මාර වෙගයකින් පස්සෙන් පස්සට ඇවිත් තියෙනවනේ, මොකද තත්පර හයක් කියන්නේ ඉතාමත් සුලුකාලය, ඒ මනුසායා ඉස්සරහ පැත්තට ඇවිද්දනම් ඔතන ඉන්න විදියක් නැහැ, මොකද තත්පර 6කට කලින් ගත්ත පින්තූරේ ඒ මනුස්සයා පෙන්නවත් නැහැනේ බන්, ඒ මනුස්සයා මේ පින්තූරේ ඉන්න විදියක් නැහැ, පොලිසියට නැට්ට පෑගිලා වගේ මට පෙන්නේ පොලීසියට තත්පර විනාඩි පැටලෙවිලද කොහෙද,


    poddak kalpana karanna sahodaraya.... mama hariyata danne naha "Eliya" mokakda kiyala kiyanna....eth photo eke View Area eka wenas..ekie Policeman wa penne naththe...
     
  • Feb 22, 2012
    153
    40
    28
    මගේ පරණ කැමරාවක් තිබ්බා බන් තත්පර දෙකට ශොට් 10ක් ගැහුවම අඩුම දෙකකවත් හොල්මන් ඉන්නවා. එළි පා වෙනවා නිකම් මැජික් වගේ! මෝඩ කමට මේවා බුද්ධාගම එක්ක සෙට් කලහම තමා අනිත් උන් අපිට අධෝ මාර්ගෙන් හිනා වෙන්නෙ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වෙන්න බැහැනේ මචන් තත්පර හයක් නම් ඒ චායා රූප දෙක අතර වෙනස, අර දෙවෙනි චායාරූපයේ ඉන්න මනුස්සයා මාර වෙගයකින් පස්සෙන් පස්සට ඇවිත් තියෙනවනේ, මොකද තත්පර හයක් කියන්නේ ඉතාමත් සුලුකාලය, ඒ මනුසායා ඉස්සරහ පැත්තට ඇවිද්දනම් ඔතන ඉන්න විදියක් නැහැ, මොකද තත්පර 6කට කලින් ගත්ත පින්තූරේ ඒ මනුස්සයා පෙන්නවත් නැහැනේ බන්, ඒ මනුස්සයා මේ පින්තූරේ ඉන්න විදියක් නැහැ, පොලිසියට නැට්ට පෑගිලා වගේ මට පෙන්නේ පොලීසියට තත්පර විනාඩි පැටලෙවිලද කොහෙද,
    photos deke capture vela thiyena size dekakata machan..eka nisa tikak hithanna oni deyak methana thiyenava,
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් බං පලවෙනි ෆොටෝ එකේ පඩිපෙළ විතරයි පේන්නේ
    දෙවැනි එකේ ටිකක් zoom අවුට් වෙච්ච එකක්
    කවුද දන්නේ ඒ මිනිහා එතන හිටගෙන හිටියද කියල?
    ඌ ඇවිදිනවා කියල කියන්න බෑ නේ?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    poddak kalpana karanna sahodaraya.... mama hariyata danne naha "Eliya" mokakda kiyala kiyanna....eth photo eke View Area eka wenas..ekie Policeman wa penne naththe...

    photos deke capture vela thiyena size dekakata machan..eka nisa tikak hithanna oni deyak methana thiyenava,

    උබලා කියන කතාවත් පිළිගන්න පුළුවන් මචන්,. එත් ඕක ඒ වෙලාවෙ ලෙන්ස් එකෙ වහපු සතෙක් හරි වතුර බින්දුවක් හරි තමයි ඔය විදියට පෙන්නේ, ගොඩක් වෙලාවත අර ලෙන්ස් වල ඉන්නවා චූටි සත්තු ජාතියක්, අන්න උන් වෙන්න ඔනේ මම හිතන්නේ ඔය.
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    වැල්ලෑගල විහාරයේ අභිරහස් ආලෝකය අපවත්වූ හ

    වලගම්බා රජු විසින් ඉදිකරුණු ලැබූ වැල්ලෑගල පුරාණ රජ මහා විහාරයේ නිධානයක් ගැනීමට පැමිණි හොරුන්ට නිධානය ගැනීමට නොහැකිවීමෙන් පසු පොලීසිය ගත් ජායාරූපයක අමුතු ආලෝකයක් සටහන් වීම පිළිබඳව ලිපියක් මීට පෙර ඔබට ඉදිරිපත් කළා.

    එම ආලෝක සලකුණ මීට පෙර එම විහාරයේ අපවත් වූ භික්ෂුන්වහන්සේ නමකගේ බවයි පැවසෙන්නේ. උන්වහන්සේ කලක් තිස්සේ මෙම විහාරයේ වැඩ වාසය කල බවත් පුස් කොළ පොත් ආදිය පරිශීලනය කල උගත් සිල්වත් හිමි නමක් බවත් පැවසෙනවා.

    මේ බව පවසන්නේ මෙවන් අද්භූත දේ පිළිබඳව වසර දෙකකට වඩා කාලයක් ඉතා වෙහෙස මහන්සියෙන් පර්යේෂණ වල නිරත වන කෙනෙකි. ඔහු නැගෙනහිර පලාත් සභාවේ සම්බන්ධිකරණ ලේකම් ආචාර්ය අනූජ ජයසිංහ මහතාය. ඔහු වසර දහයකට වැඩි කාලයක් මෙම විහාරස්ථානය සමඟත් එහි ඇති සූනියම් දේවාලය සමඟත් තදබල ලෙස සම්බන්ධකම් පැවැත්වූ අයෙකි.

    ඔහු මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

    "මම මේ ජායාරූපය හොඳට නිරීක්ෂනය කළා. එම ජායාරූපයේ ආලෝකය අපවත්වූ හිමි නමකගේ. උන්වහන්සේ මේ විහාරස්ථානයේ කලක් තිස්සේම වැඩ වාසය කලා. පුස් කොළ පොත්පත් ආදිය පරිශීලනය කළ උගත් සිල්වත් හිමිනමක්. උන්වහන්සේ අපවත්වීමෙන් පසු විහාරස්ථානයේ සැරිසරන බව කිව හැකියි.

    නිදන් කොල්ලය ගැන පොලීසිය විසින් ගන්නා ලද එම ජායාරූපයේ සටහන් එම ආලෝකය උන්වහන්සේගේ බව ස්ථිරවම පැවසිය හැකියි. උන්වහන්සේ අකුරු පහකින් සමන්විත නමකින් හැඳින්වෙන භික්ෂු නමක්.

    අනෙක මෙම විහාරස්ථානයේ වැඩ වාසය කළ මීට පෙර අපවත්වූ තවත් භික්ෂූන් වහන්සේලා දෙනමකගේද මෙවන් අන්දමේ ආලෝක සලකුණු මෙම විහාරස්ථානයේ තිබෙන්නට ඕනේ. ඒවා පොලීසියේ ජායාරූප වල සටහන් වී නැහැ.

    නිධන් කොල්ලකරුවන්ට මෙම විහාරස්ථානයෙන් කිසිවන් රැගෙන යාමට නොහැකි වී ඇත්තේ එම භික්ෂූන් වහන්සේලා මෙම විහාරස්ථනාය් ආරක්ෂා කරන නිසයි. අනිවාර්යෙන්ම එහි පැමිණි නිදන් කොල්ලකරුවන් බියට පත්වී ඇති බව කිව හැකියි"

    මීට පෙර අට වතාවක් නිදන් හොරුන් මෙම විහාරස්ථානයට නිදන් ගැනීමට පැමින ඇති අතර නමුත් කිසිම අවස්ථාව්කදී අවුන්ට කිසිවක් රැගෙන යාමට හැකිවී නැහැ.

    වැල්ලෑගල රජමහා විහාරය "කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය" ලෙසද හඳුන්වනවා. එම නම ලැබී තිබෙන්නේ මෙලෙසිනි.

    ඈත අතීතයේ සිටම වැල්ලෑගල පුරාණ රජමහා විහාරයේ ගල්ලෙනක් තිබී ඇති අතර එම ලෙනේ නොනිමෙන පහනක් දැල්වූ බව පැරැන්නෝ පවසති.

    කබලක් රැගෙන රාත්‍රියේ ගම් වල සැරිසරන සූනියම් දේවරාජයා එම පහන පසෙක තබා ගිමන් හරින ස්ථානයක් හැටියට මෙම ගල් ලෙන ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එම කබල පසෙක ලූ තැන නිසා එම ලෙන "කබල ලෑ ලෙන" ලෙසත් පසුව ජනවහරේ පහසුව පිණිස "කබල්ලෑලෙන" ලෙසත් ව්‍යවහාරයට පැමිණ ඇතැයිද කියනු ලැබේ.



    gossp9