අනික් උන් තමන් ගැන හිතන විදිය තඹ සතේට මායිම් කරන්නේ නැති, හැබැයි අනුන්ට කරදරයක් වෙන විදියට හැසිරෙන්නේ නැති, පිරිසින්දුව ඉන්න උන් තමයි ඇත්තටම පොෂ්.
ලොකු කාර් එකක් තිබ්බ කියන එක පොෂ් කමක් නං නෙමෙයි. තමන් ඒ වාහනේට කැමති නං, ගන්න සල්ලි තියෙනවා නං කිසි අවුලක් නැහැ. හැබැයි අනුන්ට පේන්න ණය වෙලා හරි රස්සාවට කඹුරලා හරි ලොකු වාහනයක් ගන්න එක පොෂ් කම නෙමෙයි ගොන් කම.
මාසෙට ලක්ෂ 5-10 අමාරුවෙන් හම්බ කරලා අනුන්ට පේන්න ඔය ඔක්කොම වියදන් කරන එකා පොෂ් නැහැ. හැබැයි ලක්ෂ 5-10 හම්බ කරලා තමන් සතුටු වෙන විදියට කැමති ගානක් වියදන් කරලා ඉතුරු ටික ඉන්වෙස්ට් කරන එකා පොෂ්. තමන්ට එච්චර සල්ලි ඕන නැහැ නං, වැඩිය මහන්සි වෙන්නේ නැතුව, ස්ට්රෙස් නැතුව, තමන් ආස දේවල් කරන්න ෆ්රී ටයිම් තියෙන විදියට මාසෙට ලක්ෂ 2-3 හම්බ කරන එකා පොෂ්.